• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ලෙයින් කඳුලින් තෙත්වූ අරන්තලාවේ නොදන්න කතාව

August 22, 2019
in Mahawanshaya
Reading Time: 3 mins read
A A
ලෙයින් කඳුලින් තෙත්වූ අරන්තලාවේ නොදන්න කතාව
Share on WhatsAppShare on Facebook

අද කියන කතාව පරණයි. ඒ වගේම නීරසයි. පරණ නීරස දේවල් හාර අවුස්සන්නෙ ඇයි කියල කෙනෙක් අහන්ට පුළුවනි. එහෙම ඇහුවත් ඒක අසාධාරණයි කියල කියන්ට බෑ. ඒත් අපි අහන්ට, දකින්ට අකමැති දේවල් කොච්චරක් කියල මේ රටේ සිද්ධ වෙනවද? මේකත් එහෙම කතාවක්. අපේ සම – හරක් දෙනා මෙහෙම දෙයක් සිද්ධ වුණේ නෑ කියල හිතාගෙන ඉන්නව විතරක් නෙවෙයි. ඒ විදියට හැසිරෙනව. වැඩ කරනව. මේ අතර ප්‍රධාන තැනක් ගන්නෙ දේශපාලුවෝ කියල වැඩි දෙනෙක් කියනව. මුල අමතක කරල ඉහළ නැංග ඉනිමඟට පයින් ගහන එක දේශපාලුවන්ට සුළු දෙයක්. සමාජයේ බහුතරයක් එහෙම කියනව. හුදී ජනතාව එහෙම නෑ. ඒක සතුටක්. වෙන කර කියා ගන්ට දෙයක් නැත්තන් අඩුම තරමෙ “අනේ අපොයි… දෙයියන්ගෙ බුදුන්ගෙ රටේ දි මෙහෙම දෙයක් සිද්ධ වෙනව දකින්ට අපිත් පව් කරල තිබ්බනෙ…” කියල දෑත කම්මුලේ තියාගෙන දුක් වෙනව. හරියටම කියනවා නම්, මේක අවුරුදු 32ට වඩා ටිකක් ඈත මූසල දිනයකදී බුදු පහස ලත් මේ රටේ සිද්ධවුණු මහ පොලොව නූහුලන අපරාධයක්. සාමය අගයන සමස්ථ ලෝක වාසී ජනතාව මහත් කම්පාවට පත්වුණු වෙලාවක්. පරණ පුරුදු විදියටම මේ කතාව පටන් ගන්නෙ මෙහෙම.

“අඩා වෙට්ටුඩා…” කියනගමන් ම බඩ මහත, මුහුණ පළල්, රතුම රතු පාට ලොකු ඇස් දෙකක් තිබුණ, හැඩි දැඩි, කළුම කළු පාට, බියකරු පෙනුම කින් යුත් මහ පත මිනිහෙක් අතේ තිබුණ කඩුවෙන් නායක හාමුදුරුවන්ගෙ ඔළුවට කෙටුවා. අහස උසට ඉහළට ලේ පාර විදිද් දී “මාව මරන්න… පොඩි උන්නාන්සේලාට කරදරයක් නොකර යන්ට අරින්න…” යැයි කී නායක හාමුදුරුවෝ වම් පැත්තෙ වාඩි වී සිටි දම්බරාවේ පොඩි හාමුදුරුවන්ගෙ උකුල මතට වැටුණා.
ලේ පිපාසිත කොටි නායක වේලුපිල්ල් ප්‍රභාකරන්ගේ නියෝගය පරිදි අරන්තලාවේ දී මහා සංඝ සංහාරය ආරම්භ වුණේ එහෙම. එදා එම නියෝගය ක්‍රියාත්මක කරන්ට අණ දුන්න කෙනා පස්සෙදී අපේ රටේ දේශපාලන පක්ෂයක උප සභාපති කෙනෙක් බවට පත් වෙනව. සිරි ලංකාවේ දේශපාලනය එහෙමයි.

ඒක මොක වුණත් අරන්තලා මහා සංඝ ඝාතනයේදී සංඝයා වහන්සේලාගේ ලෙයින් තෙත් වි සේදිලා ගිය ඒ කාෂ්ඨක වධක භූමිය අපේ යතිවරයාණන් වහන්සේ නමකගේ අප්‍රතිහත ධෛර්යය නිසාම සිසිල ගෙනදෙන අපූරු සුන්දර පින් බිමක් බවට පත් වෙනව. ඒ අරන්තලාව ශ්‍රී ඉන්දසාර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය නමින්. මේ පින් බිමේ තොරතුරු සොයා ‘මව්රට’ බින්තැන්න පත්තුවේ අරන්තලාවට ගියා. ඒ 27 මාර්ගයේ අම්පාර සිට කිලෝමීටර් 44ක් ගිය තැන මෙම පිං බිම හමු වෙයි.

කටට හුරු පුරුදු විදියට කියනව නම් සිද්ධියට මුහුණ දුන්නෙ අපේ හෑගොඩ ඉන්දසාර ලොකු හාමුදුරුවෝ. දකුණු ලක හෑගොඩ ගමේදී තෙළිකඩ පල්ලියගුරුගේ කරෝලිස් අල්විස් මැතිතුමාගේ සහ දෝන සිසිලියා අබේසිරි ගුණවර්ධන මෑණියන්ගේ පුතණුවක ලෙස 1932.01.08 දින මෙලොව එළිය දුටු කුල කුමරා බහ තෝරන වියේ සිට පැවිදි වීමට බලවත් කැමැත්තක් දැක්වූ හෙයින් 1944.04.07 දා හෑගෙඩ ශ්‍රී නිග්‍රෝධාරාම පුරාණ විහාරස්ථානයේ දී හෑගෙඩ සුමනතිස්ස නායක හිමිපාණන් වෙතින් පැවිදි බව ලබාගෙන නිසි කලදී මහනුවර මල්වතු මහා විහාරයේ උපෝසථාගාරයේදී උපසම්පදාවට පත් වූහ. නවසිය හතළිහ දශකය වනවිට නැගෙනහිර පළාතට සංවර්ධනයේ හිරු කිරණ වැටෙන්ට විය. ඒ, ඩී.ඇස්. සේනානායකයන්ගේ ගල්ඔය සංවර්ධනයයි. මේ වනවිට දීඝවාපී, ඔවාගිරි, උදයගිරි හැරුණු විට දිගාමඩුල්ලේ සෙසූ ඓතිහාසික සිද්ධස්ථාන නටබුන්ව පැවැතිණි. වැඩ සිටියේ භික්ෂූන් වහන්සේ තෙනමක් පමණි. අලුතින් බිහි වූ ගොවි ජනපද ක්‍රම ක්‍රමයෙන් ජනාවාස වන්නට විය. මංඩලය කොලනිකාරයන්ගේ සෑම අවශ්‍යතාවක්ම පාහේ සපුරා දුන්නද, අවමගුලකදී පාංශකූලය දීමට හෝ හිමිනමක් නොවීය. එය ජනපදවැසියන්ගේ දැවෙන ප්‍රශ්නයක් විය.

නිර්භීතකමත්, චිත්ත ධෛර්යයත් ඇති භික්ෂුවකට විනා අන් හිමි නමකට එදා ගල්ඔය පළාතේ වැඩසිටීම උගහට බව අමුතුවෙන් කිවයුතු නැත. පවතින තත්ත්වය දැන දැනම නෑදෑ හිතවතුන්ගේ විරෝධය නොසලකා හැර මේ අභියෝගය භාරගත් අපේ හෑගොඩ ලොකු හාමුදුරුවෝ නැගෙනහිර පළාතට වැඩමකරවා උහන පළාතට නුදුරුව පිහිටි ගල්කොරිය ගල් ලෙනක් සිය වාසභූමිය කරගන්නව. මිනිස් වාසයක් නැති අලි, කොටි, වලස් වැනි රුදුරු වන සතුන්ගෙන් ගහන, ඝන වනාන්තරයකින් වැසී පැවැති පුරාණ රජමහා විහාරයක යටගියාව කියාපාන නටබුන් ඇති භූමියේ ගල් ලෙනේ වැඩ වාසය කරමින් සිය ආගමික මෙහෙවර ආරම්භ කරනව. ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ වැඩකරන පිං කැමැති දස දෙනෙක් පමණ උන්වහන්සේගේ ඕනෑඑපාකම් පිරිමසිමින් සහාය දක්වා ඇති බව සිහිපත් කරනුයේ ඔවුන්ට කරන ගෞරවයක් ලෙසය. මෙසේ කටුක ජිවිතයක් ගතකරමින් වැඩ වාසය කළ අපේ හෑගොඩ ලොකු හාමුදුරුවෝ 1963දී පමණ අම්පාරට වැඩම කරවා කටුමැටි ගසා පොල් අතු සෙවිලි කරගෙන කුඩා පැළක් අටවා ගත්හ. ඇතැමුන්ගේ දහසක් කෙනහිලිකම්, තර්ජන, ගර්ජන මධ්‍යයේ මෙතැනින් ආරම්භ කළ සිය මෙහෙවර ගම් නියම්ගම් පුරා කොතරම් ව්‍යාප්ත වුයේ ද කියනවා නම් ජනපදයක් පාසා පන්සල් ඉදිකිරිම, කුල දරුවන් සිය ගණනින් පැවිදි කීරීම, කුඩා සාමණේරයන් වහන්සේලාගේ දහම් දැණුම වැඩිදියුණු කිරීම අරබයා පිරිවෙන් ආරම්භ කිරීම, දමිළ භාෂාවෙන් දහම් දෙසීම සදහා උන්වහන්සේලා පුරුදු පුහුණු කිරීම, ධර්ම සහ පිණ්ඩපාත චාරිකා සංවිධාන කිරිම, පෙරහැර පැවැත්වීම, අලුත් සහල් මංගල්‍ය වැනි සංස්කෘතික අංශ පණගැන්වීම, ජාතික සමගිය ඇතිකිරීම සඳහා උරදීම, අපේ පැරැණි උරුමයන් ආරක්ෂා කිරීම ඉන් කිහිපයක්.

අපේ හෑගොඩ ඉන්දසාර නාහිමියන්ගේ ඝාතනයත් සමගම මේ සියලු වගකීම් උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය ශාත්‍රපති කිරිඳිවැල සෝමරතන හිමිපාණන්ගේ කර පිට වැටිණි. දැන් අපි කිරිඳිවැල සෝමරතන හිමියන්ට කන් දෙමු.
අපේ ගුරුදේවයන් වහන්සේ අපවත් වන විට මම විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙ අවසන් වසර. තරුණ භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට ගුරු දේවයාණන් වහන්සේ පවත්වාගෙනගිය සමාජ, ශාසනික, ආගමික මෙහෙවර නොකඩවා ඉදිරියට පවත්වාගෙන යෑම විශාල අභියෝගයක් වුණා. මේ වයසේ කිසිම හිමිනමකට මෙවන් අභියෝගයන්ට මුහුණ දෙන්ට සිදු වුණේ නෑ. එක පැත්තකින් විද්‍යානන්ද පිරිවෙන් සෙවණෙහි අධ්‍යාපනය ලබන කුඩා සාමනේරයන් වහන්සේලා සිය ගණනක්. බිය හා සැකය නිසා ළාබාල සහ තරුණ භික්ෂුන් සිවුරු හැරයාමත්, විහාරස්ථාන අත්හැර දැමීම. වෙන මොක නැතත් සාමනේරයන් වහන්සේලාගේ දානමය අවශ්‍යතාවන් සපුරාදීම හා අධ්‍යාපනික කටයුතු, පිරිවෙන් හා ගුරු දේවයාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැති විහාර, පන්සල්වල කටයුතු. ඊටත් වඩා රට තුළ පැවැති අයහපත් වාතාවරණය යටතේ නාහිමි පවත්වාගෙන ගිය ජාතීන් අතර සමගිය වර්ධනය කිරීමේ කටයුතු මේ අභියෝග අතර ප්‍රධාන තැනක් ගත්තා. මෙහිදී ගිහි පැවිදි විශාල පිරිසක් උදව් උපකාර කළා. ඔය අව් අස්සෙ අපේ කඩාගෙන වැටීම අපේක්ෂා කළ අයත් නැත්තේ නෑ. සෝමරතන හිමියන්ටත් නොදැනිම සුසුමක් පිට වුණා.

කොටි ත්‍රස්තයන්ගෙ තුච්ච ක්‍රියා අතර දළදා මාලිගයට පහරදීම, ශ්‍රී මහා බෝධිය අසල ප්‍රහාරය සහ අරන්තලා මහා සංඝ ඝාතනය ප්‍රධාන අවස්ථා තුනක්. අපේ සම-හරක් දෙනාට දැන් දැන් මේව අමතකයි. ඒත් අපිට එහෙම නෑ. උන්වහන්සේ අතීතය සිහිපත් කළා. පවැති වාතාවරණය යටතේ අරන්තලාව ප්‍රදේශයට යා නොහැකි තත්වයක් තිබුණත් අපි මාසයකට දෙකකට වරක් මහා සංඝ ඝාතනය කළ තැනක ගසක සිවුරක් ගැටගසා ඒමට අමතක කළේ නෑ. මතු පරපුරේ දැනගැනීම සදහා මෙම ස්ථානයේ පූජා භූමියක් ඉදිකිරීම අපේ එක් හීනයක් වුණා. පාලකයන්ගේ ඇස් ඇරවා රටේ තවත් මෙවැනි සිද්ධි ඇති නොවීමට වගබලා ගැනීම, ජාතික හා ජාත්‍යන්තරයට පිළිතුරක් දීම, අපවත් වූ හිමිවරුන්ට, ගිහියන්ට සහ රණවිරුවන්ට දිවා රාත්‍රී පින්පෙත් අනුමෝදන් කිරීම අපේ අරමුණු අතර ප්‍රධාන තැනක් ගත්තා. පළමුව අපි පාරේ දකුණුපස ගුරු දේවයන්ගේ පිළිරුවක් නිර්මාණය කර 2009 වසරේ පැවැති ගුණ සමරු පින්කමේදී විවෘත කළා. මූර්ති ශිල්පියා පාලිත ජයසේකරයන්. ත්‍රිවිධ හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලිසිය සහ ග්‍රාම ආරක්ෂක බළකාය උදව් උපකාර කළා. එහිදී සිංහ ගම්මානයෙන් අපිට නිවසක් දුන්නා. අපි එම නිවෙසේ වැඩ සිට ඉදිරි කටයුතු කළා. මේ කටයුතුවලදී අපට උදව් උපකාර කළ කණ්ඩායමක් හිටියා. ඇතැම් භික්ෂුන් වහන්සේලා ඇතුළු ඇතැම් රාජ්‍ය නිලධාරීන් හරස් කැපුවා. කකුලෙන් ඇද්දා. ඒත් අපි බලෙන් හා හිතේ හයියෙන් වැඩ කටයුතු කරගෙන ගියා. සෝමරතන හිමියෝ උපේක්ෂාවෙන් යුතුව අතීතය සිහිපත් කළා.

අම්පාරේ දැයට කිරුළ අවස්ථාවේදි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අපේ අරමුණ පැහැදිලි කළා. එතුමාගේ මැදිහත් වීමෙන් බදුල්ල ප්‍රදේශයේ වැඩපොළක තිබූ සිද්ධියට මුහුණ පෑ බස් රථය ලබාගත්තා. කඩවත මූර්ති ශිල්පි අනිල් මහතා ස්මාරකය හැදුවා. පැවැති රාජපක්ෂ රජය විය හියදම් දැරුවා. ඉඩම් වෙන්කර දුන්නා. අවුරුදු පහක් තිස්සේ වැඩ කරලත් ඉවර කරගන්ට බැරිව සිටි අනුස්මරණ ශාලාවේ වහලයට අවශ්‍ය උපකරණ සියල්ල මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා දුන්නා. ඉන්දියාවේ බුද්ධගයා බෝධින් වහන්සේගේ ශාඛාවක් හල්පිටිගල අස්සජි නාහිමියන්ගේ මැදිහත්වීමෙන් වැඩමකරවා අස්ගිරි පාර්ශවයේ උඩුගම බුද්ධරක්ඛිත නා හිමි දෑතින් රෝපනය කළා. මහනුවර වසන්ත කොඩිතුවක්කු මහතා බෝධි ප්‍රාකාරය බැඳ දුන්නා. දැන් සංඝාවාසයක් හදාගෙන යනවා.

අරන්තලාව ගම්වැසියන් නැතිබැරිකමින් පෙළෙන අහිංසක ජන කොටසක්. ඔවුන්ට දානමාන හෝ සිව්පස ලබාදීමේ හැකියාවක් නෑ. ස්මාරකය නැරඹීමට පැමිණෙන සැදැහැවත්තු පිරිනමන දෙයින් ඉතාමත් අමාරුවෙන් නඩත්තු කරනවා. දිවා රාත්‍රී දෙකේම වල් අලි එනවා. ඒ නිසා වැඩසිටින හිමිවරුන්ගේ ජීවිතවලට පවා දැඩි අවදානමක් තියෙනවා. අලි වැටක් හදල දෙනව නම් ලොකු පිහිටක්. දැනට නල ළිං ජලය ප්‍රයෝජනයට ගන්නවා. නුවරගලතැන්න පාසල දක්වා ජල සම්පාදන මංඩලයේ ජල පහසුකම් ඇතත් එතැන සිට කිලෝමීටරයක දුරින් ඉන්න අපිට ජල පහසුකම් නෑ. මේකත් නොකියම බෑ. දුගී දුප්පත් ජනතාවගෙ පිහිටෙන් මහා සංඝයා වහන්සේලාගේ ලෙයින් තෙත්වුණ වධක භූමිය දහම් සිසිල ගෙනදෙන පින්බිමක් කළත් ගුරු දේවයාණන් වහන්සේගේ පිහිටෙන් මැති ඇමැතිකම් ලබාගෙන සුඛෝපභෝගී දිවි පෙවතක් ගත කරන අම්පාර දිස්ත්‍රික්කයේ එකම දේශපාලකයෙක් හෝ මේ සඳහා එක රුපියලක් දුන්නේ නෑ.
කතාව හා පින්තූර ගල්ඔය නිළමේ

SendShareShare
Previous Post

උඩරට ඉඩම්වල පන්සලේ උරුමය

Next Post

කොණ්ඩදෙණිය හිමියන්ට උගුලක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.