• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ලංකාවේ අය රජ වුණේ කොහොමද

August 22, 2019
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
ලංකාවේ අය රජ වුණේ කොහොමද
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ආර්ය ජනාවාස ආරම්භ කළ දා පටන් මෙහි පැවැතියේ රාජ්‍ය පාලනයකි. එහි ආභාසය භාරතීය සමාජයෙන් ලැබෙන්නට ඇතැයි සැලකිය හැකිවන්නේ විජය ඇතුළු පිරිසේ ජන්මභූමිය භාරතය වන නිසාය. ඔවුන් මෙහි පැමිණ ජනාවාස පිහිටුවාගෙන මෙහි පරිපාලනය ගෙන යමින් ක්‍රමයෙන් රට සංවර්ධනය කිරීමට කටයුතු කළ බව හඳුනාගැනීම දුෂ්කර නොවේ. විජයගෙන් ඇරැඹි ලාංකේය රාජ්‍ය පාලන තන්ත්‍රය මෙරට අවසාන රාජ්‍ය පාලකයා වූ ශ්‍රී වික්‍රමරාජසිංහ රජු දක්වා පැවැත්තේය. මේ සැම දෙනාම ලංකා රජය පාලනය කිරීමේ දී අනුගමනය කළ වැදගත් කරුණු පිළිබඳ කෙටි විවරණයක් මෙමගින් ඉදිරිපත් කෙරේ.
මෙහි පළමු රාජ්‍ය පාලකයා වූයේ විජය රජු බව ඉහතින් සඳහන් කෙරිණි. විජයගෙන් පසු ආරම්භ වූ පාලන තන්ත්‍රය ඔහුගෙන් පසු පවත්වාගෙන යාමට තැනැත්තෙකු නොවූයේ ඔහුට දරුවන් නොසිටි බැවිනි. ඒ නිසා භාරතයේ තම සහෝදරයාගේ සහාය පැතීමට විජයට සිදු විය. ඒ අනුවයි සුමිත්තගේ බාල පුතු වූ පණ්ඩුවාසදේව කුමරු මෙරටට පැමිණියේ. එතැන් පටන් දේවානම්පියතිස්ස රාජ්‍ය අවධිය දක්වා රාජ්‍ය කාලය බැලීමේ දී මේ කාලවකවානුව තුළ රාජ්‍යත්වයට පත් බොහෝ දෙනා සහෝදරයන් බව පෙනේ. පණ්ඩුවාසදේවගෙන් පසු රජකම ලබාගන්නේ අභය වන අතර ඔහුගෙන් පසු රජවන්නේ ගණතිස්ස නම් රජෙකි. ඔහු පණ්ඩුවාසදේවගේ පුතෙකි. පණ්ඩුකාභය රාජ්‍යත්වයට පත්වන්නේ මොහු ඝාතනය කිරීමෙනි. පණ්ඩුකාභයගේ පුතෙකු වූ මුටසීව රජුගේ පුතුන් දසදෙනෙකු වූ බව දීපවංසයේ සඳහන් වේ. අභය, තිස්ස, නාග, උත්තිය, මුත්ත, අභය, මිත්ත, ශිව, අසේල, තිස්ස ආදි නම්වලින් හඳුනාගැනෙන මේ පිරිසෙන් මුලින්ම රජවූයේ තිස්ස කුමරුය. දේවානම්පියතිස්ස නමින් හඳුනාගැනෙන්නේ ඔහුයි. ඉන්පසුව උත්තිය කුමරු රජ වන අතර නාග නමින් හැඳින්වූ කුමරු රාජ්‍යයේ ඇති වූ අවිශ්වාස කටයුත්තක් නිසා රුහුණු ප්‍රදේශයට ගොස් එහි ප්‍රාදේශීය පාලනයක් ගෙන ගියේය. ඔහුගේ පරපුර නැවතත් එළාර රාජ්‍ය කාලයේ දී කරළියට එන්නේ දුටුගැමුණු කුමරු එම පුරුකේ සුවිශේෂ චරිතයක් වන බැවිනි. මේ කාලයේ අනුරාධපුර පැවතියේ සහෝදරයාගෙන් සහෝදරයාට රාජ්‍ය භාරදීමේ පටිපාටියකි. ඒ සඳහා නිදසුන් ලෙස,
දේවානම්පියතිස්සගෙන් පසු උත්තිය, සූරතිස්ස, අසේල රජවරුන් රජකම ලබාගැනීම,
දුටුගැමුණු රජුගෙන් පසු සද්ධාතිස්ස රජකම ලබාගැනීම,
සද්ධාතිස්සගෙන් පසු ඔහු පුතුන් වන ලජ්ජිතිස්ස, ඛල්ලාටනාග, ථුල්ලත්ථන, වළගම්බා ආදි රජවරුන් පාලනය ගෙනයාම දැක්විය හැකිය.
කෙසේ නමුත් රාජ්‍ය පාලනයේ දී මේ සැම දෙනා බොහෝ සෙයින් එකිනෙකාට සමාන පාලන ක්‍රමවේදයක් අනුගමනය කළ බව හැඳිනගත හැකිය. පාලනය රාජාණ්ඩු පාලනයක් වූ නිසා තීන්දු තීරණ ගැනීමේ තීරක බලවේගය වූයේ ද රජතුමාය. රජුගේ සේවය සාර්ථක කරගැනීම උදෙසා මහ ඇමතිවරු, රාජ පුරුෂයන් හා වෙනත් අය සිටි බව පෙනේ.
මහින්දාගමනයේ ආලෝකයත් සමග රාජ්‍ය භාරගත් සැම රජ කෙනෙකුම ධාර්මිකව රාජ්‍ය ගෙනයාමට කටයුතු කළහ. මහින්ද මහතෙරුන්ගේ ආගමනය මෙරට ජනතාව ළබැඳිව පිළිගත් අතර රජුගේ ක්‍රියාකලාපයත් සමග වැසියන්ද ඊට අනුගතව ක්‍රමයෙන් බෞද්ධ ඌරුවට හැඩගැසුණු බව පැහැදිලිය. කෙසේ නමුත් අතීතයේ පටන් රාජ්‍ය තන්ත්‍රයේ ප්‍රධානියා හෙවත් රජතුමාගෙන් ඉටු වූ සේවාවන් ඉතා ලඝු කොට පහත පරිදි දැක්විය හැකිය.
රාජාණ්ඩු පාලනයක් පවත්වාගෙන යාම
සහෝදරයාගෙන් සහෝදරයාට හෝ පියාගෙන් පුතාට රජකම උරුම වීම
රාජ්‍ය පාලනය සඳහා රාජ්‍යයේ උරුමක්කාරයෙකු වීම අනිවාර්ය වීම
බාහිරින් හා අභ්‍යන්තරයෙන් ඇතිවන විවිධ ආක්‍රමණ යුධමය තත්ත්ව ආරක්ෂා කිරීම
කෘෂිකාර්මික රටක් වූ බැවින් ජනතාවට ඒ සඳහා අවැසි වාරි කටයුතු දියුණු කිරීම
බෞද්ධාගම මෙහි රාජ්‍ය පිළිගැනීම වූ නිසා බෞද්ධාගම ආරක්ෂා කිරීම
බෞද්ධ වෙහෙර විහාරස්ථාන ගොඩනැංවීම, ප්‍රතිසංස්කරණය, ආරක්ෂා කිරීම
සාහිත්‍යය ඇතුළු කලාකටයුතු දියුණු කිරීම
බෞද්ධයකු වශයෙන් බෞද්ධ රාජ්‍ය පාලන මූලධර්මවලට අනුගතව පාලනය ගෙනයෑම
ආදි ලෙස දැක්විය හැකිය. මෙහි දී පළමුවෙන් සඳහන් කළ කරුණු කිහිපය කෙටියෙන් නමුත් විස්තර කොට ඇත. එහිලා වැදගත්ම කරුණක් වන්නේ රාජ්‍ය පාලනය සඳහා උරුමකරුවකු බවට පත්වීමය. එසේ රාජ්‍ය උරුමය රහිත තැනැත්තන්ට රාජ්‍ය ලබාගැනීම අසීරු කරුණකි. පොළොන්නරු යුගයේ දී රාජ්‍යත්වයට පත් වූ නිශ්ශංකමල්ල රජු කාලිංග වංශිකයකු වූ බැවින් ඔහු මෙරටෙහි රාජ්‍ය පාලනයට හිමිකරුවකු බව උලුප්පා දැක්වීමටත් ජනතාවගේ හිත දිනාගැනීම උදෙසාත් කටයුතු කළ ආකාරය අනුව එය ප්‍රත්‍යක්ෂවේ. කෙසේ නමුත් මෙරටෙහි රජ වූ බොහෝ දෙනා රාජ්‍ය උරුමය සහිත පරපුරකින් පැවැත ආවෝ වූහ. එය වෙනස් වූයේ දකුණු ඉන්දීය ආක්‍රමණ හමුවේදීය.

රටක පාලකයා අවධානය යොමු කළ යුතු වැදගත්ම කරුණ වන්නේ රටේ ජනතාවගේත් රටේත් ආරක්ෂාව තහවුරු කිරීමය. රජකුගෙන් මෙය සැවොම අපේක්ෂා කරන බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ. මෙහි රාජ්‍ය කටයුතු ආරම්භයේ පටන් විවිධ ගැටුම් ඇති වූ බව නොරහසකි. පණ්ඩුවාසදේවගෙන් පසු රාජ්‍ය උරුමය පිළිබඳ ගැටලුවක් මතුවූයේ දෛවඥයන් චිත්‍රා කුමරියට උපදින දරුවා ඔහුගේ මාමාවරුන් ඝාතනය කොට රාජ්‍ය ලබාගන්නා බව පැවසීම නිසාය. රාජ්‍ය තන්ත්‍රයේ ප්‍රධානීන්ට සැකසංකා ඉපැද්දවීමට එය ප්‍රබල ලෙස බලපෑයේය. කෙසේ වුවත් මෙහි මුල්ම අද්දැකීම ලබන්නේ සූරතිස්ස රජතුමාය. ඒ සේනගුත්තික නම් දෙදෙනාගේ මෙරටට පැමිණීම හා රාජ්‍ය බලය පැහැර ගැනීම නිසාය. එතැන් පටන් අවස්ථා රාශියකදී විදේශීය ආක්‍රමණ සිදුවී ඇත. රටේ භෞතික වස්තු පමණක් නොව රටවැසියාද ඉන් මහත් ව්‍යසනවලට ගොදුරු වී ඇත. එසේම අභ්‍යන්තර දේශපාලන බල අරගල පැවති බවද කිවයුතු නැත. දකුණු ඉන්දීය බලපෑම් ලැබෙන බොහෝ අවස්ථාවල රට අභ්‍යන්තරයේ ද රජුට විරුද්ධව කැරැලි ඇති වූ අතර ඒ නිසා දකුණු ඉන්දීය ද්‍රවිඩයන්ට රජකම පැහැර ගැනීම පහසුවක් වී ඇති බව පෙනේ. කෙසේ නමුදු රජුගේ සුවිශේෂ වගකීමක් වන්නේ රාජ්‍ය ආරක්ෂා කිරීමයි.
අප රට කෘෂිකාර්මික රටකි. අද වුවද එකී තත්ත්වයෙන් අප මිදී නැත. අතීතයේ මෙහි පාලනය ගෙන ගිය රජවරුන්ගෙන් ඉටුවිය යුතුයැයි සැලකූ තවත් කරුණක් වන්නේ කෘෂිකර්මාන්තය දියුණු කිරීම හා ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමයි. පණ්ඩුකාභය රජුගෙන් ඇරැඹි වාරි කර්මාන්ත දියුණුව ක්‍රමයෙන් සංවර්ධනය වූ බව පැහැදිලිය. රජරට ප්‍රදේශය වියළි කාලගුණයෙන් යුක්ත වූ බැවින් වැව් ගොඩනංවා වැසි ජලය ආරක්ෂා කිරීමේ ක්‍රමවේදය ඇති කළ බව පෙනේ. ධාතුසේන, මහසෙන්, වසභ, පරාක්‍රමබාහු ආදී රජවරුන් ගත්කල්හි වාරි කර්මාන්තයේ දියුණුව පිණිස මහඟු සේවයක් කළ රජවරුන් අතරින් කිහිප දෙනෙකි. අනෙක් සෑම රජකෙනකුම වාරි කර්මාන්තයේ දියුණුව අපේක්ෂාවෙන් වැව්, අමුණු, ඇළවේලි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළහ. කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවියන් සඳහා අවශ්‍ය කටයුතු සලසාලීය.

දේවානම්පියතිස්ස රජු බුදුදහම වැළඳගැනීමත් සමග මෙහ රාජ්‍ය පාලකයන් බෞද්ධ පාලකයෙක විය යුතුයි යන සම්මතය ක්‍රමයෙන් රට තුළ වර්ධනය විය. සිව්වැනි මිහිඳු රජුගේ සෙල්ලිපියේ ද දැක්වෙන්නේ මෙරට රජතුමා බෝසත්වරයකු විය යුතු බවයි. ඒ අනුව බුදුදහම මෙහි පිහිටිදා පටන් පාලන තන්ත්‍රය ගෙන ගියේ බෞද්ධ රජෙකි. එළාර ආදි ද්‍රවිඩ රජවරුන් වුවද බෞද්ධයකු නොවූවත් බෞද්ධ ධර්මයට අනුකූල වන පරිදි රජකම ගෙනගිය බව මහාවංසය පෙන්වා දෙයි. පඤ්ච ශීලය ආරක්ෂා කරමින්, දසරාජධර්මය, දසසක්විතිවත්, සප්ත අපරිහානීය ධර්ම, සතර සංග්‍රහ වස්තු, සතර බ්‍රහ්මවිහාර ආදි මාහැඟි ගුණාංග වර්ධනය කරගනිමින් රාජ්‍ය පාලනය ගෙනයාමට අපේ රජවරුන් කටයුතු කර ඇත. සද්ධාතිස්ස, ධාතුසේන, මුගලන්, කාශ්‍යප, අභය, සංඝබෝධි ආදී රාජ්‍ය නාම ගත්විට ඒ නාමවලින්ද බෞද්ධයකු බව නිතැතින්ම හැඟවේ. ඔවුන්ගේ ක්‍රියාකලාපයද ඊට අනුරූප විය.
මහින්දාගමනයත් සමග මෙහි රාජ්‍ය පාලනයේ අනුශාසකයා වූයේ බෞද්ධ භික්ෂූන් වහන්සේය. රජතුමා නිතැතින්ම භික්ෂු ශාසනය ආරක්ෂා කරගෙන යාමට වගකීම භාරගත්තේය. වෙහෙර විහාරස්ථාන ගොඩනංවමින්, මහා ස්තූප ඉදිකරමින්, භික්ෂුන් වහන්සේට ප්‍රත්‍ය පහසුකම් නොඅවුඩ ලබාදෙමින් තමන්ගෙන් ඉටුවිය යුතු දෑ ඉටු කිරීමට පසුබට නොවීය. මහාවිහාරය, අභයගිරිය, ජේතවනය, වෙස්සගිරිය, මිහින්තලය, තිස්සමහාරාමය, සිතුල්පව්ව ආදී රටපුරා සැම ස්ථානයකම විහාරස්ථාන ගොඩනංවා භික්ෂුන් වහන්සේට වාසස්ථාන ඇති කොට ඇති මිරිසවැටිය, රුවන්වැලිසෑය, අභයගිරිය, ථූපාරාමය, මහියංගණය, ජේතවනාරාමය, රන්කොත් වෙහෙර, සෝමාවතිය ආදී මහාථූප ගොඩනැංවීමට රජු මූලිකත්වය ගෙන ඇත. භික්ෂු ශාසනය පරිහානිදායක අවස්ථාවලදී එයින් මුදාගැනීමට ශාසනික කතිකා හා සංගායනා සිදුකොට ඇත. විනය විරෝධි භික්ෂුන් සිටි අවස්ථාවල බුදුසසුනේ උන්නතිය උදෙසා එකී පිරිස් යටපත් කොට ඇත.

මිනිසුන්ගේ ශිෂ්ටත්වය හඳුනාගත හැකි සුවිශේෂ අංගයක් වන්නේ සාහිත්‍ය හා කලා ශිල්පයි. ශ්‍රී ලාංකේය ඉතිහාසයේ අනුරාධපුර යුගයේ සිටම සාහිත්‍ය දියුණුවද ක්‍රමයෙන් වර්ධනය වී ඇති බව පැහැදිලිය. මේ සඳහා රජවරුන්ගේ දායකත්වයද නොමඳව ලැබී ඇත. සියබස්ලකර කෘතිය අනුවර්තනය කළේ සේන නම් වූ රජකෙනෙකි. ධම්පියා අටුවාගැටපදය, කව්සිළුමිණ ලියන්නේද රජවරුන්ය. ජානකීහරණ නම් වූ සංස්කෘත මහාකාව්‍ය රචනා කරන්නේ කුමාරදාස රජුය. රාජසභාවේ කවියන්ද සිට ඇත. සීගිරිය වර්තමානයේ ද ලොවක් මවිත කළ අපූර්ව නිර්මාණයකි. එහි නිර්මාතෘවරයාද කාශ්‍යප රජතුමායි. රාජ්‍ය මාලිගා ගත් කල්හි අද වුවද එහි නටබුන් පවතී. ඒ සැමෙකකින්ම අපගේ ප්‍රෞඪත්වය වර්ධනය කරන්නේය. අතීතයේ පටන් කලාව සාහිත්‍ය දියුණු කිරීම රජුගේ කාර්යභාරයක්, වගකීමක්ව පැවැත්තේය.
මේ අනුව අතීතයේ පටන් රජුගේ කාර්යභාරය කුමන ස්වරූපයක් ගත්තේදැයි අවබෝධයක් අපට ලබාගත හැකිය. ඔවුන් පාලන තන්ත්‍රයේදී අනුගමනය කළ මූලධර්මවල සාරය නිසා අදද අපි අභිමානයෙන් ඒ ගැන කතාකරමු.
පූජ්‍ය පදියතලාවේ ඤාණවිමල හිමි

SendShareShare
Previous Post

ශිල්පය

Next Post

පරසතුරන් දණගැස්සවූ රණවිරුවන්ගෙ හෙළ උරුමය

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා (24) විවාදයට ගැනීමට නියමිතය.Sri Lanka Latest...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.