• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

සුළං කපොල්ලේ තැනූ කැදැල්ලේ සැබෑ විස්තරේ

June 6, 2020
in Astrology
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

එදා මඟුල් නැකැත් දවසක්. හදිසියේම වාගේ දහවල් ඇදහැලුණු මහා වර්ෂාවත් සමඟ හමාගිය සුළිසුළඟක්වන් මහ සුළඟින් ඇදවැටුණු මහ ගස්, කඩාවැටුණු අතු-රිකිලි පාර පුරා විසිරී තිබිණි. පාරේ අයිනක තිබූ ගසක් පාමුලට කඩාවැටුණු කුරුලු කූඩුවක් වටා පියාසර කරන කුරුල්ලකු තනිව යළිත් එහෙ මෙහෙ අත යමින් වේදනාත්මකව හඬනඟයි. තදබදයට විවාහ මංගලෝත්සවය අවසන්ව නව යුවළවල් රැගෙන යන මංගල රථ කිහිපයක් හසුවී තිබිණි. හිරුණි දික්කසාද වෙන්න ඩිවෝස් පේපර්ස් හදන්න ලෝයර්ට භාර දීලා ආවේ මේ තදබදය අස්සෙ. අවුරුදු අටක් කියන්නේ ලොකු කාලයක්. හිරුණියි, සංදීප විවාහ වුණේ අවුරුදු අටක් ආදර කරලා දෙන්නාගෙ කතාව මතක් වුණේ විවාහ මංගලෝත්සවයකට සහභාගි වී එන විට, හිරුණි. සංදීප විවාහයට පෙර තමන්ගේ කියල නිවෙසක් හදන්න හිතුවා. දෙන්නත් එක්ක හැමතැනම වාගේ ඉඩම් බලන්න ගියා. හිරුණි කැමැති ඉඩමට සංදීප කැමැති නැහැ. සංදීප කැමැති ඉඩමට හිරුණි කැමැති නැහැ. අන්තිමේදී දෙන්නාම එක ඉඩමකට කැමැති වුණා. උස් බිමක පිහිටි ඉඩමට හතර අතේ පරිසරය ලස්සනට පෙනුණා. සිසිල් සුළං හැම වෙලේම ඉඩම හරහා හමා ගියේ ගත, සිත සිසිල් කරමින්. හරියටම ඉඩම පිහිටා තිබුණේ සුළං කපොල්ලක. රුවණි බැංකු ණයක් අරන් ඉඩම සල්ලිවලට ගත්තා. ඉඩමට ගිය වෙලාවට සතුටට සංදීප සින්දු කියනවා. ඒ ගිය වෙලාවක සුළං කපොල්ලෙ තැනූ කැදැල්ලේ ගීත කියවුණේ ඉබේටම වගේ. වෙන්න තියෙන දේවල් ඉබේම වචන විදියට කටින් පිට වෙනවාලු. ඒ වෙලාවේ රුවණි සංදීපට බැනලා කට අත් දෙකෙන් තද කළා. අසුබ කතා කියන්න එපා කියලා. සංදීප අපි දෙන්නා වෙන්කරන්න පුළුවන් මරණයට විතරයි කියා හිනා වුණා. සංදීප ඉතුරු කරලා තිබුණු මුදල්වලින් ගේ හදන්න පටන් ගත්තා. දෙන්නාම ඇඟිලි ගැන ගැන හිටියෙ කවදද තමන්ගෙ සිහිනය නිවහන හදලා ඉවර කරන්නේ කියලා.

විවාහ වෙලා කෙළින්ම හිරුණියි, සංදීපයි නව නිවෙසට පදිංචියට ආවා. නිවෙස සුදු පැහැයෙන් වර්ණවත් වුණා. නිවෙසේ වහල පිටතට පෙනෙන්නට තිබුණේ නැහැ. බිත්ති උස්සලා මාලිගාවක වගේ වහලය නොපෙනෙන විදියට ගේ හදලා තිබුණෙ. ගෙදරට ආව හැමදෙනාම ගේ ලස්සනයි කීවා. නිවෙසේ පදිංචි වෙලා මාස දෙකක්, තුනක් යද්දී දෙන්නා අතරෙ හැම වෙලාවෙම මත ගැටුම්. මත ගැටුම් අන්තිමේදී රණ්ඩු දක්වා දුරදිග ගියා. මේ දේවල් කෙළවර වුණේ දෙන්නාගෙන් එක්කෙනෙකුට තුවාල වෙලා. දවසක් රෑක මත ගැටුමක් දුරදිග ගිහින් රුවණි සංදීපගෙ බෙල්ල මිරිකනවා. සංදීපට හානියක් නොවුණත් රුවණිගෙ දකුණු අතේ මාපට ඇඟිල්ල කඩලා යනවා. එක්වුණු දෙයක් වෙන් කරන කරුණු කාරණා ඇති වුණා. එකිනෙකා නුරුස්සන, පෙන්නන්න බැරි වෙන තරම් දේවල් වෙන්න කිසිම හේතුවක් ඔවුන් අතර තිබුණෙ නැහැ. නමුත් ගෙදරට ආපු වෙලේ ඉඳන් අධික ඔළුවේ කැක්කුම්, තරහා යනවා. නිවෙසින් පිටතට ගියාම ගෙදර ඉන්නවාට වඩා සැනසීමක් දෙන්නාට දැනුණා. මවුපියන් රුවණි, සංදීප එක් කරන්න හැදුවාට හරි ගියේ නැහැ. වෙන් වෙන්න තීරණය කළේ ඒ හින්දා. සංදීප ඩිවෝස් වෙන්න කැමැති වුණේ නැහැ. ආයෙ එකතු වෙන්න බලාපොරොත්තුවෙන් මෙහෙම ජීවිත විනාශ වෙන්න හේතුව හොයාගන්න දේවාලයක්, හඳහන් බලන්න නොගිය තැනක් නැහැ. ගෙදර දෝෂයක් නිසා මෙහෙම වුණාද කියලා දෙන්නාට හිතුණු වාර අනන්තයි. නෑදෑයො නම් කිව්වේ කවුරු හරි තරහට කොඩිවිනයක් කරලා කියලා. කොඩිවිනය කපන්න කියල ලොකු ශාන්තිකර්මයක් කළත් වැඩක් වුණේ නැහැ. ගෙදර වාස්තු පරීක්‍ෂා කරන්නෙ අන්තිමේදී කරන්න දෙයක් නැති නිසා. කොඩිවිනය තිබුණෙ වෙන කොහේවත් නෙවේ ගෙදර. හිරුණි, සංදීප වෙන් කරන්න හේතු වුණේ ගෙදර තිබුණු වාස්තු දෝෂ. මේ ලස්සන ගෙදර තිබුණු වාස්තු දෝෂයි. ඔබේ නිවෙසෙන් මෙවැනි වාස්තු දෝෂ තිබුණහොත් වාස්තු දෝෂ ඉවත් කිරීමට යෙදිය හැකි පිළියම් මෙසේය.
බ්‍රහ්මපාදය බිත්තියක තිබීම
නිවෙසක බ්‍රහ්මපාදය කියන්නෙ ගෙදරක හරි මැද. බ්‍රහ්මපාදය සොයන්නේ අත්තිවාරම, බිත්ති, වහල යන අංග තුනෙන්ම සමන්විත කොටස්වල පවතින වැඩිම දිග, පළල අරගෙන. යම් නිවෙසක බ්‍රහ්මපාදය පෑගෙන්න හොඳ නැහැ කියලා මිථ්‍යා මතයක් තියෙනවා. බ්‍රහ්මපාදය මත ඉදිකිරීම් කරන්න හොඳ නැහැ. බ්‍රහ්ම පාදය මත බිත්තියක් තිබීම වාස්තු විiාවේ දුබා දෝෂය ලෙස හැඳින්වෙනවා. දුබාව ලෙස හැඳින්වෙන්නේ වෙන් වීමයි. දුබා දෝෂය පවතින නිවෙස්වල පවුල් සමඟිය, නැතිව යයි. කුමන හේතුවක් නිසා වෙන්වීම්, වියෝවීම් ඇති වෙයි. එක නිවෙසක ජීවත් වුවත් ආගන්තුකයන් මෙන් ජීවිතයක් ඇති වෙයි. හෘද රෝගීන්, පපුවේ, පිට කොන්දේ ආශ්‍රිතව රෝගීන් මෙවැනි නිසේවල බහුල වෙයි. බ්‍රහ්ම පාදය මත ඇති බිත්තිය ඉවත් කිරීමෙන් දුබා දෝෂය පහසුවෙන් ඉවත් කළ හැකිය. සෑම විටම නිවෙසක බ්‍රහ්ම පාදය සාලයේ නිදහස්, නිරවුල් තැනක පවතී නම් ඉතා සුබයි.
නිවෙස සමචතුරස්‍ර වීම
නිවෙසක දිග – පළල අතර වෙනස අවමය අඩි 5යි, අඟල් 6ක් විය යුතුය. එසේ නොමැති නම් සමචතුරස්‍ර නිවෙසක් ලෙස සැලකෙයි. රුවණි, සංදීප යුවළගේ නිවෙසේ දිග – පළල අතර වෙනස අඩියකි. සමචතුරස්‍ර නිවෙසක් තුළ පිරමීඩ ගත මාමීකරණය ලක්වූ මළමිනිසුන් වැනි ජීවිත නිර්මාණය වෙයි. කිසිදු සතුටක් නොමැති ජීවිත ඇති වෙයි. දිනෙන් දින ලෞකික ජීවිත පිරිහී කලකිරීමෙන්, දැඩි මානසික පීඩනයකින් නිවැසියන් දිවි ගෙවයි. නිවෙසේ දිග පැත්තට අඩි 6ක කොටසක් එකතු කිරීමෙන් සමචතුරස්‍ර දෝෂය මෙම නිවෙසින් ඉවත් කළේය.
තනිපල වහල
වහලය යනු විශ්වයේ සිට පැමිණෙන විශ්ව ශක්තිය පොළොව මට්ටමට වඩා ඉහළදී පාලනය කර සමබර කර නිවෙස තුළට ලබාදෙන පාලන ව්‍යුහයයි. වහලයේ පල ඉරට්ටේ විය යුතුය. පල ඔත්තේ සංඛ්‍යාවක් නොවිය යුතුය. ඔත්තේ පල පවතී නම් විශ්ව අසමතුලිත වී නිවෙස තුළට පැමිණේ. එවිට නිවැසියන්ගේ මානසික සමතුලිත බව බිඳීයයි. විශේෂයෙන් තනි පල වහලයක් පැවැතීම ඉතා අසුබ වෙයි. ප්‍රතිඵලය ලෙස නිවෙසේ දිවි ගෙවන්නන් මානසික රෝගින් බවට පත්වෙයි. අධික ලෙස කෝපයට පත්වීම, අසහනයට පත්වෙයි. වහලය පල දෙකක් ලෙස ඉරට්ටේ පරිදි වහලය සකස් කිරීමෙන් දෝෂ ඉවත්කළ හැකියාව පවතී.
ජ්‍යොතිෂවේදී අමාලි අගස්පතිරණ

SendShareShare
Previous Post

කොමර්ෂල් බැංකුව ලංකාවේ ශක්තිමත්ම බැංකු සන්නාමය ලෙස නම් කරයි

Next Post

එඩ්වඩ් සිනමාවේ ගුත්තිල වෙයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.