• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ගුවන්යානා අනතුරු වැළකූ අමුතු භූතයෝ

February 23, 2020
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
ගුවන්යානා අනතුරු වැළකූ අමුතු භූතයෝ
Share on WhatsAppShare on Facebook

ඊස්ටන්ස් එයාලයින් ගුවන් සමාගමට අයත්, ට්‍රයිස්ටාර්-318 ගුවන් යානය ෆ්ලොරිඩාව බලා පියාසර කරමින් තිබුණේය. වාතලය කපාගෙන මගීන් 180 දෙනෙක්ද සමඟ යානය ඉහළ අහසේ ඉදිරියට පියාසර කරමින් තිබිණි.

මේ වන විට ගුවන් යානයේ සිටින ගුවන් මගීන්ට ආහාරපාන ලබා දීමේ වේලාවද ළඟා වෙමින් තිබිණි. මෙම ගුවන් යානයේ සේවිකාවක වූ ෆායි මෙරිවෙදර් ඒ සඳහා කටයුතු සම්පාදනයට යුහුසුලු වූවාය.

තම ගුවන් යානයේ සිටින මගීන්ට ලබා දෙන ආහාර ද්‍රව්‍ය ඉතාම උණුසුම් ආකාරයට ලබා දීමත්, ඒවා අලුත් පිට ලබා දීම සඳහා උදුන් තුළ බහා දීමත් ගුවන් සමාගමේ පිළිවෙත විය. මෙම තත්ත්වය මැනවින් දැන සිටි එහි සේවිකා මෙරිවෙදර් ගුවන් යානයේ ගබඩා කාමරය වෙත පියමැන්නේද මගීන්ට ලබා දීමට නියමිත ආහාර බහා තිබූ උදුන් තුළින් ඒවා එළියට ගැනීමේ අරමුණ ඇතිවය.

මෙම ගුවන් යානයේ වෙනත් දිනවලදීද මෙකී කටයුතු පැවරී තිබුණේ මේ සේවිකාවටමය. ඇය කඩිසර සේවිකාව වූවා සේම සෑම දෙයක්ම කලට වේලාවට සිදුකිරීමේ මනා පුරුද්දක්ද මෙරිවෙදර්ට තිබුණාය.

ඇය එදිනද සුපුරුදු පරිදි ගුවන් යානයේ ගබඩා කාමරයට ගොස් එහි උදුන විවෘත කළාය. එවිටම අනපේක්‍ෂිත ලෙස උදුන තුළින් මතු වූ මුහුණක් ඍජුවම සේවිකාවගේ මුහුණ දෙස එක එල්ලේ බලා සිටියාය.

මෙරිවෙදර් සේවිකාවගේ ගතේ හිවුඩු පිපුණාය. අනපේක්‍ෂිතව උදුන තුළින් දිස්වූ අද්භූත මුහුණ නිසා ඇගේ ගත වෙව්ලන්නට වූවාය. හිසේ සිටම ඇඟ පුරා එකවර ඩාදියද ගලා එන්නට වූවාය. එකවරම භීතියටත්, ත්‍රාසයටත් පත්වූ මෙරිවෙදර් සේවිකාව කෑගසාගෙන පසු පසට පැන්නාය.
තමාට ඇති වූ භීතිය කොතෙක්ද යත්, එසේ කෑගැසූ මෙරිවෙදර් සේවිකාව ගැහි ගැහී දෑතින්ම සිය මුහුණ වසා ගත්තාය. ටික වේලාවක් දෑස් වසා ගෙන බියට පත්ව සිටි ඇය යළිත් ක්‍රමක්‍රමයෙන් දෑස් හැර බැලුවාය. පුදුමයකි. එවර තමන් උදුන ඇතුළතින් දුටු මුහුණ එවර පෙනෙන්නට තිබුණේ නැත.

ඇය වහ වහාම අසල තිබූ බන්දේසියක් අතට ගෙන මගීනට දිය යුතු ආහාරපාන වහ වහා ඊට පුරවාගෙන ආපසු ඒමට කුටියේ දොරකඩ ළඟට ආවාය. තමන්ට ඇතිවූ බියසුලුකම නිසාම ගබඩා කාමරයේ දොරකඩ අසල සිට ඇය ආපසු හැරී බැලුවාය.

යළිත් උදුනෙන් මුහුණක් මතුවිය. ඇය දෙස කෙළින්ම බලා සිටි මුහුණෙන් සිහින් හඬින් කිසිවක් පවසනුද ඇයට ඇසුණේය. එහෙත් ඒ වන විටත් බියපත්ව සිටි මෙරිවෙදර්ට එසේ ප්‍රකාශ වූ වචන කවරේදැයි තේරුණේ නැත.

ඇගේ මුළු ඇඟම ගැහෙන්නට වූවාය. තම මුළු සිරුරම දහඩියෙන් තෙතබරිත වන බවක්ද ඇයට හැඟුණේය. ඇසිල්ලකින් ඇය වෙව්ලන ගතින් යුතුව යානයේ පියාසර ඉන්ජිනේරුවා වූ මුවර් වෙත දිව ගියාය.

මොකද මෙරිවෙදර් මේ… ඇය නිහඬය… නිරුත්තරය.
ඉන්ජිනේරු මුවර්, මෙරිවෙදර්ගේ දෙවුරට අත තබා මොකද වුණේ කියන්න. ඔයා බයවෙලා නේද? ඇඟත් ගැහෙනවා.

මෙරිවෙදර්… ඉන්ජිනේරු මුවර් සොයා ආවේ තමන් අත්දුටු සිද්ධිය ඔහුට කීමට වුවත්, එවර වචන පිටවුණේ නැත. තමා බයවෙලා නේදැයි… මුවර් කළ ප්‍රශ්න කිරීම හමුවේ ඇය හිස සැලුවා පමණි.
එන්න ඔයා හොඳටම බයවෙලා…යි කී ගුවන් යානයේ ඉන්ජිනේරු මුවර්… මෙරිවෙදර්ගේ හිස පිරිමැද, ඇය අසල අසුනක ඉන්දවා… වතුර ස්වල්පයක් මුහුණට ඉස සීතල වතුර වීදුරුවක් බීමට දුන්නේය.

එක හුස්මට වතුර වීදුරුව බිවූ මෙරිවෙදර් බයාදු බැල්මෙන් යුතුව අසරණව මුවර්ගේ මුහුණ බැලුවාය.

හරි… හරි… අපි දැන් ඉන්නෙ ගුවනෙනෙ… ඔයාට වෙච්ච දේ කියන්නකො… අපි ඔයත් එක්ක ඉන්නවනෙ කී මුවර් යළිත් මෙරිවෙදර්ගේ හිස අතගා ඇයව සන්සුන් කළේය.

ක්‍රමයෙන් සන්සුන් වූ මෙරිවෙදර් තමන් අත්දුටු දෙය මුවර්ට කීවාය.
එන්න මමත් එනව ඔයත් එක්ක යමු. ගබඩා කාමරේට කී මුවර්, එවර මෙරිවෙදර්ගේ දකුණතින් අල්ලා නැඟිටුවා ඇය සමඟ ගබඩා කාමරයට ගියෝය.

ඔවුන් දෙපළ එහි යන විටත් ඒ අද්භූත මුහුණ එසේම තිබිණි. මෙකී ස්ථානයට කෙනකුට සැඟවී සිටීමට තරම් ප්‍රමාණවත්ද නොවීය. එවර මුවර්ද ඒ අද්භූත මුහුණ දුටුවේය. ඔවුන් දෙදෙනාම එදෙස බලා සිටියදී ඒ මුහුණ කතා කළේය.
හෙමිහිට ඒ අද්භූත මුහුණේ දෙතොල් විවර වී සිහින් හඬක් නිකුත් විණි.

ඔය ගොල්ලන්ට මම කියනදේ ඇහෙනවද? පරෙස්සම් වෙන්න… ඔයාල මේ ඉන්න යානයේ ගින්නක්… හෙමි… හෙමිහිට මිමිණුවා වුවත්… ඒ වචන ටික මුවර්ටත්, මෙරිවෙදර්ටත් පැහැදිලිව ඇසිණි.

අපි ඉන්න යානයෙ… ගින්නක්… යානයෙ ගින්නක්… යන වචන ඛණ්ඩය ප්‍රති උච්චාරණය කළ
මුවර්… එම වචන පෙළ ගැස්වූ මුහුණ දෙස තවත් එබී බැලුවේය.

ද්… දෙවියනේ මේ අර මියගිය පියාසර ඉන්ජිනේරු දොන් රිසෝගේ මුහුණ නේද?
මුවර්ට අතීතය සිහිපත් විය. මා මිත්‍ර ගුවන් යානා ඉන්ජිනේරුවරයකු වූ දොන් රිසෝ මෙයට කලකට පෙර සිදුවූ ගුවන් යානා අනතුරකින් මියගියා නෙ… එවර මුවර්ටද කිසියම් චකිතයක් ඇති විය.

වසර ගණනකට පෙර මියගොස් සිටි රිසෝගේ මුහුණ මතුවී කී දෙය යානයේ සිටි පිරිස විශ්වාස නොකළෝය. එහෙත් තවත් පැය කිහිපයක් යානය ඉදිරියට පියාසර කරන විට ඇන්ජිමේ අක්‍රිය බවක් ඇති වන ලක්‍ෂණ පහළ වන බව නියමුවාටද දැනිණි. නියමුවා යානය වහාම ඒ කිට්ටුවම තිබූ ගුවන් පථයකට ගොඩබෑවේය.

වහ වහා ඉන්ජිනේරුවරු යානයේ ඇන්ජිම අලුත්වැඩියාවකට ලක්කළේය. එක දිගට දින කිහිපයක්ම එසේ අලුත්වැඩියා කටයුතු සිදුකිරීමෙන් පසු මෙකී යානය පරීක්‍ෂණ ගමනකට ගුවන්ගත කළේය.

එහෙත් කිසිවකු අපේක්‍ෂා නොකළ පරිදි භූත වේශයෙන් පෙනී සිටි මියගොස් සිටි ගුවන් ඉන්ජිනේරුවකු වූ දොන් රිසෝගේ හිස කී පරිදිම මහා හඬක් නඟමින් මෙකී යානයේ එන්ජිම ඉහළ අහසේදී පුපුරා ගියේය.

මෙම ඉරණම අත්වූයේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර සිට ෆ්ලොරිඩාවට පියාසර කරමින් තිබූ ගුවන් යානයකටය. ගුවන් ඉන්ජිනේරුවකු වූ දොන් රිසෝගේ භූත ආත්මය යානයට අනතුරක් සිදුවන බව පවසන විට එකී යානයේ සේවක මණ්ඩලයට අමතරව මගීන් එකසිය අසූ දෙනකු (180) යානයේ සිට ඇත.

ඒ පිළිබඳ දිගු පර්යේෂණයක් සිදුකළ ඇමෙරිකාවේ පියාසර අධිකාරිය පවසා තිබුණේ එකී ගුවන් යානය එසේ අලුත්වැඩියාවකට යොමු කිරීමට ගොඩබිමට නොබැස්සුවා නම් දෙසීයක පමණ පිරිසක් අකාලයේ මියයෑමේ මහා ඛේදවාචකයක් සිදුවීමට ඉඩ තිබූ බවයි.

පියාසර අධිකාරිය සිදු කළ දීර්ඝ පරීක්‍ෂණ ක්‍රියාවලියකට පසුව බොහෝ දේ හෙළිදරව් වී තිබිණි.
ඉහත යානයේ භූත ආත්මයක් ලෙස පෙනී සිටි ගුවන් යානා ඉන්ජිනේරුවකු වූ දොන් රිසෝ මියගියේ මෙයට වසර හතළිස් හතකට පෙරය. ඒ 1972 වසරේදීය. ඔහු එසේ මියගියේ අංක 401 දරන ලොක්හීඞ් එල්-101 ට්‍රයිස්ටාර් ගුවන් යානය අනතුරට පත්වීමෙනි.

එකී යානයේ ගුවන් නියමුවකු වූ බොබ් ලොෆ්ට් සමඟ මගීන් 97ක්ද, එම ගුවන් යානය අනතුරට ලක්වීමෙන් අකාලයේ මරුමුවට පත්වූහ. එයට පසු කලෙක ඉහත කී ගුවන් යානයේ නියමුවා ව සිට මියගිය බොබ් ලොෆ්ගේ භූතාත්මයද පියාසර ගුවන් යානා තුළ වරින් වර දක්නට ලැබී ඇති බවද පැවැසේ.

ගුවන් යානාවක් අනතුරකට පත්වී විනාශ වූ විට එවැනි අවස්ථාවක යානයේ ඉතිරිවන යම් යම් කොටස්, එලෙසම ඕනෑම යානාවක් අලුත්වැඩියා කරන විට යොදා ගැනීම ගුවන් යානා හිමි සමාගම්වලද සිරිතය. මෙකී පිළිවෙත නිසාම එදා ලොක්හිඞ් ගුවන් යානා සමාගමද ඉහත අනතුරෙන් විනාශ වූ යානාවේ හොඳ මට්ටමේ පැවැති කොටස්, අලුතෙන් නිපදවූ ගුවන් යානාවකට සවිකරනු ලැබුවේද එම පිළිවෙතේ පිහිටාය.

ඒ අනුව බලන විට මෙකී අනතුරට පත් යානාවට සවිකර තිබූ උදුනත්, ගබඩා කුටියේ බොහෝ උපාංගත් ගුවන් ඉන්ජිනේරුවරයකු වූ ගුවන් අනතුරෙන් මියගිය දොන් රිසෝ ගමන් කළ අනතුරට පත් යානයේ තිබූ ඒවා බවද හෙළිවිය.

ඉහත යානය අනතුරට පත්වී වසරකට පසු එනම් 1973 වසරේදී පමණ මෙකී අද්භූත සිදුවීම් හටගෙන තිබේ.

වරක් ඊස්ටර්න් එයාර්ලයින් සමාගමේ උප සභාපතිවරයාද ට්‍රයිස්ටාර්-318 ගුවන් යානයක නැඟී ගුවන් ගමනක යෙදී සිටියේය. ඔහුගේ අසුන ළඟම ගමන් කර ඇත්තේ අංග සම්පූර්ණ ගුවන් නියමු ඇඳුමෙන් සැරැසී සිටි අයෙකි. ටික දුරක් යන විට මෙම දෙදෙනා අල්ලාප සල්ලාපයේ යෙදී සිට ඇත. මෙම උප සභාපතිවරයාට ඉතා කුලුපගව කතා කරන මේ නියමුවා කවරෙක් දැයි දැන ගැනීමට හෙතෙම කතා කරන අතරතුරම ආසනයෙන් තරමක් දකුණු පසට හැරී නියමුවාගේ මුහුණ බැලුවේය. උප සභාපතිවරයාගේ මුළු ඇඟම සීතල වී ගියේය. ඔහුගේ අසුනට අල්ලපු අසුනේ වාඩි වී එතෙක් කතාබහේ යෙදී සිට ඇත්තේ ඊට වසරකට පමණ පෙර ගුවන් අනතුරකින් මෙලොව හැරගොස් සිටි ගුවන් නියමු බොබ් ලොෆ්ටය.

මෙම සිද්ධියෙන් අතිශය භීතියට පත්වූ ගුවන් සමාගමේ උප සභාපතිවරයා නියමු කුටියට දිව ගොස් මේ සිද්ධිය සැලකළේය. එහෙත් සෙසු පිරිස සමඟ ආපසුවිත් බලන විට භූත ආත්මය සැපපහසුව වාඩි වී සිටි ගුවන් අසුනේ ඔහු නොවීය.

මෙම සිදුවීමෙන් පසු තවත් දිනෙක ට්‍රයිස්ටාර්-318 යානය පියාසර කිරීමට පෙර පියාසර ඉන්ජිනේරුවරයා නියමු කුටියට පිවිසියේ එහි යාන්ත්‍රික තත්ත්වය හොඳ මට්ටමක ඇද්දැයි පරීක්‍ෂා කිරීමටය. එවිට පියාසර ඉන්ජිනේරුවරයා විමතියට පත්ව ඇත්තේ… ඒ වන විටත් ගුවන් නියමු නිල ඇඳුමෙන් සැරැසී දොන් රිසෝ තම ආසනය මත හිඳගෙන යානයේ උපකරණ පරීක්‍ෂා කරන බවය.

පියාසර ඉන්ජිනේරුවා නියමු කුටියට එනු දුටු රිසෝ… හරි… හරි… යානයේ සියලු කටයුතු හොඳ මට්ටමේ තිබෙනවා යැයි කී රිසෝ… නියමු කුටියෙන් එකවරම අතුරුදන්ව තිබේ.
ගුවන් නියමු දොන් රිසෝ පියාසර කිරීමට පෙර ගුවන් යානා නියමු කුටිය පරීක්‍ෂා කරන කතාව ඒ වන විට සමාගම තුළ පැතිර ගොස් තිබිණි. මෙහි ඇත්ත – නැත්ත සොයා බැලීමට තවත් නිලධාරියකුට අවශ්‍ය විය. දිනක් මෙම නිලධාරියා සමාගමේ ඊළඟට ගමන් කිරීමට නියමිත ගුවන් යානයේ නියමු කුටියට ගියේය. නිලධාරියා දුටු දෙයින් මවිතයට පත්විය. මියාමි සිට ඇට්ලන්ටා බලා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානයේ නියමු කුටියේ උපකරණ සියල්ලම දොන් රිසෝ දැඩි අවධානයෙන් පරීක්‍ෂා කරමින් සිටි අයුරු නිලධාරියා දුටුවේය.

මෙම කරුණු කාරණා සැලවීමත් සමඟම ඊස්ටර්න් එයාර්ලයින් සමාගම සිය කාර්ය මණ්ඩලය කැඳවා දොන් රිසෝ මෙන්ම බොබ් ලොෆ්ට් යන භූත ආත්ම දෙක තම සමාගමට අයත් යානා පරීක්‍ෂා කිරීම් සිදුකරන බවත්, එම දර්ශන දැකීමෙන් කිසිවකු බිය නොවිය යුතු බව දැනුම් දෙනු ලැබූ බවද වාර්තා වී තිබිණි.

මෙම භූත දෙපළ එතෙක් ක්‍රියාකර ඇති ආකාරය දෙස බලන විට ගුවන් සමාගමේ දේපොළ මෙන්ම සමාගමට අයත් ගුවන් යානාවල මගීන්ගේ ජීවිත රැක ගැනීම සඳහා ක්‍රියාකර ඇති බව දක්නට ලැබුණත් සාමාන්‍ය මගී ජනතාව මෙකී භූත කතාව ඇසීමෙන් තරමක් බියපත්ව සිටියහ. මේ තත්ත්වය තේරුම්ගත් ගුවන් සමාගමද තරමක් බිය විය. ඊට හේතුව වූයේ මෙකී කතාව පැතිර යෑමෙන් මගීන් තම සමාගමේ ගුවන් සේවය වර්ජනය කරනු ඇතැයි යන හේතුවෙනි.
ඊට පිළියමක් ලෙස ගුවන් සමාගම කළේ සිය සමාගම සතු සියලුම යානා සියල්ල ඇතුළත විශේෂ ආගමික මෙහෙයක් සිදුකිරීමය. මෙකී ආගමික වතාවත් සිදු කෙරුණේ යානා තුළ භූත ක්‍රියාකාරකම් ඇරැඹී වසර එකහමාරකට පමණ පසුවය.

එසේ ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු ඊස්ටර්න් එයාලයින්ස් සමාගමේ කිසිම යානයකට මෙම භූතයන් දෙපළ පැමිණ නැත.
නන්දන ශ්‍රී දොරකුඹුර

SendShareShare
Previous Post

බඹා කෙටූ හැටියටද විවාහ වෙන්නෙ

Next Post

විවාහය රස කරන ලලනාවෝ

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.