ඇන්කර් සන්නාමය හිමි ෆොන්ටෙරා බ්‍රෑන්ඞ්ස් ශ්‍රී ලංකා සමාගම මෙරට COVID-19 පැරදවීමේ උත්සාහයන් ශක්තිමත් කිරීමටත්, පවතින තත්ත්වය හමුවේ විවිධ දුෂ්කරතාවලට මුහුණපා සිටින ජනතාවට සහන සැලසීමටත් පියවර රාශියක් ගෙන තිබේ.
මෙහි එක් පියවරක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ආරම්භ කරන ලද COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රු. මිලියන 10 ක මුදලක් පරිත්‍යාග කිරීමට ෆොන්ටෙරා සමාගම පියවර ගත්තේය. COVID-19 සම්බන්ධ මානුෂීය මෙහෙයුම් කටයුතු සහ සෞඛ්‍ය සේවා නිලධාරීන් හා අනෙකුත් නිලධාරීන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා මෙම මුදල් වැයකෙරෙනු ඇත.
පවතින අවිනිශ්චිත තත්ත්වය හමුවේ දේශීය කිරිගොවීන්ගේ ජීවනෝපාය මාර්ග ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස දිගින් දිගටම ඔවුන්ගෙන් කිරි මිලදී ගැනීමට ෆොන්ටෙරා සමාගම කටයුතු යොදා තිබේ. මේ ආකාරයට විවිධ වැඩසටහන් සඳහා ෆොන්ටෙරා සමාගම මේ දක්වා පරිත්‍යාග කර ඇති මුදල් සහ නිෂ්පාදනවල සමස්ත වටිනාකම රුපියල් මිලියන 12 ඉක්මවයි.











