ශ්‍රී ලංකාවේ සයිබර් රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන්නේ ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් සමාගමයි. එම සමාගම විසින් පසුගිය වසරේදී තම සයිබර් රක්ෂණ විසඳුම හඳුන්වා දෙන ලද අතර, දැනටමත් දිවයිනේ ප්‍රධාන පෙළේ බැංකු සහ මූල්‍ය ආයතන කිහිපයක්ම එම රක්ෂණය ලබාගෙන ඇත. මෙම රක්ෂණය සැලසුම් කර ඇත්තේ මහා පරිමාණ සමාගම් සඳහා පමණක් නොව, කුඩා හා මධ්‍යම පරිමාණ සමාගම් මෙන්ම පුද්ගලයන්ටද රැකවරණය සැකසෙන පරිද්දෙනි. සමාගම් හා ආයතන සඳහා ලබාදෙන ෆෙයාෆස්ට් සයිබර් ආවරණයේදී ජාල-ආරක්ෂාව සම්බන්ධ ගැටලු, රහස්‍යභාවය සම්බන්ධ හානි, දත්ත බාහිර පාර්ශ්වයන් අතට පත්වීමට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ආදිය සඳහා මෙන්ම සයිබර් ප්‍රහාරයකදී ව්‍යාපාරයට ඇතිවන බාධාවන් මගින් සිදුවන අලාභයන් සඳහාද ආවරණය සැලසේ. එමෙන්ම මෙමගින් රක්ෂිත පාර්ශ්වයට පමණක් නොව, ආක්‍රමණයේ බලපෑමට ලක්වන තුන්වන පාර්ශ්වයන්ටද ආවරණය හිමිවීම විශේෂත්වයකි. පුද්ගලයන් සඳහා මෙම රක්ෂණය ලබාගත් විට ආක්‍රමණිකයන් විසින් රක්ෂිතයාගේ මුදල් යොදාගෙන වංචනික ගනුදෙනු සිදුකිරීම හෝ දත්ත සොරාගැනීම සඳහා අනවසරයෙන් පෞද්ගලික උපාංග වෙත පිවිසීම යනාදිය ආවරණය කෙරේ.











