ක්‍රි.ව. 1500දී පමණ ඛයිබර් දුර්ගය ඔස්සේ විදේශිකයන් ඉන්දියාවට සංක්‍රමණය විය. ඔවුන් කුමන ප්‍රදේශයක සිට සංක්‍රමණය වූයේද යන්න නිශ්චිත වූ නිගමනයක් නොමැත. මධ්‍ය ආසියාවද, රුසියාව ආශ්‍රිත ප්‍රදේශද එසේත් නැතිනම් වෙනත් ප්‍රදේශයක්ද යන්න මොවුන්ගේ නිජබිම පිළිබඳ නිශ්චිත එකඟතාවයක් නොමැත. ආර්යයන් අනුගමනය කළ ආගම්, භාෂාව ආදිය පිළිබඳ විමර්ශනය කළ බ්ෘෂ්ඩෙස්මෙයින් නම් මානව විද්‍යාඥයා ඉන්දු ආර්යයන්ගේ මුල්බිම දකුණු රුසියාව ආශ්‍රිත ප්‍රදේශ යැයි ඉදිරිපත් කළ අදහස් බොහෝ දෙනෙකුගේ පිළිගැනීමට ලක්ව තිබෙයි.
ක්‍රි.පූ. 1500 පමණ ඉන්දියාවට ළඟාවූ මොවුන් ආර්ය යන නාමයෙන් හඳුන්වාදෙන ලැබ ඇත්තේ එවකට ඉන්දියාවේ සිට ස්වදේශීය ජන කණ්ඩායම්වලට වඩා උසස් යන අදහසිනි. එහෙත් ආර්යයන්ට වඩා උසස් මට්ටමක ඉන්දියානුවන් සිටි බව නාගරික සංස්කෘතියට මැටි බඳුන් වැනි දෑ භාවිත කිරීම තුළින් පැහැදිලි වෙයි. ආර්යයන්ට විශේෂයෙන් හිමි වූ හැකියාවන් වූයේ ඔවුන්ගේ ප්‍රධාන වස්තුව වූ ගවයා දක්කගෙන එඬේර ජීවිතයක් ගතකිරීමේ හැකියාව, ආහාරපාන සපයාගැනීමේ හැකියාවද, ගොනුන් යෙදූ වාහන භාවිතය ආදියයි. ජන කණ්ඩායම්වල මූලික තොරතුරු ඍග්වේදයෙහි සඳහන්ව ඇත. එය ප්‍රධානම ජෝතිෂ්‍යය මූලාශ්‍රයයි.
ගෝත්‍රික ජනකොට්ඨාස ලෙස ව්‍යාප්ත වූ ඍග් වෛදික යුගයේ ආර්ය ජනාවාස ගොඩනඟා ගැනීමත් සමගින්ම සංවිධිත දේශපාලන පියවරක් ගොඩනඟාගෙන ඇත. එවගේම වෛදික පාලන තන්ත්‍රය කොටස් තුනකට බෙදී පැවතිණි.
■ ගම පාලනය කළ තැනැත්තා ගාමනී විය.
■ ගම් කිහිපයක් එක්වී විශ් එකක් නිර්මාණය විය.
■ විශ් කිහිපයක් එකතු වූ විට විශ්පති යන නමින් හැඳින්විය.
■ විශ්පති කිහිපයක් එකතු වී ජන නම් ඒකකය නිර්මාණය වේ. එහි පාලකයා ජනපති නමින් හැඳින්විය. ඍග්වේද ගීතිකාවලට අනුව මෙම යුගයේ සිදුවූ වැදගත්ම සිදුවීමක් ලෙස දසරාඣ යුද්ධය හැඳින්විය හැකිය. භරත ගෝත්‍රයේ සුදාස් රජු තවත් ගෝත්‍ර 10ක් සමගින් යුධ වැදීම මෙනමින් හැඳින්වීමට හේතු විය. සදු, පුරු, අනු, තුර්වාස ආදී ප්‍රබල ගෝත්‍රයන්ද ඒ අතර විය. ශිව, විශානින් ආදීවූ ගෝත්‍රද සුදාස් රජුට එරෙහිව පරුෂ්ණි නදී තෙර අසලදී යුධ වැදී තිබෙයි. එහිදී සුදාස් රජු ජයග්‍රහණය කරන ලදී. මෙනිසා භරත ගෝත්‍රයේ නැඟීම සිදුවිය.
එවගේම එම යුගයේ සියලු කටයුතුවල අධිකාරි බලය රජුට හිමිවිය. අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීමට පුරෝහිතවරයකු සිටියේය.
මෙම යුගයේ ස්ථාවර ජනතාව ගොඩනඟාගත් ආර්යයන්ගේ ජීවනෝපාය ලෙසින් කෘෂිකර්මාන්තය සිදුකරන ලදී. මෙම යුගයේදී කෘෂිකර්මාන්තය තිබූ බවට
සාක්ෂි ලෙස හැඳින්විය හැක්කේ ඍග් වේදයෙහි කෘෂිකර්මාන්තය හා බැඳී ඇති වචන භාවිත කිරීමයි.
කෘෂි – සීසෑම
උගර්වරා – අස්වද්දනු ලැබූ කුඹුරු
ලුගන්ත – කැලේ කැපීම
නිර්ගන්නා – පොතු හෑරීම
එවගේම ආර්ථිකයේ ප්‍රධාන ලක්ෂණයක් ලෙසට සත්ව පාලනය හැඳින්වීමට හැකිය. ආර්ථික ශක්තිය එකල මනිනු ලැබුවේ ගවයන් ප්‍රමාණයන්ගෙනි. ගවයාට සුවිශේෂී තැනක් මෙම අවධියෙහි හිමිවිය. ගවයාට අමතරව එළුවන් බැටළුවන්, කුකුළන් වැනි සතුන් ඇතිකරන ලදී.
එවගේම ඍග් වෙදික යුගයේ ප්‍රධානම ආර්ථික මාර්ගය ලෙසට වෙළෙඳාම හැඳින්විය හැකිය එය බාහිර සහ අභ්‍යන්තර ලෙස වෙළෙඳාම් කටයුතු සිදුවිය.
වෙළෙඳාමට අමතරව විවිධ කර්මාන්ත මෙම අවධියෙහි පැවතී ඇත. ස්ෘග්වේද ගීතිකාවලට අනුව ගෘහාශ්‍රිත කර්මාන්තය, ලෝහ කර්මාන්තය, වඩු කර්මාන්තය මෙම යුගයේ පැවති බවට තහවුරු වෙයි.
මෙම යුගයේ පවුල පිළිබඳ විමසිලිමත් වීමේදී පියා මූලික කරගත් පීතෘ මූලික සමාජයක් දැකිය හැකි විය. පවුලේ ප්‍රධාන අභිප්‍රාය පුතුන් බිහිකිරීම විය. කැමැති පුරුෂයකු සමඟ විවාහ විය හැකි නමුත් පුරුෂයා යටතේ ජීවත්විය හැකිවිය.
ඍග් යුගයේ ආහාරපාන අතර උණු කිරි පානය ප්‍රචලිත විය. තිරිඟු, මෙනේරි, බාර්ලි ආදී ධාන්‍ය වර්ගද භාවිත කර ඇත.
ඍග් වෙදික යුගයේ ආගමික තත්ත්වය පිළිබඳ විමසීමේදී ස්වාභාවික වස්තූන් ආදිය වන්දනාමාන කළ බව පැහැදිලිවේ. එසේම සාම්රාජ සූර්ය ආදී දෙවිවරුද අන්තරීක්ෂ, සෝම පෘථිවි ආදී දෙවිවරුද වන්දනාමාන කර තිබෙයි.
ඒ ඒ යුගයන්හි අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් වෙයි. ඒ අනුව ඍග් යුගයේ අධ්‍යාපනය ක්‍රමවේදය ප්‍රායෝගික ක්‍රියාකාරකම් මත පදනම් විය. ජ්‍යොතිෂය, ගීත කලාව, ගෘහ නිර්මාණ, කෘෂිකර්මාන්තය ආදිය පිළිබඳ අධ්‍යාපනයක් ලබාදීමට කටයුතු කර ඇත.
මේ අනුව ඍග් වෙදික යුගයේ දේශපාලනය, සමාජීය ආර්ථිකය අධ්‍යාපන තත්ත්වයන් පිළිබඳ මෙලෙස අවබෝධයක් ලැබිය හැකිය.
කාංචනා මධුවන්ති රත්නායක











