• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ආයුර්වේද වෛරස් ගාඩ් එක

May 9, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
ආයුර්වේද වෛරස් ගාඩ් එක
Share on WhatsAppShare on Facebook

මුළු ලෝකයක්ම කතාබහ කරන “කොරෝනා” වෛරසය දැන් ලෝකයම වෙළාගෙන අවසන්ය. මේ වන විට ශ්‍රී ලංකාවටද කොරෝනා යනු දැඩිව බලපෑම් කර ඇති වෛරසයකි. ඉතා කුඩාවට චීනයෙන් ඇරැඹි මේ කොරෝනා අද පුද්ගලයෙකුට මරණය පවා උරුම කරදෙන තත්ත්වයට පත්වීම සුබදායක නැත. මේ අතර එම කොරෝනා අපේ රටට පැමිණීමත් සමඟ “කොත්තමල්ලි” යන වචනයද ඉතා ප්‍රසිද්ධ විය. එපමණක් නොව කොත්තමල්ලි නොබීපු අය පවා අද කොරෝනා නිසා කොත්තමල්ලි උගුරක් බොන්නටද පුරුදු වී සිටියි. සැබෑවටම කොත්තමල්ලි යනු අප හොඳින්ම දන්නා ඖෂධයකි. එසේ නැත්නම් ආහාරයකි. එහෙත් එහි ගුණ අගුණ දන්නෝ සිටින්නේ අඩුවෙනි. ඉතින් අපේ අද කතාව සෑම නිවෙසකම පාහේ තිබිය යුතු කොත්තමල්ලි ගැනය. සැබෑවටම මෙය ඔබ දැනගෙන සිටිය යුතු වටිනා කතාවකි.
අප ශරීරයේ විෂබීජ නසන මෙන්ම ආහාර රුචිය වැඩි කරන කොත්තමල්ලි යනු ආයුර්වේදයේ රෝග රැසකටද සුවය ගෙන එන මහා ඖෂධයකි. සංස්කෘත භාෂාවෙන් “ධාන්‍යක” ලෙස හඳුන්වන කොත්තමල්ලි යන නාමය එදා දෙමළ භාෂාවෙන් ආ නාමයක් ලෙස පැවසෙයි. දෙමළ භාෂාවෙන් මේ කොත්තමල්ලි ශාකය “කොත්තුමල්ලී” හෙවත් “කොත්තමිල්ලෙයි” යන නම්වලින්ද හැඳින්වෙයි. හින්දි භාෂාවෙන් “ධනියා” ලෙසද කොත්තමල්ලි හඳුන්වා තිබේ. මේ අතර එදා අපේ තිබූ පැරණි දේශීය වෛද්‍ය ශාස්ත්‍රයේ “කොතඹුරු” යනුවෙන් හඳුන්වා ඇත්තේද මෙම කොත්තමල්ලිය. කෙසේ වුවද වර්තමානය වන විට කොත්තමල්ලි අප හඳුනාගනු ලබන්නේ නම් කොත්තමල්ලි ලෙසම පැවසුවහොත් පමණි. ඒ හැරුණු විට වෙනත් නම්වලින් හෝ පෙන්නා ඇසුවද කොත්තමල්ලි හඳුනාගැනීම අපේ වර්තමාන සමාජයට නොහැකි වී තිබේ. එය නම් කනගාටුවට කරුණකි.

කොත්තමල්ලි ශාකයක් උපරිම ලෙස අඩි දෙකක් පමණ උසට වැවෙන අතර ශාක පත්‍ර කොළ පැහැයට හුරු කුරුලු පිහාටුවලට සමානය. කොත්තමල්ලි බීජ ගෝලාකාර හැඩයක් ගන්නා අතර ඉතා සුවඳය. මෙහි තෛල පදාර්ථයක් තිබෙන අතර ලාංකීය ආයුර්වේද සිද්ධාන්තයට අනු වාතය, පිත සහ සෙම යන තුන්දොස් සමනය කිරීමට කොත්තමල්ලි යොදා ගනියි. ඕනෑම වයසක අයෙකුට කොත්තමල්ලි ගුණ අතර මේ ශාක බහුලව වගා කෙරෙන්නේ ඉන්දියාවේය. ශ්‍රී ලංකාවේද ඇතැම් ප්‍රදේශවල මෙය වැවෙයි. විශේෂයෙන්ම අලුත් උණ මෙල්ල කිරීමේ ගුණය කොත්තමල්ලි සතු අතර කුඩා දරුවන්ට මෙන්ම ගර්භණී වූ කාන්තාවන්ට පවා කොත්තමල්ලි දීමේ කිසිදු අගුණක් නැත. මේ අතර එදා මව්වරු අලුත උපන් දරුවන්ට හය මසක් පමණ ගිය පසු කොත්තමල්ලි තැම්බූ වතුර තේ හැන්දක් පමණ පොවන බව රහසක් නොවේ. එසේ කිරීමෙන් මව්වරු බලාපොරොත්තු වෙන්නේ කුඩා දරුවන්ට ඇතිවීමට හැකි වෛරස් රෝග වළක්වා ගැනීම සහ එම දරුවාට විශේෂ ප්‍රතිශක්තිකරණයක් ලබාදීමයි.

මෙම කොත්තමල්ලි ශාකයට ඇත්තේ ඉතා දිගු ඉතිහාසයකි. ආරම්භයේදී මැද පෙරදිග රටවලට සහ ඊජිප්තුවට පමණක් ආවේණික වූ කොත්තමල්ලි අද වෙන විට ලෝකය පුරාවට ප්‍රචලිත ශාකයකි. දැනට ලොව පුරා සිදුකර ඇති පර්යේෂණ තුළින් සොයාගෙන ඇත්තේ ප්‍රතිජීවක ගුණයේ සිට පිළිකා නැසීමේ ගුණය දක්වා විශාල පරාසයකට විහිදුණු ඖෂධීය ගුණයක් කොත්තමල්ලි සතු බවයි. මේ අතර ආහාර රසවත් කිරීමේ හා සුවඳවත් කිරීමේ කුළුබඩුවක් ලෙසද මෙම කොත්තමල්ලි හැඳින්වෙයි. මේ අතර ශරීරයේ තිබෙන තුන්දොස් කිපීම් අතරින් ප්‍රධාන වෙන සෙම් කෝපය නිසා වැලඳෙන සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්සට හොඳම බෙහෙත කොත්තමල්ලිය. එවකට ගමේ ගොඬේ තිබූ සෑම නිවසකම කොත්තමල්ලි තිබුණේ එම හේතුව නිසාය. මණ්ඩුකපර්ණී කුලයට අයත් කොත්තමල්ලි ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන්නේ ඣඍෂ්භෘෑඍ ලෙසිනි. විද්‍යාත්මක වශයෙන් සැලකීමේදී කොත්තමල්ලි සතුව ඇති ප්‍රතිප්‍රදාහක ගුණයත් විටමින් ක්‍ අධික වීමත් සහ විටමින් ෑ අඩංගු සංකීර්ණවලින් පරිපූර්ණවීමත් නිසා බටහිර වෛද්‍ය විද්‍යාවේ වුවද කොත්තමල්ලි යනු මහා ඉහළින් පිළිගන්නා ඖෂධයකි.

කොත්තමල්ලි පානයට අපට ලෙඩක් දුකක් තිබිය යුතු නැත. අවශ්‍ය නම් දවසේ තුන්වරුවේම වුවද මෙම කොත්තමල්ලි පානය කළ හැකිය. මේ අතර අපගේ මොළයේ ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වා ගැනීමටත් මුත්‍රා ආසාදන තුළින් සුවවීමටත් කොත්තමල්ලි ඇට තම්බා පානය කිරීම සුදුසුය. එමෙන්ම මිනිස් ශරීරයේ ඇතිවෙන අජීර්ණ, අතීසාර මෙන්ම පාචන අවස්ථාවල ඉරිවේරිය මෙන්ම කොත්තමල්ලි සමව ගෙන තම්බා බීමෙන් සුවය සලසාගත හැකිය. තවද අපගේ ශරිර පද්ධතියේ ක්‍රියාකාරීත්වය ප්‍රකෘතිමත් ලෙස පවත්වා ගැනීමටත් ශ්වසන අපහසුතාවන්, හිසරදය, ඇඟපත දැවිල්ල මෙන්ම මහන්සිය ආදියට ඔසුවක් ලෙසත් කොත්තමල්ලි පානය කළ හැකිය. අම්ලපිත්ත රෝගය සඳහාද කොත්තමල්ලි තම්බා බීමෙන් සුවයක් ඇති වෙන අතර කාන්තාවන්ගේ මාසික වේදනා අවස්ථාව පවා කොත්තමල්ලි කුඩු මේස හැන්දක් පමණ පිරිසිදු වීදුරුවකට දමා පැය අටක් පමණ තබා උදෑසනින්ම හිස්බඩ පානය කිරීම මඟින් සමනය කරගත හැකිය. මේ අතර කොත්තමල්ලි ඇටයේ මෙන්ම කොළයේද බොහෝ ගුණ ඇත. එම කොළ පලාවක් ලෙස සකසා ආහාරයට ගත හැකිය. ආහාර ජීර්ණ ක්‍රියාවලියට එය ඉතාමත් වැදගත්ය.

ශරීර ප්‍රතිශක්තිමය ගුණය ඇති ඖෂධයක් වෙන කොත්තමල්ලි ශාකය අමුවෙන් කොටා ලබාගන්නා යුෂ සමේ ගැල්වීමෙන් සම මතුපිට වියළි බව දුරුවන අතර කුරුලෑවලට එරෙහිව ක්‍රියාකිරීමේ ගුණයක්ද කොත්තමල්ලි සතුය. මේ අතර කොත්තමල්ලි කොළ ග්‍රෑම් පහක් බැගින් දිනපතාම දින හැටක කාලයක් නොකඩවා ගැනීමෙන් ශරිරයේ ඇති කොලෙස්ටරෝල් ප්‍රමාණය අවම කරගැනීමට හැකිය. ඒ හරහා අදාළ රෝගීන්ගේ රුධිරයේ ඇති “ලිපිඞ්පෙරොක්ෂිඬේස්” නම් රසායනය වැඩි වී රතු සෛලවල ක්‍රියාකාරිත්වය මනා ලෙස සිදුවී රෝගී තත්ත්වය පාලනය කරගැනීමට සහ රුධිරයේ නිර්මාණය වෙන “ට්‍රයිගිසලයින්” නම් රසායනය අඩුකර ශරීරයට හිතකර එච්.ඩී.එල්. නම් රසායනය වැඩිකර ගැනීමට හැකි බව පැවසෙයි. තවද අක්මාවේ පිත නිපදවීමේ ක්‍රියාවලිය නිසි පරිදි කිරීම සඳහා කොත්තමල්ලි උපකාරී වෙයි. කාන්තාවන්ගේ මාස් ශුද්ධියේදී රුධිර වහනය සීමාව ඉක්මවා යමින් පිටවන්නේ නම් එය පාලනය කිරීමටද කොත්තමල්ලි ශාකය ආහාරයක් ලෙස පිළියෙල කර ගනියි. මේ අතර කුසගිනි නොඑන විට සහ කෑම අරුචිය ඇති විටෙක කොත්තමල්ලි කොළ ආහාරයට ගැනීම සුදුසුය.

මේ අතර ආහාර නොදිරවන අවස්ථාවලදී මෙම කොත්තමල්ලි බැද හොඳින් කුඩු කර උණුසුම් ජලයට දමා පානය කිරීමෙන් ගුණයක් ලැබෙයි. බඩ පුරවා දැමීමට සහ ඔක්කාරයටද කොත්තමල්ලි පානය ඉතා වැදගත්ය. අර්ශස් සහ පාණ්ඩු රෝගය ඇති රෝගීන්ට වියළි ඉඟුරු, අරළු සහ කොත්තමල්ලි කළං හතරක් බැගින් ගෙන සීනි දමා හෝ නොදමා උදේ සවස පානය කිරීමෙන් සුවයක් ලැබෙයි. රත්පිත් රෝගයෙන් මෙන්ම හෘද රෝගීන්ටද කොත්තමල්ලි කොළ ආහාරයට ගැනීම සුදුසුය. මුඛයේ ඇතිවන තුවාල සඳහාද මෙම කොත්තමල්ලි යුෂ භාවිතා කෙරෙන අතර මුඛ රෝග සමනයට ආයුර්වේදයේ මෙය ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. මානසික ආතතියටද කොත්තමල්ලි යොදාගනියි. සමේ තුවාල සුවකිරීමට මෙන්ම ගර්භණී කාන්තාවන්ට මුල් මාස කිහිපයේ ඇති වෙන වමනයටද කොත්තමල්ලි යොදාගනියි. දියවැඩියාව රෝගීන්ටද කොත්තමල්ලි පානයෙන් රුධිරයේ ඇති “ඉන්සියුලින්” ක්‍රියාකාරිත්වය උත්තේජනය කර රෝගය පාලනය කරගත හැකිය. ඒ එක්කම ලිංගික ශක්තිය වැඩිකර ගැනීම සඳහාද කොත්තමල්ලි පානය වැදගත් අතර එහෙත් දරුවන් සෑදීමේ වයසේ සිටිනා තරුණ පුරුෂ පාර්ශ්වය නම් කොත්තමල්ලි අධිමාත්‍රාවෙන් නොගත යුතුය.
මේ ලියන මොහොතේ ලෝකයම මුහුණපා ඇති කොරෝනා වෛරසය නිසා යළිත් වරක් කොත්තමල්ලි කරළියට පැමිණ තිබේ. එපමණක් නොව බොහෝ අය මේ වෛරසයෙන් බේරීමට උදේ සවස කොත්තමල්ලි පානයට පුරුදුව සිටියි. ඒ හරහා කොරෝනා වෛරසය මර්දනය කළ හැකි බව ඔවුන්ගේ විශ්වාසයයි. සැබෑ ලෙසම කොත්තමල්ලි සතුව විෂබීජ මර්දනය කිරීමේ සුවිශේෂී හැකියාවක් ශක්තියක් තිබේ. එම නිසා උදේ සවස නොව පැයෙන් පැයට මේ කොත්තමල්ලි පානය කළද ශරීරයට එමගින් කිසිදු අගුණක් නැත. වත්මන් සමාජය කොත්තමල්ලි බැහැර කළද එදා සමාජයේ කොත්තමල්ලි යනු රාජකීය ඖෂධයකි. කෙසේ වුවද කොත්තමල්ලි පානය තුළින් කොරෝනා වෛරසය සෑදෙන්නේ නැති බව අදටත් කිසිදු වෛද්‍ය ක්‍රමයකින් හෙළිවී නැත. සැබෑවටම වෛද්‍යවරුන් ඔබට මෙවන් අවස්ථාවක මෙම කොත්තමල්ලි පානය කරන්නට කියන්නේ විශේෂ ප්‍රතිශක්තිකරණයක් ඔබ ශරීරයේ ගබඩා කිරීමටය. ඇතැම් විටෙක ඔබටත් කොරෝනා වෛරසය වැලඳුනහොත් ඒ විශේෂ ප්‍රතිශක්තිකරණය හරහා කොරෝනා හා සටන් වැදීමට ඔබේ ශරීරයට ප්‍රබල හැකියාවක් ඇත. කොරෝනා වෛරසයට කිසිදු ඖෂධයක් සොයාගෙන නොමැති මොහොතක ඔබත් කොත්තමල්ලි පානය කළයුත්තේ එම නිසාය.
රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

බුදු රුවට ජීවය දුන් මහා දානය

Next Post

ශ්‍රී ලංකා වැවිලි ක්ෂේත්‍රය ඉදිරියටම යයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.