• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

සිංහල සංස්කෘතිය හා විවාහ චාරිත්‍ර

May 2, 2020
in Astrology
Reading Time: 3 mins read
A A
සිංහල සංස්කෘතිය හා විවාහ චාරිත්‍ර
Share on WhatsAppShare on Facebook

සිංහල සංස්කෘතිය හා බැඳුණු අපේ විවාහ චාරිත්‍ර රාශියකි. හෙළ බෞද්ධයාගේ දෙවැනි උපත ලෙස සැලකෙන විවාහයේදී මේ චාරිත්‍ර ඉටු කිරීම ඉතා අගනේය.
පොරොන්දම් බැලීම
විවාහ යෝජනාවකදී පැරැන්නෝ ප්‍රථමයෙන්ම සිදුකළේ ස්ත්‍රී – පුරුෂ දෙදෙනාගේ පොරොන්දම් පිළිබඳවය. දෙපාර්ශ්වයේම තම අයගේ පවුල් දෛව්‍යඥයා හෝ දෛවඥයන් ලවා පොරොන්දම් බැලීම සිදුකරයි. දෙපාර්ශ්වයේම පොරොන්දම් ගැළපීම සෑහීමකට පත්වෙන්නේ නම් දෙවැනි පියවර වන්නේ පවුල බලන්නට යෑම හෙවත් ‘බත – බුලත් කෑම’යි.
පවුල බලන්නට යෑම (බත – බුලත් කෑම)
පළමුවෙන්ම මනමාලයාගේ පාර්ශ්වයෙන් මනාලියගේ නිවෙසට පැමිණීම සිදුකරයි. මනාලිය මනා ලෙස සැරැසී බුලත් හෙප්පුවක් රැගෙන මනාලයා ප්‍රමුඛ මනමාල පාර්ශ්වයේ ඥාතීන් හමුවට පැමිණ ආචාර කරයි. මනාලිය විසින් බුලත් හෙප්පුව මනාලයා වෙත පිළිගන්වයි. අනතුරුව සිදු කරන්නේ මනාලියගේ පාර්ශ්වයෙන් මනාලයාගේ පවුල බලන්නට යෑමයි. මෙහිදී මනාලිය එම ගමනට සහභාගි නොවේ.
නැකැත් සෑදීම
මනාල – මනාලිය දෙදෙනාගේ වයස, රූපය, තත්ත්වය, අදහස්, ගැළපීම මෙන්ම දෙපාර්ශ්වයේම තත්ත්වය (ආගම, කුලය, බලය, ඥාතීන් හැකියාව ආදිය) ගැළපේ නම් ඊළඟ කටයුත්ත විවාහයට නැකැත් සකස් කිරීමයි. සාම්ප්‍රදායික ලෙස නැකැත් සෑදීම කරන්නේ මනමාලයාගේ පාර්ශ්වයෙන්ය. මනමාලයාගේ පාර්ශ්වයෙන් එම නැකැත් පත්‍රය මනාලියගේ පාර්ශ්වයට භාර දෙන අතර, එම නැකැත්වල දෝෂ, අඩුපාඩු ඇත්නම් මනාලියගේ පාර්ශ්වයෙන් පරීක්‍ෂා කර බලයි.
විවාහයේදී විශේෂයෙන් සලකා බලන නැකැත්
පූර්ව මංගල නැකැත්
* මනමාලයාගේ පාර්ශ්වයෙන් සකස් කළ නැකැත් පත්‍රය මනාලියගේ පාර්ශ්වයට භාර දීම
* දෙපාර්ශ්වයේ අය තම තමන්ගේ පාර්ශ්වයේ ඥාතීන්ට පළමුවෙන් මංගල දිනයට ආරාධනා කිරීම (බුලත් දීම)
* තෙල් වළං ළිප තැබීම
මංගල දිනයේ නැකැත්
* මනාල මහතා නිවෙසින් පිටත් වීම
* මනාලියට තැල්ල බැඳීම, වේල් එක බැඳීම)
* මනාලයාගේ පැමිණීම
* මංගල පෝරුවට නංවා චාරිත්‍ර ඉටු කිරීම (සළු පැලඳවීම ආදිය)
* පෝරුවෙන් බැසීම
* පොතේ විවාහය සිදු කිරීම (විවාහය ලියාපදිංචි කිරීම)
* මඟුල් මඩු ඉඳුල් කිරීම
* යුවළ පිටත් වීම
පසු නැකැත්
* ජෝඩුව පසු ගමන් පිටත් වීම
* මනාල යුවල නිවෙසට ගොඩවැදීම
* මනමාලයාගේ පාර්ශ්වයෙන් සකස් කළ නැකැත් පත්‍රය මනාලියගේ පාර්ශ්වයට භාර දීම

ඈත අතීතයේ සිංහලයන් ඉතා ඕනෑකමින් සිදු කළ චාරිත්‍රයකි. සෙත්කවි, ශ්ලෝක ආදියෙන් විචිත්‍රවත්ව සකස් කරන ලද නැකැත් පත්‍රය මනාලියගේ පාර්ශ්වයට ඉදිරියේ කියවීමද විශේෂත්වයකි. කවි කතාවලින් වර්ණවත් වූ විවාදාත්මක ස්වරූපයක් ගත් මෙය මනා සුහද හමුවක් වැනිය.

දෙපාර්ශ්වයේ අය තම තමන්ගේ පාර්ශ්වයේ ඥාතීන්ට පළමුවෙන් මංගල දිනයට ආරාධනා කිරීම (බුලත් දීම)
මෙයද සුවිශේෂී චාරිත්‍රයකි. මේ සඳහා තෝරා ගන්නේ තමන්ට ඉතා හිතවත් විශ්වාසදායී සමීප පවුලේ ඥාතියකුය. බුලත් දීම සිදුකරන තුරු මංගල දිනය අනෙක් අයට දැනුම් නොදීම ඉපැරැණි ක්‍රමයක් වුවත් වර්තමානයේ මංගල උත්සව, හෝටල්වල ගැනීම ආදී විසිතුරු වැඩ නිසාම අන්දන කෙනාට ෆොටෝ ගසන්නාට සැමට පෙර මංගල දිනය දැන්වීම සිදුවෙයි. එනමුත් බුලත් දී චාරිත්‍රානුකූලව කෙරෙන කාර්යයට ඉන් පීඩාවක් නැත.
තෙල් වළං ළිප තැබීම
නැකැත් දිනය ආසන්න වන විට දෙපාර්ශ්වයේම අය මංගල්‍යයට කැවිලි සෑදීම සඳහා නැකැතට තෙල් වළං ළිප තබයි.
මනාල මහතා නිවෙසින් පිටත්වීම
මංගල දිනයේදී මනාල මහතා මනාලියගේ නිවෙසට යෑමට තම නිවෙසින් පිටත් වෙන්නේ සුබ නැකැතටය. මනාලයාගේ මව වතුර වීදුරුවකට සුදු මල් දමා පෙර මඟට පැමිණේ.
මලින් සරසන ලද මංගල රථයට මනාලයා සමඟ දෙවැනි මනාලයාද ගොඩවන අතර, අනෙක් ඥාතීන් වෙනත් වාහනවලින් මංගල රථයේ පසුපසින් පැමිණේ.
සමහර මනාලයන් නිවෙසින් පිටවීමට නැකැතක් නොබලයි. නමුත් මනාලයාට මේ අවස්ථාව ඉතාමත් වැදගත් අවස්ථාවක් බැවින් ඒ සඳහා නැකැතක් බැලීම අත්‍යාවශ්‍යයය. සමහර අවස්ථාවලදී මනාලයා නිවෙසින් පිටවී යන නැකැත එළැඹෙන අවස්ථාවේ මනාලයාගේ පවුලේ අය පෙනී නොසිටියි. සමහර විට මනාලයා නිවෙසින් පිටවීමේ නැකැත හා මංගල උත්සවය පැවැත්වෙන ස්ථානයට ළඟා විය යුතු වේලාව අතර සෑහෙන පරතරයක් පවතී. මේ අවස්ථා 2කම නිසා සිදුවන්නේ මනාලයා නිවෙසින් පිටවීමේ නැකැතට නිවෙසින් මිදුලට පැමිණ පැය ගණනක් බලා සිටීමය. සිදුවිය යුත්තේ මෙය නොවේ. මෙම නැකැත පිළිපැද්දා යැයි පවසා සිත සකසා ගැනීමට දරන උත්සහයකි. නැකැත ඇත්තේ පවුලේ සියලුදෙනා සමඟින් නිවෙසින් පිටවී යෑම මිස නිවෙසේ දොරටුවෙන් පිටවීමට නොවේ. මෙයින් මනාලයා කලකිරීමට පත්වීම හා වෙහෙසට පත්වීම ආදියද සිදුවෙයි. එමෙන්ම වර්තමානයේ බොහෝ මංගල උත්සව මනාලියගේ නිවෙසේ නොගෙන හෝටල්වල ගන්නා නිසා මනාලිය පිටවීමේ නැකැතක්ද නැකැත් පද්ධතියට එකතු වී ඇත.
මනාලයාගේ පැමිණීම
මනාලියගේ නිවෙසෙට ඇතුළු වීමට ප්‍රථම මනාල මහත්මාගේ පියා විසින් මනාලියගේ නිවෙසට ගොඩවැදීමේ නැකැත් වේලාවට ප්‍රථම සිය පිරිසගේ ප්‍රමාණයට බුලත්, හුරුල්ලක් සකස් කර මනාලියගේ මවුපිය, ඥාතීන් පිරිනමා තම නිවෙසට පැමිණීමට අවසර පතයි. දෙපාර්ශ්වය අතර සාම්ප්‍රදායික තහංචි කවි හුවමාරුවෙන් පසු සතුටු සිතෙන් යුතුව නැකැත් වේලාවට මනාලයා ප්‍රමුඛ ඥාතීන්, මනාලියගේ නිවෙසට ගොඩවදී. වර්තමානයේ හෝටල්වල උත්සව ගැනීම නිසාම මේ චාරිත්‍රයේ ප්‍රායෝගික වින්දනය යටපත් වී ඇත.
මල් කලඹ පිළිගැන්වීම
මනාලයා නිවෙසට ගොඩවැදීමට පෙර රථයෙන් බැස මනාලියගේ නිවෙසට එන දෙවැනි මනමාලයා විසින් මල් කලඹ මනාලිය අතට දී නැවැත පිරිසට එකතු වෙයි.
පාවඩ එළීම
මනාලයාගේ පැමිණීමට මනාල පාර්ශ්වයේ හේන් මාමා විසින් පාවඩ එළිම සිදුකරයි. හේන් මාමාගේ හිත සතුටු කිරීමට මනාලයා විසින් යම් මුදලක් පාවඩය මතට දමයි. මෙම තෑගි මුදල ‘පාවඩ සේස’ ලෙස හැඳින්වෙයි.
දෙපා සේදීම
මනාලියගේ බාල මලණුවන් විසින් මනාලයාගේ දෙපා සෝදා ගෙට ගැනීමේ පරණ චාරිත්‍රයක් ඇත. මනාලයාගේ මලණුවන්ට ලැබෙන තෑග්ග රන් මුදුවකි.
මංගල පෝරුවේ නැඟීම
පෝරුව සකස් කිරීම ප්‍රදේශය අනුව විවිධාකාර වෙයි. පෝරුවේ සිවු කොනේ පුන්කළස් තබා ඒ මත පොල්තෙල් බහා මැටි පහන් 4ක් තබයි. (සතර වරම් දෙවි පහන්) පෝරුවේ මතුපිට පැදුරක් එළා ඒ මත සුදු රෙද්දක් එළා ඒ මත නොපෑගෙන සේ කැකුළු සහල්, ලද පස්මල්, බුලත්, පඬුරු ආදිය අතුරයි. මීට අමතරව මංගල සම්මත වස්තූන් තැම්පත් කිරීමද චාරිත්‍රයකි.

සුබ නැකැත් වේලාව ආසන්න වන විට මනාල යුවළ ස්වකීය මාමාවරුන් අතින් අල්ලා පෝරුවට නැංවීම කරන අතර, අදාළ චාරිත්‍ර විධි දත් මහතකු විසින් පෝරුවේ චාරිත්‍ර ඉටු කරයි.
පෝරුවෙහි ඉටුකරන ප්‍රධාන චාරිත්‍ර
* ත්‍රිවිධ රත්න නමස්කාරය
* සතර වරම් දෙවියන්ට පහන් දැල්වීම
* දෙවියන්ගෙන් අවසර පැතුම
* යුවළ පෝරුවෙහි නැංවීම
* උතුම් දළුවර පිදීම
* අෂ්ටක කියැවීම
* මංගල මුදු පැලැඳවීම
* සළු පිළි දැවටීම
* අතැඟිලි බැඳීම
* පැන් වැඩීම
* ජයමංගල ගායනය
* පෝරුව ඉඳුල් කිරීම
* හඟල හුරුළු පිදීම
* කච්චි කිරිකඩ පිදීම
* බුලත් හුරුලු ගෙන සුබ පැතීම
* පෝරුවෙන් බැස්සවීම හා ඒ සමඟ ශබ්ද පූජා පැවැත්වීම. (මඟුල් බෙර, සක් පිඹීම, පොල් ගෙඩියක් බිඳීම)
පොල්තෙල් පහන දැල්වීම
පෝරුවෙන් බහින යුවළ ප්‍රථමයෙන් කරනුයේ පොල්තෙල් පහන දැල්වීමය
කිරිබත් කෑම
පුරාණයේ සිටම සුබ කටයුතු කිරීමේදී මිශ්‍ර ආහාරයක් ගැනීම චාරිත්‍රයයි. වර්තමානයේ මෙය කේක් කැපීම ලෙස කලඑළි බැස ඇත.
පොතේ විවාහය (විවාහව ලියාපදිංචි කිරීම)
මෙම කටයුත්ත ඇතැම් විට පෝරුවෙහි නැඟීමට පෙර මෙන්ම පසුවද කරන අවස්ථා ඇත. ඉන්පසු මඟුල් මඩු ඉඳුල් කිරීමේ චාරිත්‍රය සුබ නැකැතින් සිදුවෙයි.
සුබ නැකැතට යුවළ පිටත්වීම
මංගල සභා ආදිය පැවැත්වීමෙන් පසු ඥාතීන්ගේ ආශීර්වාදය මත යුවළ සුබ නැකැතින් මධුසමයට පිටත් වෙයි.
දෙවැනි ගමන
මනාල යුවළ මධුසමය ගතකොට පසුදා උදෑසන රෙදි නැන්දා සමඟ මනාලයාගේ මව යුවළ විසූ කාමරය වෙත පැමිණේ. පෙර දින පෝරුවේදී මනාලියගේ ඉණ දැවටූ සුදු පිරුවටය මධුසමයේදී ඇගේ චරිත ශුද්ධිය ඔප්පු කිරීමට භාවිත කරයි. මනාලයාගේ මෑණියන් විසින් එය පරීක්‍ෂා කොට මනාලියගේ චරිතය පිළිබඳව සතුටට පත් වේ නම් එම සුදු පිරුවටයේ කොනක මුදලක් ගැටගසා රෙදි නැන්දා වෙත ලබා දෙයි. අනතුරුව රබන් ගසා මෙම සතුට ප්‍රකාශ කොට දෙවැනි මනමාලයා අත රතු රෝස මලක් දී මනාලියගේ නිවෙසට ගොස් එය දන්වයි. මනාලියගේ පාර්ශ්වයේ අයද ඔහු ආදරයෙන් පිළිගෙන රබන් ගසා මනාලියගේ පාර්ශ්වයද සතුට ප්‍රකාශ කරයි. අනතුරුව මනාලියගේ පාර්ශ්වයේ දෙවැනි ගමනට මනාලයාගේ නිවෙසට පිටත් වෙයි.

මනාල යුවළ සුබ නැකැතින් පිටත් වී මනාලියගේ පාර්ශ්වය සමඟ මනාලයාගේ නිවෙසට පැමිණෙන අතර, මනාලයාගේ මවුපියන් විසින් යුවළ ආදරයෙන් පිළිගනී. දෙවැනි දිනයේ මනාලිය සැරැසී සිටින්නේ පෝරුවේදී ලද සළු පිළිවලිනි. පාරිශුද්ධ දියණියක් තමන්ට ලබා දීම පිළිබඳව මනාල පාර්ශ්වය මවුපියන් මනාලියගේ මවුපියන්ට සෙනෙහසින් රැක බලා ගන්නා ලෙස හෙළ සිරිත් චාරිත්‍රානුකූලව මනාලියගේ මවුපියන් බුලත් හෙප්පු තෑගි භෝග හුවමාරුවෙන් සිදුකරයි.
ජ්‍යොතිෂවේදී සම්පත් එස්. කල්පගේ

SendShareShare
Previous Post

විවාහ පොරොන්දමට විද්‍යාත්මක ප්‍රවේශයක්

Next Post

ශ්‍රී ලන්කන් ප‌ොඩියට වැඩ පටන් ගනී

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.