යමෙකු වසර විස්සක් පුරා ඉතිරි කරගත් මුදල් එක් හදිසි ශල්‍යකර්මයකට බරපතළ රෝගයකට වැයවිය හැකිවීම මෙරට ජීවන යථාර්ථය වන නිසාවෙන් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් මේ ජුනි මාසයේදී දිවයින පුරාම පුද්ගලික සෞඛ්‍ය රක්ෂණය ප්‍රවර්ධනය කිරීමට කටයුතු යොදා තිබේ.
රාජ්‍ය සෞඛ්‍ය සේවයට දරාගත නොහැකි තරමේ රෝගීන් ප්‍රමාණයක් පැමිණීම හේතුවෙන් මේ වනවිට හෘද ශල්‍ය කර්ම සිදුකිරීම සඳහා මෙරට 5000ක පමණ පිරිසකට රැඳී සිටීමට සිදුවී ඇත. මේ නිසා, සෙලින්කෝ ලයිෆ් විසින් මෙම ප්‍රවර්ධනය තුළින් ගැඹුරින් සිතා බැලීමට වටිනා, ඉතාමත් වැදගත් පැනයක් විමසනු ලබයි. වඩාත් වැදගත් වන්නේ ඔබගේ කාලයෙන් මිනිත්තු 20ක් ඉතිරි කරගැනීමද? නොමැති නම් ඔබ වසර 20ක් පුරා ඉතිරි කරගත් මුදල් රැක ගැනීමද? යන්න එම පැනයයි.
මෙම ප්‍රවර්ධන වැසටහන මගින් ඉලක්ක කරන්නේ සේවා නියුක්ත හෝ ස්වයං රැකියා කරන වැඩිහිටියන් වෙත පුද්ගලික සෞඛ්‍ය රක්ෂණාවරණය ප්‍රවර්ධනය කිරීමයි. මෙහිදී ඔවුන්ගේ වේලාවෙන් විනාඩි 20ක් ගෙන සමාගම විසින් ඉදිරිපත් කර තිබෙන පුද්ගලික සෞඛ්‍යාවරණ පිළිබඳව සමාගමේ නියෝජිතයෙකු සමග මේ ජුනි මාසය තුළදී සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබේ.











