• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හිත් හඬවපු නලවපු නැවතුම පුන්සිරි

June 6, 2020
in Heart
Reading Time: 1 min read
A A
හිත් හඬවපු නලවපු නැවතුම පුන්සිරි
Share on WhatsAppShare on Facebook

එච්.ආර්. ජෝතිපාල හැඳින්වෙන්නේ ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ පතාක යෝධයෙක් හැටියටයි. ජෝතිපාලයන් වැනි විශ්ෂ්ටයන් ජනප්‍රියත්වයේ හිණිපෙත්තට නැඟිසිටි මොහොතක ඒත් සමඟම වෙනමම අනන්‍යතාවක් ගොඩනඟාගත් ගායකයන් මතුවීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. නමුත් ජෝති වැන්නවුන්ගේ හෙවණැල්ලට නොවැසී තමාගේම අනන්‍ය කටහඬක් සහ ගීතවලින් රසිකයන් පිනවමින් අදටත් ඒ හඬ රාව ප්‍රතිරාව නංවන ගායකයන් සිටින්නේ අතලොස්සක් පමණි. ඒ අතරින් පුන්සිරි සොයිසාට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. ‘නොහඬන් ළඳුනේ’ තුළින් වේදිකාව ජයගත් ඔහු අදටත් ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ගායකයෙක්.

මොරටුව වේල්ස් කුමර විදුහලේ අධ්‍යාපනය හදාරන පුන්සිරි සොසියා කුඩා කාලයේ පටන් ගීත ගැයීමට තිබූ හැකියාව නිසා කරුණාරත්න අබේසේකරයන් හරහා ගුවන් විදුලියේ ළමා පිටියේ ගීත ගායනා කරන්න අවස්ථාව හිමිකර ගන්නවා. ඒත් එක්කම කැස්බෑවේ ගයාත්‍ර්‍රි කලා කවයට ඇතුළත් වී වින්සන්ට් සෝමපාල සංගීතවේදියාණන් යටතේ රාගධාරී සංගීතය හදාරන්නේ සංගීත ක්ෂේත්‍රයේ දිගු ගමනක් යෑමේ බලාපොරොත්තුවෙන්.

1968 වර්ෂයේ ගුවන්විදුලියේ සරල ගී වැඩසටහනට ඉදිරිපත්වී ‘බී’ ශ්‍රේණියේ සරල ගී ශිල්පියෙක් විදියට සමත් වෙන පුන්සිරි ඒ සමගම ‘ඒ’ ශ්‍රේණියේ ගායන ශිල්පියෙක් වීමේ සුදුසුකම් සපුරනවා. ඔය විදිහට ගුවන්විදුලිය එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාව හිමිවෙන පුන්සිරි තමන්ගේම කියල ගීතයක් විදිහට මුලින්ම කියන්නෙ සමන් චන්ද්‍රනාත් වීරසිංහගේ ගේය පද රචනා කර ආර්. ඒ. චන්ද්‍රසේන සංගීතවේදියාණන් සංගීතවත් කළ ‘උදාවන මිහිර පිරි හෙටක් ගැන හිතලා’ කියන ගීතය.

1974 අවුරුද්ද පුන්සිරිගෙ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය තීරණය වෙන වර්ෂය වෙනව. ඒ ඔහු ගීතයක් තුළින් මුලින්ම ප්‍රසංග වේදිකාවට පා තබන වර්ෂය. ‘නොහඬන් ළඳුනේ’ ගීතය ගයමින් වේදිකාවට පිවිසෙන ඔහු එක රැයකින් ජනප්‍රිය වෙන්න පටන් ගන්නව. ඒත් එක්කම එය ගුවන් විදුලියේ ප්‍රචාරය වීමට පටන් ගැනීමත් සමඟ ඔහු ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ගායකයෙක් බවට පත්වෙනව. ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ප්‍රසංගවලට ආරාධනා ගලාගෙන එනව. පුන්සිරි සොයිසා කියන නාමය මුළු රට පුරාම ජනප්‍රිය වෙන්නෙ ඉතාම කෙටි කාලයකින්.

ඔය අතර වාරයෙ සන්ෆලවර් සංගීත කණ්ඩායම සමග නව රිද්මයට සංගීතය සැපයූ කැසට් පට රැල්ලක් එන්න පටන්ගන්නව. ඒ සමගම නිෂ්පාදනය වන ‘සන්ෆලවර් සමඟ පුන්සිරි සොයිසා’ කැසට් පට රැල්ල අවසන් වෙන්නෙ සන්ෆලවර් සමඟ කැසට් පට තුන හතරක්ම එළියට දාල. ඉන් පසුව ෆ්ලෑෂ් බැක් ඇතුළු රටේ ජනප්‍රිම සංගීත කණ්ඩායම් ගණනාවක් සමඟ පුන්සිරි කැසට් පට නිකුත් කරනව. එය කොතෙක්ද කියනව නම් කැසට් පට 250කට අධික ප්‍රමාණයකට ඔහු ගීත ගායනා කරනවා. එය දෙවැනි වෙන්නෙ ලංකාවේ වැඩිම කැසට් පටවලට ගී ගයපු නිහාල් නෙල්සන්ට විතරයි.

පුන්සිරි සොයිසාගෙ සංගීත ජීවිතයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් වෙන්නෙ ‘මේ බස් නැවතුව ගීතය’. චන්ද්‍රදාස ප්‍රනාන්දු මහතා ලියූ මෙම ගීතය සංගීතවත් කරන්නෙ නැසීගිය අසෝක පීරිස්. පුන්සිරිගෙ විරහ ගීත අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්න මේ ගීතයට තමයි ප්‍රසංග වේදිකාව තුළ අදටත් වැඩිම ප්‍රතිචාර ලැබෙන්නෙ. දශක ගණනකට පෙර ගීතයට තිබුණු ඉල්ලුම අදත් එක වගේම රැඳිල තියෙන්න තරම් ඒ ගීතය රසිකයන් වැලඳගන්නව. ඒ වගේම තවත් ජනප්‍රිය වෙන ගීතයක් තමයි ‘සුබා කියා මා ඔබ අමතන්නද’ කියන ගීතය. සරල ගී වැඩසටහනකට ගායනා කරන මෙම ගීතය පුන්සිරිගෙ ජනප්‍රිය ගීත ගොන්න අතර අතිශය ජනප්‍රියත්වයක් ලබාගෙන ඉහළින්ම තියෙනව.

මේ ආකාරයට යුග ගණනාවක් පසු කළත් තවමත් කියූ සැණින් මතකයට එන ගීත රාශියක් පුන්සිරිගේ මේ වාර්තාගත ගීත ගොමුව අතර තියෙනව. එහෙම තවමත් ජනප්‍රියතාව නොනැසී පවතින ගීතයක් වෙන්නෙ ‘එගොඩත් මෙගොඩත් ගම් යා කරලා’ කියන ගීතය. මොරටුවත් පානදුරත් යා කරල ඉදිවුණ පාලම ගැන තමයි මේ ගීතයෙන් කියවෙන්නේ. එහි ඉංජිනේරු කුසුමපාල මහතා පාලමේ ඉදිකිරීම්වලදී ටෙන්ට් එකක් ගහගෙන එහි අධීක්ෂණ කටයුතුවල නියැළිලා ඉන්නකොට හිතට ආපු අදහසක් අනුව මේ ගීතය ලියැවිලා තියෙන්නෙ. මේ ගීතයේ තියෙන ‘ඔබ මා වෙත පියනඟන තුරා – වඩිනු මැනවි පා සළඹ සලා’ වගේ පද පේළි ඒ කාලෙ පෙම් හසුන්වල නිතර ලියවෙන වචන වෙනව. එදා මෙන්ම අදත් ප්‍රේමවන්තයන් අතර මෙම ගීත ජනප්‍රිය වෙන්නෙ එහි ඇති ප්‍රේමනීය බව නිසා.

පුන්සිරි සොසියා වටා රසිකයන් එදා වගේම අදත් රොක්වෙන්නෙ ගීතවල ඇති සරල වචන හිතට දැනෙන ආකාරයට රසිකයන්ගෙ සවන් පුරවාලන්න ඔහුගේ ලයාන්විත හඬට ඇති හැකියාව නිසා. එකල අතිශය ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටි මිල්ටන් පෙරේරාගෙන්, මිල්ටන් මල්ලවාරච්චිගෙන් මඟහැරුණු විරහව අපූරු ආකාරයට පුන්සිරි රසිකයන් අතරට ගෙනයන්නෙ මෙම ගීතවලින්.

පුන්සිරි එන මේ ගමනේ ඔහුට විශාල ශක්තියක් වෙන්නෙ බිරිඳ කුමුදිකා වගේම ලොකු දුව අක්නා පවනි, දෙවැනි දුව සත්මිණි බුද්ධිමාලා සහ පොඩි දුව විශෝධා උවිනිගෙන්. ඔහුගේ දෙවැනි දියණිය වන සත්මිණි බුද්ධිමාලා මේ වෙද්දී රාගධාරී සංගීතය හදාරා භාත්ඛණ්ඬේ සමත්ව ඉන්න විශාරදවරියක්. ඇයට සංගීත අංශයේ පැහැදිලි ඉදිරි ගමනක් තිබීම පුන්සිරිගේ ගීත බොහෝ කාලයක් රඳාපැවතීමට හේතුවක් වේවි.
ඉන්දික වික්‍රමරත්න

SendShareShare
Previous Post

විෂ පිට කරන ගැහැණු පිරිමි

Next Post

මැදියම් අඳුරේ ඔබට ළංවෙන මහසෝනා

MORE NEWS

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

Load More
කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

මේ දිනවල ඉන්දියාවේ පටන් අරගෙන තියෙන ‘අරගලය’ ලංකාවෙ අරගලයට සමානයි වගේම සමහර අතින් අසමානයි. ලංකාවේ අරගලය ගැන අත්දැකීම නිසා ගොඩක්...

Read more
තෙල් අඩු කළා!

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.