ජන්ම පත්‍රය යනු ජීවිතය ඇතුළත පෙනෙන කාරණා රාශියකි. උපතේදී සිට අවසන් මොහොත දක්වාම සිදුවන විවිධ දේ සනිටුහන් වී තිබේ.
අද වන විට කතා කරන්නට තිබෙන වැදගත්ම ප්‍රශ්නය වී ඇත්තේ විවාහයයි. විවාහ වීම එතරම් පහසු දෙයක් නොවේ. විවාහවීම ඉතාම පහසුයි. නමුත් විවාහයක් දිගටම මැරෙනතෙක් පවත්වාගෙන යෑම හරිම දුෂ්කර වැඩකි. අද දික්කසාදය, එක්තරා රැල්ලකි. ඩිවෝස් වෙන්න යන්නේ හරියට කජු කනවා වගේ වැඩක්. ඇයි මේ තරමටම විවාහය අඩු තක්සේරුවක්?
යාවත්කාලීනව දෙදෙනාට දෙදෙනාම හරිහැටි අවබෝධ කරගැනීමට ඇති අපහසුව. ඕනෑම ගැහැනියක් රත්තරන්, ඇඳුම් (රෙදි පිළි) සහ මුදල්වලට මුල්තැන දෙනු ලැබේ. රත්තරන් ජීවිතයට වැඩිය වටිනවා. නමුත් ඇගේ ජීවිතය චර්යා රටාව රත්තරන් කරගැනීමට නොසිතයි. සිතන අයද නැත්තේම නොවේ.
රත්තරන්වලට දෑස් පෙනෙන අය පමණක් නොව අන්ධ අය පවා ආශා කරනු ඇත.
මුලදී ඔයා මගේ රත්තරන් පහුවෙන කොට මලකඩ කාපු යකඩයක් වෙනවා. ඒ හැටිනෙ.
මේ ගැන බලන විට කේන්දරයක ග්‍රහ පිහිටීම් හා හැසිරීම් පිළිබඳ සෙවීමෙන් විශාල ලෙස කරුණු ගැබ්වී ඇති බැව් පැහැදිලිය.
7 වැන්නාධිපතියා 8 වැන්නේ නම් අවමංගල උත්සවයකදී කෙනකු හඳුනාගෙන පසුව විවාහ වෙයි. එසේ රෝහලකදීද විය යුතුයි.
7 වැන්නාධිපතියා 9 වැන්නේ නම් ආගමික තැනක වන්දනා චාරිකාවකදී මවුපිය කැමැත්ත අනුව විවාහ වෙයි. කෙසේ වෙතත් 7 අධිපතියා 8 වැන්න සිටිකල දුර්වල සෞඛ්‍ය තත්ත්වයක් වීමට ඉඩ ඇත.
7 අධිපතියා 10 වැන්නේ රැකියා ස්ථානය හා බැංකු වැනි ස්ථානයකදී සිදුවෙයි.
11 වැන්නේ නම් 7 අධිපතියා මිත්‍රයකු මඟින් හෝ සිදුවෙයි. විවාහය කලත්‍රයා ධනවතෙක් විය හැකිය. (බැන්දට පස්සේ හරි යන අය)
12 වැන්නේ නම් 7 අධිපතියා විදේශ ගමනක හෝ සංචාරයකදී, ඈත ගමනකදී සමහර විට උසාවි සංකීර්ණයකදී, කන්තෝරුවකදී සිදුවිය හැකිය.
ඔබේ කේන්දරයේ විවාහ වන්නේ කා සමඟද, කොහේදී හමුවේද, විවාහය සාර්ථකද, අසාර්ථකද අතරමැද බිඳ වැටේද යන්න කේන්දරය පරීක්‍ෂා කර බැලීම අගනේය.
අප මෙතෙක් කතාබහේ යෙදුණු නොගැළපෙන හා අයථා හැසිරීම් නොගැළපෙන එක්වීම් ඉතාම නරක තත්ත්වයන්ය. තරුණ වියේ දෙපක්‍ෂයම කාම රැල්ලට යොමුකරන්නේ වැඩිහිටි අයයි. ළාබාල තරුණ තරුණියන්ගේ සැඟවී ඇති කාමයන් ඕනෑවට වඩා උසිගන්වා ඒ අය අමාරුවේ දමන ස්ත්‍රී – පුරුෂ දෙපක්‍ෂයම ඇති බැව් ඇත්තකි. වැඩිහිටි දෙගොඩ හරිවියේ පසුවන උපාසක බිළාලයන්ගෙන් බේරී සිටීමත් දරුවන් ඒ දුරාචාරයට යා නොදී රැක ගැනීමටත් වැඩිහිටි අයත් විශේෂයෙන්ම වියපත් ජ්‍යොතිෂවේදීන්ගේ උපදේශයන්ද වැදගත් වෙයි.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල











