• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ආගමටත් හරස් වුණු කොරෝනා

April 18, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
ආගමටත් හරස් වුණු කොරෝනා
Share on WhatsAppShare on Facebook

අප මෙම ලියනා මොහොත වෙනවිට “Covid 19” හෙවත් නව “කොරෝනා” වෛරසය යනු අපට නුහුරු නුපුරුදු වචනයක් නොවේ. එය සතුරෙකු ලෙස මෙදා ලෝකයට තර්ජනයක් එල්ල කරමින් ලෝකයා වටා සැරිසරමින් සිටියි. පියවි ඇසට නොපෙනෙන එක්තරා වෛරසයක් නිසාම මෙම කොරෝනා වෛරසය යනු සැබෑවටම ලෝකයා අමාරුවේ දැමූ දරුණු මට්ටමේ වෛරසයකි. මේ අතර එය රටට ලෝකයට පමණක් නොව අප අදහන ආගම්වලට පවා තර්ජනයක් එල්ල කර තිබේ. විශේෂයෙන්ම මිනිසුන්ගේ ආගමික ජීවිත කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කිරීමට මේ වෛරසය සමත් වී ඇත. එම නිසාම අද වන විට පන්සල්, පල්ලි සහ කෝවිල් ආදී ස්ථාන ඇත්තේ හුදකලාවේය. ඊට හේතුව රට රටවල ජනතාවට ඔවුන්ගේ පුදබිම් වෙත සමීප විය නොහැකි තත්ත්වයක් උදා වී තිබීමයි. ලොව පුරා බෞද්ධ, හින්දු, කිතුනු, ඉස්ලාම් සහ යුදෙව් වැනි ප්‍රධාන ආගම්වලට අයත් පූජනීය ස්ථානවල තත්ත්වය පවා එසේමය. එම නිසාම අපේ අද කතාව කොරෝනා වෛරසය නිසා බලපෑම් එල්ල වූ මිනිසුන්ගේ ආගමික නිදහස ගැනය.

ශ්‍රී ලංකාවට කොරෝනා වෛරසය පැමිණෙන්නේ බෞද්ධයෝ වැඩි වශයෙන්ම සිරිපා කරුණාව කරන සමයේය. එහෙත් මේ වන විට බෞද්ධ ජනතාව පවා සිරිපා කරුණා කිරීම මුළුමනින්ම නවතා දමා ඇත. ඒ කොරෝනා වෛරසය අපේ රට පුරා ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින නිසාය. එමෙන්ම ගෙවී ගිය බක් පුර පසළොස්වක පොහොය දිනයේ වන්දනාමාන කටයුතු කිරීම සඳහා විහාරස්ථාන වෙත පැමිණීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමින් යම් ප්‍රකාශයක් නිකුත් කිරීමට මලවතු සහ අස්ගිරි මහා නා හිමිවරුන් එදා පියවර ගෙන තිබුණේද එම නිසාය. මේ අතර බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ වැදගත්ම හා මහා ශාසනික කාර්යයක් වෙන වාර්ෂික උපසම්පදා විනය කර්මයද කල් දැමීමට කොරෝනා වෛරසය හේතු වී ඇත. එය සම්බන්ධයෙන් තීරණයක් ගෙන ඇති මල්වතු සහ අස්ගිරි සංඝ සභාවන් පවසා සිටින්නේ එල්ල වී ඇති කොරෝනා වෛරස් තර්ජනය මැද උප-සම්පදාව වැනි ශාසනික විනය කර්ම සිදු කිරීම කාලෝචිත නොවන බවයි. එසේම එළඹෙන වෙසක් උත්සවයට පවා මෙම කොරෝනා වෛරසය බලපා තිබේ. ඇතැම් විට මෙම කොරෝනා වෛරසය තවත් මාස දෙක තුනක් පමණ පැවතියහොත් පොසොන් මෙන්ම ඇසළ උත්සව පවා සිදුකිරීමේ ප්‍රශ්නයක් පවතියි.

කොරෝනා වෛරසය නිසා දැඩිව තර්ජනයකට ලක්ව ඇති රටක් වන්නේ මහා බි්‍රතාන්‍යයි. මෙම මහා බි්‍රතාන්‍යයේ “ලන්ඩන් බෞද්ධ විහාරය” යනු ලන්ඩන් නගරයේ පවත්වාගෙන යනු ලබන ප්‍රධාන ලාංකික බෞද්ධ විහාරස්ථානයකි. මෙම “ලන්ඩන් බෞද්ධ විහාරය” බාහිර ජනයා සම්බන්ධ කරගත් දෛනික ආගමික කටයුතු සීමා කිරීමට තීරණය කර ඇති බව එහි විහාරාධිපති වෙන මහා බි්‍රතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය බෝගොඩ සීලවිමල නා හිමියෝ පසුගිය සතියේ බීබීසී මාධ්‍ය ජාලය වෙත සඳහන් කර තිබිණි. උන්වහන්සේ පවසන ආකාරයට කිසිවිටෙක පිටස්තර පුද්ගලයෙකු හෝ දායකයෙකු එම විහාරස්ථානයට මේ දිනවල නොපැමිණෙන අතර විහාරවාසී භික්ෂූන් පවා පිටතට වැඩම නොකර විහාරයේ පමණක්ම ආගමික කටයුතු කරනු ලබයි. එමෙන්ම දායකයන්ට අදාළ සියලු ආගමික කාර්යයන් ඉටු කරන්නේ දුරකථනයෙන් හෝ ස්කයිප් මාර්ගයෙන් වෙන අතරම අවමංගල්‍යයක් වූ විට පාංශකූලය පවා දීම එමගින් සිදු කරන බවත් ඒ සියල්ල සිදු කෙරෙන්නේ විද්‍යුත් තාක්ෂණය ඔස්සේ දුරස්ථ සන්නිවේදනයෙන් බවත් පැවසෙයි. තවද සෑම දිනකම සවස හයට මහජනයාට සෙත් පතමින් රතන සූත්‍රය දේශනා කරන බවත් ෆේස්බුක් ඔස්සේ සියලුම ජනතාවට ඊට සම්බන්ධ විය හැකි බව උන්වහන්සේ පවසා සිටියි. නමුත් විහාර අභ්‍යන්තරයේ භික්ෂූන්ගේ දෛනික පුද පූජා මෙන්ම භාවනා කටයුතු අඛණ්ඩව දූරස්ථව කටයුතු කිරීමේ උපදෙස් පරිදි සිදුකරන බව සඳහන් වෙයි.

මේ අතර ලන්ඩන් නගරයේම ඇති “කිංග්ස්බරි බෞද්ධ මධ්‍යස්ථානය” තුළ තත්ත්වයද එසේමය. මෙදා ලන්ඩන්හි පිහිටි කිංග්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානයේ අනුගමනය කෙරෙන්නේද “ලන්ඩන් බෞද්ධ විහාරය” සිදුකරන වැඩපිළිවෙළට සමාන වූ එකකි. ඔවුන්ද බාහිර ආගමික කටයුතු සියල්ල නතර කර තිබෙන අතර පිටස්තර පුද්ගලයන් විහාරය වෙත සහභාගි කර ගැනීම මෙන්ම භික්ෂූන් පිටතට ගමන් කිරීම නතර කර ඇති බව විහාරවාසී පූජ්‍ය ගලයායේ ධම්මදස්සි හිමියන් පවසා සිටියි. උන්වහන්සේ පවසන ආකාරයට විහාරය වෙත දානය පවා ලැබෙන්නේ වියළි ආහාර මට්ටමින්ය. එසේම දායකයන් තම විහාර දොර අසලින් තබා යන ආහාර විහාරයේ ඇතුළට ගෙන දින දෙකක කාලයක් ස්පර්ශ කිරීමෙන් වැළකී සිටින බවද සඳහන් වෙයි. මේ අතර විහාරය අභ්‍යන්තරයේ සිටින භික්ෂූන්ගේ ආගමික වතාවත් පුද පූජා සහ භාවනා කිරීම් ආදිය පෙර පරිදිම නොවෙනස්ව සිදුකෙරෙන අතර ධර්ම දේශනා සහ පූජාවන්ට දැන් අන්තර්ජාලය ඔස්සේ දායකයන්ට සම්බන්ධ විය හැකි බව ගලයායේ ධම්මදස්සි හිමියන් සඳහන් කරයි. සැබෑ ලෙසින්ම මේ සියල්ලම මෙසේ වෙන්නට බලපා ඇත්තේ වෙනකක් නොව කොරෝනාය.

පසුගිය අප්‍රේල් අට වැනිදා සන්ධ්‍යාව යනු යුදෙව් දින දර්ශනයේ අතිශයින්ම වැදගත් මොහොතකි. ඊට හේතුව යුදෙව් ජාතිකයන්ගේ ආගමික ජීවිතයේ එක් පූජනීය කාලයක් ලෙස සැලකෙන පාස්කු මංගල්‍යයේ ආරම්භය සිදුවීමයි. එය ඉංග්‍රීසි බසින් “Passover” උදාව ලෙස පැවසෙයි. තවද යුදෙව් ආගමිකයන්ගේ පාස්කුව නැත්නම් “උපරිගමන් මංගල්‍යය” ලෙසද එය හඳුන්වා දිය හැකිය. මෙම ශුද්ධ කාලයේ සමාරම්භයත් සමඟ යුදෙව් බැතිමතුන් පවුල් වශයෙන් එකට එක්ව ඔවුන් “ීැාැර” නමින් හඳුන්වනු ලබන විශේෂ වූ භෝජනය අනුභව කරති. තවද තම දහමට අයත් මූලග්‍රන්ථ හා කතන්දර ආදිය කියවති. ගීත ගායනා කරති. එහෙත් කොරෝනා වෛරසයෙන් බේරීමට අනුගමනය කරනු ලබන සමාජ දුරස්ථභාවයත් සමඟින්ම එම සාමූහික ආගමික ජීවිතය යුදෙව් ජනයාගෙන් මෙවර දුරස් වී තිබේ. විශේෂයෙන්ම ලෝකය පුරාම යුදෙව් ජනයාට Seder” භෝජනය භුක්ති විඳීමට කිසිවෙකුට මෙවර ආරාධනා කළ නොහැකි පරිසරයක් දැන් උදා වී තිබීම කණගාටුවට කරුණකි.

කිතුනු බැතිමතුන්ගේ “පාස්කු” කාලයත් ඉස්ලාම් බැතිමතුන්ගේ “රාමසාන්” සමයත් ළඟ ළඟම වාගේ පැමිණෙමින් තිබේ. එහෙත් මෙවර නම් ලෝකය පුරා කිතුනු සහ ඉස්ලාම් බැතිමතුන්ද මුහුණ දෙනු ඇත්තේ පෙර කී යුදෙව් ජනයාට සමාන තත්වයක් වෙතය. මේ අතර යුදෙව් පූජක රික් ජේකොබ්ස් රබ්බිවරයා ජීවත් වන්නේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේය. ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරය යනු කොරෝනා වෛරසයේ කේන්ද්‍රස්ථානයයි. රික් ජේකොබ්ස් රබ්බිවරයා යුදෙව් දහම ප්‍රතිසංස්කරණය සඳහා වෙන සංවිධානයේද සභාපතිවරයාය. එනිසාම ඔහු Seder” භෝජනය සඳහා ඇරයුම් කරන පිරිසට උපදෙස් මාලාවක් සාදා තිබේ. එහි අරමුණ වන්නේ මේ කොරෝනා වෛරසයත් සමඟ දැනට උද්ගතව ඇති අනතුර හමුවේ අනුගමනය කළයුතු විශේෂ උපදෙස් කිහිපයකි. එහි අත් සේදීමක් ගැනද සඳහන් අතර එය පිරිසිදුවීමකට වඩා ආගමික පවිත්‍රතාව අරමුණු කර ගත් සාම්ප්‍රදායික චාරිත්‍රයක් බවද යුදෙව් පූජකවරයා සඳහන් කර තිබේ. මේ අතර ගියවර මෙන්ම ලාංකික කිතුනු බැතිමතුන්ට මෙවරද පාස්කු උත්සවය වෙනදා මෙන් සිදුකිරීමට අවස්ථාවක් නැත. ඊට හේතුව 2019 වර්ෂයේ ඇති වූ පාස්කු ප්‍රහාරය හා මෙවර ඊට සමාන ලෙස එල්ල වී ඇති කොරෝනා ප්‍රහාරයයි.

පසුගිය අප්‍රේල් දොළොස් වැනි දින පාස්කු ඉරිදාව උදාවූයේ ලොව පුරාම කිතුනු ජනතාවට ඉතා වැදගත් පණිවිඩයක්ද සමඟිනි. පාස්කු ඉරිදාව යනු කුරුසයේ ඇණ ගසනු ලැබීමෙන් පසු ක්‍රිස්තුස් වහන්සේ හෙවත් ජේසුස් වහන්සේ යළි උත්ථානය වූ දිනයයි. එය කිතුනු බැතිමතුන් විසින් වෙනදා සමරනු ලබන්නේ ඉතාමත් උත්සවාකාරයෙනි. වෙනදාට නම් මහා සිකුරාදා මෙන්ම පාස්කු ඉරිදා ලොව පුරාම බොහෝ කිතුනු බැතිමත්හු යාඥා කිරීම සඳහා දේවස්ථාන කරා ගමන් කරති. ඒත් මෙවර තත්ත්වය වෙනස්ය. බොහෝ කිතුනුවන් ගෙවී ගිය මහා සිකුරාදා පවා සැමරුවේ සරල අන්දමිනි. මේ අතර බොහෝ කිතුනුවන් මෙවර ගෙවල් තුළ සිටිමින් යාඥා කිරීම හා බයිබලය කියවීම සිදුකර තිබේ. මෙවර ශ්‍රී ලාංකීය කිතුනු ජනතාවද මහා සිකුරාදා දිනය සහ පාස්කු ඉරිදාව සැමරුවේ එසේය. පසුගිය වසරේ අඳුරු සිදුවීමකට මුහුණ පෑ කිතුනු ජනතාවට මෙවරද ඊට සමානම වූ සිදුවීමක් සිදුවීම සැබෑවටම කණගාටුවට කරුණකි. එහෙත් එය ලෝකයටම බලපෑ තත්වයක් නිසා තරමක් දුරට හිත් හදාගත හැකිය.

මේ අතර එළඹෙන අප්‍රේල් 23 වැනිදා ඉස්ලාමීය බැතිමතුන්ගේ රාමසාන් උපවාස සමය ආරම්භවීමට නියමිතය. අප්‍රේල් මාසයේ රාමසාන් සමය වන්නේ එය මොහොම්මඞ් නබිනායකතුමා “කුරානය” නම් ශුද්ධ ග්‍රන්ථය පළමුවරට එළිදක්වන ලද මාසය වීම නිසාය. වෙනදා නම් රාමසාන් සමයේදී ඉස්ලාම් පවුල් මෙන්ම ඔවුන්ගේ හිතමිතුරන් සෑම දිනකම හිරු බැසයත්ම එකට එක්ව “ඉෆ්තාර්” භෝජනය අනුභව කර යාඥා කිරීම සඳහා සිය පල්ලි කරා ගමන් ගනිති. මේ අතර ලන්ඩන් නගරයේ ජීවත්වෙන ඉස්ලාමීය බැතිමතුන් විසින් වෙනත් අවුරුදුවල ලන්ඩන් නගරය මධ්‍යයේ පිහිටි “ට්‍රෆල්ගා චතුරශ්‍රය” වැනි ස්ථානයක විවෘත ඉෆ්තාර් භෝජන සංග්‍රහයක් සූදානම් කිරීම සිරිතක් වී තිබුණද එය මෙවර පැවැත්වෙන්නේ නැත. ඊට හේතුව කොරෝනා වෛරසයයි. කෙසේ වුවද විද්‍යුත් ක්‍රමයන් භාවිතා කරමින් යාඥා ඇතුළත් සජීවී පණිවිඩ ආදිය මඟින් ඔවුන් දුරස්ථ “ඉෆ්තාර්” උළෙලක් පැවැත්වීමට මෙවර සැලසුම් කර තිබේ. මේ ලියන මොහොත වෙන විට ආගමික නිදහසට කොරෝනා බලපෑම් කරන්නේ මෙසේය. එම නිසාම “covid 19” හෙවත් “කොරෝනා” වෛරසය ඉතා ඉක්මනින්ම ලෝකයෙන් තුරන් වේවා යන්න “මව්රට” පුවත්පතේ අපි ප්‍රාර්ථනා කරමු.
රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

කනගාටුයි.. සහන ‌දෙන්නේ ‌දේශපාලනය බලලා… -සජිත්ගෙන් ආණ්ඩුවට තවත් ප්‍රහාරයක් (VIDEO)

Next Post

කොරෝනාවට බය නැති අපේ රැහේ එවුන්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.