• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

1902දී විදුලි දුම්රියක සිහින මවපු කැලණිවැලි පුංචි කෝච්චිය

June 20, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
1902දී විදුලි දුම්රියක සිහින මවපු කැලණිවැලි පුංචි කෝච්චිය
Share on WhatsAppShare on Facebook

මේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයයි. දසවන වේදිකාවේ නවතා ඇති රුවන් කුමාරි සීග්‍රගාමී දුම්රිය පස්වරු 4.55 ට රත්නපුර සහ බලංගොඩ දක්වා ධාවනය වේ. එම දුම්රිය නවත්වන්නේ කෝට්ටේ පාර, නුගේගොඩ, මාකුඹුර, අරුක්වත්ත, අවිස්සාවේල්ල, ඇහැළියගොඩ, රත්නපුර. රත්නපුර සිට බලංගොඩ දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත. “සුන්දර හීනයක්.” දවසක එහෙම නිවේදනයක් ඇහුනොත් ඒක බොහොම සුන්දර වටිනා සිහිනයක් සැබෑ වීමක්. එය අද දකින සුන්දර හීනයක් උනත් කාලෙකට කලින් මේ රට අත්විඳපු සැබෑවක කොටසක්. පස්සෙ කාලෙක කලබලෙන් අවදි වී නිදිමරගාතෙ වැඩ කරපු පිරිසක් නිසා බොඳවී ගිය සිහිනයක්.

සිහිනය කොහොම උනත් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙ දහවන වේදිකාවෙන් අදටත් දුම්රිය ගමන් ආරම්භ වෙනවා. ඒ දුම්රිය මරදාන, බේස්ලයින් පාර පහුකරගෙන කිලෝමීටර් 59.277 ගෙවා ඇවිත් නවතින්නෙ අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයෙ.

වර්තමානයෙ අධික ජන ගහනයකින් යුත් ජනාකීර්ණ වාණිජ නගර ගණනාවක් සහ තවත් ප්‍රධාන වාණිජ නගර පිවිසුම් ගණනාවක් මැදින් පැය 03 ක පමණ ගමනක් ඇවිත් අවිස්සාවේල්ලෙන් මේ දුම්රිය නැවතුණත් අතීතයෙ මැනිං ටවුන්, කොට්ටාව I, කොට්ටාව II, මාලපල්ල, මහදෙනිය වැනි දුම්රිය ස්ථානත් පසු කරන් ඇවිත් අවිස්සාවේල්ල පහුකර ගියේ අවිස්සාවේල්ල දුම්රිය මංසංධියක් බවටද පත් කරවමින්. අදටත් කාර්යබහුල වේලාවලදි අධික ජනකායක් පටවා ගෙන ඉබි ගමනින් කොළඹට ඇදෙන මේ දුම්රිය සේවයට විශේෂ ඉල්ලුමක් ඇතිවෙලා තියන්නෙ කොළඹ නගරයෙ තියෙන අධික මාර්ග තදබදය මගහැර සේවා ස්ථානයන් වෙත කඩිනමින් යාමට ඇති පහසුම ක්‍රමය මේ දුම්රිය නිසා.

අද කොළඹ රැකියා සඳහා එන අයට ප්‍රමුඛතාවය ලැබුණත් මෙරට අනිත් දුම්රිය මාර්ගයන් වගේම මේ දුම්රිය මගත් ලංකාවට ලැබෙන්නෙ තම වතු නිෂ්පාදන කොළඹට ගෙන ඒමට ලාභදායී ක්‍රම සොයපු වතු මහත්තුරුන්ගෙ බල කිරීම නිසා. රසවත් කතාන්දර ගණනාවක්ම දුම්රිය ඉතිහාසයට එකතුකරපු මේ දුම්රිය මාර්ගය ලංකා සිතියමේ ඇඳීම ආරම්භ වෙන්නෙ 1900 මාර්තු මස 22 වන දින. කැලණි ගං මිටියාවත දිගේ ඉදිරියට ඇදුණු නිසා මේ දුම්රිය මාර්ගය “කැලණිවැලි දුම්රිය මාර්ගය” ලෙසින් නම් ලබා 1902 සැප්තැම්බර් 15 වැනි දින අවිස්සාවේල්ල දක්වා පැමිණ ගමනා ගමන කටයුතු ආරම්භ කරලා තියෙනවා . සාමාන්‍ය දුම්රිය මාර්ගයක් 5‘ 6” පළලින් යුතු පුළුල් ආමාන මාර්ග. නමුත් සුන්දර කැලණි ගං මිටියාවතේ ඉදිවුණේ එවැනි මාර්ගයක් නෙමෙයි. හීන්දෑරි පටු දුම්රිය මාර්ගයක්. 2‘ 6” පටු ආමාන දුම්රියක් ලෙස ඉදිවුණු නිසා මේ මාර්ගයේ ගමන්කළ හැකි වුණේ “පුංචි කෝච්චි”වලට විතරයි.

1902 සැප්තැම්බර් 15 වැනිදින අවිස්සාවේල්ලට පැමිණි “පුංචි කෝච්චිය” එතැනින් නොනැවතී අවිස්සාවේල්ලෙන් වම්පසට හැරී තවත් කිලෝමීටර් 20 පමණ දුරක් කැලණි ගං මිටියාවත දිගේ ගොස් 1903 සැප්තැම්බර් 14 වැනි දින යටියන්තොට දක්වාම පැමිණෙනවා. තල්දුව, දෙහිඕවිට, කරවනැල්ල දුම්රිය ස්ථාන පහුකරමින් යටියන්තොට පැමිණි මේ දුම්රිය මගේ ප්‍රධාන අරමුණත් ඒ ප්‍රදේශයන්හි වතු නිෂ්පාදන කොළඹට ගෙන ඒම සහ වතුවලට අවශ්‍ය භාණ්ඩ ගෙන යාම. ඒ වගේම මෙරට ප්‍රථම විදුලි දුම්රිය සිහිනය දකින්නෙත් මේ මාර්ගය ඇසුරෙන්. මෙරට ජල විදුලියෙන් ආලෝකමත් කළ, ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ටතම ඉංජිනේරුවෙකු වන දේවපුර ජයසේන විමලසුරේන්ද්‍ර මහතාගේ සැලසුම උනේ කැලණි ගඟේ අතු ගංගාවලින් නිපදවූ ලක්ෂපාන විදුලිය අවිස්සාවේල්ලට ගෙන ගොස් අවිස්සාවේල්ලේ සිට දුම්රිය මාර්ගයට සමාන්තරව කොළඹට ගෙන ඒම සහ ඒ එන අතර වාරයේ දුම්රිය විදුලිකරණය කිරීම. ඒ වෙන විට ලෝකය සිහින දැක්කෙ ඩීසල් දුම්රිය ගැන. ගල් අඟරු දුම්රියන් භාවිතයෙ තිබුනෙ. ලෝකයේ බොහෝ රටවල් විදුලි දුම්රිය ගැන සිහින දකිද්දි විදුලි දුම්රියෙන් යන්න අපි සැලසුම් හැදුවා. අද ලෝකයම අපිව පසුකර අධිවේගයෙන් විදුලි දුම්රියේ යද්දි අපි තාමත් ඒ ගැන සිහින දකිනවා.
කැලණි වැලි මාර්ගය අවිස්සාවේල්ලෙදි වමට හැරී යටියන්තොට යද්දි අවිස්සාවේල්ලෙන් දකුණටත් හැරී බොහෝ දුර ගමනක් යන්න “සබරගමු දුම්රිය” නැතිනම් “රුහුණු සබරගමු දුම්රිය” මාර්ගය සොඳුරු සිහිනයක් දකිනවා. ඒ සිහිනයත් සැබෑ කරමින් දකුණට හැරුණු දුම්රිය මාර්ගය 1912 අප්‍රේල් 18 දින රත්නපුරයට ඇවිත් එතැනින් නොනැවතී 1919 මැයි 2 වෙනකොට එයාගේ ගමනාන්තය වෙන ඕපනායකටම ඇවිත්. එැතැනින් එහාට බලංගොඩ, හපුතලේ, බදුල්ල, ඇඹිලිපිටිය, මොණරාගල, හම්බන්තොට, කතරගම, අම්පාර, දෙණියාය වගේ ගමනාන්ත රැසකටම යන්න සිහින දැක්කත් ඒ කිසිම සිහිනයක් සැබෑ කරගන්න සබරගමු දුම්රියට හැකියාව ලැබෙන්නෙ නෑ.

කැලණි ගං නිම්නය දිගේ ඇවිත් සබරගමුව දෙසට හැරුණු මේ පුංචි කෝච්චිය රත්නපුරට ඇවිත් කළුගඟ තරණය කොට ඕපනායකට එන්නෙ කොළඹ සිට සැතපුම් 87 දුර ගෙවමින්. කොළඹින් නගින යුවළකට දරුවෙක් එක්කම ඕපනායකින් බහින්න ඉඩක් ලැබෙන තරම් වේගෙකින් කොළඹ කොටුවේ සිට ඕපනායකට ආපු මේ පුංචි කෝච්චිය වතුවලට අවශ්‍ය සේවාවන් වෙනුවෙන් ඇරඹුණත් රත්නපුර දුෂ්කර ගම්මානයන්හි ජනතාවගේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය බවට පත්වුණෙත් මේ සබරගමු දුම්රිය සේවයම තමයි.

මේ අතරේ ඉතා අවසනාවන්ත සිදුවීමක් සිදු වෙනවා. ඒ අවිස්සාවේල්ලෙන් වමට හැරී කැලණි ගං මිටියාවත දිගේ යටියන්තොටට දිවගිය දුම්රිය ගමනට 1942 ජනවාරි 1 දා සිට නැවතීමේ තිත තියන්න සැලසුම් කිරීම. දෙවන ලෝක යුද්ධය නිසා පාඩු ලැබීම මේ අවසානයට හේතු විදියට දක්වමින් දුම්රිය නැවතුම් පළවල තිබුණු බඩුත් පුරවගෙන 1942 ජනවාරි 05 වන සඳුදා දවසක අවිස්සාවේල්ලට ආපු අන්තිම දුම්රියෙන් පසුව ඒ මාර්ගය තම ගමන අවසාන කරනවා. නමුත් වතුවලට වගේම රුවන්පුර ජනතාවටද මහත් සේවයක් කරමින් සබරගමු දුම්රිය බොහොම සාර්ථකව ඉදිරියට ඇදෙනවා. කෝච්චි පාර අවට ගම් කෝච්චිය නිසා දුවන තැනට පත්වෙනවා. කෝච්චියත් එක්ක හැමදේම බැඳෙනවා. ගම වටේ තියෙන තේ, රබර් වතු සේරම දිව්වේ මේ කෝච්චිය නිසා. හාල්, සීනි, බඩු ගමට ආවේ කෝච්චියෙන්. ගම නගරෙට ඈඳුවෙ මේ පුංචි කෝච්චිය. “වන වැදුණු ගම් මැදින් රේල් පාරක් එළලා සුද්දො ගම සිරියාවන්ත කළා” ගම්වල මිනිස්සු අදටත් කෝච්චිය ගැන කියන්නෙ එහෙම.

සුද්දා ලංකාව දාලා ගිහින් බොහෝ කාලයක් ගතවෙන තුරුත් සබරගමුවට විශාල සේවයක් කරමින් නිවීහැනහිල්ලේ ඕපනායකට ගිය කැලණිවැලි දුම්රියටත් 1975 විතර වෙන කොට හෙනහුරා ලබන්න පටන්න ගන්නවා. ඒකට හේතුව විදියට එන්නෙත් පාඩු ලැබීම. “හැම දේම කරන්නෙ ලාභ ගන්නද? ලාභ නැතිනම් ලාභ ලබන ක්‍රම හොයා ගන්න බැරිද” ගම්මු එහෙම ඇහුවත් රත්නපුරයෙ තිබුණු සශ්‍රීක ගම් නගරයට සම්බන්ධ කරපු රත්නපුරේ කොඳු නාරටිය බිඳ දැමීම 1975 දී ආරම්භ වෙනවා. 1975 දී රත්නපුරය දක්වා අකුළා ගෙන ආ දුම්රිය මග 1977 වෙනවිට අවිස්සාවේල්ටම අකුළා අවසන් කරන්නෙ දැඩි ජනතා විරෝධය මැදින්. ඒත් ජනතා විරෝධය එන්න එන්ම දැඩිවීම නිසා මේ පුංචි කෝච්චියට අවිස්සාවේල්ල දක්වා එන්න තවදුරටත් වාසනාව ඉතිරි වෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ කොඳු නාරටිය වගේ විහිදුණු කෝච්චි පාර බිඳිලා ගියාට පස්සේ ඒ හා බැඳුණු ගම්මානත් බිඳ වැටෙන්න ගන්නවා. ඒ නිසා දෑල, වටාපොත වගේ ගම්මාන තාමත් තියෙන්නෙ දුෂ්කර ලැයිස්තුවෙ.

අවිස්සාවේල්ලෙන් නැවතුණු පුංචි කෝච්විය එතැන් පටන් විශාල සේවයක් ඉටුකළත් කාලයගෙ වෙනස් වීමත් එක්ක ලොකු කෝච්චිවලටත් අවිස්සාවේල්ලට එන්න ඕන වෙනවා. ඒ නිසා 1991 දී ලොකු කෝච්චිවලටත් අවිස්සාවේල්ලට එන්න පුළුවන් වෙන්න දුම්රිය මාර්ගය පුළුල් ආමාන මාර්ගයක් බවට පත්වෙනවා. පුංචි කෝච්චිවලට තවදුරටත් යන්න එන්න අලුත් පාර මැද්දෙ අමතර පීල්ලක් සවිකරලා තිබුණත් 1993 දී විතර පුංචි කෝච්චිවලට සදහටම සමුදීලා ලොකු කෝච්චි විතරක් අවිස්සාවේල්ලෙ එන්න ගන්නවා. මැද තිබුනු පීල්ල ගලවලා ඉවත් කරනවා. ඒ නිසා දැන් අවිස්සාවේල්ලට එන්නෙ ලොකු කෝච්චි විතරයි. අධිවේගී මාර්ගය ඉදිවීම නිසා මාලපල්ල දුම්රිය ස්ථානය මාකුඹුර දුම්රිය ස්ථානය විදියට සංවර්ධනය වීම හැරුණු විට ලොකු වෙනසක් නැතිවම අවිස්සාවේල්ල කෝච්චිය අදත් කොළඹ යනවා එනවා.

රටේ දියුණුවට සමාන්තරව කෝච්චි පාර දියුණු නොවීම නිසා කොළඹ නගරය අධික වාහන තදබදයක් තියෙන නගරයක් බවට පත්වෙලා. ඉබ්බො දැම්මා වගේ පුංචි පුංචි වාහන කොළඹ පාරවල් බදු අරගෙන. එන්න එන්නම කොළඹ නගරයට යන එක අමාරු වෙනවා. මේ නිසා කැලණිවැලි මාර්ග පථයට සමාන්තර මාර්ගයන්හි තදබදය අඩුකොට ජනතාවට වඩාත් පහසු දුම්රිය අත්දැකීමක් ලබා ගත හැකි වන ලෙස කැලණි වැලි මාර්ගය වැඩි දියුණු කිරීමට තීරණය වීමත් සමග නැවත වතාවත් මේ අපූරූ දුම්රිය ගමනට අධීවේගී වීමට වාසනවා උදා වෙනවා. පමාවට නිමාවක් යන තේමාව සහිත කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය යටතේ අධිවේගී නවීන විදුලි දුම්රිය මාර්ගයක් ලෙස කාර්ය බහුල වේලාවන්හිදී සෑම විනාඩි 5-7කට වරක් දුම්රියක් ධාවනය කිරීමට හැකිවන අයුරින් පාදුක්ක දක්වා ද්විත්ව විදුලි දුම්රිය මාර්ගයක් සේ මේ මාර්ගය සංවර්ධනය කිරීමට නියමිතයි. මෙහිදී අංගම්පිටිය දක්වා ඇති සියලු දුම්රිය ස්ථාන බහු මාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථාන ලෙස දියුණු කිරීමට මෙන්ම රෝයල් ගොල්ෆ් ක්ලබ්, දඹහේන ආදී නව දුම්රිය ස්ථානයන් එක්වීමටද නියමිතයි. මේ ව්‍යාපෘතිය සාර්ථක උනොත් දෛවයේ සරදමකට වගේ විමලසුරේන්ද්‍ර මහතා එදා දුටු සිහිනය මේ මාර්ගය මතම යළි සැබෑ කර ගැනීමටත් හැකියාව ලැබෙනවා.

පැරණි දුම්රිය මාර්ගය දෙස හොඳින් බැලුවොත් හරි අපූරූ කාරණයක් පේනවා. මේ මාර්ගය රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර සම්බන්ධ කරමින් ජනතාව පදිංචි ගම්මාන හා වතු මැදින් වැටිලා තියෙන්නෙ. මේ නිසා සෑම ගමක්ම ආසන්න නගරය හා සම්බන්ධ වෙනවා. මේ මාර්ගයෙ විශාල දුම්රිය නැවතුම් සංඛ්‍යාවක් තියෙන්නෙත් ඒ නිසා. වර්තමාන ජන ව්‍යාප්තිය අනුව විශාල පිරිසකට හොඳ ප්‍රවාහන සේවයක් දෙන්න මේ මාර්ගයට පුළුවන්. මේ මාර්ගයෙ හමුවන ප්‍රධාන දුම්රිය ස්ථාන අධිවේගී දුම්රිය මගින් සම්බන්ධ කොට ඒවා අතර ඇති දුම්රිය නැවතුම් අතර මන්දගාමී දුම්රිය සේවයක් ක්‍රියාත්මක කළ හැකි නම් විශාල පිරිසකට හොඳ පහසු සේවයක් සැලසේවි.

මේ අලුත් මාර්ග නිසා බොහෝ පිරිසකට සැපවත් ජීවිතයක් ලබා ගත හැකි වන අතර විශාල පිරිසකගෙ සිහිනත් සැබෑ වේවි. ඉතින් ඒ සිහිනය සැබෑ වෙනකල් අපි බලන් ඉමු. ඒ සිහිනය සැබෑ වූ දිනක වෙරළ දිගේ ගැම්මට දුවන රුහුණු කුමාරිලා වගේ රුවන් කුමාරිලා, සමන් කුමාරිලා, මැණික් කුමාරිලා සබරගමු නිම්නයේ ආඩම්බරයෙන් දිවයාවි. ඉඩක් ලැබුනොත් නෙළුම් කුමාරිලාත් සබරගමුව පසුකර දකුණ බලා ආදරයෙන් දිව ඒවි.
අසිරු වේදිත කරාණාරත්න

SendShareShare
Previous Post

ලංකා ටයිල්ස් ඇමසොන් (AMAZON) හරහා ටයිල්ස් අලෙවි කරයි

Next Post

2020 ජුනි 18 කුජ මීනයට ලග්න රැසකට වාසනාව පෑදෙයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාවට වතුපිටිවල අයෝජන කලාප, පොලිස් මුරපොලේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු‍ගේ...

Read more
මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.