• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

පරසතුරන් දණගැස්සවූ රණවිරුවන්ගෙ හෙළ උරුමය

August 22, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
පරසතුරන් දණගැස්සවූ රණවිරුවන්ගෙ හෙළ උරුමය
Share on WhatsAppShare on Facebook

වර්තමානයේ තරුණයන් අතර ඉතා ජනප්‍රිය සටන් කලා රාශියක් ඇත. බොක්සිං, ජූඩෝ, කුංග්ෆු, වුෂූ, කරාතේ ආදී නම්වලින් ඒවා හැඳින්වේ. අතීතයේ සිට මහනුවර යුගය දක්වා මෙහි පැවැතියේ රාජාණ්ඩු පාලනයකි. මේ නිසා රජවරුන් අතර පාලන තන්ත්‍රය සම්බන්ධයෙන් නොයෙක් සටන් පැවැත ඇත. ඒ නිසා සටන් ක්‍රම පිළිබඳ පුහුණුවක් අතීතයේ පටන් මෙහි තිබී ඇත. ඒ අතර වැදගත් සටන් කලාවක් ලෙස අංගම්පොර සටන් කලාව නම් කළ හැකිය. අංගම්පොර පමණක් නොව ජවසම්පන්න විවිධ සටන් කලා දත් පිරිස් එකල රාජ්‍ය සේවයට බඳවා ගත්තේ රාජ්‍යයේත් රටවැසියාගේත් ආරක්ෂාව උදෙසාය. එපමණක්ම නොව මෙම අංගම්පොර සටන් කලාව රජුගේ විනෝදය පිණිස කළ ක්‍රීඩාවක් බවත් විශ්වකෝෂයේ දක්වා ඇත.
අංගම්පොර යනු හුදු ක්‍රීඩාවක් නොවේ. එය සටන් කලාවකි. බොහෝ දෙනා අතීතයේ පටන් අංගම්පොර බැලීමට මහත් අභිරුචියක් දැක්වූහ. ශරීර සෞඛ්‍ය ආරක්ෂා කරගැනීම පිණිස අතිශයින් වැදගත් ක්‍රීඩාවකි මේ. අංගම්පොර සටන් කලාවේ ආරම්භය දෙස හැරී බැලුවහොත් එය රාවණ රජුගේ අවදිය දක්වා ඈතට දිවයයි. මහාවංසයට අනුව මහින්දාගමනයෙන් පසු සංඝමිත්තා තෙරණිය සමග බෝධි ආරක්ෂක කුල පැමිණි අතර මේ සමග මෙකී ශිල්පයේ පුහුණුව ලැබූ පිරිසක් මෙහි පැමිණෙන්නට ඇත. ශතවර්ෂ ගණනාවක් පැරැණි සටන් කලාවක් ලෙසත් ජාතියේ ප්‍රෞඪත්වය සංකේතවත් කරන උරුමයක් ලෙසත් මෙය නම් කළ හැකිය.
සුමංගල ශබ්දකෝෂයේ දක්වන්නේ එකෙකුගේ මරණය සිදුවන තුරු හෝ අතපය රිදෙන තුරු කඩුමුගුරු ආදී අවි භාවිත කරමින් සටන් කිරීම, දෙදෙනකු අතර කෙරෙන කඩු හරඹය අංගම්පොර වන බවය. ජාතක අටුවා ගැටපදයේ මල්ලවපොර බැඳීමට පිළියෙළ කළ ස්ථානය ‘අක්ඛවාට’ නමින් හඳුන්වා ඇත. අංගම්පොර පිළිබඳ වංසකතාවලද බොහෝ තැන්හි තොරතුරු ඇතුළත් වේ. දුටුගැමුණු රජුගේ දසමහා යෝධයන් කායබල ශක්තියෙන් හා යුධ ශක්තියෙන් සමන්විත වූ පිරිසක් වූ බවත් සිවුවැන විජයබාහු රජු විචිත්‍රාකාරයෙන් සැරසූ අසුන් ඇතුන් රැගත් පෙරහැරකින් නගරයේ වූ සැණකෙළි නැරැඹීමට ගියබවත් ඒවායෙහි ඇතුළත්ය. ඇතැම් විට මේ සැණකෙළි අතර අංගම්පොර ක්‍රීඩාව ද තිබෙන්නට ඇත. දුටුගැමුණු රජුගේ සේනාවෙහි සිටි ථේරපුත්තාභය තෙරුන් ගෝඨයිම්බර යෝධයාට විහාරස්ථානයේ දී දැඩි ලෙස පහර දුන් කතාවක් ජන සාහිත්‍යයේ එයි.
අංගම්පොර පිළිබඳ රාජාවලියේ ද කරුණු එයි. ‘උඩරට රජ කරන සෝජාත සිටු රජ අවුරුදු පතා එවන අයබදු නේවා වැඩ කරන මිනිසුන් නේවා ප්‍රමාද කර අංගම්පොර ඇර ඉඳිනා බව අසා’ යනුවෙන් එහි දැක්වේ. එහි තවත් තැනෙක ‘ රජතෙම සිංහානුගතව පනං අනුත් ගස්වමින් අංගම්පොර මල්ලවපොර දැක’ යනුවෙන් ද දැක්වේ. මේ දැක්වෙන්නේ අංගම්පොර පිළිබඳවය. අලකේෂ්වර යුද්ධය නම් කෘතියේ ඉලංගම් පනික්කිවරුන් ගැන කියැවෙන අතර එය ද අංගම්පොර සටන් කලාව හා සම්බන්ධ රජු ප්‍රීති ප්‍රමෝදයට පත් කළ ක්‍රීඩාවකි.
17වැනි සියවසේ රචනා කළ ‘මග සලකුණ’ නම් කාව්‍ය කෘතියේ,
‘අංගම්පොර අරින පෙර සෙබළුන් එවට
අංගම්මැඬිල්ලෙන් එළි බසු වී සතුට’
යනුවෙන් දැක්වේ. එසේම ‘සීතාවක හටන’ නම් ග්‍රන්ථයේ ‘ඉලංගම් හරඹ හා කඩුපලස් හරඹ’ ගැන තොරතුරු ඇතුළත් වේ. කෝට්ටේ යුගය බොහෝ අංශ අතින් වැදගත් කාල වකවානුවක් වන අතර ඒ අවදියේ ‘සුදනිය පරම්පරාව, මරුවල්ලියේ පරම්පරාව’ යනුවෙන් අංගම්පොර හා සම්බන්ධ ගුරුකුල දෙකක් ජනප්‍රියව පැවති බව දැක්වේ. මේ පරම්පරා දෙකේ ප්‍රධානීන් ලෙස පිළිවෙළින් සුදනියේ පනික්කිරාළ හෙවත් සුදනියේ මුහන්දිරම්ද මරුවල්ලියේ පනික්කිරාළ හෙවත් මරුවල්ලියේ මුහන්දිරම් යන දෙදෙනා කටයුතු කර ඇති බව සිංහල විශ්වකෝෂයේ දැක්වේ.
උඩරට රාජ කුමාරවරුන්ට සටන් පුහුණු කිරීම සඳහා ඉලංගම් මඩු තිබී ඇත. මේ නමින් හඳුන්වා ඇත්තේ රජුගේ නාටිකාංගනාවන් පුහුණු කිරීම හා යුද්ධ හරඹ පුහුණු කිරීම කළ ස්ථානයයි. කෝට්ටේ අවදියේ සිට මහනුවර අවදිය දක්වා අංගම්පොර කලාව ජනප්‍රිය තත්ත්වයේ පැවැති බව පැහැදිලි වේ. ගිරි තවුසා හා පළමුවැන විමලධර්මසූරිය රජුගේ සේනාව අතර ඇති වූ යුද්ධයකදී අංගම්පොර සටන තිබුණු බව මන්දාරම්පුර පුවත කාව්‍ය කෘතියේ අන්තර්ගතව ඇත.
‘එ විලස සීහල සෙන‘ග ද එඩිතර වෙමින
අංගම් මැඩ පෙරළා අංගම් යවන
හරිමින යකුන් අවතාර ද කර යවන
ඇන කොටමින් විස ගිනිසැර නෙක යවන’
එපමණක් නොව අංගම්පොර සටන් කලාව දත් ආචාර්යවරුන් අල්ලා ඔවුන්ට හිරිහැර කළ බව මේ කෘතියේම අන්තර්ගත වේ.
‘අංගම් හරින ඇදුරන් දැන- අල්වා උන් හැඳි පිළියෙන
පන්දම් ලෙස ගල්වා තෙල්- තැන් තැන්වල ගිනි ලවමින’ යනාදි ලෙසිනි.
17වැනි සියවසේ දී අංගම්පොර සටන් කලාව ඉගැන්වීමට මහනුවර ප්‍රදේශයේ අංගම්මැඬිල්ල නම් ස්ථානයක් වෙන්ව තිබූ බව මූලාශ්‍රවල සඳහන් අතර එච්.සී.පී. බෙල් මැතිඳුන් කළ කෑගලු වාර්තාවේ ද මේ ගැන අන්තර්ගතය.
බි්‍රතාන්‍ය යටත් විජිත කාලයේ දී අංගම්පොර සටන්කරුවන්ට දණහිසින් පහළට වෙඩි තැබීමට නීති සම්පාදනය කර තිබූ අතර අංගම්පොර සටන් කලාවේ පතළ චරිත ලෙස ලෙව්කේ දිසාව, කප්පාගොඩ රාළ, බෝගමුවේ රාළ, කුරුවිට රාළ, වීර කැප්පෙටිපොල, වීදියබණ්ඩාර ආදී පිරිස් දැක්විය හැකිය. ඒ කාලයෙහි අංගම්පොර සටන් කලාවේ ජනප්‍රියත්වය දළදා මාලිගාවේ සිතුවම, මිහින්තලා නාගපොකුණේ කැටයම, ඇම්බැක්කේ දේවාල කැටයම, හඟුරන්කෙත තිර රෙදි චිත්‍රය, කුරුණෑගල රිදී විහාර සිතුවම ආදී තැන්වල අදාළ නිර්මාණවලින් පැහැදිලි වේ. මහනුවර දළදා මාලිගයේ පංචනාරි ගැටය, නවනාරි ගැට, හංසපූට්ටු, ඇම්බැක්කේ දේවාලයේ හස්තු නාරි කුඤ්ජර අංගම්පොරයට යන සෙබළ පනික්කියකුගේ කැටයම ආදිය මගින් ද අංගම්පොර සටන් කලාව අධ්‍යයනයේදී සම්බන්ධ කරගත හැකි කලා කෘති වේ.
අංගම්පොර සටන් කලාව ආරම්භ කරන්නේ ආගමානුකූල ස්වරූපයකිනි. එය අතිශයින් වැදගත් කොට සැලකිය හැකිය. කෙටි භාවනාවකින් අනතුරුව දෙවි නමැදුම, ගුරු නමැදුම, පූර්ණ නමැදුම, තුම්මුල්ල, හතරමුල්ල, අටමුල්ල, නිල කලා ශිල්පය, දහසයමුල්ල, දහසයමුල්ල 1,2,3, සර්වපූර්ණ මුලපිරුම, අඩිමාරු, සරඹ, පොලු හටන්, එතුණු පුරුට්ටුවාලෙ යනාදී අංශ යටතේ සිදුවේ.
අංගම්පොර සටන් කලාවේදී පහර අටක් ක්‍රියාත්මක වන අතර අත්පහර, පා පහර, දිග්ගුටිය, ඉදිරිපස පය හතර, වැලමිටි පහර, ඇතුල්පැති පහර, එඩි පහර, විලුඹ පහර, උඩු වැලිමිටි පහර, පැති පහර හතර යනු ඒවා වෙයි. මෙහි අත් පහරවල් හතරක් ඇති අතර ඒවා දිග්ගුටිය, හරස් ගුටිය, ඉස් ගුටිය, කැපුම ලෙස හැඳින්වේ. එසේම සටනේ දී වක් ආයුධ, චක්‍ර ආයුධ, දිග් ආයුධ, මොට්ට ආයුධ, කුංචනාද යන අවි ද කඩු, පිහි, කිණිසි, පොලු, හෙල්ල, කලා කිරිඤ්ඤය, ගර්ගන් මන්නය, තෝමරය, පාරා වළල්ල, වේලායුධය යන උපකරණ භාවිත කෙරේ. දඹදෙණි අස්නේ දක්වා ඇති පරිදි අංගම්පොර සටනට පෙරාතුව ‘වහසිබස් දොඩන’ අතර ලී, යකඩ, ලෝහ, රිදී, රනින් කළ මුගුරු භාවිත කළ බවට සාධක හමුවේ.
සිංහල ත්‍රාසජනක ක්‍රීඩා නමැති ග්‍රන්ථයේ,
‘දෙන්නා දෙපොලේ මුල් තැනින් ලත් රාජ භෝජන බුදමින
ගෙන්වා උර මාල බඳපටි ඉනේ දියකච්චිය ද අඳිමින
ඇන්න සුරතින් ගුටියෙ සබයේ වහසි බස් වා පොරට වදිමින
දුන්න පාරට මූණ බිඳ ලේ කුණ්ඩසාලයෙ මළුවෙ හැමතැන’
යනුවෙන් මෙකී සටන් කලාව ගැන දැක්වේ. නිලවලට පහරදීම මෙකී සටන් කලාවේ ප්‍රධාන ඉලක්කයක් වන අතර එකී නිල 108කි. ඒවායින් ඇතැම් නිල මාරාන්තික වේ. ඇතැම් නිලවලට පහර දීමෙන් සිහිවිකල් වීම, මානසික ආබාධ ඇතිවීම, වෙනත් අතුරු ආබාධවලට ලක්වීම ආදී තත්ත්වවලට මුහුණදීමට සිදුවේ. මෙම නිල මරු සංඥා නිල, විසංඥ නිල ලෙස කොටස් දෙකකට බෙදේ. මෙම සටන් කලාවේ තවත් සුවිශේෂ කරුණක් වන්නේ මෙකී සටන් ක්‍රමයෙන් පහර කෑ පුද්ගලයා සුවකිරීම පිණිස වෙදකමද උගන්වන බැවිනි. එයද මේ සටන් කලාවේ එක් අංගයකි.
අංගම්පොර සටන් කලාව මනාව ප්‍රගුණ කළ අයෙක් තමා අනෙකාට වඩා දක්ෂ බව හැඟවීමට අවශ්‍ය යැයි ගුරුවරයාට දන්වා සිටි කළ රියන් 30ක් පමණ දිග, රියන් 7ක් පමණ ගැඹුර ඌරාළිඳ නමැති වළක දෙදෙනා සටන් කළ යුතුය. පහර කෑ විට මෙම වළෙන් පැන යාමට නොහැකි වන බැවින් මරණයෙන් අවසන්වේ. පසුව ජයග්‍රාහකයාට ගම්වර හා තනතුරු මෙන්ම තුටුපඬුරුද රජුගෙන් හිමිව තිබේ.
පූජ්‍ය පදියතලාවේ ඤාණවිමල හිමි

SendShareShare
Previous Post

ලංකාවේ අය රජ වුණේ කොහොමද

Next Post

උඩරට ඉඩම්වල පන්සලේ උරුමය

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.