දළ කටු සටහන් හෝ සැලැසුමක් ඇඳ පොදු නැකැතකින් නිවෙසක් ගොඩනැඟීමට ලණු ඇද අත්තිවාරම් කපා මුල්ගල් තබා බිත්ති බැඳ සියලු වැඩකටයුතු නිමකර ගෙවදී. වසර කීපයක් ගිය පසු නිවැසියන් විවිධ කායික හා මානසික පීඩනයන්ට ගොදුරු වූ නිවාස අතිවිශාල සංඛ්‍යාවක් අපට හමුවී ඇත. දිග රියන් 40, පළල රියන් 35ක්ද, සිද්ධි පිණ්ඩය 1321ක්ද පුවපල් නැකැතින් නිවෙස ගොඩනඟා වසර 8ක් එම නිවෙසට ආයුෂ තිබේ නම් එහි ඇති ඵලය කුමක්ද. උපන් නැකැතට සම්පත් ක්ෂේම මෛත්‍රි පරම මෛත්‍රි ලෙස නිවෙස ගොනු වීම අනිවාර්ය වේ. නැත්නම් එහි පැවැත්ම අඩාළ වේ.
විවිධ අන්දමේ මහා වාස්තු දෝෂ තිබේ නම් එම නිවසෙහි ජීවත් වීමට අපහසුයි. වාස්තු මූල ධර්මයන්ට අනුගත විය යුතුයි. අපට ඕනෑ ඕනෑ අන්දමට නිවාසය ගොඩනැඟීමට හැකි වුවත් එකී නිවෙසෙහි ජීවත් වීමේදී කායික හා මානසික මහා පීඩනයන්ට ගොදුරු වන බැව් අප අත්දැක ඇත්තෙමු. කෙනකුට වැලි, සිමෙන්ති, ගල්, දැව තීන්ත, ටයිල්වලට කුමක්ද කරන්න පුළුවන් යැයි පවසන මොළේ උඩ වාඩිවී සිටින අයත් ඇතැම් විට සිටිය හැක. වාස්තු විද්‍යාවේ මුල්ම අවධියේදී මිහින්තලේ රෝහල් සංකීර්ණයේ කැණීම්වලදී මනාව හෙළිවී ඇත. යන්ත්‍ර මන්ත්‍ර බලිතොවිල්වලින් වාස්තු විද්‍යා දෝෂ ඉවත් කිරීමට නොහැකිය. එය ප්‍රායෝගිකව කළ යුතු ක්‍රමවේදයකි. එදා දැව හා මැටිවලින් නිවාස ගොඩනැඟූ අතර අද වන විට එකී මෙවලම් වෙනස් වී තිබේ. අද රසායනික වර්ග එක්වී තිබීම සමහර විට සෞඛ්‍යයටද අහිතකර විය හැක. නමුත් උපක්‍රමශීලීව ප්‍රායෝගික අත්දැකීම් හරහා නවීන තාක්ෂණ මෙවලම් උපයෝගී කරගෙන ක්‍රමවත් නිවෙසක් ගොඩනඟා ගැනීමට හැකිවේ. අවශ්‍ය වන්නේ වාස්තු මූලධර්මයත්, ප්‍රායෝගික අත්දැකීමත්ය. ඔබේ නිවෙස ඔබට ආලකමන්දාවකි. එහි සුවයෙන් සතුටෙන් ප්‍රසන්නව ජීවත් වීමට නිරෝගී නිවෙසක් විය යුතුයි. කැඩීම් බිඳීම්වලින් තොරව දැනට ගොඩනඟා ඇති නිවෙස වාස්තු විද්‍යානුකූලව සකස් කර ගැනීමෙන් නිරෝගී නිවෙසක ජීවත් වීමේ භාග්‍යය උදාකරගත හැක.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල











