ආන්දෝලනාත්මක ඖෂධ මාෆියාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා බන්ධනාගාරයේ සිට අධිකරණයට ගෙන ඒමේදී පවා ඔහුට විශේෂ සැලකිලි දක්වන බවට වාර්තා වීමත් සමග ඒ පිළිබඳ මහජනතාව තුළ කතාබහක් ඇතිවී තිබේ.
පසුගිය 12 වැනි දින අදාළ සැකකරු වෑන් රථයකින් අධිකරණයට රැගෙන ඒම පිළිබඳවත් ආන්දෝලනයට ලක්ව තිබිණි. ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතාගෙන් ‘මව්රට’ විමසීමක් කළේය.
එවිට ඔහු සඳහන් කළේ එදින අනෙකුත් රැඳවූවන් අධිකරණ කිහිපයකට ගෙන යෑමට සිදුවීම නිසා ප්‍රවාහන ගැටලුවක් මතුවූ බවත්, ඒ හේතුව මත අධිකරණ නියෝග මත ළමා නිවාසවල සිටින ළමුන් අධිකරණයට රැගෙන යෑම සඳහා යුනිසෙෆ් ආයතනයෙන් බන්ධනාගාරයට ලබාදී ඇති වෑන් රථයකින් අදාළ සැකකරු තවත් සැකකරුවකුත් සමග අධිකරණයට රැගෙන ගිය බවයි.
මෙම සැකකරු එදින තවත් අධිකරණයකට රැගෙන යෑමට තිබූ බවද ඔහු සඳහන් කළේය.
අනෙකුත් රැඳවූවන් රඳවා ඇති අන්දමට සැකකාර හිටපු අමාත්‍යවරයාද බන්ධනාගාර රෝහලේ රඳවා ඇති බවත්, ඔහුට විශේෂ සැලකිලි නොදක්වන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ප්‍රේමලාල් විජේරත්න