• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

අර්ධ නිවෙසේ ශෝකාන්තය

February 21, 2020
in Astrology
Reading Time: 1 min read
A A
අර්ධ නිවෙසේ ශෝකාන්තය
Share on WhatsAppShare on Facebook

සතුටින් ජීවත් වෙන්න ඕනෑම කෙනෙක් ආසයි. ජීවිතයට සතුට ලබා ගන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. ලස්සන ගෙදරක ජීවත් වෙනවා කියන එක සතුට දනවන, නිහතමානීව ආඩම්බර විය හැකි කාරණාවක්. තමන්ගේ දුවා දරුවන් සමඟ දිවි ගෙවීමට හැකි සොඳුරු නිවෙසක් තනා ගැනීම අප හැමෝටම තියෙන සිහිනයක්. නමුත් ඒ හීනේ තම ජීවිත කාලය තුළ සැබෑවක් කරගන්න හම්බ වෙන්නේ කීයෙන් කීදෙනාටද. මුලින්ම ගෙයක් හදන්න ගනිද්දී නිවාස ඉදිකිරීම් පිළිබඳ දැනුවත් කමක් නොමැති වීම ගොඩක් අයට තියෙන පොදු ගැටලුවක්. නිවෙසේ තියෙන ඉඩකඩ කොහොමද, තමන්ගේ අවශ්‍යතා සඳහා ඉදිකරන නිවෙසේ කොටස් සෑහෙනවද, ඉදිකිරීම් සඳහා කොතරම් මුදලක් වැය වෙනවද, වියදම් කරන මුදලට කොතරම් ඉදිකිරීම් කළ හැකිද යන්න කාරණා ගැන නම් බොහෝ දෙනෙක් නොදැනුවත්. අන්තිමේදී අතේ තියෙන මුදල් වියදම් වෙලා වසර ගණනක් ඉදිකිරීම් ඇනහිටිනවා. එහෙමත් නැතිනම් නිවෙසේ ඉදිකිරීම් ගැන බොහෝ දෙනෙක් සෑහීමකට පත්නොවන අවස්ථා එමටයි. නිවෙසක් ඉදිකොට අවසන් කරගත නොහැකිව අර්ධ වශයෙන් ඉදිකිරීම් කළ නිවෙසක වසර ගණනක් තිස්සේ ජීවත් වීමට හේතු සාධක වන වාස්තු දෝෂ ගැන අද අප උදාහරණයක් ඇසුරෙන් සාකච්ඡා කරමු.

ඇතුගල්පුරයේ පිහිටා තිබුණු එක්තරා ගෘහයක් විශාල නිවෙසක් වශයෙන් ඉදිකිරීම් ආරම්භ කොට තිබුණද, වැඩ අවසන් කර තිබුණේ කොටස් කිහිපයක් පමණි. රජයේ ගුරුවරයකු වශයෙන් සේවය කරන අතරතුර ගෘහමූලිකයා කෘෂිකාර්මික සුළු ව්‍යාපාරයක නිරතව සිටියේය. රජයේ සේවයෙන් අඩු කලකින් විශ්‍රාම ගොස් එයින් ලැබුණු මුදල්ද, කෘෂිකාර්මික ව්‍යාපාරයෙන් ලැබුණු මුදල්ද සියල්ලම පාහේ යොදවා තිබුණේ වරින්වර මෙම නිවෙස ඉදිකිරීම සඳහාය. බොහෝ වෙහෙස මහන්සි වී තම අරමුණ ඉටුකර ගැනීමට වසර 20ක් තිස්සේ උත්සාහ කළද නිවෙස සාදා නිමකර ගැනීමට නොහැකි විය. නිවෙසක් සාදා නිම කළ හැකි තරමේ මුදලක් ඒ වන විට වියදම් වී තිබුණද, වියදමට සාපේක්‍ෂව නිවෙසේ ඉදිකිරීම් සිදුවී තිබුණේ 40%ක පමණය. නිවෙස් පරීක්‍ෂා කිරීමේදී මෙලෙස ඉදිකිරීම් අඩාළ වී නිවැසියන්ගේ ජීවිත පිරිහීමට හේතු සාධක සොයා ගැනීමට හැකිවූ අතර, නිවෙසේ වාස්තු පරීක්‍ෂා කිරීමට හේතුව එයයි. තිබූ වාස්තු දෝෂ සහ එම ගැටලු විසඳා ගැනීමට මා උපදෙස් ලබාදුන්නේ මෙසේය.

ගෘහ පිණ්ඩය සම්පූර්ණ නොවීම
නිවෙසක ගෘහ පිණ්ඩය හෙවත් සැකිල්ල සම්පූර්ණ වීමට නම් අත්තිවාරම සහ බිත්ති, වහලය යන අංග තුනෙන්ම සම්පූර්ණ වී ආරක්‍ෂා විය යුතුය. එමෙන්ම සම්පූර්ණයෙන් දොර, උළුවහු තබා තිබිය යුතුය. (අවම වශයෙන් ප්‍රධාන දොර උළුවස්ස සහ මුළුතැන්ගේ උළුවස්ස තබා තිබිය යුතුය.) ඉදිකිරීම් අර්ධ වශයෙන් සිදුකළ බොහෝ නිවෙස්වල මෙන්ම මෙම නිවෙසේද කොටස් කිහිපයක් පමණක් ඉදිකොට තිබීමෙන් දොර, ජනෙල් නිසි ලෙස නොතැබීමෙන්ද ගෘහ පිණ්ඩය අසම්පූර්ණ විය.

එයින් ගෘහය පල නොදෙන තත්ත්වයට පත්විය. මෙලෙස සිදුවීමෙන් ඉදිකිරීම් ආදිය වසර ගණනක් ඇනහිටී. ගෙහිමියාට සම්පූර්ණයෙන් නිවෙස ඉදිකිරීමට වත්කමක් නොමැති හෙයින් ඉදිකිරීම් ආරම්භ කිරීමට සර්වප්‍රකාරයෙන්ම වැඩකටයුතු සාර්ථක වන නිවාස නැකැතක් ලබාදී ගෘහ පිණ්ඩය සම්පූර්ණ වන ලෙසට නිවෙස කොටසින් කොටස ඉදිකරන ආකාරයට උපදෙස් දුණි. විශේෂයෙන් අර්ධව ඉදිකළ නිවෙසක් සම්පූර්ණයෙන් සාදා නිම කිරීමට නම් ප්‍රථමයෙන් ජීවත්ව සිටින කොටස් වාස්තු විiානුකූලව සකස් විය යුතුය.

නිරිත දිශාවට වූ ඉඩමේ බෑවුම
මුළු ඉඩමේම වැසි වතුර ගලා බසින්නේ නිරිත දිශාවෙන්ය. එය අසුබ වෙයි. මෙලෙස භූමිය පිහිටි විට සියල්ල හානි වන අතර, ජීවිතයේ පසුබෑම් ඇති වෙයි. වතුර බස්නාව සුබ දිශාවක් වන බස්නාහිර දිශාවෙන් බැස යන ලෙසට සකස් කරගන්නා ලදී.

ප්‍රධාන දොරක් නොමැති නිවෙස
මෙම නිවෙසට ප්‍රධාන උළුවස්සක් නොමැති විය. කාමර කිහිපයකට උළුවහු යොදා තිබිණි. නිවෙසට ඇතුළු වීමට භාවිත කර තිබුණේ මුළුතැන්ගෙයි වූ දොරය. මෙලෙසින් පරිවාර දොරවල් භාවිත කිරීමෙන් නිවෙසක් පල නොදේ. මන්ද ප්‍රධාන දොරක් නොමැති නිවෙස හිසක් නොමැති මිනිසකු වැනිය. එනම් කවන්ධයක් සේය. විශේෂයෙන් ප්‍රධාන උළුවස්ස නිවෙසේ අනෙක් උළුවහුවලට වඩා විශාල විය යුතුය. (පළල මෙන් දෙගුණයක් උස් විය යුතුය.)
නිවෙසේ ක්‍රියාකාරිත්වය සක්‍රීය වන ලෙස නිවාස නැකැතකට ප්‍රධාන දොර උළුවස්ස ධන පාදයට තැබීමෙන් එම දෝෂය ඉවත්කරන ලදී.

විශාල නිවෙසක් ඉදිකිරීමට ආරම්භ කළද නිසි පරිදි ඉදිකිරීම් සිදුකර ගැනීමට නොහැකිව තිබූ මෙම නිවෙස දැන් මේ වන විට සාදා නිම කොට ඇති අතර, ගෙහිමියා ඇතුළු දූදරුවන් සැනසිලිදායී දිවියක් ගතකරයි.
වාස්තුවිද්‍යා, ජ්‍යොතිෂවේදීනී අමාලි අගස්පතිරණ

SendShareShare
Previous Post

ටෝකියෝ සිමෙන්ති සමාගමේ කොරල්පර සංරක්ෂණ ව්‍යාපෘතිය පෙරටම

Next Post

කොණ්ඩදෙණිය හාමුදුරුවන්ගෙ ගෝලයා හෙළිකරන රහස්

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.