‘තරග පාවා දී නැතිනම් ඇයි මේ සමහර ක්‍රීඩකයන් කලබල වෙලා ට්ටිටර් දාන්නේ’ යනුවෙන් හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා කළ ප්‍රකාශයට සිය ට්ටිටර් ගිණුම ඔස්සේ මහේල ජයවර්ධන සැර පිළිතුරක් ලබාා දීමට පියවර ගෙන ඇත.
‘මට කනගාටුයි. ඊළඟ වතාවේ තොප්පිය පැළදීමට පෙර සහ ප්‍රතිචාර දැක්වීමට පෙර ඔහු ගෙන් විමසා බැලීමට අප කටයුතු කරන්නම්. මන්ද ඔහුට ඒ විෂය පිළිබඳ විශාල අත්දැකීම් ඇති නිසා” යනුවෙන් මහේල එහි සදහන් කර තිබිණ.
පසුගියදා මාධ්‍ය හමුවකට එක්වෙමින් ලෝක කුසලාන තරග පාවාදීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිදුකළ ප්‍රකාශයට ක්‍රීඩකයින් අනවශ්‍ය ලෙස කලබල වීමට අවශ්‍ය නොවන බව හිටපු මන්ත්‍රී තිලංග සුමතිපාල ප්‍රකාශ කර සිටියේය.
ඉකුත් රජය සම්මත කළ නව ක්‍රීඩා පනතේ ඇති සූදු ක්‍රීඩාවට සම්බන්ධ පුද්ගලයන් හට ක්‍රීකට් ආයතනයේ තනතුරු දැරීම තහනම් කිරීම මුල් කරගෙන තිලංග සුමතිපාල මහතා හට ක්‍රිකට් සභාපති තනතුරෙන් ඉවත් වීමට සිදුවිය.










