2020 වසරේ දෙවැනි කෝණ මාසයත් උදා කරමින් 2020 ජුනි මස 14 වන ඉරිදා දින රාත්‍රි 11-54ට ග්‍රහ ලොව රජු හෙවත් නව ග්‍රහයින් අතරින් අපට ශක්තිය දෙන එසේම ආලෝකය මෙන්ම ජීවය ලබා දෙන ප්‍රධාන ආලෝක ග්‍රහ තාරකාව වන රවි ග්‍රහයා (සූර්යයා) තම සම රාශියක් වන බුධ හිමි මිථුන රාශියට පිවිසියේය-
ඒ අනුව කුජට අයත් මුවසිරස නැකැතේ 3 වන පාදයට පිවිසෙන රවි ග්‍රහයා, එම මිථුන රාශියේ එළබෙන 2020 ජුලි 16 වැනිදා, උදේ 10-47ට කටක රාශි ගතවන තුරු මසකට ආසන්න කාලයක් මිථුන රාශියේ ගත කරනු ඇත- මිථුනයට අධිපති බුධ ග්‍රහයා දැනට ගෝචර වශයෙන් එම රාශියේම ගමන් කරන අතර, රාහුද මිථුනයේ ගමන් කරයි. ග්‍රහලොව රාශි වළල්ලේ පියා හෙවත්, ග්‍රහ ලොව පාලක ග්‍රහ තාරකාව වන රාජ්‍යකාරක රවි ග්‍රහ මාරුව ජ්‍යොතිෂානුකූලව ඉතාම ප්‍රබල ග්‍රහ මාරුවකි. එසේම රවි ග්‍රහයා මිථුන රාශි ගතවීම කෝණ මාසයක ආරම්භයයි. එසේම නිවාස හා මංගල නැකැත් නොමැති කාලයයි. නැවත නැකැත් උදාවනුයේ ජූලි මස 16 වනදායින් පසුවයි. වසරකට කෝණ මාස 04 කි.
මෙම 2020 වසරේ කෝණ මාස 04කි. එනම්,
* 2020 මාර්තු 15 වන දා සිට අප්‍රේල් 13 වන දා දක්වා
* 2020 ජුනි 14 සිට ජූලි 16 දක්වා
* 2020 සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 16 දක්වා
* 2020 දෙසැම්බර් 16 සිට ජනවාරි 15 දක්වා වේ.
සූර්ය මාස ක්‍රමයට අනුව රවි ග්‍රහයා මීන, මිථුන, කන්‍යා හා ධනු යන රාශිවල ගමන් කරන කාලය කෝණ මාස ලෙස හඳුන්වයි. ඒ අනුව ජ්‍යොතිෂානුකූලව කෝණ මාසයක් යනුවෙන් අදහස් කරනුයේ එම කාල සීමාව තුළ හිරුගෙන් හෙවත් රවි ග්‍රහයාගෙන් ලැබෙන අසුබ කිරණ නිසාවෙන් එම කාල සීමාව තුළ ගුරු, සිකුරු, බුධ යන සුබ ග්‍රහයින්ගේ සුබ ග්‍රහ බලය මෙම කාලය තුළ එම අසුබ කිරණ නිසාවෙන් දුර්වල වීමයි. මෙම හේතුව නිසා සුබ ග්‍රහ බලය දුර්වල වී පිරිහී ගොස් ඇත. ඒ අනුව එම කාලය තුළ විශේෂයෙන් නිවාස සම්බන්ධ කටයුතු හා විවාහ සම්බන්ධ කටයුතුවලට අසුබය. මෙම කාල සීමාව තුළ ඒ සම්බන්ධව නැකැත් සෑදීමක් නොකරනු ඇත. මෙම කාලය තුළ විවාහ කටයුතු මෙන්ම නව නිවාස සෑදීම මෙන්ම ගෙවැදීම සිදු කළ විට එම අයගේ සියලු අංශයන් කෙරෙහි එහි අසුබ ප්‍රතිඵල උදා වනු ඇත. ඒ අනුව ඉහත කටයුතු සඳහා නැකැත් යොදා ගත යුත්තේ 2020 වසරේ ජූලි 16 වන දායින් පසුවයි.
ඒ අනුව ඉහත සඳහන් ග්‍රහ තත්ත්වයන්ට අනුව නිවාස හා විවාහ නැකැත් මෙම ජූනි 14න් පසු නොමැති වුවද අනෙකුත් සාමාන්‍ය කටයුතු සඳහා අදාළ කටයුත්ත මත සුබ නැකැත් යොදා ගත හැකිය.
ජ්‍යොතිෂවේදී සම්පත් එස්. කල්පගේ











