සාගරයේ සදාහරිත වනාන්තර ලෙස හැඳින්වෙන කොරල් පර මිනිසාගේ පමණක් නොව සියලු සත්වයන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය ජෛව විවිධත්වයෙන් අනූන පරිසර පද්ධතීන් වේ. කොරල් පර, මිනිසාගේ අත්තනෝමතික ක්‍රියා මෙන්ම ස්වභාවික උවදුරු නිසා සිදුවන පාරිසරික වෙනස්වීම් සහ පරිසර දූෂණය නිසා පළමුවෙන්ම තර්ජනයට ලක්වන පරිසර පද්ධතියද වේ. මෙම පාරිසරික හානියේ බරපතළකම අවබෝධකරගෙන ඊට පිළියම් යෙදීමට ඉදිරිපත්වූවන් අතර ටෝකියෝ සිමෙන්ති සමූහය පෙරමුණ ගෙන සිටියි.
ටෝකියෝ සිමෙන්ති සමාගම, කාලයක පටන් තම ප්‍රමිතිකරණ ක්‍රියාවලියේදී අපතේ යන කොන්ක්‍රීට් ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන්, Reef Ball ලෙස හැඳින්වෙන, කොරල් වර්ධනයට උපස්තර ලෙස යොදාගන්නා සිදුරු සහිත අර්ධ ගෝලාකාර කොන්ක්‍රීට් සැකිලි නැඟෙනහිර වෙරළාශ්‍රිත මුහුදු පතුලේ තැන්පත් කිරීම සිදු කරයි. ශ්‍රී ලංකා නාවික හමුදාව, වනජීවී පර්යේෂණ සහ සංරක්ෂණ භාරය (Wildlife Research and Conservation Trust – WRCT), සහ Blue Resources Trust යන කොටස්කරුවන් සමඟ එක්ව නැඟෙනහිර සිට යාපනය දක්වා වූ වෙරළ තීරයේ මෙම කොන්ක්‍රීට් සැකිලි තැන්පත් කිරීම සිදුකරනු ලබයි.











