• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

දේශපාලන ඉතිහාසයේ නරකම කාලපරිච්ඡේදය

August 22, 2019
in Astrology
Reading Time: 1 min read
A A
දේශපාලන ඉතිහාසයේ නරකම කාලපරිච්ඡේදය
Share on WhatsAppShare on Facebook

රවි මාරුව නිසා කන්නවත් නැති යුගයක් නැවතත්…
හැමෝගෙම මේ දිනවල මාතෘකාව දේශපාලනය. මෙදා ඡන්දෙන්වත් අපිට හරියයිද කියන පැතුම තමයි සාමාන්‍ය ජනතාවගේ ප්‍රධාන කතාබහ වෙලා තියෙන්නෙ. රටට හොඳ වුණොත් අපිටත් හොඳ වෙනවා කියලා හිතන තරමට ජනතාව දේශපාලනය ගැන ලොකු විශ්වාසයකින් ජීවත් වෙන්නෙ අද ඊයේ ඉඳලා නෙවෙයි. අපේ දේශපාලන ඉතිහාසය දෙස බැලුවම හොඳ කාලපරිච්ඡේදවලට වඩා නරක පරිච්ඡේද වැඩිපුර තිබුණදෝ කියලා හිතන අය ඉන්නවා. ඒ වගේම ඊළඟට උදාවන පරිච්ඡේදය කෙසේ වෙයිදෝ කියන දෙගිඩියාව දැන් ඇතිවෙලා තියෙන්නෙත් ඒ පෙර අත්දැකීම් නිසාමයි.
මෙරට දේශපාලන ඉතිහාසයේ නරකම කාලය මොකක්ද? එක එක අයට තම පක්ෂපාතීත්වය අනුව විවිධ පිළිතුරු තියෙන්න පුළුවන්. සාමාන්‍ය ජනතාව විදියට අපේ පිළිතුරු වෙනුවට මෙරට දේශපාලන ඉතිහාසයේ නරකම කාලය මොකක්ද කියලා අපි ප්‍රවීණ ජ්‍යොතිෂවේදී එච්.ඩබ්ලිව්. අඹේපාල මහතාගෙන් අහලා බැලුවා.
මෙරට දේශපාලන ඉතිහාසය පරික්ෂා කළාම 1964 සහ 1974 කාල වකවානුව ඉතාම නරක කාලයක් විදියට හඳුන්වන්න පුළුවන්. දේශපාලනය දෙස බැලුවම ඒ බව හොඳින්ම දැකගන්න පුළුවන් වගේම ජ්‍යොතිෂ විද්‍යාව අනුව දේශපාලනයට සහ රටට නරකම කාලපරිච්ඡේදයක් විදියටත් සලකන්න පුළුවන්. නමුත් කිවයුතු වැදගත්ම කාරණය නම් 1977 දේශපාලන කාලවකවානුවට සමානව අතිශය නරක කාලවකවානුවක්ද උදාවීම නියමිත බවයි. පසුගිය අගෝස්තු 17 වැනිදා සිදුවූ ග්‍රහ මාරුව අනුව ඒ ග්‍රහ බලපෑම 2020 ජනවාරි 20 වැනිදා දක්වා ඉතා විපත්තිදායක ආකාරයට රටටත්, ජනතාවටත් බලපෑම් කරන්නට සමත් තත්ත්වයක් ඇති කරනවා.
77දී සිදුවූ දේශපාලන පෙරළියට සමාන දේශපාලන පෙරළියක් ඇති කරවීමට අගොස්තු 17 වැනිදා සිදුවූ රවි මාරුව ඍජුව බලපෑම් කරනවා. ජීවිත හානි, රටේ කැරලි කලකෝලාහල මෙන්ම ජනතාව අතර සාගත තත්ත්වයක්ද යළි ඇතිවීමේ අවදානමක් තිබෙනවා. 1977න් පසුව උදාවූ දේශපාලන යුගය තුළ ජනතාවට කන්න හාල් ටිකවත් නොතිබුණා සේ මේ උදාවෙන්නේත් එසේ සාගින්න දැනෙන කාලයක්. ඒ කාලයේ නම් මෙතරම් ජනගහනයක් නොතිබුණු අතර දැන් වෙද්දි ජනගහනයත් වැඩිවීම නිසා මේ ගැටලුව ඉතා තදින්ම දැනෙන්න පටන් ගන්නා බව කිව යුතුයි.
ග්‍රහචාරයේ බලපෑම කොතෙක්ද කියfාතත් රට පුරා ස්වාභාවික විපත්වලින්ද දැඩි පීඩා ඇති කරනවා. ජලයෙන්, ගින්දරින්, සාගින්නෙන් කලකෝලාහලවලින් ජනතාව පීඩාවට පත්වෙන මේ තත්ත්වය ජනවාරි 20 වැනිදායින් පසු සුබදායක අතට හැරෙන බවත් කිව යුතුයි. කෙටි කාලයක් වුවත් ඉන් සිදුවන බලපෑම ඉතා දැඩි බව කිවයුතුමයි.
දේශපාලනයට නරකම කාලයක් උදාවෙද්දී ස්වභාවික විපත්වලින් සිදුවන පීඩාව පවා තව තවත් වැඩි වෙනවා මිසක් ඉන් මිදෙන්න තරම් සහනදායී තත්ත්වයක් රටක් වශයෙන් ලබාගත නොහැකි තරමට ජනතාව අසරණ වීම වළක්වන්න නොහැකියි.
මේ තත්ත්වයෙන් යම් තරමකට හෝ සහනයක් ලබාගැනීම සඳහා පුද්ගලයන් වශයෙන් ගුණදම් පින් දහම් ආදියේ නියැලීම ඉතා වැදගත්. හැකි තරම් ආගමානුකූල ජීවිතයක් ගත කරමින් පංචශීලය ආරක්ෂා කරමින් ජීවත් විය හැකි නම් සහනදායී තත්ත්වයක් ඇතිකරගත හැකිවනු ඇත.

SendShareShare
Previous Post

ලංකාවෙ අන්තිම රජ බිසවට මොකද වුණේ?

Next Post

අපල දුරු කරන නෙලුම් මල් පූජාව

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.