ඇඳිරි නීතිය දමා තිබෙන ප්‍රදේශවල ජනතාවට තම එදිනෙදා වියදම් සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීම පහසු කරමින් කොමර්ෂල් බැංකුව සිය ජංගම ATM ඒකක සහිත රථ එම ප්‍රදේශ වෙත පිටත්කර යවන බව නිවේදනය කර තිබේ.
මෙම ජංගම සේවාව ක්‍රියාත්මක වන ප්‍රදේශ සහ වේලාවන් එම දිනයේදී බැංකුවේ වෙබ් අඩවිය, ෆේස්බුක් පිටුව සහ ඉන්ස්ටග්‍රෑම් පිටුව මාර්ගයෙන් ගනුදෙනුකරුවන්ට දැනුම්දෙන බව බැංකුව සඳහන් කරයි.
කොමර්ෂල් බැංකුවේ ‘Bank-on-Wheels’ ඒකක මඟින් ඉතාමත් පහසුවෙන් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර කාඞ්පත් සහ පාස්පොත මඟින් මුදල් ආපසු ලබාගත හැකි අතර, බැංකු කවුළුවකින් කරන මූලික බැංකු ගනුදෙනු කළ හැකිවේ.
මීට අමතරව බැංකුව සඳහන් කරන්නේ ඇඳිරි නීතිය ඉවත් කර තිබෙන ප්‍රදේශවල පිහිටි කොමර්ෂල් බැංකු ශාඛා උදෑසන 9.00 සිට දහවල් 12.00 දක්වා පැය තුනක කාලයක් අත්‍යවශ්‍ය ගනුදෙනු සඳහා විවෘතව තැබෙන බවයි.











