• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

කොණ්ඩදෙණිය හිමියන්ට උගුලක්

August 22, 2019
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
කොණ්ඩදෙණිය හිමියන්ට උගුලක්
Share on WhatsAppShare on Facebook

සිය පැවිදි ජීවිතයේ වැඩිම කාලයක් යොදවමින් යන්ත්‍ර මන්ත්‍ර සහ දේශීය වෙදකම උපයෝගී කරගෙන රෝගීන් විශාල ප්‍රමාණයකට සුවය ලබාදීමට කොණ්ඩදෙණියේ හිමියන් කටයුතු කර තිබුණේ බොහෝ කැපකිරීම් කරමිනි. උන්වහන්සේ රැයක් දවාලක් නොබලා ඒ කටයුතු කළේ දැඩි කැමැත්තකිනි. එසේම කිසිදු අවස්ථාවක තමන් කරන දේ මුදලට පාවා නොදුන් උන්වහන්සේ ඇතැම් අවස්ථාවලදී සැතපුම් ගණන් පයින්ම වැඩම කර රෝගීන් සුවපත් කිරීමට කටයුතු කළහ. ඒ සියලු කටයුතුවලින් උන්වහන්සේ බලාපොරොත්තු වූයේ පින් රැස් කරගැනීම පමණි.
දිනක් කොණ්ඩදෙණිය පන්සල් භූමියේ ප්‍රධාන ගේට්ටුව අසල තරුණ වයසේ කාන්තාවක රැඳ සිටිනු දුටු කොණ්ඩදෙණියේ හිමියන් සිය අතවැසි බණ්ඩාට කතා කළේ යම් දෙගිඩියාවකිනි.
“බණ්ඩෝ, ගෙහුන් බලපන් අර ළමිස්සියක් ගේට්ටුව ළඟ කරක් ගහන්නෙ මොකද කියලා”
“එහෙමයි අපේ හාමුදුරුවනේ”
බණ්ඩා කිහිප වතාවක්ම ගේට්ටුව දෙස විපරමෙන් බලා යම් සැකයකින් මෙන් යළිත් කොණ්ඩදෙණියේ හිමියන් දෙස බැලුවෙය.
“අපේ හාමුදුරුවනේ මෙතැන මොනවා නමුත් සිද්ධ වෙනවා කියලයි මට හිතෙන්නේ. මේ ඇත්ති අමුතුයි වගේ පේන්නේ”
“අමුතුයි, අර මොකක්ද අමුත්ත”
“නෑ අපේ හාමුදුරුවනේ මාත් කිහිප වංගියක් ඔය අම්මණ්ඩි දිහා විපරමෙන් බැලුවා. ලෙඩක් දුකක් කියලා නම් පේන්නෙ නැතුවා”
“හ්ම්… ගෙහුන් බලපන් බණ්ඩා. මෙතැන කියෝ කියෝ ඉන්නෙ නැතිව”
කොණ්ඩදෙණියේ හිමියන් බණ්ඩාට තරමක සැර වෙමින් එසේ කියද්දී බණ්ඩා ගේට්ටුව අසලට දිව ගියේය. කාන්තාව බණ්ඩා සමඟ මොන මොනවදෝ කතා කරන අයුරුත් ඉන්පසු දෙදෙනාම පන්සල දෙසට ඇවිද එන අයුරුත් හිමියන් බලා සිටියේ තරමක් විමසිල්ලෙනි.
“බණ්ඩාගෙ අනුමානය හරි වගෙයි. හ්ම්… මේ අම්මණ්ඩි ඇවිත් ඇත්තේ හොඳකට වෙන්ඩ බැහැ. හොඳයි බලමුකො”
කොණ්ඩදෙණියෙ හිමියෝ ඇගේ ගමන් විලාසයත්, අංග චලනයත් නිරීක්ෂණය කර යම් තීන්දුවකට එමින් සිතූහ.
“අපේ හාමුදුරුවනේ. මේ ඇත්තිට ඔබ වහන්සේට කතා කරන්ට ඕනලු”
බණ්ඩා කොණ්ඩදෙණියෙ හිමියන් හමුවට කැඳවාගෙන ආ කාන්තාව හඳුන්වා දෙමින් පසුපසට විය. ඒ මොහොතේ යම් විමසුමකින් ඇය දෙස බැලූ හිමියන් කටහඬ අවදි කළේ ඇගේ දෑස් දෙස එක එල්ලයට බලමිනි.
“මේ ඇත්ති ආවේ මොකටද කිව්වා නම් බලන්ට”
“අනේ හාමුදුරුවනේ මගේ මනුස්සයා මාව දාලා ගිහින් වෙන කෙනෙක් සහේට අරගෙන. මා ගැන වගක් නැහැ. ඒ මදිවාට මාව ගෙයිනුත් පන්නන්ට හදනවා. ගෙදරට හූනියමකුත් කරලා”
“ගෙදරට හූනියමක් කරලා. තමුන් කොහොමද ඒක ටක්කෙටම කියන්නෙ”
කොණ්ඩදෙණියෙ හිමියන් පෙරළා ප්‍රශ්න කරද්දී කාන්තාව යළිත් හඬන්නට පටන් ගත්තාය.
“මට ගෙදර ඉන්ට බැහැ හාමුදුරුවනේ. රාත්‍රියට නින්ද ගියාම කවුදෝ මාව මරන්ට හදනවා. ඇඳෙන් බිමට ඇදලා දානවා. මාව බයකරනවා. මට බයයි හාමුදුරුවනේ. මේ ගෙදරින් එළියට බැහැලා මට යන්ඩ තැනක් නැහැ. මං මේ මනුස්සයා එක්ක ආවේ ගෙවල්වලට විරුද්ධ වෙලා. ඉතින් දැන් මට කවුරුත් නැතිවෙලා තියෙන්නේ”
කාන්තාවගේ කතාව සාවධානව අසා සිටි කොණ්ඩදෙණියෙ හිමියන් බණ්ඩාට හිසින් සංඥාවක් කොට යමක් පැවැසූහ. ඒ අනුව බණ්ඩා උන්වහන්සේගේ අවශ්‍යතාව තේරුම්ගෙන දේව මන්දිරය සූදානම් කර සුවඳ දුම් අල්ලා සුවඳවත් කළේය.
“හ්ම්… ඔය ඇත්තිත් බුද්ධ මන්දිරේට ගිහින් බුදුන් වැඳලා හිත පහදාගෙන ආවා නම් හොඳයි”
හිමියන් කීහ. කාන්තාව ඊට නොකැමැත්තෙන් මෙන් බුද්ධ මන්දිරය දෙසට ඇවිදගෙන යද්දී කොණ්ඩදෙණියෙ හිමියෝ බණ්ඩාට කතා කළහ.
“බණ්ඩා… මේ අම්මණ්ඩිගෙ කරුණු කාරණා ඩිංගක් අමුතුයි වගේ. කොයිකටත් අපි බලමුකො”
හිමියන්ගෙ අනතුරු ඇඟවීම අනුව බණ්ඩාද හිස සැලුවේ යම් සැකමුසු බවක් අඟවමිනි. ඉන් අනතුරුව උන්වහන්සේ දේව මන්දිරය වෙත ගමන් කරද්දී බණ්ඩාද පසුපසින් ගොස් දොරටුව අසල සිටගත්තේය. කාන්තාවද පැමිණ දේව මන්දිරය ඉදිරියේ සිට ගත්තාය.
මන්ත්‍ර කිහිපයක් ජප කරමින් දේව ආරාධනාවක් කළ කොණ්ඩදෙණියෙ හිමියෝ බොහෝ වේලාවකට පසු කාන්තාව දෙස බැලූහ.
“තමුන්ට කෙරෙන්ට ඕනෙ මොකක්ද කිව්වනම්”
උන්වහන්සේගෙ හඬ ගැඹුරුය. කාන්තාව තරමක කලබලයටත් බියටත් පත්වූ බව ඇගේ මුහුණින් පෙනුණේය.
“තමන්ගේ ගේ ඉස්සර ලොකු කොස් ගහක් තියෙනවා නේද?”
“එහෙමයි…”
“ඒ ළඟම තවත් ගහක් තියෙනවා. ඔව්. පොල් ගහක්. ඒකේ රෙදි වැලක් තියෙනවා. මේ වෙලාවේ ගෙදර දොරකඩ කවුරු නමුත් ඉන්නවා. ගැහැනු කෙනෙක්”
හිමියෝ සියල්ල හරියටම පැවැසූහ. ඒ බව වටහාගත් කාන්තාව කලබල වී නළියන්නට පටන් ගත්තාය.
“අනේ හාමුදුරුවනේ අපේ ගෙදරට වැඩම කරලා ශාන්තිකර්මයක් කරදෙන්ඩ. නැත්නම් මට මේ ගෙදර ඉන්න බැරිවෙයි කියලා මට බයයි. ඔබ වහන්සේට පින්. කොහොම හරි මේ හූනියම අයින් කරලා දෙන්න”
කාන්තාව යළි හඬන්නට වූවාය.
“හොඳයි මං ලබන මාසපෝය දවසට එන්නම්. මේ ඇත්ති දැන් යන්ට. එදාට අපි බලමු මොනවද කරන්ට පුළුවන් කියලා”
කොණ්ඩදෙණියෙ හිමියෝ දේව මන්දිරයට වැඳ නමස්කාර කර අවසානයේ එසේ පැවැසූහ. කාන්තාව පිටව ගියේ යම් තරමක නොසන්සුන් බවකිනි. ඇය යමක් සඟවන්නට උත්සාහ කරන බවක් මුහුණේ පෙනෙන්නට තිබිණි.
“බණ්ඩෝ මේ අම්මණ්ඩි කවුරු කියලද උඹ හිතන්නේ”
කාන්තාව පිටව ගිය පසු කොණ්ඩදෙණියෙ හිමියන් ඇහුවේ තරමක බැරෑරුම් ස්වරූපයෙනි.
“හිතාගන්ට බැහැ හාමුදුරුවනේ’
“මේ මනුස්සයා කාගෙ හරි වුවමනාවට එවාපු අම්මණ්ඩියෙක්”
“මොනවා…”
“ඔව්…”
“එතකොට ඔබ වහන්සේ ගෙදරක විස්තරයක් කිව්වේ”
“හ්ම්… ඒ කිව්වේ මේ අම්මණ්ඩිගෙ ගෙදර විස්තර තමයි. මේකේ සුලමුල පාදාගන්න අපි උන්දැගෙ ගෙදරටම යන්ටම ඕන. අවශ්‍ය කරන අඩුමකුඩුම ටික හොයාගන්න එක බණ්ඩාගෙ රාජකාරිය”
“එහෙමයි. එහෙමයි. මං කරන්නම් හාමුදුරුවනේ”
යොදාගත් පරිදි මාස පෝය දිනයේ කොණ්ඩදෙණියෙ හිමියන් බණ්ඩා සමග අදාළ කාන්තාවගේ නිවෙස බලා පිටත් විය. එම නිවසට ළඟාවෙද්දී සවස් කාලය උදාවී තිබිණි. නිවසේ සිටියේ පෙරදා පැමිණි කාන්තාව පමණි.
“පූජා කටයුත්තට මෙතැන සූදානම් කළා හාමුදුරුවනේ. එළිපහළියේ කළොත් අහල පහළ මිනිස්සු දකිනවා. එතකොට සේරම ගම්මු දැනගන්නවා නොවැ”
කාන්තාව පෙන්වූ තැන අවශ්‍ය අඩුම කුඩුම තබාගත් හිමියන් මන්ත්‍ර ජප කරන්නට සූදානම්ව බණ්ඩා අමතා වතුර භාජනයක් ගෙනෙනා ලෙස දැනුවත් කළහ. බණ්ඩා කලබලයෙන් පිටව ගියද යළිත් ආපසු එන්නට ප්‍රමාද වීම හිමියන්ගේ සැකයට හේතු වෙද්දී උන්වහන්සේ හුනස්නෙන් නැඟිට ගන්නට සූදානම් වූයේ බණ්ඩා ගැන සොයා බලන අදහසිනි. එහෙත් උන්වහන්සේට නැඟිට ගන්නට අවස්ථාව නොදුන් කාන්තාව මහ හයියෙන් කෑගසන්නට සූදානම් වුවද සිද්ධවූයේ වෙනත් දෙයකි. ඇය සිටි ඉරියව්වෙන්ම ගල් ගැසුනාක් මෙන් බලා සිටින්නට වූවාය. ඒ අතර පිටතින් විශාල කලබැගෑනියක් ඇසෙන්නට විය. මුලින් දුරින් ඇසුණු හඬ පසුව ළඟින් ළඟින් ඇසී නිවෙස අසලින්ම ඇසෙන්නට විය. පොලිස් නිලධාරීන් පිරිසක්ද සමඟ සිටි පිරිසක් කොණ්ඩදෙණියෙ හිමියන් පාමුල වැඳවැටී සමාව අයදින්නට විය. ඒ මොහොතේ පෙර කී කාන්තාව නින්දෙන් අවදි වූවාක් මෙන් සිද්ධිය මුල සිට පාපෝච්චාරණය කරන්නට පටන් ගත්තාය.
“අනේ අපේ හාමුදුරුවනේ සමාවෙන්ට මං බෑ කියද්දිමයි මේ වැඬේට මාව ගාවගත්තේ. මේ කට්ටඬියා තමයි කිව්වේ ඔබ වහන්සේව මෙහෙම තැනකට ගෙන්නාගෙන මට ඔබ වහන්සේව මේ… මේ…”
කාන්තාව ගොත ගසමින් සියල්ල හෙළි කළාය. අවසානයේ වතුර ගෙනෙන්නට ගිය බණ්ඩා නිවස පිටුපස බැඳදමා සිටියදී සොයාගන්නට පොලිස් නිලධාරීන්ට හැකි විය. ඒ අනුව පිරිස පොලිස් අත්අඩංගුවට පත්වෙද්දී සැප පහසු වාහනයකින් එම ස්ථානයට පැමිණි ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේශපාලනඥයෙක් තමන්ගේ උවමනාවට මේ සියල්ල සිදුකළ බව පාපොච්චාරණයක්ද කළේය.
“හහ්…උන්දලා දන්නෙ නෑ මේ කොණ්ඩදෙණියෙ හාමුදුරුවන්ගෙ හැටි. මම උන්දැල කටින්ම සේරෝම විස්තර වමාරවන්නයි කටයුතු කාරණා කළේ. හහ්… බණ්ඩාට කිව්වාම මොකද ඔය ආපු මන්ත්‍රි තමයි අර කලින් වතාවක දුප්පතුන්ගෙ ඉඩමක් ගන්ට ගෙහුන් මගෙන් මට්ටු වුණේ. උන්දැ ඒකේ වාඩුව ගන්ටනේ ඔය දතකන්ට ඇත්තේ”
කොණ්ඩදෙණියෙ හිමියන් පන්සලට වැඩම කරන අතරවාරයේ බණ්ඩා සමඟ පැවැසුවේ සුපුරුදු සිනහව මුවඟට නංවා ගනිමිනි.
කුමාර රත්නායක

SendShareShare
Previous Post

ලෙයින් කඳුලින් තෙත්වූ අරන්තලාවේ නොදන්න කතාව

Next Post

කඩොල් ඇතා කතරගමින් මතුවෙයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.