• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

2020 ජුනි 18 කුජ මීනයට ලග්න රැසකට වාසනාව පෑදෙයි

June 20, 2020
in Astrology
Reading Time: 2 mins read
A A
2020 ජුනි 18 කුජ මීනයට ලග්න රැසකට වාසනාව පෑදෙයි
Share on WhatsAppShare on Facebook

ග්‍රහ ලොව සෙන්පති හෙවත් චණ්ඩියා, නැතහොත් සහෝදර කාරක, පුරුෂ කාරක ලෙයට අධිපති කුජ හෙවත් අඟහරු ග්‍රහයා 2020 ජුනි මස 18 වන ගුරු දින රාත්‍රී 08.15ට මෙතෙක් ගමන් ගත් සිය සම රාශිය වූ ශනි හිමි කුම්භ රාශියෙන් මිදී සිය මිතුරු රශියක් වූ ගුරු හිමි මීන රාශියට පිවිසෙයේය. එම කුජ ග්‍රහ තාරකාව එතැන් සිට 2020 වසරේ අගෝස්තු 16 වෙනිදා දක්වා ම මීන රාශියේ මෙම ග්‍රහ චලිතය පවත්වා ගනී. ඒ අනුව මෙම ග්‍රහ ලොව බලවතාගේ මීන රාශි ගත ග්‍රහ චලිතය මත සලකා බැලීමේදී පොදු වශයෙන් මෙම මාස 2කට ආසන්න කාලයේදී වෘෂභ, මිථුන, කන්‍යා, වෘශ්චික හා ධනු යන ලග්නවලට සුබ ඵල උදා වන අතර ඔවුන්ගේ සිතුම් පැතුම් ඉටුවනු ඇත- මේෂ, සිංහ, කටක, තුලා, මකර, කුම්භ හා මීන යන ලග්නවලට තරමක් අසුබ ඵල ද උදා වනු ඇත. අප රට දෙස අවධානය යොමු කිරීමේදී මෙම කාලය තුළ විප්ලවකාරී අදහස් ඇතිවන කාල සීමාවක් වනු ඇත. එසේම ඛනිජ සම්පත්වල ප්‍රමුඛ වර්ධනයක් දක්නට ලැබෙනු ඇත- ඉදිරි මාස 2 කාලය තුළ ඛනිජ තෙල්වල මිල ගණන් අඩු වීමට බොහෝ දුරට හේතු වනු ඇත- රත්රන් හා මිනිරන් ආශ්‍රිත නිෂ්පාදනවල කැපී පෙනෙන වර්ධනයක් ඇතිවේ. අධ්‍යාපන ආයතන හා එම ක්ෂේත්‍රයන් තුළ නොසන්සුන්තා යම් පමණකට ඇතිවේ. එසේම මෙම කාලය තුළ රටට අලුත් ආරංචි ලැබෙන කාලසීමාවක් වනු ඇත. දේශපාලන කරළිය තුළ පුවත් මැවෙන කාල සීමාවකි- මෙම කාල සීමාව තුළ රටේ ආර්ථිකය වර්ධනය වන කාල සීමාවක් වනු ඇත- අපේ රටට විදෙස් සහයෝගය හිමිවන කාලයකි- එසේම සාගරය ආශ්‍රත කැලබීම් ඇති වේ.ඊට අමතරව ප්‍රබල රිය අනතුරු, මංකොල්ල කෑම, කර්මාන්ත ශාලා ආශ්‍රිතව ගිනි ගැනීම්, වැනි නොයෙකුත් පීඩාකාරී තත්ත්වයන්ද ඇති වීමේ ප්‍රවණතාවයක් මෙම ග්‍රහ මාරු ආශ්‍රිතව පවතිනු ඇත- රට තුළ දේශගුණ විපර්යාස හා නායයෑම් හා ගංවතුර මෙන්ම සුළං තත්ත්වයන්ද ඇතිවීමේ අවස්ථාවන් උදා වීමට හේතු වනු ඇත.
මේෂ ලග්නය
ධන හානි ඇතිවන කාලයකි. මුහුණේ රෝගාබාධ ඇති වනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය අසුබයි. විදේශ ගමන්වලට එක්විය නොහැකිය. යම් පමණක පවුල් ජීවිතය තුළ ගැටුම් ඇති වන අතර, තම සහකාරියගෙන් හෝ සහකරුගෙන් ධනය ලැබීමටද හැකිය. නමුත් එයින් ප්‍රබල ගැටලු මතුවනු ඇත. සෞඛ්‍ය තත්ත්වය අයහපත්ය.
වෘෂභ ලග්නය
ලොතරැයි ජය ලැබීමේ වාසනාවක් හිමියි. විවිධාකාරයේ ගිවිසුම්වලට එලැඹීමේ අවස්ථාවද මෙම කාල සීමාව තුළ උදා වනු ඇත. හදිසි ගමන් බිමන් යෑමට නිතර අවස්ථාව සැලසෙන අතර වන්දනා ගමන් හා දුර ගමන්ද යෙදීමට ඉඩ ඇත. එසේම ඔබ මෙම කාලයේ නොබියව ඉදිරියට යන කාල සීමාවකි- ඔබට මෙම කාලය සුබඵලදායකවෙයි. තනතුරු ලාභ හා උසස්වීම් හිමිය. ගෘහ ජීවිතය මධ්‍යස්ථව ගත වේ. වෙනදාට වඩා වෙහෙස වී වැඩකිරීමට සිදුවේ. බිරිඳ හෝ සැමියා නිසා ධනයක් හිමිවීමට හැකිය.
මිථුන ලග්නය
අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමට මෙම කාලය සුබයි. දරුවන්ගේ ප්‍රශ්න හා ඒ සම්බන්ධ කටයුතුවලදී දැඩි අර්බුදකාරී තත්ත්ව ඇති වනු ඇත. තරග විභාගවලින් ජය හිමිවන කාලයකි- නඩුහබවලින් ජය ගත හැකිය- පපුවේ සෙම් අමාරු හා ලේ සම්බන්ධ රෝගාබාධ ඇතිවිය හැකිය. මංගල කටයුතු සඳහා මෙම කාල සීමාව යම් පමණක යහපත් කාලයකි-
කටක ලග්නය
ඔබගේ පවුලේ හෝ හිතවතෙකුට ඇතිවන අසනීප තත්ත්වයන් නිසා ඔබට බොහෝ කාලය ශ්‍රමය, ධනය ඒ වෙනුවෙන් ගත කිරීමට සිදුවනු ඇත. පසුගිය දිනවල පැවති බාධා යම් පමණක ඉවත්වෙයි. තනතුරු ලාභ ලැබෙයි. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර අලුතින් අරඹන කටයුතු නම් මේ කාලයේ අසාර්ථක වේ. එසේම මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතිනවා. සිතේ ඇතිවන මානසික අසහනය දුරු වෙයි. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදේ.
සිංහ ලග්නය
ඈත පළාත්වලට යාමට සිදු වන අතර නිකරුණේ ගමන් බිමන් යෙදෙනු ඇත. විවිධාකාරයේ නරක චෝදනා එල්ල විය හැකිය. ගුණධර්ම හීන වන කාලයකි. මෙම කාලයේ නෑයෙක් හෝ හිතවතුන් සමග අමනාප වීමට ඉඩ ඇත. බලාපොරොත්තු වූ ණයක් ලැබෙයි. කාර්යබහුල කාලයකි. සහෝදරයින්ට අසුබ වෙයි. කෙටි ගමන් බිමන් නම් අධික වේවි. විමසිලිමත් වීම වැදගත්. අනතුරුවලට ලක්විය හැකියි. සහෝදරයින්ට අසුබ වෙයි.
කන්‍යා ලග්නය
මහන්සියේ තරමට ප්‍රතිඵල නැතිවිය හැකිය. ඥතීන් සමග මත බේදවලට හේතු වනු ඇත. පිරිමි දරු ලාභ ඇතිවන අතර යම් යම් අංශවලින් සාමාන්‍ය සුබයි. ඔබගේ අධ්‍යාපනයට ඉතාම හොඳයි. ඒ වගේම රැකියා ස්ථානයෙන් උසස් වීමක්ද හිමි වීමට ඉඩ තියෙනවා. ආගමට දහමට නැඹුරු වන කාලයකි.
තුලා ලග්නය
සතුරු කරදරයකින් ජය ගත හැකිය. බලාපොරොත්තු වූ ණය මුදලක් ලැඛීමට හැකිය. මුත්‍රා අමාරු හෝ සෙම්රෝග ඇතිවීමට ඉඩ ඇත. ඔබට මෙම කාලය මිශ්‍රඵල දායකවේ. අසනීපවලින් යම් සුවයක් අත්වේ. ගෘහ ජීවිතය තුළ වැය පක්ෂය ඉහළ යනු ඇත. එදිනෙදා කටයුතුවලදී යම් ආවේගශීලී තත්ත්වයක් දක්නට ලැබේ. උසස් කෙනෙකු හෝ අසල්වාසීන් සමග අමනාප වීමට ඉඩ ඇත. දරුවන්ගේ කටයුතු වර්ධනය වන අතර රැකියාවේ ඉදිරි ගමනට යම් යම් බාධා ඇතිවිය හැකිය.
ධනු ලග්නය
හදිසි ගමන් බිමන් යෑමට නිතර අවස්ථාව සැලසෙන අතර වන්දනා ගමන් හා දුර ගමන්ද යෙදීමට ඉඩ ඇත. ඇස්වහ කටවහ දෝෂ හටගැනීමේ ප්‍රවණතාවයක් ඇත. රෙදිපිළි හා වස්තු ලාභ ලැබෙන කාලයකි. ශරීරයේ අලංකාරයට අවශ්‍ය දේ මිලදී ගැනීමට අවස්ථාව ලැබෙන අතර මෙම කාලයේදී ප්‍රණීත රසමුසු ආහාරද ලැබීමේ හැකියාව පවතී. නමුත් ඔබට ලොතරැයි වාසනාව හිමිය.
මකර ලග්නය
ඇස් රෝග හා මුත්‍රා අමාරු ඇතිවිය හැකිය. මේ කාලයේදී තම ශරීර සෞඛ්‍ය ගැන විමසිලිමත් වීම වැදගත්. විශේෂයෙන් අහුවෙන්නේ නැති ලෙඩ හැදෙන්න පුඵවන්. ඒ නිසා සුබ වගේම අසුබ ඵලත් ලැබෙනවා. මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරීහීමට හැකියාව පවතිනවා. නමුත් ආදායම් තත්ත්වය යම් ප්‍රමාණයකට වර්ධනය වේවි. සමාජ සේවා පොදු කටයුතුවලින් ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි.
කුම්භ ලග්නය
රැකියා අංශ තුළ කලකිරීම් ඇති වන අතර හදිසි වෙනස් වීම්වලට හේතු වේ. සෞඛ්‍ය අතින් දණහිස සම්බන්ධ ආබාධ අතිවිය හැකිය. ගේදොර කටයුතු සම්බන්ධයෙන් දැඩි කැපකිරීම් කළ යුතු වෙයි. රැකියාවේ උසස් වීම් බලාපොරොත්තු විය හැකිය. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලයේදී සිත යොමු වේ.
වෘශ්චික ලග්නය
පරම්පරාගත දේපළ වාසි හිමිවේ. මෙතෙක් කාලයක් අඩාළව පැවති යම් යම් කාරණා ඉටු වන කාලයකි. විවාහ වාසනා ඇතිවීමට ඉඩ ඇත. සහෝදරයෙකුට අපලතාවක් පෙනේ. ලැබීම් ඉහළ යන කාලයකි. දේශපාලනයේ නිරත අයට සුබදායක වනු ඇත. ඔබගේ ජනප්‍රියතාව ඉහළ යන කාලයකි.
මීන ලග්නය
ඔබට මෙම කාලය ඵලදායක වෙයි. ධනය අතින් යහපත්ය. උසස් අධ්‍යාපන අවස්ථා උදාවේ. ව්‍යාපාර අංශවලට සුබදායක වේ. සේවක ගැටලු හා ගෘහ නිර්මාණයකට සම්බන්ධව ගැටලු පැන නැගීමට හැකිය. වා, පිත් සම්බන්ධ රෝගාබාධ හට ගැනීමට අවස්ථා ඇත. ස්වයං රැකියාවල නිරතවන්නන්ට සුබදායකය. රෝගවලට හරියට ප්‍රතිකාර නොගත්තොත් ඒවායේ සුවය ප්‍රමාද වනු ඇත. ගෘහ ජීවිතය සතුටුදායකය. රැකියාවේ උසස් වීම් වගේම වෙනස්වීම්ද බලාපොරොත්තු විය හැකිය.
සැ.යු.
ඉහත සඳහන් පලාපල තත්ත්වයන් ඔබේ ජන්ම පත්‍රයේ ග්‍රහ පිහිටීම්, ගත වන මහ දශා හා අතුරු දශා, ග්‍රහයන් උත්පත්තියේදී පිහිටි නැකැත් හා 22 දෙර්කාණාධිපති, 64 නවාංශකාධිපතිගේ තත්ත්වයන් හා විවිධ ග්‍රහ දුෂ්ටි මත යම් පමණක අඩු වැඩි වීම් සිදුවිය හැකිය.
ජ්‍යොතිෂවේදී සම්පත් එස්. කල්පගේ

SendShareShare
Previous Post

1902දී විදුලි දුම්රියක සිහින මවපු කැලණිවැලි පුංචි කෝච්චිය

Next Post

ක්‍රිස්බ්‍රෝ Next Champ රූපවාහිනී වැඩසටහන 100වැනි පියවර පසුකරයි

MORE NEWS

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News
Astrology

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

Load More
ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

වත්මන් මාලිමා ආණ්ඩුව බලයට පත්වූ දින සිට අසල්වැසි ඉන්දියාව සමග පවත්වාගෙන ගියේ ඉතා යහපත් සබඳතාවකි. බලයට පත්වූ වහාම ජනාධිපතිවරයා මුලින්ම...

Read more
ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.