• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

අදත් කතා කරන වසර 3000ක් වයස පූජකයා

June 13, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
අදත් කතා කරන වසර 3000ක් වයස පූජකයා
Share on WhatsAppShare on Facebook

වර්තමානය යනු ලෝකය පුරා අමුතු විදිහේ අමුතු සිදුවීම් සිදුවෙන කාලයකි. තාක්ෂණය අතින් බොහෝ ඉදිරියෙන් පසුවෙන මෙම ලෝකයේ එවන් සිදුවීම් සිදු නොවුනොත් එයද මහත් පුදුමයකි. අප අසා ඇති පරිදි එවකට ඊජිප්තුව වැනි රටවල ප්‍රසිද්ධ පුද්ගලයෙක් මියගිය පසුව එම දේහය පරිස්සමට ආරක්ෂාවට මමියක් සේ තබාගන්නා බව රහසක් නොවේ. පසුගියදා වසර 3000ක් තරම් පැරණි එවන් ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ මමියක් යොදාගෙන එක්තරා පර්යේෂණ කණ්ඩායමක් කල වැඩක් නිසාවෙන් එය ලෝක ප්‍රසිද්ධ ප්‍රවෘත්තියක් බවට පත්විය.

නෙසියමුන් යනු ඊජිප්තුවේ තීබ්ස් ප්‍රදේශයේ තිබූ අමුන් නම් වූ ඓතිහාසික ආගමික ස්ථානයක වාසය කළ පූජකවරයෙකි. සැබෑවටම ඔහු දැනට සිටින්නේ මළවුන් අතරය. එහෙත් ඔහුගේ නිසල දේහය මමියක් ලෙස බි්‍රතාන්‍යයේ ලීඞ්ස් නාගරික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. මියයන්නට පෙර නෙසියමුන් ශුද්ධත්වයේ යම් උසස් මට්ටමකට පත්ව සිටි අයෙක් වූ අතර ඔහු මියයන්නට හේතුව වී ඇත්තේ ඔහුගේ මුඛයේ දත් දැඩි ලෙස දිරාගොස් විදුරුමස් රෝගයකින් පෙළීම සහ ඔහු දරුණු අසාත්මිකතාවකින් සිටීමයි. ඒ හේතුව නිසා ඔහු අඩු වයසින් මියයන අතර ඒ වයස අවුරුදු පනහේදීය. 11 වැනි රම්සෙස් රාජ්‍යය පාලන සමයේ විසූ බවට තහවුරු වී ඇති එකම මමිය වෙන නෙසියමුන්ගේ දේහය නිසා ඉන් වැදගත් පෞරාණික තොරතුරු රැසක් එරට අනාවරණය කරගෙන තිබෙන බව පැවසෙයි. මේ අතර පසුගියදා වසර 3000ක් තරම් පැරණි එම මමිය කතා කළ බවක් ලෝකය පුරා එක රැයෙන් පැතිරෙන්නට විය.
කෘත්‍රිම වාචික ශබ්ද යොදාගෙන ඒ හරහා ඔහුගේ කටහඬ මෙසේ ප්‍රතිනිර්මාණය කිරීම කර තිබේ.

මෙම පූජකවරයා වාසය කර ඇත්තේ ක්‍රි.පූ. 1099 – 1069 අතර කාලයේය. ඔහුට එවකට තියුණු විදිහේ කටහඬක් තිබී ඇත. ඒ අනුව තීබ්ස්හි පූජකවරයෙකු වශයෙන් සිය ආගමික කටයුතු වෙනුවෙන් ගායනය කිරීම් සඳහා ඔහුට තිබූ එම තියුණු වූ හඬ වර්තමාන සමයේ යළි එරටට අවශ්‍ය විය. ඒ අනුව නෙසියමුන්ගේ මරණයෙන් වසර 3000 ක් ගිය තැන පර්යේෂකයින් කණ්ඩායමක් විසින් ඔහුගේ කටහඬ මෙසේ නැවතත් ජීවමාන කිරීමට කටයුතු කෙරුණි.
ඔවුන් එය කර ඇත්තේ නෙසියමුන්ගේ තිබුණු ස්වරාලයට සමාන වන පරිදි ත්‍රිමාණ මුද්‍රිත නවතම වූ ස්වරාලයක් නිර්මාණය කිරීමෙනි. මෙසේ කෘත්‍රිම නව ස්වරාලයකින් නැගුණු ශබ්දය භාවිත කිරීමෙන් ඔවුන් නෙසියමුන්ගේ හඬට සමාන ස්වරයක් සංස්ලේෂණය කර තිබේ. මේ අතර මෙය වත්මන් ලෝකයේ මිය ගිය පුද්ගලයෙකුගේ කටහඬක් කෘත්‍රිමව සාර්ථක ලෙස ප්‍රතිනිර්මාණය කළ පළමු ව්‍යාපෘතිය නැත්නම් පළමු අවස්ථාව ලෙස සැලකෙයි.

මෙම වෙනස්ම වූ පර්යේෂණය ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මෙන්ම යෝර්ක් විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් සමග ලීඞ්ස් කෞතුකාගාරය එක්ව සිදුකර ඇත.ඒ බව පසුගියදා ..ීජසැබඑසසෙජ ඍැචදරඑි.. නම් ප්‍රසිද්ධ සඟරාවේ පළකර තිබුණි. මෙසේ එම කටහඬ යළිත් ප්‍රතිනිර්මාණය කිරීමේ නව තාක්ෂණය මඟින් “දීර්ඝ කාලයකට පෙර මිය ගිය අයගේ එම කටහඬ ඇසීමේ අවස්ථාවක් අපට ලැබී තියෙනවා” යනුවෙන් එම අදාළ පර්යේෂණය කළ සම කර්තෘවරයෙකු වෙන යෝර්ක් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය ජොආන් ෆ්ලෙචර් මහතා පවසා තිබිණි. එමෙන්ම යෝර්ක් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය ජොආන් ෆ්ලෙචර් මහතා පසුගිය සතියේ බීබීසී පුවත් සේවයට පවසා තිබුණේ ඊජිප්තු නෙසියමුන් පූජකයාගේ ආගමික විශ්වාස පද්ධතියේ කොටසක් වූ මරණින් මතු ජීවිතයේදී සිය හඬ ඇසීම නෙසියමුන්ගේ ප්‍රාර්ථනය වී තිබූ බවයි. ඔහුගේ මිනී පෙට්ටිය මතද එය ලියා ඇති බව පවසන ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ “ඔහුගේ මිනී පෙට්ටියේ එය ලියා තිබෙනවා. ඒක ඇත්තටම ලියලා තියෙනවා. ඒක තමයි ඔහුටත් අවශ්‍ය වුණේ. එක් පැත්තකින් අපිටත් පුළුවන් වෙලා තියෙනවා ඔහුගේ තිබූ එම ප්‍රාර්ථනාව ඉටු කරන්න” යනුවෙනි.
රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

මාමට හොරෙන් නැන්දට සෙට්වුණ කවුද මේ සඳුන්

Next Post

DFCC බැංකුව Google G-Suit හඳුන්වා දෙයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.