වැවිලි ක්ෂේත්‍රය අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස රජය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු කොවිඞ්-19 වසංගතයට එරෙහිව වතු කම්කරුවන් හා බොහොමයක් වූ වතු ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා දැඩි නව පියවරයන් මධ්‍යයේ ප්‍රාදේශීය වැවිලි සමාගම් (RPC)හි මෙහෙයුම් වේගවත් කර ඇති බව වැවිලිකරුවන්ගේ සංගමය (PA) ප්‍රකාශ කර ඇත.
තීරණාත්මක මෙහෙයුම් නැවත ආරම්භ කිරීම සඳහා වැවිලි ක්ෂේත්‍රයට සාර්ථකව අවස්ථාව ලබාදීම පිළිබඳව ක්ෂේත්‍රයේ සියලුම කොටස්කරුවන්ට සහ රජයේ බලධාරීන්ට වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති සුනිල් පොහොලියද්ද මහතා සිය කෘතඥතාව පළ කර සිටී.
“කොවිඞ්-19 වසංගතය දරුණු අතට හැරුණු වහාම මාර්තු 13 වැනිදා වන විට වතුකරයේ වැඩ කටයුතු නවතා දැමුණු අතර දින 4ක බාධාවකින් පසු ප්‍රාදේශීය වැවිලි සමාගම් බොහොමයකට නැවත වැඩ කටයුතු ආරම්භ කිරීමට හැකි විය. මෙයට හේතු වූයේ ප්‍රාදේශීය වැවිලි සමාගම් විසින් සියලුම වතු කම්කරුවන් හා විශාල වශයෙන් ව්‍යාප්තව සිටින වතු ප්‍රජාවට ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම සහතික කරමින් දැඩි සෞඛ්‍ය හා ආරක්ෂිත ක්‍රියාමාර්ග ස්ථාපිත කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ සහාය ඇතිව ගනු ලැබූ සුවිශේෂී පියවරයි.











