• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කොරෝනාවට බය නැති අපේ රැහේ එවුන්

April 18, 2020
in Heart
Reading Time: 1 min read
A A
කොරෝනාවට බය නැති අපේ රැහේ එවුන්
Share on WhatsAppShare on Facebook

මෙදා සැරේ සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වුණේ වෙන කවදාටවත් වඩා වෙනස් වටපිටාවක. ඒ කොවිඞ් 19 වසංගතය හේතුවෙන් රටේ ඇති වෙලා තියෙන තත්ත්වය හින්දා. මෙදා සැරේ අලුත් අවුරුද්දට අපිට වෙනදා වගේ එළිපෙහෙළියට බහින්න අවස්ථාව ලැබුණේ නැහැ. පවුලේ සමීපතමයන් එක්ක අපි ගේ ඇතුළේ ඉඳන් තමයි අලුත් අවුරුද්ද සැමරුවේ.

වෙනදා වගේ මේ සැරේ රට වටේ අවුරුදු උත්සව තිබුණේ නැහැ. වෙන අවුරුදු කාල වලදී ගොඩක් කාර්යබහුල වෙන කලාකරුවොත් මේ අවුරුද්ද සැමරුවේ ගෙදර ඉඳන්. වෙනදා නම් අලුත් අවුරුද්ද උදා වෙද්දිම අපිට මුලින්ම ඇහෙන සින්දුවක් තියෙනවා. “මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාලේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ.” කියන සින්දුව. ඒ අලුත් අවුරුදු ගීතය ගායනා කරන්නේ රංවල බලකාය. වෙන අවුරුදු වගේ මේ අවුරුද්දේ හිතේ හැටියට හිනා වෙන්න බැරි හින්දා ඒ සින්දුව මේ අවුරුද්දේ නිතර ඇහුණේ නැහැ.

හැබැයි එහෙමයි කියලා සහන් රංවල ප්‍රමුඛ රංවල බලකාය මේ අවුරුද්දටත් නිකම්ම හිටියේ නැහැ. ඔවුන් මේ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගීතයක් නිර්මාණය කළා. ඒ ගීතය නම් කරලා තිබුණේ “තුන් හෙළ මංගල්ලය” නමින්. කොහොම වුණත් රංවල බලකාය හැමදාම අලුත් අවුරුද්දට කල් තියාම සූදානම් වෙන හින්දා මේ ගීතය සඳහා වීඩියෝවක නිර්මාණය කරන්නත් ඔවුන්ට හැකියාව ලැබිලා තියෙනවා.

නුවන් කුමාර කටුගම්පොළ විසින් රචනා කළ මෙම ගීතය රංවල බලකායේ ප්‍රදීප් මුතුකුඩආරච්චි විසින් තමයි තනු නිර්මාණය කර සංගීතවත් කරලා තියෙන්නේ. ඒ වගේම මේ ගීතයේ ගායනාවෙත් විශේෂත්වයක් තියෙනවා. සහන් රන්වල, ඉසුරු ජයරත්න සහ ජනනාත් වරකගොඩ තමයි මේ ගීතය ගායනා කරන්නේ. මේ තුන් දෙනාම කලා පවුල්වලින් පැවතගෙන අය. ඒ අයගේ කලා උරුමය ඊලඟ පරපුරට ගෙනියන්න පුළුවන් වෙන විදියට තමයි මේ ගීතය නිර්මාණය වෙලා තියෙන්නේ.

රංවල බලකාය ඒ විදියට තම උරුමය ජාතියේ උරුමය සමඟින් අනාගතයට ගෙනියද්දී, නවක ගායක ගායිකාවන් පිරිසක් විසින් ගායනා කරන “සෞභාග්‍යයේ සංග්‍රාමය” නැමැති ගීතයත් පසුගිය දින වල වැඩි දෙනාගේ අවධානයට ලක් වුණා. ඉෂාරා කල්පනී, අශාන් නේරංග, සඳරු පරණහේවා සහ සසිත සාලිඳු තමයි ඒ ගීතය ගායනා කරන්නේ. සහන් දහනායක විසින් රචනා කර ඇති ඒ ගීතයේ සංගීතය නිර්මාණය කර තිබෙන්නේ විශාරද සසිත සලිඳු විසින්. සිංහල හින්දු අලුත් අවුරුද්ද සමඟින් රටේ සෞභාග්‍යය නැවත ගොඩ නගමු යන්න තමයි ඒ ගීතයේ තේමාව. ඒ වගේම රජය විසින් ආරම්භ කර ඇති සෞභාග්‍ය වගා සංග්‍රාමයේ තේමාවත් මේ ගීතය හරහා ජනතාවට සමීප කරන්න කටයුතු කරලා තියෙනවා.

කොවිඞ් 19 වසංගතය ලෝකය පුරා දරුණු ලෙස පැතිරයාමත් සමඟ ඉදිරියේදී ආහාර අර්බුධයකට මුහුණ දීමට සිද්ධ වේවි කියන බය අපි හැමෝටම ඇති වුණා. ඒ වෙනුවෙන් තම තමන්ගේ ගෙවත්තේ හැකි පමණින් වගා කරන්න බොහෝ දෙනෙක් උනන්දු වුණා. කලාකරුවන්, දේශපාලනඥයන්, ක්‍රීඩකයන් ඇතුළු බොහෝ දෙනෙක් ඒ සඳහා කැප වුණා. තමන් ඒ සඳහා කටයුතු කරන ආකාරය ජනතාවට පෙන්වන්නත් ඔවුන් කටයුතු කළා. ඒ ජනප්‍රිය පුද්ගලයන් තම ගෙවත්තේ වගා කටයුතුවල නිරත වන ආකාරය ඇතුළත් ඡායාරූප රැසක් මේ ගීතය අවසානයේ දැක ගන්න පුළුවන්.

මේ අතරේ කොරෝනා වසංගතය හේතුවෙන් නිවෙස්වලට කොටු වී සිටින ජනතාවගේ මානසික සෞඛ්‍ය ඉහළ නැංවීම සඳහා මහල් නිවාස අසල විශේෂ සංගීත සංදර්ශන පෙළක් පවත්වන්න ආරක්ෂක අංශ පසුගිය දින කිහිපය පුරාම කටයුතු කළා. තම නිවාස වලට වී එම ප්‍රසංග නරඹන ජනතාව ප්‍රීතියෙන් විනෝද වන ආකාරයත් දක්නට ලැබුණා. ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ විසින් සංවිධාන කළ එම ප්‍රසංග මාලාවට ජනප්‍රිය කලාකරුවන් කිහිප දෙනකුත් සහභාගි වීම විශේෂත්වයක්. භාතිය, සන්තුෂ් දෙපළ සහ ඉරාජ් වීරරත්න ඒ අතරේ ඉදිරියේම හිටියා.

මේ අතරේ කොරෝනා හමුවේ ඇතිවූ ව්‍යාකූලත්වය හමුවේ දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වෙන නිලධාරින් රැසක් සිටින ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා ඒකකයට හදිසියේ භාතිය, සන්තුෂ් දෙපළ ගොස් සිටින ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගන්නට ලැබුණා.
තම පවුලෙන් ඈත්ව දැඩි වෙහෙස මහන්සියෙන් වැඩ කටයුතු කරන නිලධාරීන්ගේ ආතතිය නැති කිරීම සඳහා ඔවුන් සමඟ එකතුව ගීත ගායනා කිරීමටත් භාතිය, සන්තුෂ් කටයුතු කර තිබුණා.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ආගමටත් හරස් වුණු කොරෝනා

Next Post

INTO THE WILD තිරයෙන් එහා

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.