• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

මොකක්ද මේ කණුවක් වටකොට බඳින චෛත්‍ය

February 29, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
මොකක්ද මේ කණුවක් වටකොට බඳින චෛත්‍ය
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව පුරා විසිරී පැතිරී ඇති ඓතිහාසික ස්තූප පිරික්සීමේදී එම ස්තූපයන්ට පොදු වූ ලක්ෂණ මෙන්ම එකිනෙකට අනන්‍ය වූ විශේෂ ලක්ෂණ බොහොමයක්ද නිරීක්ෂණය කළ හැක. ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නේ ස්තූපයන්ගේ හැඩයය. පළමු ඉදිකිරීමේදී වෙනස් හැඩයක් ගත් නමුත් පසුව එම හැඩය වෙනස් වූ ස්තූප රාශියක්ද ඒ අතර දැකිය හැක. එමෙන්ම ආරම්භයේදී පොදු සාධකයක්ව පැවැති නමුත් මේ වන විට ස්තූප කලාවෙන් ඉවත් වී ගිය ලක්ෂණද රාශියක් ඇත. ඒ අතරින් ප්‍රධාන තැනක් හිමි වන එක් සාධකයක් ලෙස යූපය හැඳින්විය හැක. ඉතිහාසඥයන් විසින් යූපය, යූපස්තම්බය සහ යූප ගල ලෙසින්ද හඳුන්වා ඇති ආකාරය දක්නට ඇත.

පුරාවිද්‍යා නිරීක්ෂණ අනුව සොයා ගෙන ඇත්තේ “යූපය” යන වදනේ ඉතිහාසය පුරාණ වෛදික යුගය දක්වා දිව යන බවය. වෛදික ආගමට අනුව දෙවියන් සතුටු කිරීම සඳහා බිලි දෙන සතුන් බැඳ තබන කණුව හඳුන්වා ඇත්තේ යූපය ලෙසිනි. ඒ අනුව පැහැදිලිවන එක් කාරණයක් වන්නේ “යූපය” යන වස්තුව අතීතයේ සිටම පූජනීය වස්තුවක් ලෙසින් යොදා ගෙන ඇති බවය. එමෙන්ම යූපය හෙවත් යූපස්තම්භය අතීතයේදී ජයග්‍රහණයේ සංකේතයක් ලෙසින්ද යොදා ගෙන ඇත. ඉන් පසු පූර්ව බෞද්ධ යුගයේදී මළගිය පුද්ගලයකුගේ භස්මාවශේෂ තැන්පත් කරන භූමිය මත පස් ගොඩැල්ලක් ඇතිරීමත්, ඒ මත යූපයක් සිටුවීමත් සිරිතක්ව තිබී ඇත. එම පස් ගොඩැල්ල එකල චෛත්‍යය ලෙසින්ද හඳුන්වා ඇති බව සඳහන් වන අතර එම පස් ගොඩැල්ල මත සිටුවන ලද කණුව චෛත්‍යය යූප ලෙසින්ද හඳුන්වා ඇත. හින්දුන් අතර පැවැති මෙම විශ්වාසය පසුව බෞද්ධයන් විසින් චෛත්‍යය පිහිටුවීම සඳහා යොදා ගත් බව ඉතිහාසයේ සඳහන්ව ඇත.

මෙම යූපස්තම්භයේ අදහස ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ඉන්දියාවේ සිට බුදු දහම පැමිණි මුල් කාලයේදීමය. යූපස්තම්භය පිළිබඳ ශ්‍රී ලංකාවෙන් හමුවන පළමු සාධකය ලෙස අප බොහෝ දෙනකුගේ මතකයට නැඟෙන සිදුවීම වන්නේ මහාස්තූපයේ හෙවත් රුවන්වැලි මහා සෑයේ ආරම්භය හා සම්බන්ධ සිදුවීමය. අප කවුරුත් දන්නා පරිදි දුටුගැමුණු රජු විසින් රුවන්වැලි මහා සෑය ඉදි කර ඇත්තේ ඊට වසර කිහිපයකට පෙරදී ඒ සඳහා වෙන් කර තිබූ භූමියකය. ඉතිහාසයේ සඳහන් වන පරිදි එම භූමිය ඒ සඳහා වෙන් කර ඇත්තේ දේවානම්පියතිස්ස රජතුමා විසිනි. වෙන් කළ භූමිය සලකුණු කිරීම සඳහා එහි සිටුවා තිබී ඇත්තේ යූපස්තම්භයක් බවද ඉතිහාසයේ සඳහන්ව ඇත.

එහෙත් එම යූපස්තම්භය මැදි කරමින් රුවන්වැලි සෑය ඉදි කළ බවට සාක්ෂි හමු නොවන බව පුරා විද්‍යාඥයන්ගේ අදහසය. නමුත් රුවන්වැලි සෑය ඉදි කිරීමට පෙර සහ පසුව ඉදි කළ ස්තූප බොහොමයක් සඳහා යූපස්තම්භය යොදා ගෙන ඇති බවට සාධක හමුවී ඇත. ඒ අතරින් තවමත් යූපස්තම්භය පැහැදිලිව දක්නට ඇති එක් චෛත්‍යයක් පිහිටා ඇත්තේ ඓතිහාසික පොල්පිතිගම කබල්ලෑලෙන රජමහා විහාරස්ථානයේය. එමෙන්ම තවමත් සංරක්ෂණය වෙමින් පවතින ලාහුගල වන මැද පිහිටි නීලගිරි සෑ රදුන් මතින්ද යූපස්තම්භයක් හමු වී ඇත. එම දාගැබ ඉදි කර ඇත්තේ පොළොව මත සිටවූ යූපස්තම්භයක් මැදි කරමින් බව පැහැදිලිව දක්නට ඇත.

දාගැබ් ඉදි කිරීම සඳහා යොදා ගත් යූපස්තම්භයේ හැඩය පිළිබඳ අවධානය යොමු කිරීමේදී පෙනී යන්නේ ඒ අපූර්ව කලා නිර්මාණයක් වන බවය. දාගැබ තුළ පිහිටි යූපස්තම්භයේ යට කොටස හතරැස් හැඩයෙන් යුතු වන අතර එය කෙමෙන් ඉහළට ගමන් කිරීමේදී අටපට්ටම් හැඩයක් ගෙන ඇත. අනතුරුව එහි අවසන් කෙළවර නිර්මාණය කර ඇත්තේ එම අටපට්ටම් හැඩයේ දාර අට වක්‍ර වූ යූපස්තම්භ පෘෂ්ඨ මුදුනේදී එකට එක් වන ලෙසටය. බුදු දහම පැමිණි මුල් කාලයේදී මෙරට ඉදි වූ කිසිම චෛත්‍යයක කොත් කැරැල්ලක් දක්නට ලැබී නැත. එලෙස කොත් කැරැලි පැලඳවීමට පෙර අතීතයේදී චෛත්‍යය මුදුනෙන් ඉහළට එසවී තිබී ඇත්තේ යූපස්තම්භයේ සිරසය. දේවානම්පියතිස්ස රජ සමයේදී ඉදි වූ බවට සැලකෙන කබල්ලෑලෙන රජ මහා විහාරස්ථානයේ පිහිටි චෛත්‍යයේ එම ඉපැරැණි ලක්ෂණය තවමත් ඒ ආකාරයෙන්ම දක්නට ඇත. ඒ හේතුවෙන් කබල්ලෑලෙන රජ මහා විහාරස්ථානයේ පිහිටා ඇති චෛත්‍යය මෙරට ඉතිහාසයේ සුවිශේෂී කඩඉමක් විදහා දක්වන සංකේතයක් ලෙස හැඳින්විය හැක. අභයගිරිය, මිරිසවැටිය වැනි විශාල චෛත්‍යයන්ගේ මෙන්ම තවත් චෛත්‍යයන් බොහොමයක කැණීම් අතරතුරදී මෙවැනි අටපට්ටම් කණු හෙවත් යූපස්තම්භ හමු වී ඇත. එම සාධක අනුව පුරා විද්‍යාඥයන් පවසන්නේ පසුකාලීනව ගලවා දැමූ නමුත් මේ සියලුම චෛත්‍යයන් මුල් කාලීනව ඉදි කර ඇත්තේ යූපස්තම්භය මැදි කරමින් වන බවය.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

අලුත් පරපුර මගේ ගීත ගායනා කළාට ප්‍රශ්නයක් නෑ

Next Post

සිනෙතිගෙ මනමාලයා හාට් එකට කතා කරයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.