‘පෙරමග‘ වැඩසටහන රාගම, උතුරු කොළඹ ශික්ෂණ රෝහල සහ පානදුර ශික්ෂණ රෝහල සඳහා Covid-19 රෝගීන් පරික්ෂා කිරීමේ බාහිර මධ්‍යස්ථානය බැගින් පිරිනැමීමට කටයුතු කර ඇත. ඖෂධ සහ සුවසේවා විශේෂඥ වෛද්‍ය සන්ජේ පෙරේරා, බෝවන රෝග විශේෂඥ වෛද්‍ය චංග කුරුකුලරත්න යන වෘත්තිකයන් මෙන්ම ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන් දෙපළක්වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන, හේමාස් හෝල්ඩින්ග්ස් සමූහයේ නිර්මාතෘවරුන් වන එසුෆාලි පවුලේ සාමාජිකයන් සහ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයත්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් එක්ව මෙම වැඩසටහන දියත් කෙරේ.
වෛද්‍ය කුරුකුලරත්න මහතාගේ යෝජනාවකට අනුව, ‘පෙරමග‘ වැඩසටහනේ අරමුණවන අතර මෙලෙස පරිත්‍යාග කෙරුණු මධ්‍යස්ථාන දෙක එහි පළමු අදියරයි. බාහිර රෝගීන් පරික්ෂා කිරීමේ මධ්‍යස්ථාන සහ ස්වභාවික වාතාශ්‍ර ක්‍රමෝපාය භාවිත කරමින් වෛරසය පාලනය කිරීම සඳහා රජයේ රෝහල් 33කට මෙලෙස සහයෝගය ලබා දීම මෙම වැඩසටහනේ අරමුණයි.











