• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

මහා රාවණාගේ හෙළිනොවූ රහස්

June 6, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
මහා රාවණාගේ හෙළිනොවූ රහස්
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා ද්වීපය
යනු මහා සංස්කෘතියක් මිහිමත ඇතිකරලීමට මූලික වූ මිනිසුන්ගේ ජන්ම භූමියකි. ලෝකය පුරා විවිධ ශිෂ්ටාචාර ඇතිකරලීමටත්, ශිෂ්ටාචාරයන්ට දැනුම ලබාදීමටත් ලංකාවාසී හෙළයන් සිදුකළ කාර්යභාරය සුළුපටු නොවේ. බැබිලෝනියානු ශිෂ්ටාචාරයේ සඳහන් අහසින් පැමිණි සිංහ මිනිසුන් සහ මිසර ශිෂ්ටාචාරය පාරාවෝ පෙළපතින්ද හෙළයන්ගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ සලකුණු දෘශ්‍යමාන කරවයි. වර්තමානයේදී නිජබිමත් අහිමිකර ගනිමින් පැවතුනද මීට වසර පන්දහසකට පමණ පෙර නිර්භීත ජාතික නායකයකු මෙරට පහළව සිටියේය. ඔහු නාමයෙන් අප කවුරුත් හොඳින් දන්නා මහා ඍෂි කෞරාණ මණ්ඨක දස ශීර්ෂපති ශ්‍රී ලංකේෂ්වර මහා රාවණ චක්‍රවර්ති නරේන්ද්‍රයන් විය. හෙතෙම දස විධ විෂය ක්ෂේත්‍රයකම පරතෙරට ගිය ඥානය සහිත විද්වතෙකුද විය.

ඔහු පාරම්පරිකව මහා ආධ්‍යාත්මික බලයකින් යුත් බෝධිසත්ව ගුණෝපේත උත්තමයකු විය. ඔහු තුළ පැවැති පුළුල් දේශපාලන දැක්ම නූතන සමාජයේ දැනුම් පරාසයන් තුළ කිසිසේත්ම ගෝචර නොවන බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. එය ඒ තරම්ම ගාම්භීර විය. ඔහු සිය අනාගත සැලැසුම් සකස් කළේ වසර කිහිපයකට, දශක කිහිපයකට, සියවස් කීපයකට හෝ සීමා වී නොව වර්ෂ ශත සහස්‍ර ගණනාවක්ම ආවරණය කරලමිනි. ඔහු සිදුවූ දේද, සිදුවන දේද, වන්නට නියමිත දේද මනා කොට හඳුනා ගන්නට සමත් වූයේ සමස්ත ශිෂ්ටාචාරයේම බව සුරක්ෂිත බව තහවුරු කරමිනි. ඔහු ලංකා ධරණි තලයේ භීම මණ්ඩලයෙහි උපන් සුජාත පුත්‍රයකු වුවත්, ඔහුගේ සේවය මුළුමහත් ලොවටම ලැබුණේ පෘථිවි තලයටම අධිපති චක්‍රවර්ති රජවරයා වූ නිසාවෙනි. සුදුස්සාටම සුදුසු තැන ලබාදුන් රාවණගේ පාලනය තුළ කිසි විටෙකත් නුසුදුස්සන් නොවූයේ ඕනෑම අයකු තුළ ඇති හැකියාවන් හඳුනාගෙන අදාළ රාජකාරිය පැවරීමට සමත් අපූර්ව ප්‍රබුද්ධ දර්ශනය හේතු කරනකොට ගෙනය. ජනතාවට පියකු වන් අතිසංවේදී කරුණාභරිත මෘදු හදවත් තිබූ නමුත් දේශය වෙනුවෙන් මනුෂ්‍යත්වය වෙනුවෙන් තීරණ ගැනීමේදී සක්විති රාවණ තරම් ඍජු පුද්ගලයකු තවත් නොවීය. එතුමාගේ ප්‍රතාපවත් කොතෙක්ද යත් මහා රාවණ ඉදිරියේ එකල ලොව ජීවමානව සිටි කිසිදු පාලකයකුට ඍජුව සිටීමට පවා නොහැකි වූ බව මූලාශ්‍රයන් සඳහන් කරයි. මහා රාවණ නාමය ඇසූ පමණින් ඕනෑම අයකු සලිත වූයේ මහත් වූ ගෞරවය මුසු බියකිනි. ඒ තැනට ජන විඤ්ඤාණය නිර්මාණය කර ගැනීමට මේ විචක්ෂණශීලී දේශපාලනඥයා සමත් විය. ඒ සිය යහපත උදෙසා නම් නොව පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ උන්නතිය උදෙසාමය.

සර්වඥයන් වහන්සේ අනුදැන වදාළ දස රාජ ධර්මයන් අනුගමනය කරමින් ධර්මිෂ්ට රාජ්‍ය සංකල්පය භූමියේ යථාර්ථයක් බවට පත්කළ චක්‍රවර්ති රාවණ, සිය ගෝත්‍රයේ උතුම් පාලන ධර්මයන්ද පිළිපදින ලද්දේ කෘතහස්ත ජන නායකයකුගේ ස්වභාවය මැනවින් පිළිබිඹු කරලමිනි. දස රාජ ධර්මයන් තුළ විස්තර වන්නේ පාලකයකුගේ අධ්‍යාත්මික ගුණ වගාව පෝෂණය කරන්න කරුණුය. එතෙක් කල් ලෝකය තුළ පැවැති තාක්ෂණික භාවිතයන්හි විප්ලවීය උඩු යටිකුරු කිරීමක් සිදු කරලමින් මානව ශිෂ්ටාචාරයේ අධිතාක්ෂණික භාවිතයන්හි ස්වර්ණමය යුගය නිර්මාණය කරලීමේ කාර්ය මහා රාවණයින්ගේ ත්‍රිකාල දර්ශී දෘෂ්ටිය පිළිබඳ වෙනස්ම පැතිකඩක් අප වෙත දෘශ්‍යමාන කරවයි. ගුවන් යානා තාක්ෂණය, ක්ලෝන පිටපත් තාක්ෂණය, චන්ද්‍රිකා තාක්ෂණය, තාරකා දොරටු තාක්ෂණය වැනි භාවිතයන් එකල උසස් මට්ටමක පැවැති බවට ඉතිහාසයේ ඉඟි ලැබේ.

විශ්වීය දැනුම බාගත කරගන්නා සහ විශ්වීය දැනුම උඩුගත කරනා විශ්වීය දැනුම් සංස්කරණ පද්ධතියක් පෘථිවිය තුළ නිර්මාණය කරලීම මහා රාවණගේ අති නව්‍ය චින්තනයේ ප්‍රායෝගික මල්පල ගැන්වීමකි. ඒ තුළින් විශ්වයේ වෙනත් දියුණු ශිෂ්ටාචාර සමඟ දැනුම් ගනුදෙනු සිදුකළ අතර විශ්ව සාමය තහවුරු වීම එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැක.

කෙසේ නමුත් විශ්වයේ යහපත් ජීව ශක්තීන් ඇතුවාක් මෙන් ඒ තරමටම අඳුරු ශක්තීන්ද ක්‍රියාත්මකය. මෙම අයහපත් බල මූලයන්ට මහා රාවණ ප්‍රතිඵලය වූයේ මහා රාවණගේ පෘථිවි පාලනය බිඳ දැමීමට විවිධ විශ්වීය මැදිහත්වීම් හා කුමන්ත්‍රණ සිදුවීමයි. එනමුත් ප්‍රබල ඍෂි ඥානදස්සනයක් සහිත රාවණගේ පාලනය බිඳ දැමීම ඔවුනට සිතූ තරම් නොව කිසිසේත්ම පහසු දෙයක් නොවීය. ඔවුන්ගේ කූට උපක්‍රම සියල්ල රාවණ ලංකේෂ්වරයාගේ දේශපාලන චින්තන බලය ඉදිරියේ වාෂ්ප වූයේ හිරු දුටු පිනි මෙනි. රාවණගේ මූලිකම ශක්තිය වූයේ පෘථිවිය මත ඔහුට තිබූ අසීමාන්තික ජන බලයයි. ඒ මහා ජන රාශිය ඔහු වටා නිර්මාණය වූයේ ඉහතින් සඳහන් කළ රාවණ රාජ්‍යයේ සුවිශිෂ්ට ධර්මිෂ්ට රාජ්‍ය පාලනය හේතු ප්‍රත්‍යය කොටගෙනය.

කුමන්ත්‍රණකරුවන්ගේ අවසන් තුරුම්පුව වූයේ මෙම ප්‍රබල මහජන බලය හා පක්ෂපාතීත්වය දෙකඩ කිරීමය. සක්විති රාවණ නම් ජනහිතකාමී පාලකයාගේ මූලිකම රාජ්‍ය පාලන මූලධර්ම වූයේ ප්‍රජාවගේ තෘප්තිමත් බවයි. ඒ සඳහා අවශ්‍ය වන සෑම පියවරක්ම පාහේ ගැනීමට මෙතුමා පසුබට වූයේ නැහැ. මහජන සෞඛ්‍යය නඟසිටුවා ‘ස්වස්ති සිද්ධම්’ සංකල්පය අනුව යමින් දිවයින පුරා ස්වස්තික රෝහල් ඉදිකරන්නට මෙතුමා කටයුතු කළේ තම මුත්තණුවන් වූ පුලත් මහ ඍෂිතුමාගේ අනුශාසනා මධ්‍යයේය. ඒ ‘ආරෝග්‍ය පරමා ලාභා’ නම් බුද්ධානුශාසනාව මහ පොළොවේ පැළ කරවමිනි.

ලංකා ධරණීය ලොව විශ්ව ශක්තිය වැඩිම භූමි ස්කන්ධය බව (ස්වභාවිකම) නාසා ආයතනයේ පර්යේෂණ තුළින් පවා මේ වන විට සනාථව ඇත. එහෙයින් (ගුරුත්වය අඩුම රට) මේ රටට අමතර විශ්ව ශක්තියක් අනවශ්‍ය වූ තරම්ය. නමුත් ලෝකයේ සමහර රටවල්වල විශ්ව ශක්තියේ අවමතාව හේතුවෙන් ඒවාට විශ්ව ශක්තිය කෘත්‍රිමව උකහා ගැනීමේ ක්‍රමවේදයක් ඇවැසිව පැවැතුණි. එයට පිළියමක් ලෙස ඊජිප්තුව, මෙක්සිකෝව වැනි රටවල ඒ ඒ ලෙසින් ගැලපෙන ආකාරයට විශ්ව ශක්ති ජනනාගාර ඇති කිරීමට රාවණ චක්‍රවර්තී රජු කටයුතු කළේය. ඒවා වර්තමානයේදී අප හඳුනාගන්නේ පිරමීඩ ලෙසිනි. මෙතුමාගේ සේවය හෙළ දේශීය අතික්‍රමණය කරමින් ලොව පුරා විහිදුණු බවට මෙම කාරණය හොඳම උදාහරණයකි. ඊජිප්තුවේ පිරමීඩ නිර්මාණය කිරීමට හිමිවූ ලංකාවාසී හෙළයින්ගේ දායකත්වය පිළිබඳ කාශ්මීර රාජ පරම්පරාව පිළිබඳ ලියැවී ඇති රාජතරංගනිය පවා තොරතුරු ඉදිරිපත් කරයි. දසරෝලාණ මණ්ඨක, මහාගිරි ආදී නම්වලින් හඳුන්වන තම එක කුස උපන් සහෝදරයා වන කුඹුක්කන් (කුම්භකර්ණ) මහ සෙන්පතිතුමා ලවා මුළු රටම බත බුලතින් ස්වයංපෝෂිත කිරීමට මේ දූරදර්ශී ජනහිතකාමී නායකයා පියවර ගත්තේය. හෙළදිව්වාසී ප්‍රජාව මේ අසහාය පාලකයාට කෙතරම් ප්‍රේම කරාදැයි කියතහොත් නිරන්තරයෙන් සිය රජුගේ ගුණ වයමින් ශ්ලෝක හා ස්තෝත්‍ර ගායනා කළ බව රාමායණ පවා සඳහන් කරයි.

ප්‍රශස්ති හා ජන කවි මෙන්ම අදටත් ව්‍යවහාරික ‘රාවණ මුත්තා රාවණ අප්පච්චි, රාවණ දෙයියෝ වැනි වදන් අපට ඉඟි කරන්නේද එදා මේ නිරිඳුන් කෙරෙහි පැවැති ජනතා ප්‍රසාදයේ තරමම මිස අනෙකක් නොවන බව අපගේ විශ්වාසයයි. ගසකින් කොළයක්වත් නිකරුණේ නොකැඩීම මහා රාවණ දර්ශනයයි.මහා පොළොව මතුපිට ඉදිකිරීම් සිදුකිරීමෙන් පරිසරය විනාශය සාපේක්ෂව වැඩි නිසා රාවණ රජු බොහෝ විට සිය ඉදිකිරීම් කටයුතු මහපොළොව අභ්‍යන්තරයේ සිදු කළ බව සාක්ෂි සාධක පවතී. (භූගත මාලිගා සංකල්පය) මේ පිළිබඳ බොහෝ පුරාවිද්‍යාත්මක සහ ජනශ්‍රැතික සාධක බදුල්ල ඇල්ල – වැල්ලවාය ප්‍රදේශයෙන් සොයා සපයාගත හැක. එමෙන්ම මීට අමතරව මේ ප්‍රතිපත්තිය යටතේ මුළු දිවයිනම එකිනෙකට සම්බන්ධ වන ආකාරයේ භූගත උමං පද්ධතියක් නිර්මාණය කරමින් ගමනාගමන කටයුතු වඩාත් පරිසර හිතකාමී සහ පහසු එකක් බවට පත්කරලීමට මෙතුමන් කටයුතු කළේය. මෙම උමං පද්ධති බොහෝමයක් අපට වර්තමානයේදීද දැකබලා ගත හැකි අතර දෝව රජමහා විහාරය,

රක්ඛිත්තාකන්ද රජමහා විහාරය, රාවණා ඇල්ල රජමහා විහාරය වැනි ස්ථාන (පසුකාලීනව වළගම්බා රජු භාවිතයට ගත්තේ මේවාය) අදටත් මේ ඓතිහාසිකය සුරක්ෂිත කරමින් මතු පරපුරට දායාද කරලීමේ කර්තවයේ නියැළී සිටී.
කෙසේ නමුත් පසුකාලීනව වළගම්බා රජුද මේ උමං පද්ධති සිය සටන් ව්‍යාපාර සමයේ භාවිතා කොට ඇත.
කුමක් වුවත් උක්ත කී කාරණා තුළින් මහා රාවණයින් කෙතරම් සොබාදහමට ළැදි බව වටහා ගැනීමට අපහසු නොවේ. ‘රජ’ යන වචනයේ අරුත නම් ‘සතුට කරන්නා’ යන්නයි. මෙහිදී සතුටු කළ යුත්තේ ජනතාව පමණක් නොවේ. සොබාදහම රැක ගනිමින් එයද සතුටට පත්කිරීමට සැබෑ රජු පෙලඹෙයි.

‘නූතන ඊනියා රජවරුන් සොබාදහම කෙසේ වෙතත් අවම තරමින් ප්‍රජාවගේ සතුට පිළිබඳවත් නොසිතන අවධියක මීට වසර පන්දහසකට පමණ පෙර මේ දේශය පාලනය කළ මහා රාවණා නම් ජනමූල නායකයා වචනයේ පරිසමාර්ථයෙන්ම රජුන් අතර ‘සැබෑ රජෙක්’ බව අපට නොබියව ප්‍රකාශ කළ හැක්කේ එබැවිනි.

ගැටලුවක් මතු වීමටත් පෙර එහි ස්වභාවය සහ ඊට පිළියම හැඳින ගැනීමේ විශිෂ්ට චින්තනයත් මහා රාවණ සතු අතර, සිය ආධ්‍යාත්මික බලය තුළින් ඥානය මෙහෙයවා තුන්කල් විනිවිදින්නට තිබූ ශක්‍යතාවය මෙතුමන්ගේ දේශපාලන භාවිතය තුළ කැපී පෙනිණි. මෙතුමාව තුන්-ලෝකාධිපති ලෙස හඳුන්වා ඇත්තේද මෙලෙසින් අතීතය වර්තමානය හා අනාගතය යන ලෝකයන් ත්‍රිත්වය තමා සතුකර ගත් නිසා බවටද මතයක් පවතී. එය කාල තරණය නම් ගැඹුරු විද්‍යාත්මක සිද්ධාන්තය පිළිබඳව යම් අදහසක් අප තුළ ඇති කරවයි. (මෙහිදී තුන් ලෝකය යනු අතීතය, වර්තමානය සහ අනාගතය යන තුන් කාලය ලෙස පැහැදිලි කළ හැකිනම්) එකල භාවිතයන් තුළ කාලතරණය සිදුකළ හැකි විධික්‍රම ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් ඔස්සේ හඳුනාගත හැකිය.
තාක්ෂණික කාල තරණය
අධ්‍යාත්මික කාල තරණය

ඉහත ක්‍රම දෙකෙන්ම කාල තරණය සිදුකිරීමේ හැකියාව එකල හෙළ ශිෂ්ටාචාරය සතුව තිබූ බවට පැහැදිලි වන යම් යම් කරුණු නූතනයේදී වුවත් හඳුනාගත නොහැක්කේ නොවේ. කෙතරම් අවිහිංසාවාදී වුවත් තමන් සක්විති රජකම හොබවන පෘථිවියේ ආරක්ෂාව උදෙසා නිර්මාණය කරන ලද වර්තමානයේ තිබෙනවාට වඩා සිය දහස් ගුණයක බලයක් සහිත පරමාණුක අවි ආයුධ මහා රාවණ සතු විය.

රාවණ යුගයේ තවත් සුවිශේෂීතම අංගයක් වනුයේ එකල ගෘහ සැලැසුම්කරණය හා ගෘහ නිර්මාණ ශිල්පයයි. රාමායණයේ සුන්දර කාණ්ඩයේ ඇති හනුමාන්ගේ ලංකා පුර වර්ණනාව කියවීමෙන්ම චක්‍රවර්තී රාවණගේ නගර සැලැසුම්කරණයෙහි ඇති විශ්ෂ්ටත්වය පිළිබඳ අපූර්ව මනෝභාවයක් අපට ඇති කරගත හැකිය. එය අවබෝධයෙන් කියවන විට සිහියට නැඟෙන්නේ නූතන හරිත නගර සංකල්පයෙහි ප්‍රායෝගික භාවිතාව පිළිබඳ චිත්‍රයකි.
රොසෝන දිල්සර

SendShareShare
Previous Post

ප්‍රතිඵලය කෝටියක් වටින අමෘතය කලාව

Next Post

ඉදිරි මාස 3ට ඒකාබද්ධ අරමුදලෙන් ගෝඨා බිලියන 1043ක් වෙන් කර ගනී

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.