• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

උඩරට ඉඩම්වල පන්සලේ උරුමය

August 22, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
උඩරට ඉඩම්වල පන්සලේ උරුමය
Share on WhatsAppShare on Facebook

උඩරට රාජධානි සමය ආරම්භ වන්නේ සීතාවක යුගයෙන් අනතුරුවය. සීතාවක රාජසිංහ රජුගේ මරණයෙන් පසු සීතාවක රාජ්‍ය පරිහානියට පත්වී උඩරටට බලය හිමි වූ අතර පළමුවෙන්ම එහි අභිෂේක ලැබූයේ කොනප්පු බණ්ඩාරයි. ඒ පළමු වැනි විමලධර්මසූරිය යන නාමයෙනි. ඉන් පසුව රජවරුන් කිහිපදෙනකු උඩරට පාලනය කර ඇත. මේ සමයේ පරංගීන්, ලන්දේසීන් හා ඉංග්‍රීසීන්ගේ ආගමන අනුපිළිවෙළින් සිදුවූ අතර ඔවුන්ගේ බලපෑම නොඅඩුව පාලන තන්ත්‍රය කෙරෙහි ලැබී ඇත. මේ කාලයේදී මෙලෙස පාලන තන්ත්‍රයට විදේශිකයන් බලපෑම් කළ නිසා මෙහි ආගම, සංස්කෘතියද විචල්‍යතාවලට හසු විය.
බෞද්ධ භික්ෂූන් වහන්සේ පිළිබඳ සැලකීමේ දී මේ කාලයේදී පිරිහුණු තත්ත්වයට පත්ව තිබුණු බව පැහැදිලිය. පළමුවැනි විමලධර්මසූරිය රාජ්‍ය කාලයේ හා ඒ ආසන්න කාලයේ මෙකී පරිහානිය සිදුවුණා යැයි නිශ්චිතවම කිව නොහැකි වුවද පරිහානීය ලක්ෂණ ක්‍රමයෙන් උද්ගතවන්නට ඇත. 18 වැන සියවස උදාවත් සමග ‘ගණින්නාන්සේ’ නමින් පිරිසක් බිහිවන්නේ මෙකී පරිහානියේ ප්‍රතිඵල වශයෙනි. කෙසේ නමුත් මෙහිදී උන්වහන්සේලාගේ ක්‍රියාකලාපය පිළිබඳ හඳුනාගත හැකි එක් අවස්ථාවක් වන්නේ ඉඩම් භුක්තියයි.
ඉඩම් භුක්තිය ගත් කල්හි එය විවිධ ප්‍රභේද යටතේ ගත හැකිය. එහි එක් භුක්ති ක්‍රමයක් වන්නේ විහාර දේවාලගම් ඉඩම් භුක්ති ක්‍රමයයි. විහාරගම් යනු විහාරස්ථානවලට හිමිව තිබූ ඉඩම් වන අතර දේවාලගම් යනු දේවාල සඳහා ලබාදී තිබූ ඉඩම්ය. මේ කාලයේදී විශාල ගම්බිම් ප්‍රමාණයක් අයත්ව සිටි භික්ෂූන් වහන්සේලා දැකගත හැකිවේ. මයිකල් රොබට්ගේ නිරීක්ෂණයට අනුව 1856-1868 කාලය තුළ සබරගමු පළාතේ ඉඩම්වලින් සියයට හැටක ප්‍රමාණයක් බෞද්ධ විහාරස්ථානවලට අයත්ව තිබූ බව හඳුනාගෙන ඇත. විහාරගම් යනුවෙන් හඳුනාගැනෙන්නේ මෙකී ඉඩම්ය. දේවාලගම් යනු විහාරස්ථානවල ඇති දෙවිවරුන්ට අයත් වූ දේවාලය.
අතීතයේ පටන් මෙරට පාලකයන් භික්ෂුන් වහන්සේලාගේ ප්‍රත්‍ය පහසුව සඳහා බොහෝ කටයුතු සිදුකර ඇති බව පෙනේ. උන්වහන්සේලාට අවශ්‍ය සිවුපසය නොඅඩුව ලබාදීමට වෙහෙස ගත් රජවරුන් අපගේ ඉතිහාසයේ අඩු නොවේ. මුල් කාලයේ සිටම භික්ෂුන්ගේ පහසු විහරණය සඳහා මෙසේ විහාරගම් පූජාකොට ඇති බව නොරහසකි. මිහින්තලා සෙල්ලිපිය, තෝනිගල සෙල්ලිපිය මේ සඳහා කදිම නිදර්ශන සපයයි.
විහාරගමක වැඩවාසය කරන භික්ෂුන් වහන්සේ අදාළ ප්‍රදේශයේ වාසය කරන ගැමියන් සමග සමීප සබඳතා පවත්වති. විහාරය සතු ඉඩකඩම්වල ගැමියන් වගාකටයුතු සිදුකරන අතර අස්වැන්නෙන් කොටසක් විහාරයට පූජා කරන බව එදා පමණක් නොව අදත් සිදුවේ. මෙසේ පූජා කරන්නේ විහාරස්ථානයේ නඩත්තුව උදෙසාය. අතීතයේ අද මෙන් දියුණු වාතාවරණයක් නොතිබුණු අතර වර්ෂයක් පාසා විහාරස්ථානය පිළිසකර කරගත යුතුව පැවැතිණි. ඒ සඳහා උක්ත ඉඩම්වල අස්වැන්නෙන් ලබාදෙන කොටස භාවිත විණි. එපමණක් නොව විහාරයට අයත් ඉඩම්වල ගැමියන් පදිංචි වී සිටි බව පෙනේ. මේ සඳහා කදිම නිදසුනක් සපයන්නේ සබරගමු ලේඛන මිටියයි. එකී ලේකම් මිටියේ ගනේගම පැල්මඩුල්ලේ විහාර වසම්, මෙම කෝරළේ කුන්තභාර නම් වන කුන්තා විදානේ, කුඩම් නයිදේ තුන්බෝවිල, නයිදේ දෙවන, ගම්මහ වෙල්ලගම් හේවයා, උඩපැළුවේ තෙබ්බේ වෙලයා ආදී නම්වලින් හඳුනාගැනෙන්නේ ඉඩම් භුක්තිය ලබාගත් පිරිස පිළිබඳයි.
විහාරගම්වල ඉඩම් භුක්තිය සඳහා ඉඩම් ලබාදීමේදී වැඩි වශයෙන් ඒවා ලබාදී ඇත්තේ උසස් කුලයේ පිරිසටයි. ලේකම් මිටි පරිශීලනයෙන් පෙනීයන්නේ ඒවායේ උසස් කුලවලට අයත් පිරිසේ නාම අධික ලෙස තිබෙන බවත් පහත් යැයි තත්කාලයේ සම්මත කුලවල අයගේ නාම අඩු බවත්ය. නායක්කාර රදළවරු, ගම්ලද්දෝ, ගල්ලද්දා, ගන්නිල ගම්මහෙ මුදලි, නයිදෙ, නයිදහාමි, රාළ, අප්පුහාමි, ආරච්චි, ආරච්චිල, බ්‍රාහ්මණ, කංකානම, මුහන්දිරම් වැනි සියලුම තනතුරු නාම ගොවි කුලීනයන් සඳහා යොදා ඇත.
විහාරගම්වල ජීවත් වූ උසස් කුලවල පිරිස් විහාරයට ලබාදියයුතු යැයි සම්මත වූ අයබදු මුදල්වලින් ලබාදුන්හ. මෙසේ මුදල්වලින් ගෙවීම් කිරීම භික්ෂුන්ගේ යැපීම පිණිස පමණක් නොව විහාරස්ථානවල සංවර්ධන කටයුතු කරගෙන යෑමටද මහත් රුකුලක් විය. විහාරගම්වල ජීවත් වූ පහත් කුලවල පිරිස් මුදල්වලින් හෝ භවභෝගවලින් ගෙවීම් කළේ ඉතා කලාතුරකිනි. ඔවුන් බොහෝ විට කළේ විහාරස්ථානය පිරිසුදු කිරීම, භික්ෂුන්ට ආවතේව කිරීම, දේශීය භාණ්ඩ වාදනය, නැටීම වැනි සේවාවන්ය. බෙර වයන්නන් හේවිසි සැපයූ අතර ආචාරි කොටස විහාරස්ථානයට අවශ්‍ය ආයුධ හා උපකරණ සපයා දීම හා අලුත්වැඩියා කරදීම සිදු කළ බව පෙනේ.
විහාර ක්‍රමයේ කේන්ද්‍රය වූයේ මහනුවර රාජ මාලිගාවට යාබදව පැවති දළදා මාලිගාවය. දොළොස්වැනි සියවසේ සිට මෙරට රාජ්‍ය පාලනයේදී සුවිශේෂ සංකේතයක් බවට දළදා වහන්සේ පත්ව සිටියේය’ රාජකම ලබාගැනීමට නම් දළදා වහන්සේගේ සතු වීමද වැදගත්කමක් ඉසිලීය. මාලිගාව නමින් වූ ඉඩම් මාලිගාවට අයත්විය. මේවායේ පාලනය පූර්ණ වශයෙන්ම සිදුවූයේ රජවාසල වැදගත් නිලධාරියා වූ රදල පරම්පරාවකින් පැවැතගෙන එන දියවඩන නිළමේතුමාය. මාලිගාවේ නඩත්තුව පිණිස පැවැති ඉඩම් මාලිගාගම් යනුවෙන් හැඳින්වුණු අතර එවැනි ගම් හාරිස්පත්තුව, දුම්බර හා යටිනුවර, උඩපළාත, මාතලේ, හතරකෝරලේ, හත්කෝරලේ ආදි ප්‍රදේශවලත් පිහිටා තිබිණි. මාලිගාගම්වල වාසය කරන්නන් දියවඩන නිළමේගේ ආධාරකරුවන් සේ සැලකිණි. මොවුහු තමතමන්ගේ කුලවලට අනුරූප අන්දමින් දන්ත ධාතුන් වහන්සේ සම්බන්ධ වූ විසිතුරු වූ පුදපූජා පැවැත්වූ අතර කාලීනව පවත්වාගෙන එන උත්සව අවස්ථාවලදී තම දායකත්වය ලබාදී ඇත. උඩරට යුගයේ පැවැති විහාරගම් හා දේවාලගම්වල ඉඩම් භුක්තියේ ස්වරූපය මේ අනුව හඳුනාගත හැකිය.
පූජ්‍ය පදියතලාවේ ඤාණවිමල හිමි

SendShareShare
Previous Post

පරසතුරන් දණගැස්සවූ රණවිරුවන්ගෙ හෙළ උරුමය

Next Post

ලෙයින් කඳුලින් තෙත්වූ අරන්තලාවේ නොදන්න කතාව

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.