දැනට ජීවතුන් අතර සිටින අයකුගේ නමින් පාසලක් නම්කිරීම සිදු නොකළ යුතු බවට 1996 අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛය මේ වන විට කඩකරමින් දේශපාලනඥයන්ගේ නම්වලින් පාසල් නම්කිරීමේ සිද්ධීන් මහත් ආන්දෝලනයකට ලක්ව ඇති බව වාර්තා වේ.
හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා අත්අඩංගුවට පත්වීමත් සමග ඔහුගේ නමින් මධ්‍යම පළාතේ පාසලක් නම්කර තිබූ සිද්ධිය ගැනද පසුගියදා දැඩි කතාබහකට ලක්ව තිබූ අතර, එම ක්‍රියාදාමයන් ගැන අධ්‍යාපන අමාත්‍යවරයාගේද අවධානය යොමුව තිබිණි.
ඒ පිළිබඳ ‘මව්රට’ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතාගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් 1996 නිකුත් කර ඇති චක්‍රලේඛයේ තොරතුරු ඉල්ලා ආණ්ඩුකාර ලේකම්වරියගෙන් සහ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විමසීම් කර ඇති බවයි.
ඒ පිළිබඳ පසුගියදා කොළඹ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී අධ්‍යාපන ඇමැතිවරයාගේ අවධානයට යළි යොමුකළ නමුදු මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවද ඔහු පැවැසීය.
මේ අතර, මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවැසුවේ මධ්‍යම පළාතේ කෙහෙළිය රඹුක්වැල්ල හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා ඇතුළු දැනට ජීවතුන් අතර සිටින දේශපාලනඥයන් තුන් දෙනකුගේ නම් සඳහන් පාසල් ඇති බවය. කෙසේ වෙතත් අලුතෙන් දේශපාලනඥයන්ගේ නම් යොදා පාසල් නම්කිරීම දැනටමත් අත්හිටුවා ඇති බවද ඔහු පැවැසීය.
මේ සම්න්ධයෙන් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් විමසීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවැසුවේ දේශපාලනඥයන්ගේ නමින් පාසල් නම්කිරීමත් 1996 චක්‍රලේඛය කඩකිරීම පිළිබඳවත් සම්බන්ධයෙන් නීති මගින් කටයුතු කිරීමට තීරණය කොට ඇති බවයි.
ප්‍රේමලාල් විජේරත්න