• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අතුරුදන් වුණු ටිරාන් ආයෙත් ඇවිත්

August 22, 2019
in Heart
Reading Time: 1 min read
A A
අතුරුදන් වුණු ටිරාන් ආයෙත් ඇවිත්
Share on WhatsAppShare on Facebook

‘ගැහැනු ළමයි’ ටෙලිනාට්‍යයේ ‘ප්‍රේම්’ වුණු ඔහු පසුකාලීනව අපේක්ෂා ඉඳුවරී, ධවල කඳුළු, මුතු පලස ඇතුළු ටෙලිනාට්‍ය ගණනාවකට රංගනයෙන් දායක වී කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරුවක් වුණා. ටිරාන් වික්‍රමසූරිය හිටිහැටියේ අතුරුදන් වෙලා හිටියා. ඉතින් ඔන්න කාලෙකට පස්සේ ටිරාන් ලංකාවට ඇවිත්. බලන්න ඔබට ඔහුව මතකද කියලා.
කාලෙකට පස්සෙ නේද ටිරාන් ලංකාවට ආවේ? කොහොමද අලුත් තොරතුරු?
ඇත්තටම ලංකාවෙ තරම් සුන්දර රටක් නැති තරම්. මම පසුගිය කාලේ හිටියෙ ඕස්ටේ්‍රලියාවේ. එහිදී තමයි ලංකාවේ සුන්දරත්වය අගය දැනුණෙ. අවුරුදු 3කින් විතර තමයි මම ලංකාවට ආවේ. ඒත් දැන් නම් මට හිතෙනවා ඕස්ටේ්‍රලියාවේ හිටියා නම් හොඳයි කියලා මේ වෙන දේවල් දකිනකොට.
හදිසියේම ලංකාවට ඇවිත් සද්ද නැතුව හැංගිලා ඉන්නේ ඇයි?
මම ඉතින් කොහොමත් සද්දබද්ද දාන කෙනෙක් නෙමෙයි. මේ ගමන ආවේ මගේ පවුලේ අයත් එක්ක කාලය ගතකරන්නයි. ඉතින් දැන් ලංකාවෙන් සමුගන්න කාලයත් හරි. මම මාධ්‍යවලටවත් කතාබහ නොකළේ මෙහෙ නිර්මාණ කරන්න තරම් මට ලොකු කාලයක් නැති නිසයි. මේ ගියාට නැවත එනවා. ආපු සැණින් නිර්මාණවලට සම්බන්ධ වෙනවා.
අපට ආරංචි වුණා ටිරාන් ගින්දර වගේ වැඩක් පටන් ගන්න යනවා කියලා?
මම ලංකාවෙන් ගියේ හොඳම තැනක ඉඳලයි. ඒත් මම ගිය ගමන කිකරුණේ කාලය ගතකළේ නැහැ. මම ටෙලිවිෂන් සිනමාකරණය පිළිබඳ ඕස්ටේ්‍රලියාවේදී හැදෑරීමක් කළා. ඉතින් මගේ ලොකු ආසාවක් තියෙනවා ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න. ඕස්ටේ්‍රලියාවේ මාත් සමග පාඨමාලාව හදාරපු විදේශීය ශිල්පීන් පවා කැමැතියි මම එක්ක එකතු වෙලා ලංකාවේ නිර්මාණයක් කරන්න.
අපට ටිරාන්ගේ රංගන කුසලතා අවසානයට දැකගන්න ලැබුණේ ‘කළු හිම’ චිත්‍රපටය හරහායි?
‘කළු හිම’ චිත්‍රපටයේ මම රඟපෑවේ 2015 විතර. 2016 මම ලංකාවෙන් ගියා. ‘කළු හිම’ චිත්‍රපටයේ මගේ රංගනය ගැන මම සෑහීමකට පත්වෙන්නේ නැහැ. චිත්‍රපටය මම ඕස්ටේ්‍රලියාවේදී නැරැඹුවා. එහෙදි හිතුණා මගේ චරිතය මීට වඩා කරන්න තිබුණා නම් හොඳයි කියලා. ‘කළු හිම’ වෙනුවෙන් නේපාලයේ අපි ලොකු කැපකිරීමක් කළා. ඒ අත්දැකීම් කවදාවත් අමතක වෙන්නේ නැහැ.
ඔබට දැන් හිතෙන්නෙ නැද්ද හතිදාගෙන නැඟපු කන්දෙන් ඔබ ප්‍රයෝජනයක් ගත්තේ නැහැ කියලා?
මෙහෙමයි මම ටෙලිනාට්‍ය ගණනාවක රඟපෑවා. මම ගැන ඒ කාලේ ගොඩදෙනෙක් කතාබහ වුණා. ඒත් යන්න වුණාම යන්න වෙනවා. ඒ නිසා මම විදේශගත වුණා. කලාවෙන් ඈත්වෙලා නැහැ. මම ආපහු එනකොට නවක පිරිසක් බිහිවෙලා. ඒ ගැන මට සතුටුයි. මම හිටිය තැන කාටවත් ගන්න බැහැ. වෙන කෙනෙක් ඉන්න තැන මම ගන්නෙත් නැහැ.
සුප් කඩෙන් බැඳුණු ආදරය ලොකු පෙරළියක් කළා නේද?
මගේ සෙවණැල්ල තමයි මගේ බිරිය. මම ආදරය පටන් ගත්තේ සුප් එකක් බොන ගමන්. එතැනට එයත් ඇවිත් හිටියා. ඒක ඉතින් අපේ සංසාරගත බැඳීමක් තමයි. ඇය නීතිඥවරියක් වුණා කියලා මට නීති දාන්නෙ නෑ. එයා මගේ කලා කටයුතු සඳහා මට වඩා උනන්දුයි.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ශ්‍රීදේවී සිංගප්පූරුවේ උපදියි

Next Post

දැන් සේරම ක්ෂණික නූල්ඩ්ස් වගේ

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

කටුවැල්ලෙගම…..මේ නම කීප වතාවක්ම පහුගිය ටික දොහේ ඇහුණා. හැබැයි ඒ ඇහුණෙ ආගම දහමට අදාළව නෙවෙයි. පල්ලි, පන්සල්, කෝවිල් ගැන කියන්නත්...

Read more
ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.