කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණිමට නොහැකිව බ්‍රිතාන්‍යයේ සහ ඔස්ට්‍රේලියාවේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්විමෙන් විශේෂ ගුවන් ගමන් වාර 04ක් සංවිධානය කර තිබේ.
ඒ අනුව හෙට (03) අනිද්දා (04) සහ ලබන 05 වනදා ලන්ඩන්හි හීතෲ ගුවන් තොටුපල වෙත ගුවන් ගමන් වාර 03ක් සිදු කිරිමට නියමිතයි.
මෙරටට පැමිණිමේ අපේක්ෂාවෙන් ඔස්ට්‍රේලියාවේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් රැගෙන ඒම සඳහා ලබන 08 වනදා විශේෂ ගුවන් යානයක් මෙල්බර්න් නුවර බලා පිටත්ව යාමට නියමිත බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පැවසුවේය.










