• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සිහසුන් දරා වාර්තා තැබූ ලංකාවේ කාන්තාවෝ

March 9, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
සිහසුන් දරා වාර්තා තැබූ ලංකාවේ කාන්තාවෝ
Share on WhatsAppShare on Facebook

බොහෝ විට රටක රජකම ලැබෙන්නේ රළු අත් යුගලයක් ඇති පිරිමින්ට මිස සිනිඳු අත් ඇති ගැහැනුන්ට නොවේ. එහෙත් අතීතය දෙස යළිත් හැරී බැලීමේදී රළු පිරිමි අත් පරදා සිනිඳු ගැහැනු අත් රජ වූ සිදුවීම් කිහිපයක් ගැන අසන්නට ලැබේ. එහෙත් එම සිදුවීම් ගණන අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු මිස වැඩි නම් නැත. ලෝකයේ රට රටවල් වෙන වෙනම ගෙන බැලීමේදී රළු පිරිමි අත් පරදා සිනිඳු ගැහැනු අත් රජ වූ සිදුවීම් වැඩිපුරම දක්නට ලැබෙන්නේ ශ්‍රී ලංකාවෙන්ය. අතීතයේ එම රජකම ලැබූ කාන්තාවක් හැඳින්වූයේ රැජින ලෙසය. එහෙත් වර්තමානයේ රජවෙන කාන්තාවන් හඳුන්වා දෙන්නේ ජනාධිපතිනිය ලෙසය. කාලයෙන් කාලයට ඒ කතාව කොහොම වෙනස් වුවද අපේ රටේ රළු පිරිමි අත් පරදා රට කළ රැජිනියන් සේම ජනාධිපතිනියන්ද සිටියි. අපේ අද කතාව රට කළ ඒ සිනිඳු අත් ගැනය.

අනුලා බිසව
අපේ ලාංකේය ඉතිහාසය තුළ “අනුලා” යන නාමය ඇති සුප්‍රසිද්ධ කාන්තා චරිත දෙකකි. ඉන් එක් අයෙක් වන්නේ ශ්‍රී ලංකාවේ පළමුවැනි භික්ෂුණීන් වහන්සේ බවට පත් වූ බව කියන අනුලා දේවියයි. ඇය එවකට දේවානම්පියතිස්ස හෙවත් දෙවනපෑතිස් රජුගේ බිසවකි. අනෙක් අනුලාව වන්නේ ලංකාවේ රැජිනක් බවට පත් වූ අනුලාය. ඉතිහාසය තුළ ඇයව හඳුන්වා ඇත්තේ කාම ධේනුවක් යනුවෙනි. ඇය මුලින්ම අපට මුණගැසෙන්නේ චෝරනාගගේ බිසව ලෙසිනි. එහිදී ඇය පිරිමින් කීපදෙනෙකුම මරා දමා තම ආශාවන් ඉටුකරගත් කාන්තාවක් ලෙස හැඳින්වෙයි. මුලින්ම ඇය චෝරනාගගේ බිසව වෙන අතර පසුව ඔහු මරා ඇය කුඩා චූලික තිස්සව රජකමට පත්කර ඔහුගේ බිසව වෙයි. පසුව ඔහුව මරා ශිවට රජකම බාර දී ඔහුගේ බිසව වෙයි. මේ ආකාරයෙන් ඇය ඉන්පසුව පිළිවෙළින් වටුක, දාරුකැටියාතිස්ස, නීලීය යන අයව රජකර ඇය ඔවුන්ගේ බිසව බවට පත්ව තිබේ. ඇය අවසනදී නීලීයද මරයි. එහෙත් පසුව ඇය කරනුයේ තමාටම රජකම ලබා ගැනීමයි. නමුත් අනුලාවට එදා රජ කරන්නට ලැබෙන්නේ මාස හතරක් පමණි. එයට හේතුව චූලික තිස්සගේ සහෝදරයෙක් වූ කූටිකණ්ණ තිස්ස කුමරු අනුලා රැජින උන් රජ මාලිගාව වටකර ඊට ගිනි තැබීමයි.

සීවලී රැජිණ
අපේ ශ්‍රී ලංකා ඉතිහාසයේ මුණ ගැහෙන දෙවැනි රැජිනගේ නම වන්නේ සීවලීය. ඇය කණිරාජානුතිස්ස රජුගේ දියණියයි. එදා කණිරාජානුතිස්ස රජුගෙන් පසු ඔහුගේ පුතා සහ සීවලීගේ සහෝදරයා වෙන චූලාභය කුමරු රජවෙන අතර චූලාභයගේ හදිසි මරණයත් සමඟින් සීවලී කුමරියව සීවලී රැජන ලෙස අභිෂේක කර ඇත. නමුත් ඇයටද රජකම් කරන්නට ලැබෙන්නේ මාස කීපයක් පමණි. ඊට හේතුව වන්නේ ඉලනාග නම් කුමාරයෙක් ඇයව බලයෙන් පහකර එම රජකම ඔහු වෙතට ලබාගැනීමට කටයුතු කිරීමයි.

ලීලාවතී බිසව ලීලාවතී රැජින යනු පොළොන්නරුවේ රාජ්‍ය කළ මහා පරාක්‍රමබාහු රජුගේ අගබිසවයි. සැබෑවටම මේ ලීලාවතිය යනු ශ්‍රී වල්ලභ සහ සුගලා නම් වූ රුහුණු රට පාලනය කළ රජ යුවළගේ දියණියයි. එවකට මහා පරාක්‍රමබාහු රජු ශ්‍රී ලංකාව එක්සේසත් කර ලීලාවතී බිසවගේ සහෝදරයා වූ මානාභරණ කුමරු සහ මව වූ සුගලා දේවිය සමඟින්ද සටන් වැද ඇති බව වංශ කතා තුළ පැවසෙයි. කෙසේ හෝ මහා පරාක්‍රමබාහු රජුගෙන් පසුව රටේ රජකම බාරදීමට සුදුසු අයෙක් නොසිට ඇති අතර පසුව රජකම විවිධ පුද්ගලයන් අතට පත්ව තිබේ. එම කාල පරාසයන් තුළ අවස්ථා තුනකදී පමණ ලීලාවතියද රැජිනක් ලෙස රාජ්‍ය කළ බව සඳහන්ය.

අවුල් ලිහන්න ආ ගැහැනිය
මහා පරාක්‍රමබාහු රජුගෙන් පසු පොළොන්නරුව රාජධානියේ රජකම යන විෂය අතිශය අවුල් සහගත තත්ත්වයකට පත්වූ බව සඳහන්ය. මහා නිශ්ශංකමල්ල රජු හැරුණු විට බොහෝ පාලකයන්ට එදා රට ස්ථාවර තත්ත්වයක තබා ගැනීම අපහසු විය. මේ අතරවාරයේ එක් අවස්ථාවකදී නිශ්ශංකමල්ල රජුගේ බිසවක් වූ කල්‍යාණවතී බිසවටද රජකම ලැබුණු බව පැවසෙයි. නමුත් ඇයටද රැජිනක් ලෙස ඉන්නට ලැබෙන්නේ ටික කලකට පමණි. මේ අතර බොහෝ අය සිතා සිටින්නේ කල්‍යාණවතී යනු නිශ්ශංකමල්ල රජුගේ අගබිසව බවයි. නමුත් සත්‍යය වන්නේ ඇය එම රජුගේ දෙවැනි බිසවකි. සැබෑවටම නිශ්ශංකමල්ල රජුගේ අගබිසව වන්නේ සුභද්‍රා නම් බිසවයි.

එහේ සිට මෙහේ බැලූ රැජිනියෝ
ශ්‍රී ලංකාව එදා වර්ෂ 1815දී සම්පූර්ණ වශයෙන්ම බි්‍රතාන්‍යයන්ට යටත් වූ බව අද අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. එහිදී බි්‍රතාන්‍යය තුළ රාජ්‍ය කළ රජු හෝ රැජිනිය බි්‍රතාන්‍යයෙන් අපේ රට නිදහස් වෙනතුරාවට අපේ රටෙත් රජු හෝ රැජිනිය බවට පත්වෙයි. එසේ බැලූ කල වර්ෂ 1837 සිට වර්ෂ 1901 දක්වාම මෙරටේ රැජිනිය වී ඇත්තේ බි්‍රතාන්‍යයේ වික්ටෝරියා රැජිනයි. මේ අතර ඒ ලෙසින්ම දෙවැනි එළිසබෙත් රැජිනද ඊට පෙර කලක් අපේ රටේ රැජිනක් බවට පත්ව තිබේ.

මෙරට පාලනයේ අවසන් කාන්තා නියෝජනය
ශ්‍රී ලංකාවේ රාජ්‍ය කළ අවසන් කාන්තා චරිතයන් වන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය මෙන්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි. මේ දෙදෙනා අතරින් සිරිමාවෝ බණ්ඩාරනායක නම් දැනට ජීවතුන් අතරේ නොමැති අතර දෙදෙනාගෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නම් අදටත් සෘජුව නොවුණත් වක්‍රාකාරයෙන් දේශපාලනය කටයුතුවල යෙදෙයි. බොහෝ විට ඇය එළඹෙන මහා මැතිවරණයේදී යළිත් සක්‍රීය දේශපාලනයට එන්නට ඉඩකඩ තිබේ. කෙසේ හෝ මෙම දෙපළ හැරුණු විට නැවත කාන්තා චරිතයක් ලාංකේය මුල් පුටුවකට එන සේයාවක් හෝ පෙනෙන්නට නැත.
නලින්ද සම්පත්

SendShareShare
Previous Post

පවන ධූත හනුමාන්

Next Post

ඉන්දියාව වෙනස් කළ ක්‍රි.ව. 1500

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.