• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

දොස් නැති ගෙදරක ප්‍රධාන රහස් පහ

August 22, 2019
in Astrology
Reading Time: 2 mins read
A A
දොස් නැති ගෙදරක ප්‍රධාන රහස් පහ
Share on WhatsAppShare on Facebook

සැබෑ කරගැනීම සඳහා ඔබ පෙරුම් පුරණ සිහින රැසක් තිබේ. ඔබගේම නිවසක් තනාගැනීම ඉන් එක් ප්‍රධාන සිහිනයකි. තමන්ගේම නිවසක් තනාගැනීමට හැකි වීම වාසනාව ඔබ සතුව ඇති බව නිසැකව කියා පාන්නකි.
අප මෙහි ඉදිරිපත් කරන්නේ ඔබේ සිහින නිවස ගොඩනැගීම සඳහා ඔබට ඉතා සරලව අවබෝධ කරගත හැකි හා ප්‍රායෝගිකව භාවිත කළ හැකි වාස්තු සිද්ධාන්ත පහකි.

  1. භූමිය කැනීම ඊසාන දෙසින් අරඹන්න
    ඔබේ නිවසේ හෝ ඉඩමේ ඊසාන දෙස කොටස අනෙකුත් කොටස්වලට සාපේක්‍ෂව සැහැල්ලුව තිබිය යුතුය යන්න වාස්තු ශාස්ත්‍රානුකූල සිද්ධාන්තයයි. ඉතා විශාල ගස්, කොන්ක්‍රීට් ඉදිකිරීම් වැනි බර දේ ඊසාන දිග ප්‍රදේශයෙන් ඉවත් කළ යුතුයි. බටහිර, නිරිත, දකුණ ඒවා තිබීමට යහපත් ප්‍රදේශයි. සාපේක්‍ෂව ගත් විට නිරිත, බටහිර හා දකුණු දිශාවලට වඩා ඊසාන දිශාව බරෙන් සැහැල්ලු විය යුතුවේ. පොළව යටට යන පදනම සඳහා අගල් කැපීම වැනි කැනීම් කටයුතු නිරිත දෙසින් ඇරඹුවහොත් යම්කිසි අවස්ථාවක අගල් කපා පස් ඉවත් කිරීම නිසා ඊසාන දෙසට වඩා එම පෙදෙස සැහැල්ලු විය හැකි අතර එය ඉතා අයහපත් ප්‍රතිඵල දෙන කාරණාවකි. දිශාවන් අතර තිබිය යුතු සමබරතාව ඉන් බිඳෙන බැවිණි.
  2. ගොඩනැගිල්ල ඉදිකිරීම නිරිත දිග දෙසින් අරඹන්න
    මෙය ඉහත දැක් වූ අදහසේ විරුද්ධ අදහසයි. පොළව යටට යන විට ඊසාන දෙසින් ඇරඹිය යුතු වුවත් පොළවෙන් ඉහළට යන විට එම කටයුතු නිරිත දෙසින් ආරම්භ වී ක්‍රම ක්‍රමයෙන් ඊසාන දෙසට ගෙන ආ යුතුය. දිශාවන් අතර සමබරතාව රැකෙන්නේ එවිටය. ඔබගේ නිවසේ පොළවෙන් ඉහළට යන කටයුතු එනම් ඉදිකිරීම් ආරම්භ කරන්නේ ඊසාන දෙසින් නම් යම් අවස්ථාවක ඊට සාපේක්‍ෂව බරෙන් වැඩි විය යුතු නිරිත හා දකුණු දෙසට වඩා ඊසාන දිශාවේ බර වැඩි විය හැකිය. එසේ වූ විට ඉදිකිරීම් කටයුතු දිගට කරගෙන යාමේ අපහසුතා ඇති වේ. මුදල් ප්‍රශ්න, කම්කරු ප්‍රශ්න, අධික වර්ෂාව ආදී කුමන හෝ හේතුවක් නිසා නිවසේ වැඩ කටයුතුවලට අවහිරතා ඇති විය හැකිය.
  3. පඩිපෙළ නිවැරැදි තැනක සාදන්න
    ඔබේ නිවස සැලසුම් කිරීමේදී අතිශයින්ම සැලකිලිමත් විය යුතු කරුණක් වන්නේ පඩිපෙළ නිර්මාණය කරන දිශාව හා ස්ථානයය. වැරැදි තැනක ඉදිකෙරෙන පඩිපෙළ නිවස එක දිගට සාදා ගෙන යාම කෙසේ හෝ වළක්වාලයි. නිවසේ අංග තිබිය යුතු වාස්තු ජ්‍යොතිෂයට අනුකූල නිසි ආකාරයක් තිබේ. නිසි ආකෘතියක් තිබේ. ඒ සියල්ල අතරින් පඩිපෙළ වඩාත්ම වැදගත් වීමට හා වැරැදි දෙසක තිබෙන පඩිපෙළ අන් සියලුම වාස්තු වැරැදිවලට වඩා භයානක වීමට පැහැදිලි හේතුවක් තිබේ. නිවසේ මුළුතැන්ගෙය, නාන කාමරය හෝ නිදන කාමරය වැනි අංගයන් භාවිතයට ගන්නේ නිවස ඉදිකිරීම අවසන් කර නිවසට ගෙවැදීමෙන් පසුවය. එම නිසා එම අංගයන්වල දෝෂ හටගන්නේ ඒවා භාවිතය ආරම්භ කළ පසුය. නමුත් පඩිපෙළ නිර්මාණය කළ පසු එහි කිරීමට ඉතිරිවන්නේ අවසන් සුමට කිරීම පමණි. එය සෑදූ මොහොතේ සිට එම නිවසේ කටයුතු කෙරෙහි එය බලපායි. බොහෝ නිවෙස්වල වැඩ කටයුතු අඩක් නිමකර නවතා දමා තිබෙනු අපට දැකිය හැක. ඒ නිවෙස්වල ඉදිකිරීම කටයුතු නිරීක්‍ෂණය කරන ඔබට අනිවාර්යයෙන්ම දැකිය හැක්කේ පඩිපෙළ වැරදි තැනක නිර්මාණය කර තිබෙන බවයි.
    නිවසක පඩිපෙළ ඉදිකළ යුතු නිවැරැදිම ස්ථානය නිරිතදිග කොටසයි. එය කිසිසේත්ම නිවසේ ඊසාන දෙසින් නොතිබිය යුතුය. නැගෙනහිර හෝ උතුරු දෙසින් ඉදිකිරීමද අයහපත් වන්නේ බොහෝවිටම එසේ ඉදිකිරීමේදී ඊසාන දෙසටද හානි වන බැවිනි. එසේම නිවසේ මැද ප්‍රදේශයද පඩිපෙළ ඉදිකිරීම සඳහා කිසිසේත්ම සුදුසු ස්ථානයක් නොවේ. වැරැදි දෙසක සාදනු ලබන පඩිපෙළ සඳහා සරල වාස්තු ප්‍රතිකර්ම තිබෙන නමුත් වඩාත්ම සුදුසු වන්නේ එසේ ප්‍රතිකර්ම කිරීමට වඩා එම පඩිපෙළ කඩා ඉවත් කිරීමයි.
    සර්පිලාකාරව සාදනු ලබන පඩිපෙළ නිවෙස් සඳහා සුදුසු නොවන අතර නිවෙසක ඇතුළතට කිසිසේත්ම සුදුසු නැත. එසේම නිවසේ ප්‍රධාන දොරටුවට මුහුණලා පඞ්පෙළ ඉදිකිරීමද ඉතා බලවත් වාස්තු දෝෂයකි. වාස්තු ශාස්ත්‍රයේදී පවසන්නේ එසේ තිබෙන විට නිවසට වාසනාවේ දෙව්දුවගේ පැමිණීම අවහිර වන බවයි.
  4. මුළුතැන්ගෙය නිවැරැදි තැන තබන්න
    මුළුතැන්ගෙය සඳහා සුදුසුම දිශාව වන්නේ ගිනිකොණයි. එය ගිනි තත්ත්වය පාලනය කරන දිශාව බැවිනි. සිකුරු ග්‍රහයා මෙම දිශාවට අධිපතිත්වය දරයි. බිරිය හා සැමියා යන දෙදෙනාම සිකුරුගෙන් නියෝජනය වන හෙයින් මුළුතැන්ගෙය මෙම දිශාවේ තිබෙන විට බිරියට එහි කටයුතු සඳහා සම්පූර්ණ නිදහස ලැබේ. ගිනි තත්ත්වය ශක්තිය හා බලය නියෝජනය කරයි. ඒ කුජගේ පාලනය යටතේය. ඔබේ නිවස සැලසුම් කරන විට මුළුතැන්ගෙය ගිනිකොණ දිශාවට තැබීමට හැමවිටම සැලකිලිමත් වන්න. එවිට පසුව එහි වෙනස් කිරීමක් හෝ වෙනත් ගැටලුවක් මතුවන්නේ නැත. ගැටලු සහිත බොහෝ නිවෙස්වල මුළුතැන්ගෙය වැරැදි දිශාවක තිබෙනු දකින්නට ලැබේ. සමහර නිවෙස්වල මුළුතැන්ලෙය වෙනුවට ගිනිකොණ නිදන කාමර තනා තිබෙනු දැකිය හැකිය. එය අතිශයින්ම හානිකර පිහිටීමකි.
    එසේම ගිනිකොණ දිගින් ජලය විහාල ප්‍රමාණයක් ගබඩා කර තැබෙන වතුර ටැංකි ආදිය තිබීමත් ආහාර ද්‍රව්‍ය විශාල ලෙස ගබඩා කර තැබීමත් යහපත් නොවේ. එය නිවසේ කාන්තාවන්ගේ ශරීර සෞඛ්‍යයට ඉතාම අහිතකර ලෙස බලපානු ඇත. එසේම කටකතා ආදියට ගොදුරුවීමටද සිදුවිය හැක.
  5. වැසිකිළිය නිවැරැදි තැන තබන්න
    මේ සඳහා වඩාත්ම සුදුසු වන්නේ නිවසේ වයඹ දිග කොටසයි. ඊසාන, නිරිත යන දිශාවනුත්, නිවසේ මැදත් මේ සඳහා කිසිසේත්ම යෝග්‍ය නොවේ. එම නිසා ඔබේ නිවස සැලසුම් කරන විට වැසිකිලිය නිවැරැදි ලෙස දිශාගතවී තිබේද යන්න පිළිබඳ සැලකිලිමත් වන්න.

ජ්‍යොතිෂවේදී ජනක මාධව නවරත්න

SendShareShare
Previous Post

සතියේ හොඳම දවස

Next Post

නවරත්න මුද්දේ රැවටිල්ල

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.