• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

හෙට ඔබට වෙන දේ අදම දැනගන්න

July 4, 2020
in Astrology
Reading Time: 2 mins read
A A
හෙට ඔබට වෙන දේ අදම දැනගන්න
Share on WhatsAppShare on Facebook

වර්තමාන ජන
සමාජයේ ජ්‍යොතිෂයට හිමිව ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. ඒ පිළිබඳව උත්සුක වන පිරිසද අතිමහත්ය. දිනපතා, සතිපතා පළවන ජ්‍යොතිෂ පුවත්පත් සඟරා, රූපවාහිනි හා ගුවන්විදුලි වැඩසටහන්, අන්තර්ජාල ලිපි ලේඛන මගින් මේ පිළිබඳව අපට මනාව තේරුම් ගත හැකිය. මෙය අද යුගයේ ජනප්‍රිය විෂයකි. මෙම විෂය වනාහි අතීතය, වර්තමානය, අනාගතය යන තුන්කල්ම දැකිය හැකි ලෝකයේ ඇති එකම සත්‍යවාදී හා අතිශය පැරණි විෂයක් ලෙස අපට හඳුන්වාදිය හැකිය. මෙය මෙතරම් කාලයක් නොනැසී පැවතීමට හොඳම සාක්ෂිය මෙහි ඇති සත්‍යතාවයයි.
පුරාණ ඉසිවරු ග්‍රහ සිතියම මැනවින් විග්‍රහ කර දැක්වීම ජ්‍යොතිෂයේ පදනමයි. අද වන විට බහුතර ජනතාවකගේ අවධානය මීට යොමු වී ඇත. ඒ මෙම ශාස්ත්‍රයේ ඇති සත්‍යතාව නිසාය. ජ්‍යොතිෂ ශාස්ත්‍රයේදී අපගේ ජන්ම පත්‍රයේ කොටු 12 තුළ අප උත්පත්ති මොහොතේ ලැගුම් ගත් නවග්‍රහයන් විසින් අප පූර්ව ආත්ම භාවයන්වලදී කළ කී පව්, පිං අනුව මොලොවදී අපට ලැබෙන නොලැබෙන දේ පිළිබඳව නිවැරදි සංඥාා ලබා දේ. ඕනෑම පුද්ගලයෙකුට සපල මෙන්ම අපල කාලයක්ද හිමිය. සපල කාලය යනු පෙර කළ පින් පළදෙන කාලය වන අතර එම අවස්ථාව ජන්ම කේන්ද්‍රයේ 1, 5, 9, යන රාශීන්හි සිටි ග්‍රහයන්ගේ දශා කාලය හෝ එම රාශි අධිපතීන්ගේ දශා කාලවලට සීමාවේ. තවත් අවස්ථා කීපයක් ඇතත් ප්‍රමුඛ වන්නේ ඉහත කාරණයයි. අපල කාලය වැඩි වන්නේ ඇයි? ඊට හේතු වන්නේ පෘථග්ජන මිනිසුන් කෙරෙන් සිදුවන පිංවලට වඩා පව් වැඩිවීම හේතු කොටගෙනය. ඒ නිසා පින් අඩුය. පව් වැඩිය. එම නිසා නිරන්තරයෙන් අපල කාලය වැඩිවනු ඇත. එම නිසා අපේ ජීවිතයේ අපල කාලයද නැතිනම් සපල කාලයද යන්න නිවැරැදිව හඳුනාගත යුතුය. ජීවිතයට කරදර බාධක කම්කටුලු පැමිණෙන කාලය කල් ඇතිව හඳුනා ගැනීම ඒ සඳහා නිවැරැදි පිළියම් යෙදීමට ඉතාම වැදගත් වනු ඇත. ජ්‍යොතිෂය වැදගත් වන්නේ එවිටය. ජීවිතයට කරදරයක් වූවායින් පසු ඒ සඳහා පිළියම් යෙදීමට වඩා වැදගත් හා අර්ථාන්විත වනුයේ අපලය උදා වීමට පෙර එම කාලය අප නිවැරදිව හඳුනා ගැනීමයි. ඉන් අනතුරුව අපට එම අපලයට අදාළ නිවැරැදි ශාන්තිකර්මය ඉටු කරගත හැකිය. නමුත් අද බොහෝ දෙනෙකු තමාට කරදරයක් පැමිණි විට තමාගේ ඡන්ම පත්‍රය බැලීමට උත්සුක වෙයි. නමුත් කළ යුත්තේ වසරකට වරක්වත් තමාගේ හඳහන දක්‍ෂ ජ්‍යොතිෂවේදියෙකු ලවා පරීක්‍ෂාකර ගැනීමයි. එවිට තමන්ට ඉදිරියේදී පැමිණෙන මාරක, බාධක අසනීප යනාදී කරුණු කල් වේලා ඇතිව දැනගත හැකිය. එවිට එම බාධක හා කරදර අඩුකර ගත හැකිය. කරදරයක් වූ කල්හි ප්‍රතිකර්ම කළත් ඒවා කරන්නේ ඉදිරියට එවැනි කරදර ඇතිවීම වළක්වා ගැනීමටය. එවිට අප සිදුවූ කරදරයෙන් පීඩා විඳ හමාරය. නමුත් හඳහන කලින් පරීක්ෂා කර තිබුණේ නම් ඇතිවන කරදර බාධක හා හානි අවම කරගෙන ඊට පිළියම් යෙදීමට අවකාශ තිබුණි. මෙම ලිපිය මගින් අප අපල හා සපල හා කාලය නිවැරැදිව හඳුනා ගන්නා ආකාරය සාකච්ඡා කරමු.
ග්‍රහ ගෝචරය යනු ග්‍රහයන් රාශියෙන් රාශියට මාරුවන ගමන් මගයි. උත්පත්ති කේන්ද්‍රයේ පිහිටි ග්‍රහයන්ගෙන් ගෙන දෙන ප්‍රතිඵලයට වඩා ගෝචර හෙවත් ගමන් කරන ග්‍රහයා දෙන ප්‍රතිඵලය ඡන්මියාගේ ජීවන ගමන වෙනස් කිරීමට බොහෝ සෙයින් හේතුවෙයි. දියුණුව පරිහානිය හා අපල සපල කාල ආදියද මෙය තුළින් දැනගත හැකිවනවා පමණක් නොව ඔහුගේ මරණය සිදුවන කාලයද නිසි ලෙස දැන ගැනීමට හැකියාව ඇත.
රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, සිකුරු හා ශනි යන ග්‍රහයන් රාශී චක්‍රයේ ඉදිරියට ගමන් කරද්දී ඡායා ග්‍රහයින් දෙපළ වන රාහු කේතු පමණක් ආපස්සට ගමන් කරති. මෙසේ ඉදිරියට ගමන් කරන ග්‍රහයෝ සමහර අවස්ථාවලදී තාවකාලිකව නතර වීම ග්‍රහයා වක්‍රවීම ලෙස අප ජ්‍යොතිෂයෙදී හඳුන්වයි. මෙසේ වක්‍ර වූ ග්‍රහයා ජන්මියාගේ ජීවන මග වෙනස් කිරීමට බොහෝ සෙයින් උපකාරී වනු ඇත. මෙම ගෝචර ගමනේදී ඒ ඒ ග්‍රහයන් රාශියක් පසු කිරීමට නියමිත කාලයක් ගන්නවා ඇත. ඒ මෙසේය.

ග්‍රහයා රාශියක් ගත කීරීමට ගත වන කාලය
රවි මාස 1කි
සඳු දින 2 1/2
කුඡ දින 45
සිකුරු මාස 1කි
බුධ මාස 1කි
ගුරු අවු 1කි
ශනි අවු 2 2/1
රාහු හා කේතු අවු 1 මාස 6 දින 19

ග්‍රහයා සුබ ස්ථාන අසුබ ස්ථාන

රවි 3/6/10/11 1/2/4/5/7/ 8/ 9/ 12
සඳු 1/3/6/7/10/11 2/4/5/8/9/12
කුඡ 3/6/10/11 1/2/4/5/7/8/9/12
සිකුරු 1/2/3/4/5/8/9/11/12 6/7/10
බුධ 1/2/4/6/8/11 3/5/7/9/12
ගුරු 2/5/7/9/11 1/3/4/6/8 10 12
ශනි 3/6/11 1/2/4/5/7/8/10 12
රාහු හා කේතු 3/6/11 1/2/4/5/7/8/9/10/12
මේ ආදී වශයෙන් රාශියක් පසු කිරීමට ආසන්න වශයෙන් ඒ ඒ ග්‍රහයින්ට නියමිත කාල පරිච්ඡේදයක් ඇති අතර සමහර අවස්ථාවලදී මෙම දින වකවානු අඩු වැඩි වන අතර ඊට හේතු වන්නේ රවි හා සඳු යන ආලෝක ග්‍රහයන් හැර අනෙක් ග්‍රහයන් වක්‍ර නිවෘත අස්ත වීම යන කරුණු නිසාය. ඒ ඒ ග්‍රහයන් උත්පත්ති කේන්ද්‍රයේ පිහිටිීම උපයෝගී කරගෙන ගෝචර ගමනේ පලාපල තීරණය කළ යුතු වෙයි.
කොටු 12කින් යුත් උත්පත්ති ඡන්ම පත්‍රයේ ඒ ඒ ග්‍රහයන්ට ගෝචරයේදී හෙවත් ගමනේදී සුබ හා අසුබ ස්ථාන මෙම ආකාරයට දක්වා ඇත.
ඉහත ග්‍රහ ගමන් අනුව හෙවත් ගෝචරය අනුව අපට පුද්ගලයාගේ අපල සපල කාලය නිවැරැදිව හඳුනා ගත හැකි අතර කේන්ද්‍රයක අපල අවස්ථා පහත පරිදි දැක්විය හැකිය.
අපල අවස්ථා
තම ජන්ම පත්‍රයට අනුව පාපකාරී විපත් දශාවන්ගේ මහ දශා, අතුරු දශා, විදශා කාලය.
සෙනසුරු ග්‍රහයාගේ ගෝචරය අනුව උදාවන ඒරාෂ්ටක අපල කාලය. ලග්න ඒරාෂ්ටක, අෂ්ටම ඒරාෂ්ටක, ජන්ම ඒරාෂ්ටක හා චන්ද්‍රාෂ්ටම ඒරාෂ්ටක ලෙස විවිධ වන අතර මෙයින් ජන්ම එරාෂ්ටකය වඩාත් අනතුරුදායකය.
සෙනසුරු ලග්නයෙන් 8 වැන්නේ 12 වැන්නේ ලග්නයේ හා ලග්නයෙන් 2 වැන්නේ හා උත්පත්ති සඳුගේ රාශිය හරහා හා සඳුගෙන් 8 වැන්නේ ගමන් කරන කාලය.
ශනි උත්පත්ති චන්ද්‍රයාගෙන් කේන්ද්‍රස්ථානවල ගමන් කරන කාලය.
දුෂ්ට රාශිගත ග්‍රහයන්ගේ දශා කාලය.
දුෂ්ට ස්ථාන අධිපති ග්‍රහයන්ට අයත් දශා කාලය.
සඳුගෙන් 6/8/12 සිටි ග්‍රහයන්ගේ දශා කාලය.
22 වන දෙර්කාණාධිපතිගේ මහ දශා, අතුරු දශා, විදශා කාලය.
64 වන නවාංශකාධිපතිගේ මහ දශා, අතුරු දශා, විදශා කාලය.
16 වන දෙර්කාණාධිපතිගේ මහ දශා, අතුරු දශා, විදශා කාලය.
ජන්ම කේන්ද්‍රයේ 2/7 අධිපතීන්ගේ දශා කාලය.
ජන්ම කේන්ද්‍රයේ 2/7 යන රාශිවන සිටි ග්‍රහයින්ගේ දශා කාලය.
ජන්මියාට යම් දශාවක් ලබා තිබේද එම දශාධිපතියාට අයත් රාශිය තුළ පාප ග්‍රහයෙකු හැසිරෙතොත් එයද අපල කාලයකි.
ලග්න කේන්ද්‍රයෙත් නවාංශක කේන්ද්‍රයෙත් නීචව හෝ දුබලව සිටින ග්‍රහයාගේ දශා කාලයත් අපලය.
සඳු දශාව තිබියදී සෙනසුරු 8 වැන්නේ ගමන් කරන කාලය.
රවි දශාව තිබියදී සෙනසුරු 10 වැන්නේ ගමන් කරන කාලය.
කුජ දශාව තිබියදී සෙනසුරු 7 වැන්නේ ගමන් කරන කාලය.
බාධක රාශිය අධිපතියාගේ දශා කාලය.
දශාධිපති සිටි රාශිය හරහා පාපියෙකු ගමන් කරන කාලය.
ජන්ම කේන්ද්‍රයේ රවි සිටින රාශිය මතට දශාධිපති ග්‍රහයා පැමිණෙන කාලය.
යම් දශාවක් ගෙවෙමින් සිටියදී එම දශාධිපතිට සතුරු ග්‍රහයෙකු අතුරු දශාවක් ලැබූ කාලය.

ඉහත සඳහන් කළේ අපල අවස්ථාවන්වලින් යම් ප්‍රධාන අවස්ථා කීපයක් පමණි. මේ ආකාරයට කෙනෙකුට අපල කාලයන් බහුලය. තවත් විවිධ අවස්ථාවන් ඇත. අපල දශා කාලයන් බලවත් ගුරුගේ ගෝචර ගමන හා සුබ ග්‍රහ තත්ත්ව හා ග්‍රහයන් පිහිටන නැකැත් අනුවද යම් යම් අවස්ථාවල බිඳෙන අතර ඉහත දැක්වූ ආකාරයට ජන්මියාගේ හඳහනට අනුව අපල කාලය හා සපල කාලය නිවැරැදිව කල් වේලා ඇතිව හඳුනා ගෙන ඒ අනුව අදාළ පිළියම් කිරීම තුළින් අප ජීවිත තුළට සතුට උදා කරගෙන සෞභාග්‍යමත් ජීවිතයක් ගත කළ හැකිය. එසේ නොමැතිව ජ්‍යොතිෂය නාමයෙන් කරන විවිධ වංචාවලට හසුවී තම වටිනා කාලයත් මුදලත් නැති කර ගැනීම කළ යුත්තක් නොවේ. එම නිසා උගත් අවංක ජ්‍යොතිෂවේදියකුගෙන් ඉහත දැක්වූ ආකාරයට තම ජන්ම පත්‍රය පරීක්ෂා කරගැනීම තුළින් තම අපල සපල කාලය නිවැරැදිව හඳුනා ගත හැකිය. ජ්‍යොතිෂය යන මේ උතුම් විෂය තුළින් අප උදා කර ගත යුත්තේද එයයි. ඒ අනුව ඔබේ අපල හා සපල කාලය නිවැරැදිව හඳුනා ගනිමු.
ජ්‍යොතිෂවේදී සම්පත් එස්. කල්පගේ

SendShareShare
Previous Post

ආදි මානව නිජබිමෙන් හෙළිවූ අලුත්ම රහස

Next Post

ජන්මියාට හොඳ වෙන්නෙ කුජට ගැළපෙන හවුල්කාරයෝ

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.