Covid – 19 හෙවත් කොරෝනා උවදුර හේතුවෙන් රට පුරා උද්ගතව පවතින අර්බුධකාරී තත්ත්වය තුළ සිය නව්‍යකරණ බැංකු සේවාවන් තුළින් ගනුදෙනුකරුවන් වෙත දැවැන්ත සහන රැසක් හිමිකර දීමට සම්පත් බැංකුව කටයුතු කර ඇත.
සියලු ව්‍යාපාරයන් වෙත දැඩි බලපෑමක් එල්ල කර ඇති වත්මන් තත්ත්වය තුළ සුළු හා මධ්‍ය පරිමාණ අංශයන්හි වැවිලි කර්මාන්ත, ධීවර, රෙදිපිළි, ප්‍රවාහන හා තොරතුරු තාක්ෂණ ඇතුළු ව්‍යාපාර රැසක් වෙනුවෙන් මාස 6ක ණය සහන කාලයක් සම්පත් බැංකුව විසින් ලබාදී ඇත්තේ එම ව්‍යවසායකයන්ට ඉමහත් අස්වැසිල්ලක් වෙමිනි.
තවද ව්‍යාපාරයන් නැවත නඟාසිටුවීම වෙනුවෙන් ව්‍යාපාර කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා 4%ක පොලී අනුපාතයක් යටතේ ණය පහසුකම් සලසා දීමටද සම්පත් බැංකුව කටයුතු කර ඇත.
අගරු චෙක්පත් මෙන්ම ගෙවීම් නවතා ඇති සියලු චෙක්පත් සඳහා 2020.09.30 දක්වා ගාස්තු අය නොකිරීමටද සම්පත් බැංකුව කටයුතු කරනු ඇති අතර රුපියල් 500,000කට අඩු වටිනාකමකින් යුත් චෙක්පත් සඳහා වන වලංගු කාලය 2020.04.30 දක්වා දීර්ඝ කිරීමටද සම්පත් බැංකුව පියවර ගෙන ඇත.











