ස්මාර්ට් දුරකථන උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Together 2020 Warm Action’ නමින් වැඩසටහනක් දියත් කරමින් සිය ස්මාර්ට් උපාංග පරිශීලකයින්ට කඩිනම් තාක්ෂණික සේවා සැපයීමට ක්‍රියා කර ඇත. රටෙහි වර්තමාන තත්ත්වය පිළිබඳ සැලකිල්ලට ගනිමින් පාරිභෝගිකයාට විශිෂ්ඨ ජංගම දුරකථන අත්දැකීමක් ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මෙම වසරේ මැයි 31 දක්වා ක්‍රියාත්මක වේ.
මෙම වැඩසටහන හරහා සියලුම Huawei ස්මාර්ට් උපාංග සඳහා විශිෂ්ඨ අළෙවියෙන් පසු සේවාවක්, වගකීම් කාල සීමාවේ දීර්ඝ කිරීමක්, නොමිළයේ කුරියර් සේවාවක් මඟින් දුරකථනයේ ගැටළු විසඳා ගැනීමේ හැකියාවත්, තෝරාගත් ස්මාර්ට් ජංගම උපාංගයන්හි අමතර කොටස් සඳහා 20%ක සුවිශේෂී වට්ටම් ලබා ගැනීමේ හැකියාවත් ඇතුළුව විවිධ පහසුකම් රැසක් හිමි වනු ඇත.
මෙම වැඩසටහනට පෙර Huawei විසින් සිය පරිශීලකයින්ගේ පහසුව පිණිස ස්මාර්ට් දුරකථන භාවිතයේදී මුහුණ දෙන විවිධ ගැටළු සඳහා විසදුම් සම්පාදනය කිරීම සහ එම ගැටළු නිරාකරණය කර ගත හැකි සියලුම ක්‍රම වේදයන් පිළිබඳ විස්තර ඇතුලත් කරමින් Huawei Support නමින් App එකක් හඳුන්වා දීම සිදු කරන ලදී. නවීන තාක්ෂණය භාවිත කරමින් දියුණු කර ඇති Huawei Support APP හරහා අවම කාලයක් සහ අවම පිරිවැයකින් ස්මාර්ට් දුරකතනයන්හි පැන නගින විවිධ ගැටළු ඉතා ඉක්මනින් හඳුනා ගැනීමේ අවස්ථාව පරිශීලකයින්ට හිමි වේ.











