ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සමාගමක් වන පැල්වත්ත ඬේරි ඉන්ඩස්ටී්‍රස්, කිරි නිෂ්පාදනයේදී ඉහළම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කරන බව සහතික කිරීම පිණිස අත්‍යවශ්‍ය සියලු සෞඛ්‍ය හා පූර්වාරක්ෂක ක්‍රියාමාර්ග ගෙන තිබේ.
කිරි එක්රැස් කිරීමේ කාර්යය අඛණ්ඩව සිදු කරන සමාගම, මෙම අර්බුධකාරී අවස්ථාවේ දේශීය කිරි ගොවීයන් අසීරුතාවට පත් නොකර, ඔවුන්ගේ ජීවන තත්ත්වය සුරක්ෂිත කිරීමට හැකිව තිබේ. කිරි එක්රැස් කිරීමේ කාර්යයේදී කොවිඞ්-19 වැළක්වීමේ පූර්වාරක්ෂක ක්‍රමවේද සම්බන්ධයෙන් දී ඇති උපදෙස් අනුගමනය කිරීමට විවිධ පියවර පැල්වත්ත කළමණාකාරිත්වය විසින් ගෙන ඇති අතර, පුද්ගල දුරස්ථතාවය පවත්වා ගනිමින් කටයුතු කිරීම සඳහා ඉහළම අවධානයක් යොමු කර තිබේ.
“කිරි නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛයෙකු ලෙස, මෙම අර්බුධකාරී අවස්ථාවේ කොවිඞ්-19 ව්‍යාප්තිය පාලනය කිරීමට ගත හැකි සුදුසුම ක්‍රියාමාර්ග අනුගමනය කරමින් රජයේ කාර්යභාරයට සහය දක්වන බව සහතික කිරීමටත්, නිෂ්පාදනාගාරයෙන් ඇතුළතට හා ඉන් පිටතට කොවිඞ් – 19 ව්‍යාප්ත වීම වැළක්වීමටත් පැල්වත්ත සමාගම පියවර ගෙන ඇති බව පැල්වත්ත ඬේරි ඉන්ඩස්ටී්‍රස්හි කළමණාකාර අධ්‍යක්ෂ අක්මාල් වික්‍රමනායක සඳහන් කළේය.











