• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ජ්‍යොතිෂයට කොරෝනා මඟහැරුණාද

May 30, 2020
in Astrology
Reading Time: 1 min read
A A
ජ්‍යොතිෂයට කොරෝනා මඟහැරුණාද
Share on WhatsAppShare on Facebook

ජ්‍යොතිෂය ඉපැරැණි විෂයකි. නව කොරෝනා වෛරසය ආසාදිත රෝගියකු මුලින්ම හමුවූයේ 2019 දෙසැම්බර් 01 වැනි දිනය. සාමාන්‍යයෙන් වෛරසයක් යනු ෘභ් (ඩිබක්සි රයිබෝනිකියුක්ලික් අම්ලය) මාධ්‍යයක් සහ ඒ වටා පිහිටි ප්‍රෝටීන කොටසකින් වටවූ ඒකකයකි. ජීවීන් සතු ලක්ෂණ අතුරින් වෛරසයක් තුළ හමුවන්නේ තම වර්ගයා බෝකර ගැනීමේ හැකියාව පමණි. පියවි ඇසට නොපෙනෙන බැවින් වෛරසය ක්ෂුද්‍ර ජීවීන් කාණ්ඩයට ඇතුළත් කර ඇති අතර, කිසියම් ක්ෂුද්‍ර ජීවියකු මගින් වෙනත් ජීවියකුට රෝගයක් බෝකිරීමේ හැකියාව ඇති විට එම ක්ෂුද්‍ර ජීවියා විෂබීජයක් ලෙස හඳුන්වනු ලබයි. ඒ අනුව අපට කොරෝනා නමැති රෝගය ඇතිකරනු ලබන්නේ කොවිඞ් 19 ලෙස නම්කර ඇති වෛරසය මඟිනි.

ඉපැරැණි ජ්‍යොතිෂ මූලාශ්‍ර කීපයක් ප්‍රවේශමෙන් කියවා බලන කෙනකුට නොයෙකුත් ලෙඩ රෝගවලට හේතුවන ග්‍රහ පිහිටීම් ගැන එකල විසූ ඍෂිවරු සඳහන් කර ඇති බව දැකගත හැකිවේ. ජ්‍යොතිෂ ශාස්ත්‍රය පදනම් වන්නේ කෙනකු මෙලොවට බිහිවන අවස්ථාවේ ග්‍රහයන් ගමන් කරමින් සිටි ස්ථානයි. මෙහිදී උපත සිදුවන අවස්ථාවේ විශ්වයේ ග්‍රහයන් ගමන් කරමින් සිටි ස්ථාන සලකුණු කර පිළියෙල කරගන්නා ජන්ම පත්‍රයක් ඇසුරින් කෙනකුට අතීතයේ සිදුවූ දෙයද, වර්තමානයේ සිදුවෙමින් පවතින දෙයද අනාගතයේ සිදුවිය හැකි දේ ගැනද විස්තර කරනු ලැබේ.

මේ වන විට ලෝකය පුරා කොවිඞ් 19 වෛරසය ආසාදිත පුද්ගලයන් ගණන ලක්ෂ පනහකට ආසන්න අතර මියගිය සංඛ්‍යාව තුන්ලක්ෂ හතළිස් පන්දහස ඉක්මවා තිබිණි. මෙවැනි වසංගතයක් ඉදිරියේදී සිදුවන බව ජ්‍යොතිෂවේදීන් කලින් පැවැසුවේ නැත්තේ ඇයි? ජ්‍යොතිෂ විද්‍යාත්මක පිළිවෙත් මඟින් මෙම රෝගීන් සුවපත් කිරීමට නොහැකි වුණේ ඇයි? යන ප්‍රශ්න අප ඉදිරියේ මතුවේ.

නූතන වෛද්‍ය විද්‍යාව සහ ජ්‍යොතිෂවේදය අතර ප්‍රධාන වෙනසක් තිබේ. එනම් වෛද්‍ය විද්‍යාවේදී අලුතින් ඇතිවන රෝග සහ රෝගකාරක විෂබීජ මර්දනයට අවශ්‍ය ඖෂධ පර්යේෂණ මගින් අලුතින් නිපදවීමට උත්සාහ දැරීමය. නමුත් ජ්‍යොතිෂවේදයට අද දවසේ අලුතින් සිද්ධාන්ත එකතු වන්නේ නැත. කොරෝනා වැනි වසංගත තත්ත්වයක් පැවැතීමට විශ්වයේ ග්‍රහයන්ගේ පිහිටීම කෙසේ බලපෑ ඇත්දැයි සොයා බැලීමට යොමුවන පිරිස ඉතාමත් අල්පයි. මීට අවුරුදු දහස් ගණනකට පෙර විසූ අධි මානසික බල ඇති ඍෂිවරුන් විසින් පළ කරන ලද සිද්ධාන්ත භාවිතා කරමින් ග්‍රහයන් ගමන් රටා අනුව පලාපල කීමකි ජ්‍යොතිෂයේදී සිදුවන්නේ.

නව කොරෝනා ආසාදනයට සමාන පෙර පැවැති රෝග තත්ත්වයන් වන්නේ ශ්වසන මාර්ගය ආශ්‍රිතව ඇතිවන ආසාදන තත්ත්වය සහ නිව්මෝනියා තත්ත්වයත්ය. යමෙක් උපදින අවස්ථාවේ ඔහුගේ ජන්ම පත්‍රයේ අව සඳ පාප ග්‍රහයන් සමඟ සංයෝගව පාප දෘෂ්ටියටද ලක්වෙමින් 1, 6, 8 යන භාවයක තැන්පත්ව සිටින අතර, සඳු තැන්පත් රාශිය ජල රාශියක් වූ විට එම කේන්දර හිමියා ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගවලට පහසුවෙන් ගොදුරු වන බවට ජ්‍යොතිෂ සිද්ධාන්තයකි. (ජල රාශි යනු කටක, මකර සහ මීන රාශි වේ)

බ්‍රහස්පති ග්‍රහයා අටවැන්නේ පාප දෘෂ්ටියට ලක්වෙමින් සිටියදී සඳු ජල රාශියක තැන්පත් වූ විට නිව්මෝනියා වැනි රෝග තත්ත්ව පහසුවෙන් ඇතිවන බව ජ්‍යොතිෂයේ සඳහන් වේ.

මෙසේ පෙණහලු ආශ්‍රිත රෝගවලට පහසුවෙන් ගොදුරු වන ජන්ම පත්‍ර හිමියන් ගැන තවත් ග්‍රහ පිහිටීම් ගණනාවක් ගැන ජ්‍යොතිෂයේ සඳහන් වේ. එදිනෙදා ජන්ම පත්‍ර පරීක්ෂා කරන පළපුරුදු ජ්‍යොතිෂවේදීන් තමන් වෙත පැමිණෙන සේවාලාභීන්ගේ කේන්දරවල මෙවැනි ග්‍රහ පිහිටීම් දුටු විට අපල තත්ත්වයන් ඇති කරන ග්‍රහයන් හඳුනාගෙන ග්‍රහ අපල සඳහා ජ්‍යොතිෂ විද්‍යාත්මක පිළිවෙත් නිර්දේශ කරනු ලබයි.

නූතන වෛද්‍ය විද්‍යාවේදී රෝගියාගේ රෝග ලක්ෂණවලට අනුව ප්‍රතිකාර කර රෝග සුව කිරීමේ ඉතා උසස් හැකියාවද අභියෝගයට ලක්කරමින් අද දවසේ කොවිඞ් 19 වෛරසය හිස ඔසවාගෙන නැඟී සිට ඇත. මෙවන් අවස්ථාවක සමස්ත ලෝකවාසී ජනතාවට සෙත්පතා නොයෙකුත් ආගමික මෙහෙයන් සිදුකිරීමත් කිසියම් ගුප්ත ශාස්ත්‍රයක් මගින් හෝ වෙනත් තමන් දන්නා ඕනෑම ශාස්ත්‍රයකින් එක ජීවිතයක් හෝ බේරා ගැනීමට හැකි පමණින් දායක විය හැකි නම් එය උතුම් ක්‍රියාවකි. රජයේ නිවේදනවලට අනුකූලව සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් රෝගය බෝවීම වැළැක්වීමට අපට හැකි පමණින් උපරිම ලෙස දායක වීම අප සැමගේ යුතුකම හා වගකීම වන්නේය.
ජ්‍යොතිෂවේදී අගලවත්තේ චන්දන වීරක්කොඩි

SendShareShare
Previous Post

ආණ්ඩුව සමග ඩීල් ගැසූ එජාප කල්ලියට විරුද්ධව සජිත් පිලෙන් විශ්වාසභංගයක්

Next Post

ටයිටස් තොටවත්ත කමල්ව කුඩුකාරයෙක් කළේ ඇයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.