• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

කොණ්ඩදෙණිය හාමුදුරුවන්ගෙ ගෝලයා හෙළිකරන රහස්

February 21, 2020
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
කොණ්ඩදෙණිය හාමුදුරුවන්ගෙ ගෝලයා හෙළිකරන රහස්
Share on WhatsAppShare on Facebook

ගහ නමද්දී මගේ ඇඟ හිරිවැටුණා

කොණ්ඩදෙණියෙ නායක හාමුදුරුවන්ගේ කතන්දර ලෝකයම ඕනෑ හැටියේ අසා තිබේ. ඒවා හැබෑවටම විස්මිතය. සමහර විට අරුම පුදුමය. නමුත් එතෙක් මෙතෙක් අප අසා ඇති හැම කතාවක්ම පොතකින්, පතකින් හොයා ගත් ඒවාය. නමුත් අපි හොයා ගත්තේ උන් වහන්සේගේ කතාවේ එකම ජීවමාන සාක්ෂියයි. චුට්ටේ ඔහුය.

මේ ලියැවෙන්නේ ඔහු අපට කී කතාවය. සෑම විටකම කියන්නේ මේ කතාවල අයිතිකාරයා ඔහු බවය. ඔහු මීරිගම පැත්තේ නිහඬ කඳු මුදුනක අහිංසකව දිවිගෙවමින් සිටී. අපි කළේ මේ කතන්දර රස හොයා ගොස් ඔහු වෙහෙසවීමය. ඔහු නොමසුරුව අපිට බොහෝ දේ කීවේය. ඒ කතාවල අයිතිකාරයා සේම ඒ කතාවලට වගකියන්නේද ඔහුය. මේ චුට්ටේ අපට කී ඊළඟ කතාවය.

“ඔන්න දවසක්දා උන්නාසෙ මට කතා කළා කොහේදෝ යන්ඩ. මට ඉතින් මොකද ඉබ්බා දියට දානකොට ඇන්නෑවේ කිව්වලු.
සුටුස් ගාලා ලක ලෑස්ති වෙනවා. රාං කුරුල්ලා වගේ ඉගිළිලා ගිහිල්ලා, කමිසයක් දාගෙන ආවා.
කමිසය කියලා මහ හුඟකුත් නෑ, තිබුණා කියලා අඳින්න උවමනාවකුත් නෑ. ඔහෙ සරම් කොටයක් ගහගෙන ඉන්නවා මිසක්කා.
“ගමනක් යං”

කිව්වොත් විතරයි ඔය මොකක් හරි ඇඟේ දාගන්නෙ. ඒ නිසා මේ පාරත් ඔහේ දුවගෙන ආවා”
කුරුලු කිරිලි ගී මැද කොහොමටත් මේ ගං දොර හැඩකාරය. ඉඳහිට ගහ කොළ අස්සෙන් කඩා පනිනා ඉර එළියට එහෙමට කෙරුම් කාරකම් කරන්නට පුළුවන්කමක් නැත. ඒ නිසා ගං ජීවිත බොහෝ කොට ගෙවී යන්නේ සිහිලැල්ලේය. කොණ්ඩදෙණියේ ජීවිතය ද එහෙම්මය. මේ ගමන බිමන යනෙනා මං තලව්වල හැටි ද ඔහොම්මය.

“හැබැයි ඉතින් ඔය ගමන් බිමන් යන්නෙ යාන වාහන තියෙනවයැ කියලයැ. පයින්, බස් එකේ තමයි. බරබාගෙක ගොඩ වුණා නම් ඒ දිග ගමනෙකට. ලොරි බාගෙන් තමයි වට වන්දනාවෙ යන්නෙ. මේක පොඩි ගමනක්. ඒ නිසා ඔන්න යනවා…”

“අද කාලෙ වගේ නෑ. එකා තමන්ගෙ කොටහා කියලා තාප්ප ගහලා ගේට්ටු දාලා වෙන් කරගෙන නෑ.

වැට කඩුලු ගහගෙන නෑ. කවුරුත් එහෙමයි ගේ පිළිකන්නෙන්, ඉස්මත්තෙන්, වටෙන් පිටෙන් කොහෙන් ගියත් අරවා මේවා කියන්නෙ නෑ. එහෙව් කතා කියන්ටත් බෑ. මොකෝ ගමම නෑයො. හැමෝම එකා වගේ. පන්සලේ හාමුදුරුවෝය කියලා වෙනසක් නෑ. වත්තෙන් පිටියෙන් පැන වඩින්නෙ…”

“එදත් දැන් යනවා, කොහේද මන්දා. දුරක බැහැරක වෙන්ටෑ කියලා හිතුණේ. ඔහොම යන කොට දැන් බොහෝම තිබහයි මටත්. සමහර කාල තියෙනවනෙ ගිනි කූටෙට පායන…”
ඉස්සර වැහි වැටෙනා එක කලාවකි. එකම පන්නේට වෙන රටාවකි. ඉල් මහ, වසරේ වැහි මාසයකි. ගංතුලානවල ඇත්තෝ මේකට කියන්නේ

“ඉල් මහ වැස්සේ නාඬව් හැත්තේ” කියාය. වැස්සට පෙර දර ගින්දර, වතුර ගෙට ගෙන හරි බරි ගැහිය යුතුය. එක සීරු වැහින වැස්සට පිල් කඩවල වකුටු ගැහී බලා ඉන්නවා හැර කරන්නට කාරියක් නැත. හබරල පිත්තක්, කෙහෙල් දල්ලක් කාරිය ඉහලා ගෙන වැස්සට යටින් අරහෙ මෙහෙ යන්නෝ නොගිහිම්ම බැරි උන්ය.

උඳුවප් මහ වෙද්දී වැසි ඩිංගක් තුරල් වෙයි. යාන්තම් වැටෙනා පොදට ගම්කරේ උන්දලා බය නැත. ඒකට කියන්නේ නත්තල් කෝඩෙ කියාය. වටෙන් පිටෙන් කරුවල කරගෙන ආවට කළුවට ගැළපෙනා තරමට වහින්නේ නැත. නත්තල ඉවර වූ පසු ඔය ගතියට ගම්කරේ උන්දලා කියන්නේ දුරුතු වැරහැල්ල කියාය. දුරුතු මහ ගෙවී උදාවෙන නවම් මහට වැහි නැත. ගම්කරේ ඇත්තෝ කියන්නේ “නවම් මහට නව මෝලක් වැටෙනවා”ය කියාය. ඒ කියන්නේම මහ පෑවිල්ල දරුණුකමට එක දිගටම පොල් අතු වේළෙනා කතාවය. පොල් අතු නවයක් ගහකින් වැටෙනා තැනට පෑවිල්ල සරුවෙයි. මේ පෑවිල්ල නිමා වෙන්නේ බක් මහේ අකුණුත් එක්කමය. මේ කියන්නේ ඔය නවම් මහේ වගේ කාලයක් වන්නට ඇත.

“චුට්ටො බොහෝම තිබහයි…”

“උන්නාසෙ කිව්වා. මටත් එහෙම එකක් දැනුණා. ඒත් ඉතින් මක්කරන්ඩද?

මේ දැන් වගේ වතුර ගෙනියන්ඩ බෝතල් අරවා මේවා තිබ්බාය කියලයැ. හේන් කොටන්ඩ යන කොට නම් ලබ්බක් උස්සන් යනවා”

මේ ලබු කැටය කියන්නේ ලබු ගෙඩියක ඇස්ස කපා මදය අයින් කර සාදා ගන්නා උපකරණයකි. එය වේළීමෙන් පසු භාජනයක හැඩය ගනී. ලබු කැටය නැත්නම් ලබු කට්ට කියන්නේ ඕකටය. හේන් කෙරුවාවේදී වැඩියෙන්ම පාවිච්චි වෙන අතර දිය ගෙනයෑමත්, කැලේ වැදිල්ලේදී පැණි පුරවාගෙන එන්නටත් මෙය පාවිච්චි වෙයි.

“තිබහයි කිව්වා උන්නාසෙ උඩ බැලුවා. මට හිතුණා ගහට නඟින්ටවත් කියාවි කියලා. ඒත් කිව්වෙ නෑ.

මොකක්ද මන්දා අතට මැතිරුවා. මතුරලා තිබ්බා ගහට. ඇස් විශ්වාස කරන්නෙ නෑ. ගහ හරියට ඔළුව නැමුවා වගේ නැමුණා. කුරුම්බා ගෙඩි දෙකක් කැඩුවා. උන්නාසෙත් බිව්වා. මමත් බිව්වා…”

“මට මේක හීනයක් කියලා හිතෙනවා. අදත් එහෙමයි. හැබැයි මට ඕක හොඳටෝම මතකයි. අනේ මන්දා. ඒවා අදහන්න බෑ, මටවත්…”
ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අර්ධ නිවෙසේ ශෝකාන්තය

Next Post

දින කීපයකට මහින්ද ප්‍රසන්නට වැඩක් ‌දෙයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.