තත්කාල කේන්දරයෙහි ප්‍රථම භාවය ලග්නය වෙයි. ප්‍රශ්නය, ධාතු, මුල, ජීව ස්වභාවය විමසීමේදී එහි වර, තිර, උභය, ස්වභාවය තීරණය කිරීම ඔබ සතුව පවතී. මෙය පළමු භාවයෙන් කෙරේ. (උදා) ලග්නයෙන් සොයාගත් දත්තයන් මුල්කරගෙන ප්‍රශ්නය සම්බන්ධ කාලය සිදුවූ වේලාව, සොරකමක් නම් සිදුවූ කාලය, මරණයක් නම් මිනීමැරුමක්ද යන වගත්, මුදල්, රන්මසු නැති වීමක්ද, කොල්ලකෑමක් ගැනද, රථවාහන නැති වීමක් හෝ වටිනා බඩු නැතිවීමක්ද, නිවාස සොරු බිඳීමක්ද යන්න තීරණය කළ හැකිය.
වාහන මිලදී ගැනීමක් ගැන විමසද්දී තත්කාලයේ 9 වැන්න අධිපති උච්චව 4 වැන්නේ යෙදීම මෙම කාලය වාහන ගැනීමට සුදුසු බවත්, කරදරයක් නැතුව ඒ වාහන පාවිච්චි කිරීමට හැකි බවත් කියැවෙයි.
විවාහයෙන් පසුව එන දික්කසාද නඩු ගැන පරීක්‍ෂාවේදී තත්කාල 7 අධිපතිද, තත්කාලයේ 7 වැන්නද පරීක්‍ෂා කරන්න. තත්කායෙන් 7 වැන්නාධිපති සිටින රාශියත්, 6 වැන්නේ රාහුත් යෙදී නම් සතුරු බන්ධනය කර ඇත. දෙදෙනාට දෙදෙනා පෙන්වන්න බැරිව වලිදාගනී.
රෝගියකු ගැන විමසන්නේ නම් තත්කාලයේ 6 වැන්න බලන්න. ලග්නය දුබල නම් රෝගියා අසාධ්‍ය තත්ත්වයේ සිටින බවත් සුබව පිහිටන්නේ නම් සිහියෙන් සිට පසුව රෝගය සුව වී යන බවත් කිව හැකිය. අසාධ්‍යම රෝගියකු නම් ටික දිනකින් මරණයට පත්වෙයි.
සොරා ගත් බඩු භාණ්ඩ ගැන දැනගැනීමට තත්කාල කේන්දරයේ ලග්නයෙන් හැඳින්වෙන ඒ ඒ ස්ථාන තුළ ඒවා සඟවා ඇති බව කිව හැකිය.
මේෂ
ලාච්චුව සහ අල්මාරිය, ගිනියම් කරන කම්මලේ සඟවා ඇත. ගෙදරක පෝරණුවේ සඟවා ඇත. පාන් බේකරියක් තුළ ඇත. මෝල, කුස්සිය, පෝරණුව, කර්මාන්ත ශාලා භූමියක, තෙල් මෝලක, කොහු මෝලක භූමියේ, ලී මෝලක භූමියේ හෝ උළු පෝරණු ගොඩනැඟිලි
වෘෂභ
ලී මඩුව, ලී වෙළෙඳසල, වඩු මඩුව, ගොවිපොළ, ලාච්චුව, පෙට්ටගම, අල්මාරිය, මේස ලාච්චුව, පෙට්ටිය, දැව දඬු පිළිබඳ කියැවෙන ලී මෝල්වල.
මිථුන
මැද කාමරය, ඇඳ උඩ හෝ යට, කාමරයේ මුල්ලක, පුටුව යට, සමිති ශාලාවක, සොල්දරය, මැස්ස, නිදන කාමරය, පුස්තකාලය, පාසල.
කටක
ජලස්ථානය, ඇල-දොළ, ගංගා, වැව්-පොකුණු ස්ථාන, ගං ඉවුරු, ජලය හා සිසිලසට සම්බන්ධ ස්ථාන, ශීත කාමර.
සිංහ
රජයේ ඉඩම මූකලාන, කාර්යාලය, පාලම යට, පාලම අතර, පෙට්ටිය, මුලුතැන්ගෙය, කාමරය, මැද සාලේ, ට්‍රංගා පෙට්ටිය, මහා මාර්ගය, කුඩා පාර.
කන්‍යා
මල්පාත්තිය, මෑ පාත්තිය, රටකජු පාත්තිය, කන්කුන් පාත්තිය, මුගුණුවැන්න පාත්තිය, කෙසෙල්කොටු, කොහිල පාත්ති, පිට්ටනිය, මල්වත්ත, කාන්තාවන් වැඩිපුර ගැවසෙන ස්ථානය.
තුලා
සියලු කඩසාප්පු, හෝටල්, කාමර, විකුණූ හෝටල්, සිනමා ශාලා, අලංකාර තට්ටු නිවාස, බුලත් කොටුව.
වෘශ්චික
ගල්ගුහාවල, පෝරණුව, කම්මල, ආයුධ කාමරය, පිළිස්සීම් කළ ස්ථාන, (සොහොන් සෑදූ ස්ථානය) ගස් බෙන ඉඩම, වෙන්කළ ඉඩම.
ධනු
ගබඩාව, අටුව, අමුණ, සේප්පුව, උස් ස්ථාන.
මකර
කුණු කසල ගොඩ, ළිඳ, අපවිත්‍ර පස් යට, ගස් යට.
කුම්භ
සිනමා ශාලා, නාට්‍ය ශාලා, කුරුණි පෙට්ටි, ලාභ කාර්තුව, බුසල.
මීන
මාළු, කුණු කරවල, කුණු හරක්මස්, කුණු ඌරු මස් ගොඩවල්, ජලය සම්බන්ධ වැව, ගඟ, ඇල-දොළ, දියඇල්ල, මසුන් වසන ස්ථාන, මාළු අලෙවිසල.
නැති වූ වස්තුව ලැබීම හෝ නොලැබීම
තත්කාල කේන්දරයෙහි නව ග්‍රහයන්ගෙන් තොර වූ 6, 8, 12 භාව ග්‍රහයන්ගෙන් තොරවීම. (6, 8, 12 හිස්වීම) ලග්නයෙන් 11 වැන්න, 2 වැන්න ආදී ස්ථානවල ග්‍රහයන් පිහිටීම හෝ සුබයන්ගේ දෘෂ්ටි සංයෝගය.
නවාංශක තෝරා සුබයන්ට අයත් වීම
සුබයින්ගේ රාශි දෘෂ්ටි සංයෝග වීම ඇති වූ විට නැති වූ දේ නොලැබෙයි.
ග්‍රහයන්ගේ නවාංශක හෝරාව සහ පංචම කාල හෝරාව ආදී හෝඩුවාවන් උදාවූ කල නැති වූ වස්තුව ආපසු ලැබේ. පූර්ණ චන්ද්‍රයා හෝ සුබ ග්‍රහයෙක් සුබ දෘෂ්ටි සහිතව ලග්නගත වූ කල නැති වූ දේ සම්බවෙයි. පූර්ණ සඳු සුබයකු සහිතව සුබ දෘස්ටි ශීර්ෂොදය රාශියක ලග්න ගත් කළ 11 බලවත් ග්‍රහයෙක් නම් නැතිවූ දෙය ප්‍රමාද නැතිව වහා ලැබේ.
බ්‍රහස්පතින්දාවක ධනස්ථානයේ සිකුරු අයස්ථානයේ ගුරු සිටි කළ නැතිවූ වස්තු ලැබේ.
පූර්ණ චන්ද්‍රයා ගුරු විසින් හෝ ශුක්‍ර විසින් දැක ලග්නයෙහි සිටි කල්හි සුබ ග්‍රහයන් කේන්ද්‍රස්ථාන වන 1, 4, 7, 10 යන තැන්හි සිටිකල්හි සුබ ග්‍රහයන් 1, 4, 7, 10 ස්ථානවල සිටිකල්හි ධනස්ථාන ගතව 2 වැන්නාධිපතිද අයස්ථානයේ ගුරුද, සුබ ග්‍රහයෙක් ලග්නයේද සිටිවිට නැතිවූ වස්තුව ලැබේ.
සිංහ, වෘශ්චික, කුම්භ යන නවාංශකයක යෙදී රාශියක් 7 වැන්නට පැමිණ පාපයන්ගෙන් එය යුක්ත වූයේ නම් නැතිවූ වස්තු නොලැබෙයි.
හොරකමට ලක්වූයේ ගවයෙක්, කුකුලෙක්, එළුවෙක්, බූරුවෙක්, බල්ලෙක් නම් එම සත්වයා සොරකමින් පසු මරණයට පත්කළාද, තවත් ජීවත්ව සිටීද යන්න දැනගැනීමට.
නැතිවූ සත්වයා 6 වැන්න නියෝජනය කරයි. 6 වැනි භාවය ගෘහ වාසික සත්වයා කෙරෙහි බලපානු ඇත. නැතිවූ සිවුපාවා තත්කාල කේන්දරයේ, නීචව අෂ්ඨ පාප සංයෝගව පාප දෘෂ්ටි ඇතුව සිටියේද එම සත්වයා නිසැකයෙන් මරනු ලබන්නේය.
5 අධිපති, 8 අධිපති, දෘස්ටි සංයෝගය සිට කුජගේ හෝඩුවාවක් උදා වුවහොත් එම සත්වයා මරයි. සුබ ග්‍රහයන්ගේ දෘෂ්ටියට ලක්වී නම් සත්වයා තවමත් ජීවතුන් අතර වෙයි. යතුරක්, කාසියක්, මුදුවක් නම් නිමිත්තේ ස්ථිර රාශියක් උදා වුවහොත් ගෙදර තිබේ. සොරාගෙන නැත. උභය රාශියක් නම් නැතිවී ඇත. චර රාශියක් උදාවී නම් ගමනකදී නැතිවී ඇත. නැවැත නොලැබෙයි.
ජ්‍යොතිෂවේදී ගොඩිගම ජයසේන ජයසිංහ











