• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

නවරත්න මුද්දේ රැවටිල්ල

August 22, 2019
in Astrology
Reading Time: 1 min read
A A
නවරත්න මුද්දේ රැවටිල්ල
Share on WhatsAppShare on Facebook

මෑතකදී මට කතා කළ අයෙක් පවසා සිටියේ ඔහු ජ්‍යොතිෂවේදියකුගේ උපදෙස් පරිදි රුපියල් අනූදහසක් වියදම් කර නවරත්න මුද්දක් පැළඳූ බවය. තවත් අයෙක් මට පවසා සිටියේ එවැනිම වූ ජ්‍යොතිෂ උපදෙසක් පරිදි ලක්‍ෂ දෙකහමාරකට පත්මරාග හා නිල් මැණික් දෙකක් මුදුවක සවිකර පැළඳගත් බවය. ජ්‍යොතිෂවේදියකු වන මට මා ගැනම කණගාටුවක් දැනේ. මන්ද යත් අයාලේ යමින් පවතින ජ්‍යොතිෂය නිසි මඟ ගන්නට අප දරන උත්සාහය ගඟට කපන ඉණි මෙන් පෙනෙන බැවිනි.
මැණික් ගල් භාවිත කර ග්‍රහ අපලයන් සමනය කිරීමට හැකි බව සත්‍යයකි. ඒ සඳහා සෘෂි භාෂිත ශාස්ත්‍රයක් හා සිද්ධාන්ත පද්ධතියක් තිබේ. එම සිද්ධාන්ත අනුගමනය කළ විට කේන්දරයට අනුකූල ලෙස නිවැරැදි ලෙස ජ්‍යොතිෂ ශාස්ත්‍රානුකූලව පැළඳිය යුතු මැණික් වර්ග හඳුනාගත හැකිය. එසේ හඳුනා ගැනීමට නම් අදාළ ජ්‍යොතිෂ සිද්ධාන්ත මනා ලෙස අධ්‍යයනය කළ යුතුය. එසේ මනා ලෙස අධ්‍යයනය කිරීමට නම් සෘෂි භාෂිතය නිවැරදි ලෙස තේරුම් ගත යුතුය. අදටත් ජ්‍යොතිෂයේ මූල ග්‍රන්ථයන් වන පරාශර හෝරා ශාස්ත්‍රය හෝ ජෛමිණි සූත්‍රය හෝ හරිහැටි අවබෝධ කරගෙන ඇති අයෙක් සෙවීම කළුනික සෙවීම හා සමානය. වරද ඇත්තේ ශාස්ත්‍රයේ නොව එතැනය. ජ්‍යොතිෂය යනු දෛවය හසුරුවන කලාවයි. එය හරිහැටි ප්‍රගුණ නොකර අනුන්ගේ දෛවය විසඳීමට යෑම අපරාධයකි.
කේන්දරයක තිබෙන දෝෂ සමනය කිරීමට මැණික් ගල් භාවිත කළ හැකිය. එය කළ හැකි, කළ යුතු නියමිත ක්‍රමවේදයක් තිබේ. පළමුව එහි සිද්ධාන්ත හා පදනම තේරුම් ගෙන ඒ අනුව කේන්දරය හිමියාට යහපතක් කළ හැකි ග්‍රහයකු දුර්වලව සිටී නම් එම ග්‍රහයා හඳුනාගෙන ඔහු බලවත් කරනු පිණිස එම ග්‍රහයාගේ ශක්තිය නියෝජනය කෙරෙන මැණික් ගල පැළඳිය හැක. එම ග්‍රහයා කේන්දරයේ බලවත්ව සිටී නම් එවැනි ගලක් පැළඳීමේ අවශ්‍යතාවක් නැත. ඒ ඔහු දැනටමත් බලවත් බැවිණි. එසේම කේන්දරයේ පිහිටීම අනුව අයහපත් ග්‍රහයකු දුර්වලව හෝ බලවත්ව සිටියද එම ග්‍රහයාගේ ශක්තිය නියෝජනය කරන මැණික් ගලක් පැළඳීමේ අවශ්‍යතාවක් නැත. අයහපත් ග්‍රහයකු බලවත් කිරීමෙන් අයහපත තවත් වැඩි වන බව නොකිවමනාය. මැණික් ගල් පැළඳීමේ මූලික සිද්ධාන්තය එයයි. ඒ අනුව බලන විට නවරත්න මුදුවක් පැළඳීම යනු සම්පූර්ණයෙන්ම අර්ථ විරහිත ක්‍රියාවකි. කේන්දරයේ ග්‍රහයන් සියලු දෙනාම යහපත් ස්ථානවලට සම්බන්ධව දුර්වලවී සිටි නම් එවැනි අවස්ථාවක පමණක් නවරත්න මුදුවක් පැළඳිය හැකිය. නමුත් එවන් අවස්ථාවක් ප්‍රායෝගිකව හමු නොවන්නකි. නවරත්න මුදුවෙන් වන්නේ කේන්දරයේ යහපත් ග්‍රහයන් මෙන්ම අයහපත් ග්‍රහයන්ද ක්‍රියාශීලී වීමය. නමුත් වැදගත්ම දේ ලෙඩා මළත් බඩ සුද්ද වූ බෙහෙත මෙන් මුදුව පළඳින්නාට කුමක් වුවත් මුදුව නිර්දේශ කර සාදා දෙන්නාට මැණික් ගලක් දෙකක් වෙනුවට මැණික් නවයක්ම විකුණාගත හැකි වීමයි. ඒ වෙනුවෙන් සාදනු ලබන රන් මුද්දද තරමක් විශාලය. නවරත්න මුද්දේ යහපත් ප්‍රතිඵලය කාටද යන්න ඔබට දැන් පැහැදිලි ද?
සෙනසුරු අපලයට කාක නිල් පැළඳ ගත් අය මට නිතරම හමුවේ. මට එවිට එක්විටම සිතට නැඟෙන්නේ මේ සෙනසුරු අපලය ගෙවිය යුතුම යැයි නියමිත වූ පුද්ගලයන් බවය. කාකනිල නිර්දේශ කළ ජ්‍යොතිෂවේදියාගේ වේශයෙන් පැමිණි සෙනසුරු ඔවුන්ව තම අපලය තුළට සම්පූර්ණයෙන්ම කොටුකර දමා ඇත. සෙනසුරු අපලයක් තිබෙන විට සෙනසුරුව තවත් බලවත් කරන්නේ නැතිනම් කුමටද? අනෙක් කරුණ නම් සෙනසුරු කොතැනක හෝ ගෑවී ඇති ඕනෑම අවස්ථාවක් සෙනසුරු අපලය සේ සැලකීමය. එය ද වැරැදිය. සෙනසුරු හැමවිට ම අපල නොකරයි. සෙනසුරු ඒරාෂ්ටකය පවා අප රටේ සාදනු ලබන්නේ වැරැදි ගණිතයකිනි. ජ්‍යොතිෂවේදීන්ගෙන් සියයට අනූනවයක්ම ඒරාෂ්ටකය යන වචනයේ අර්ථය පවා නිවැරැදිව නොදන්නා බව පැහැදිලිය. සමහරුන් සෙනසුරු ඒරාෂ්ටකයේ දී රජ වූ බව දේශපාලන චරිත අළලා කියැවෙන්නේ ද ඒරාෂ්ටකය හරිහැටි ගණනය නොකරන බැවිනි. සෙනසුරු ඒරාෂ්ටකයේදී කිසිවකු රජ නොවේ. එමෙන්ම ජනප්‍රිය ජ්‍යොතිෂය සැබෑ ජ්‍යොතිෂය ද නොවේ.
ඉහතද මා සඳහන් කළේ එක් තැනැත්තකු පත්මරාග මැණිකක් හා නිල් මැණිකක් සහිත මුද්දක් පැළඳගත් බව මට පැවැසූ බවයි. ජ්‍යොතිෂයේ මූලික සිද්ධාන්ත දන්නා අයකු කිසි දිනෙක මුදුවක් එසේ සෑදීමට නිර්දේශ කරන්නේ නැත. පත්මරාග මැණික පළඳින්නේ රවි ග්‍රහයා වෙනුවෙනි. නිල් මැණික පළඳින්නේ සෙනසුරු ග්‍රහයා වෙනුවෙනි. එකිනෙකාට ප්‍රතිවිරුද්ධ එම ග්‍රහයන් දෙදෙනා වෙනුවෙන් මැණික් ගල් එකම මුද්දක සවිකර පැළඳීම අර්ථ විරහිත ක්‍රියාවකි. රවි ග්‍රහයා ආලෝකය නියෝජනය කරන අතර සෙනසුරු ග්‍රහයා අඳුර නියෝජනය කරයි. එසේම එම ග්‍රහයන් දෙදෙනාම එකවිට බලවත් කරන්නට යාමෙන් කළ හැක්කේ එම පුද්ගලයා පිස්සකු කිරීම පමණි.
ජ්‍යොතිෂයේ මූලික සිද්ධාන්ත පවා හරිහැටි ග්‍රහණය කර නොගැනීමේ විපාකයන් ඔවැනිය. නමට මුලින් හා අගින් නොයෙකුත් ආකාරයේ උපාධි වාසගම් එල්ලා ගත් පමණින් කිසිවකු සැබෑ දැනුමක් ඇති දක්‍ෂ ජ්‍යොතිෂfවිදියකු නොවේ. එයට ඉතා කදිම උදාහරණයක් මේ මොහොතේද මා ඉදිරියේ තිබේ. එක් ලිපියක සඳහන් වන්නේ එක් දක්‍ෂ ජ්‍යොතිෂවේදියකු තමන්ට එරෙහිව තිබූ නඩුවකින් නිදහස් වීමට තවත් පාරම්පරික ගුප්ත ශාස්ත්‍රඥයකුගෙන් උපකාර ලබාගෙන එයින් නිදහස් වූ බවයි. බැලූ බැල්මටම එය රාජතරංගනී තෛලය යයි පවසමින් තෙල් ජාවාරමක් කිරීමට සූක්‍ෂ්මව ගසන ලද ගැටයක් බව අපට ඉතාම හොඳින් පැහැදිලි වුවත් ජ්‍යොතිෂය සම්බන්ධව විධිමත් දැනුමක් නැති පාඨක ඔබ එවන් කතාවක් විශ්වාස කරනු නියතය. මට මෙහිදී අවශ්‍ය වන්නේ වෙනත් යමක් ඔබට පෙන්වා දීමටය. එනම් සැබෑ දැනුමක් සහිත ජ්‍යොතිෂfවිදියෙකුට නඩුවකින් නිදහස් වීමට කිසි දිනෙක වෙනත් ගුප්ත ශාස්ත්‍රඥයකුගේ සහායක් අවශ්‍ය නොවන බවයි. කිසිදු වියදමක් නොදරා කරන්නා වූ ඉතා සුළු පිළියමකින් එය කළ හැකි අන්දම දක්‍ෂ ජ්‍යොතිෂfවිදියකු දනී. ඒ අනුව ජ්‍යොතිෂ විශාරද, ශබ්ද විද්‍යා විශාරද, යන්ත්‍ර මන්ත්‍ර ශිල්පී වැනි ඉතා සුළු මිල ගණන්වලට දැන් කාලයේ අලෙවි කෙරෙන වාසගම් එල්ලාගත් පමණින් කිසිවකු සැබෑ ජ්‍යොතිෂවේදියකු නොවන බව ඔබට තේරුම් ගැනීම අපහසු නැත.
ජ්‍යොතිෂය යනු උතුම් ශාස්ත්‍රයකි. එය භාවිත කළ යුත්තේද එහි පිහිට පතන්නාට යහපතක් කිරීමේ අරමුණින් විනා ඔහුගේ පසුම්බිය හිස්කර තමන්ගේ ප්‍රශ්න නිරාකරණය කරගන්නා අරමුණින් නොවිය යුතුය.

ජ්‍යොතිෂවේදී ජනක මාධව නවරත්න

SendShareShare
Previous Post

දොස් නැති ගෙදරක ප්‍රධාන රහස් පහ

Next Post

මේ සතියේ ඔබට මොකද වෙන්නේ?

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.