• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

විෂ පිට කරන ගැහැණු පිරිමි

June 6, 2020
in Astrology
Reading Time: 1 min read
A A
ග්‍රහයො පිට පටවන පිරිමින්ගේ වැරදි
Share on WhatsAppShare on Facebook

නයි, පොළොඟුන්, කුණකටු, මාපිල් ආදී විෂ දළවලින් විෂ පිටකරන උරගාදී සතුන් මෙන්ම බලු, බළල්, හිවල් ආදී සතුන්ද වලිගයේ විෂ ඇති ගෝනුස්සන්, සුබුලුන් වැනි සතුන්ද, තුඩගේ විෂ ඇති දෙබර, බඹර, මීමැසි, කුඹල්, මැසි වැනි සතුන්ද කෙළවල විෂ ඇති කැරපොතු, කබරයි ආදී සතුන්ද යනාදී වශයෙන් විෂඝෝර බොහෝ සතුන් සිටී. එම සතුන්ගේ විෂ තිබෙන තැන් හඳුනාගත හැකි නිසා ඔවුන්ගෙන් ආරක්ෂා වී සිටීමට පිළිවන. හඳුනා ගැනීමට අපහසු විෂ මුදාහරිනු ලබන ගැහැනුද පිරිමිද ජන සමාජයේ සිටින අතර ඔවුන් ගැන නොදන්නා අයකුට මොවුන් විෂ සහිත අය යැයි දැන ගැනීමට නොහැක. එහෙත් ඔවුන්ගෙන් පිටවූ විෂෙන් හානි කරදර ඇතිවූ අය එවැනි අය හඳුන් වන්නේ ඇස්වහ කටවහ, හෝවහකාරයන් ලෙසය. එවැනි අය රටේ තොටේ සෑම ප්‍රදේශයකම සිටින අතර ඔවුන්ගෙන් සිදුවන කරදර බාධක පිළිබඳ රසවත් කතා අසන්නට ලැබෙයි. මෙම අයගෙන් සතුන්ට පමණක් නොව ගස්වැල්, ගෙවල් දොරවල්, යාන වාහන, ගොඩ මඩ ගොවිතැන් කරන නොයෙකුත් වගාවන්ටද හානි කරයි. මනුෂ්‍ය ශරීරයෙන් විෂ පිටකරනු ලබන්නේ ඇස්වලින්, කටින් හා නාස් සිදුරු තුළිනි. ඇස්වලින් පිටවන විෂ ඇස්වහ ලෙසද, කටින් පිටවන විෂ කටවහ ලෙසද, නාස් සිදුරු තුළින් පිට කරන විෂ හෝවහ ලෙසද හඳුන්වනු ලබයි. සිත පාලනය කර ගැනීමට නොහැකි තරමට දැඩි තෘෂ්ණාව හා ආවේෂය ආ විට ශරීරය තුළ නිපදවන විෂ වායුව චිත්ත තරංග සමඟ මුසුවී එම මොහොතේ සිතට අරමුණු වූ වස්තු හෝ පුද්ගලයන් වෙත ගමන් කර විපාක දෙයි.
ඇස්වහ
ඇසට ගෝචර වන්නා වූ ජීව හෝ අජීව දර්ශනයට අධික තෘෂ්ණාවක් ඇතිවී ඒ සමඟම සිතට ගලාගෙන එන සිතුවිලි පාලනය කර ගැනීමට නොහැකිව මටත් මෙවැනි ලස්සන රූපයක් නැතිනම් මේ වගේ ගෙයක් දොරක් මෙවැනි පලදාවක් ආදී වශයෙන් ඇතිවන අධික ආශාව (තෘෂ්ණාව) විෂඝෝර තරංග බවට පෙරළී එම අරමුණ සිතට ගෝචර වූ ඇසින්ම පිටවී ගොස් ගෝචර වූ ස්ථානය කරා ගමන් කර එයට හානි පමුණුවයි. එසේ ආශාව පහළ වූයේ මිනිසකුට හෝ සතෙකුට නම් එම සත්වයාගේ ශරීරයේ දිය බුබුළු පැන නැඟීම මළානික වීම ආදී නොයෙක් ආබාධ ඇති කරයි. ගසක් වැලක් නම් ඒවායේද පත්‍ර හැලීම මළානික වීම, ගෙඩි, මල් වැනි දේවල් හැලී යෑම හෝ ගස් වැල් මැරී යෑමටද හැකියාව ඇත. එසේම අජීවී වස්තු උදෙසා නම් ඒවාටද නානාවිධ හානි සිදුවෙයි.
කටවහ
ඉහත ආකාරයන්ට පෙනෙන ඇසෙන ස්පර්ශ වන දේවල් කෙරෙහි පහළ වන අධික තෘෂ්ණා සහිත සිතුවිලි මැඩගෙන යටපත් කිරීමට නොහැකිව ඒවා ගැන කටින් පිටවන චනයක් සමඟ විෂම වූ ශබ්ද හරහා ඊට පාදක වූ දේවල් වෙත ගමන් කර හානි පමුණුවයි. මේ බබා හරි ලස්සනයි, මෙයා හරි දක්ෂයි, මේ ගහේ ගෙඩි පිරිල, මේ දිළිඳුකම් පිරිල ඉතිරිල යනවා ආදී වශයෙන් කටවහකාරයන් වදන් නිසා ඇතිවන ප්‍රතිවිපාක පිළිබඳ ඇසූ දුටු අත්දැකීම් බොහෝදෙනකුට ඇතිවාට සැක නැත.
හෝවහ
හෝවහ යනු නාසයෙන් පිටවන වායුව විෂම වායු තරංග බවට පත්වී ඉහත ආකාරයෙන් සිදුවන පල විපාක මේ පංච ඉන්ද්‍රියන් තුළින් සිතට ගෝචර වූ යම් යම් දේවල් කෙරෙහි දැඩි තෘෂ්ණාව ඇතිවී ඒ ගැන වචනයෙන් කිසිවක් නොකියා දිග හුස්මක් ඉහළට ඇද නැවත දිග හුස්මක් පිට කිරීමට හූල්ලනවා යැයි කියයි. නැතිනම් සුසුම්ලෑම කියාද හඳුන්වනු ලබයි.
මෙයාකාරයෙන් ඇස්වහ, කටවහ, හෝවහ කියන විෂ මුදාහරිනු ලබයි. ප්‍රසිද්ධියේ නොකීවත් මෙවැනි ස්ත්‍රින් මෙන්ම පුරුෂයන් පිළිබඳ තොරතුරු හා අත්දැකීම් ජන සමාජය තුළ අසන්නට දකින්නට ලැබෙයි. එනිසා මේක පුදුම මනඃකල්පිත විශ්වාස ලෙස බැහැර කිරීමට නොහැකිය. ඒ වගේම මේක සමනය කර ගැනීමට යොදා ගන්නා ශාන්තිකර්ම විදි රාශියක් පුරාණ කාලයේ සිටම පැවත එන අතර ඒවා තුළින් අත්දුටු සාර්ථක ප්‍රතිඵලද තිබේ.

  1. දෙහි කැපීම
  2. තෙල්වලට මතුරා ගෑම
  3. වතුර මතුරා බීම හා ඉසීම
  4. දුම් ඇල්ලීම
  5. කෙම් ක්‍රම
    දෙහි කැපීම
    දෙහි කැපීමේදී දෙහි, දොඩම්, නාරං, යකිනාරං, සිදරං යන ගස්වල පස් පැඟිරි දර රැගෙන එම දරවලින් පොල්තෙල් හෝ පස්තෙල් බඳුනකට දමා ළිපේ රත්කර පැසුණු එහෙත් නොඉදුණු පැඟිරි ගතිය වැඩි දෙහි ගෙඩි අරගෙන ඒ මත තෙල් පහන් තිරයක් දල්වා එය ගිරය මැද තියා ආතුරයාගේ හිසේ සිට දෙවුර, දෙපතුල දක්වා රැගෙන යමින් මන්ත්‍ර කියා දෙහි ගෙඩි කපා පහන් තිරයද සමඟ තෙල් බඳුනට දැමීම තුළින් ඔහු වෙත එල්ලවී ඇති ඇස්වහ කටවහ හෝවහ දෝෂ සහිත ශුද්‍ර තරංග විනාශ කර දැමීම සිදුවේ.
    දුම් ඇල්ලීම
    ඇස්වහ, කටවහ, හෝවහ දෝෂ සඳහා දුම් ඇල්ලීමෙන්ද, ඉවත් කරනු ලැබේ. මේ සඳහා පස් පැඟිරි දර පුලුස්සා ගිනියම් අඟුරු කබලකට ගෙන ඒ මතට හල්දුම්වල හෝ කාම්බුන්ද වියළි මිරිස් කරල් කීපයක් හා අබද දැමූ විට අබ ඇට පිපිරෙමින් කර දුමක් පිටවේ. එම දුමින් ඉහත දෝෂ ඇතිකරන ශුද්‍ර තරංග විනාශ කර දමනු ලැබේ.
    තෙල් හෝ වතුර මතුරා ගෑම හා ඉසීම
    මෙය අත්දුටු ශාන්තිකර්මයකි. නොයිඳුල් වතුර කළයක් රැගෙන එයට හැඩුම හෝ පොල්කටු අඟුරු, සපු ඇට, වී ඇට යකඩ කැබැල්ලක් දමා දෙහි කොළ 07ක් සහිත දෙහි අතු කැබැල්ලකින් ජලය හා දැමූ දේවල් කලත්තමින් පහත සඳහන් මන්ත්‍රයෙන් 108 වරක් මතුරා දුම් අල්ලා අබ හා වියළි මිරිස් කරල් කීපයක් දමා කළයේ වතුර රැගෙන දින හතක් මුහුණ සේදීම හෝ භවභෝග සම්පත් හෝ ගෙවල්වලට නම් ඒකට ඉසිය යුතුය. දින 7 ගතවීමට පෙර වතුර පල්වුවහොත් ඒවා ගසක් මුලට දැමීමෙන් දෝෂ පහව යයි.
    “ඕං හේං හේස් ග්‍රාංතුහේස් බ්‍රාංකුහේස් සැර මුණ්ඩ නාරායනේ විසි විසි ගිනි කුලම්බු දිරි සුං”
    යෝග දර්ශනයේ මිනිසාට මෙන්ම අපේ සෑම දෙයකටම අහිතකර මෙන්ම පරිහානිය විනාශය ළඟා කරවන පංචක්ලේශ සිත් දූෂණය කර විෂ වහනය කරවන බව සඳහන් වේ. අවිද්‍යාව, ආස්මිතාව, රාගය, ද්වේශය අභිනිවේශය ලෙස මෙම කෙලෙස් නම්කර ඇත. බුදු දහමේ ඉගැන්වෙන සබ්බේ සංඛාරා අනිච්චාති යන්න නිතර නිතර මෙනෙහි කරමින් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණ සිතට ගත් විට ඇස්වහ, කටවහ, හෝවහකාරයින්ට ඔවුන් තුළ හටගෙන බාහිරට නිකුත් වන මෙම අසුබ තරංග හට ගැනීම නැවැත්වීමට හැකිවේ.
    ජ්‍යොතිෂවේදී සුමනදාස වීරසිංහ
SendShareShare
Previous Post

එමිරේට්ස් සමූහය 2019-2020 මූල්‍ය ප්‍රතිඵල නිවේදනය කරයි

Next Post

හිත් හඬවපු නලවපු නැවතුම පුන්සිරි

MORE NEWS

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News
Astrology

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

Load More
හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News
Uncategorized

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

තවත් ප්‍රබල විමර්ශනයක්ද මේ වනවිට ආණ්ඩුව පැත්තෙන් ආරම්භ වී ඇති බවක් පැවසේ. ඒ, හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියකු විසින් රට මැද්දේ...

Read more
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.