• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

මව්රට කියපු දේට උසාවියෙන් සහතිකයක්: සංචාරක මණ්ඩලයේ සභාපතිනියට වාරණයක්

June 21, 2020
in News, Politics
Reading Time: 4 mins read
A A
සභාපතිනියගේ අත්තනෝමතික තීන්දු නිසා සංචාරක අධිකාරියට උසාවියෙන් වාරණ නියෝගයක්
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන එන අංශ අතරින් ඉදිරියේම ඇත්තේ සංචාරක ව්‍යාපාරයය. මේ වසර මුලදී රජය සැලසුම් කර තිබුණේ 2020 වසර තුළ මෙරටට විසි ලක්ෂයකට අධික සංචාරකයන් ප්‍රමාණයක් ගෙන්වා ගැනීමටය. කොවිඞ් 19 වසංගතය හේතුවෙන් ඒ සැලසුම් සියල්ල කඩා වැටුණු නමුත් වෛරසය ඉක්මණින් පාලනය කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වීමත් සමඟ දැන් නැවතත් ලොව පුරා සංචාරකයන්ගේ අවධානය අපේ රට වෙත යොමු වෙමින් ඇත.
කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය මාස කිහිපය පුරාම සමස්ත ලෝකයම එක් තැනකට කොටු විය. එක් තැනකට සිරවී කල් ගත කිරීමට හුරුව නොතිබුණු බටහිර රටවල ජනතාව දැන් මඟ බලා සිටින්නේ හැකි ඉක්මණින් නැවත ලොව පුරා සංචාරයට අවස්ථාව ලැබෙන තෙක්ය. එම අවස්ථාව ලැබුණු සැනින් අපේ පුංචි ශ්‍රී ලංකාවද නැවත වරක් සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යනවා නොඅනුමානය.
එවැනි පසුබිමක සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ වගකිව යුතු බලධාරීන් මේ මොහොතේ කටයුතු කළ යුත්තේ ඉදිරිය වෙනුවෙන් සැලසුම් සකස් කිරීමය. නමුත් අවාසනාවට අපේ රටේ සංචාරක කර්මාන්තයේ සංවර්ධනයට සම්බන්ධ ප්‍රධාන ආයතනය පවා එම තත්ත්වය තේරුම් නොගෙන කටයුතු කිරීම කනගාටුවට කරුණකි.

එයට එක් උදාහරණයක් වන්නේ යාල පලටුපාන ප්‍රදේශයේ සංචාරක හෝටල් ව්‍යාපෘතියක් ඉදි කිරීම සම්බන්ධ සිදුවීමය. මේ පිළිබඳ අප මවුරට පුවත්පත සහ මවුරට වෙබ් අඩවිය හරහා දිගින් දිගටම කරුණු අනාවරණය කර ඇත. සංචාරක හෝටල් ව්‍යාපෘතියක් සඳහා යාල පලටුපාන ප්‍රදේශයෙන් ලංකා රියැලටි ලෙෂර් නම් සමාගමට ලබා දුන් බදු ගිවිසුම අහෝසි කිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය සහ කළමනාකාරීත්වය ගෙන ඇති තීන්දුවට එරෙහිව වාරණ තීන්දුවක් පැනවීමට අධිකරණය පසුගිය සතියේ තීන්දු කළේය. මෙම වාරණ නියෝගය පැනවීමට අධිකරණය තීන්දු කළේ අදාළ සමාගම විසින් ගොනු කර තිබූ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවය.
ලංකා රියැලටි ලෙෂර් නම් සමාගමට ලබා දුන් 99 අවුරුදු බදු ගිවිසුම අහෝසි කිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය තීන්දු කර තිබුණේ

පසුගිය වසරේ අග භාගයේදීය. ඊට හේතු වී ඇත්තේ සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු මහත්මියගේ සැමියාට අයත් “වයිල්ඞ් කෝස්ට් ලොජ් ප්‍රයිවට් ලිමිටඞ්” නම් ආයතනයක් මඟින් යාල ප්‍රදේශයේම ඉදිකිරීමට සැලසුම් කර ඇති හෝටල් ව්‍යාපෘතියක් සඳහා අනියමින් සහාය දැක්වීම බවට කරුණු අප මීට පෙර අනාවරණය කර ඇත. ඒ බව සනාත වන තවත් කරුණු කිහිපයක් වාරණ නියෝගය පැනවීමෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ දක්නට ලැබිණි. ඒ අදාල සිද්ධිය සම්බන්ධයෙන් තම ෆේස්බුක් ගිණුම ඔස්සේ අදහස් දැක්වීමට කිමාලි ප්‍රනාන්දු මහත්මියගේ සැමියා වන මලික්. ජේ. ප්‍රනාන්දු මහතා කටයුතු කිරීමත් සමඟිනි. එහිදී ඔහු සඳහන් කර තිබුණේ ලංකා රියැලටි ලෙෂර් සමාගමේ හාර්ඩි මුසම්මිල් මහතා තමන්ගේ පවුලේ කීර්ති නාමයට හානි කරමින් මාධ්‍ය මෙහෙයුමක් ගෙන යන බවය. එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ සංචාරක සංවර්ධන අධිකාරිය එම තීන්දුව ගෙන ඇත්තේ තම බිරිඳ එහි සභාපති ධුරයට පත් වීමට පෙර බවය. සංචාරක හෝටල් ව්‍යාපෘතියක් සඳහා 2014 වසරේදී බදු දුන් අදාළ භූමියේ ඉදි කිරීම් ආරම්භ නොකිරීම මත 2017, 2018 වසරවල සිටම ඉඩම යළි පවරා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබූ බවද ඒ සඳහා කැබිනට් අනුමැතිය පවා හිමිව ඇති බවද එහි වැඩිදුරටත් සඳහන්ව ඇත.
එම ෆේස්බුක් සටහනට පිළිතුරු දෙමින් තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබන ලංකා රියැලටි ලෙෂර් ආයතනයේ හාර්ඩි ජමල්ඩීන් මුසම්මිල් මහතා එම සටහන ආරම්භ කර ඇත්තේ “මා මිතුරු මලික්. මා පෙනී සිටින්නේ මාගේ ආයතනය වෙනුවෙනි. නමුත් සංචාරක සංවර්ධන අධිකාරියේ බලධාරියෙක් නොවන ඔබ මාගේ සටහනට මෙතරම් කලබල වී ඇත්තේ ඇයි දැයි” යනුවෙනි. මලික් මහතා සඳහන් කරන ආකාරයෙන් තමන් කිසිම මාධ්‍ය මෙහෙයුමක් සිදු නොකළ බවද සඳහන් කර ඇති මුසම්මිල් මහතා එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ ලංකා රියැලටි ලෙෂර් සමාගමට පවරා දුන් ඉඩම නැවත පවරා ගැනීම සඳහා කිසිම අවස්ථාවක කැබිනට් අනුමැතියක් හිමි නොවූ බවය. නියමාකාරයෙන් බදු ලබා දුන් ඉඩමක් නැවත පවරා ගැනීම සඳහා බලයක් නොමැති බවද සඳහන් කර ඇති මුසම්මිල් මහතා වැඩිදුරටත් දක්වා ඇත්තේ තම ආයතනය 2020 වසර අවසන් වන තෙක් නියමිත බදු මුදල්ද ගෙවා ඇති බවය. එමෙන්ම බදු ගිවිසුම අහෝසි කිරීමට අදාළ ලිඛිත කටයුතු සිදුවන කාල සීමාවේදී සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය ලෙස කටයුතු කර ඇත්තේ කිමාලි ප්‍රනාන්දු මහත්මිය බවද එම සටහනේ තව දුරටත් දක්වා ඇත.

කෙසේ වෙතත් ලංකා රියැලටි ලෙෂර් සමාගමට පවරා දුන් ඉඩමේ බදු ගිවිසුම අහෝසි කිරීම සම්බන්ධව ඉදිරි තීරණ ගැනීමේ බලය ඇත්තේ අධිකරණය සතුවය. එතෙක් ඒ සම්බන්ධ සියළු සංවර්ධන කටයුතු ඇනහිටිනු ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය ආයතන සඳහා නිලධාරීන් පත් කරනු ලැබුවේ සංවර්ධනය පමා කිරීමට නොව එය වේගවත් කිරීමටය. ලක්ෂ 69කට වැඩි ජනතාවක් එතුමාට ඡන්දය ලබා දුන්නේ ඒ බලාපොරොත්තුව පෙරදැරිවය. සංචාරක සංවර්ධන අධිකාරියේ වගකීම විය යුත්තේ 2020දී කඩා වැටුණු සංචාරක ව්‍යාපාරය 2021 වසරේදී හෝ ගොඩ ගැනීමට සැලසුම් සකස් කිරීමය. නමුත් එහි බලධාරීන් මේ ආකාරයෙන් පෞද්ගලික වාසි තකා සංවර්ධන කටයුතු අඩාල කිරීමට කටයුතු කිරීමෙන් සිදු වන්නේ ජනතාව ජනාධිපතිවරයා පිළිබඳ තැබූ බලාපොරොත්තු සුන් වීමය.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

තිලංග මහේලගෙන් ඉල්ලන් කයි

Next Post

ගෝඨාභය යන ගමන… (PHOTOS)

MORE NEWS

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

තමන් නීතීඥ සංගමයේ සභාපතිවරයාට දේශපාලන අල්ලස් දුන් බවට මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ කරන...

Read more
රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.