• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

කවුද මේ නිශ්ශංක අලකේෂ්වර ප්‍රභූ රාජයා

February 10, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
කවුද මේ නිශ්ශංක අලකේෂ්වර ප්‍රභූ රාජයා
Share on WhatsAppShare on Facebook

පොළොන්නරු රාජධානි සමයේ මෙරටට සංක්‍රමණය වූ අලකේශ්වරයන් හෙවත් අලගක්කෝනාරවරුන් ජීවත්වන ප්‍රදේශය වශයෙන් තෝරා ගත්තේ රයිගම් ප්‍රදේශයයි. එහි පාලන කටයුතු කරමින් සිටි ඔවුන් බොහෝ අවස්ථාවල රාජ්‍යයට වන සතුරුකම් දැක ඒවා අවම කිරීම පිණිස කටයුතු කළාහුය. මේ කාලය වන විට කලාපයේ බලවතා වශයෙන් නැඟී සිටියේ දකුණු ඉන්දීය විජයනගර් රජුය. ඔහුගේද සහාය ලබාගෙන නම්බිරාන නම් රාජ්පුට් ජාතික ආර්ය වංශිකයා විජයනගර් රජුගේ ඥාතිවරියක හා විවාහ වී මෙරට යාපනේ අර්ධද්වීපයේ රාජ්‍යයද පාලනය කරමින් පසු වූයේය.

මොහු විසින් යාපනයේ ඇති කරන ලද පාලනය ආර්යචක්‍රවර්ති නම් වූයේය. විජයනගර් රජුගේ අනුහස ලැබීමෙන් උද්දාමයට පත් වූ නම්බිරාන සමස්ත ලංකාවම තමාගේ යටතට ගනිමියි අධිෂ්ඨාන කොට ඒ සඳහා කටයුතු කරන්නට පටන් ගත්තේය. ඒ නිසාම ඔහු යාපනයෙන් ලංකාවේ දකුණු දිගට ගමන් අරඹා අනුරාධපුරය තෙක් ගමන් කොට එහි බලයද ලබා ගත්තේය. ඉන්පසුව ක්‍රමයෙන් කුරුණෑගල දෙසට ගමන් කළේ එකී ප්‍රදේශවලද බලය ඇල්ලීම පිණිසය. මේ කාලයේ ලංකාවේ සිංහල රජු වශයෙන් සිටියේ සිවුවැනි විජයබාහු රජුය. මෙතෙක් සිදු වූ සිදුවීම් දෙස ඔහුගේ කිසිම ප්‍රතිචාරයක් නොවූයේය. මේ නිසාම කුරුණෑගල ප්‍රදේශය තෙක් ගමන් ගත් නම්බිරාන යාපහුවේ නතර වී එයද පාලනයට නතු කර ගත්තේය.

මෙසේ තමන් රාජ්‍ය කළ ප්‍රදේශය නම්බිරාන විසින් අල්ලා ගත් බව දැන ගත් සිවුවැනි විජයබාහු රජු තවත් නිහඬව සිටියහොත් මහා විපතක් වන බව හැඟී නම්බිරාන ඇතුළු පිරිස අල්වා ගැනීම පිණිස සේනා සංවිධානය කොට යාපහුව ආක්‍රමණය කළේය. විජයබාහු රජු ඇතුළු සේනාව තමන් අල්ලා ගැනීමට එන බව කල් කියා දැනගත් නම්බිරාන යාපහුව කුරුණෑගල අතර තැනෙක සේනා සම්මතව හිඳ විජයබාහුගේ සේනාව පරාජයට පත් කළේය. අනපේක්ෂිත පහර දීම නිසා විජයබාහුගේ සේනාව බොහෝ ප්‍රමාණයක් මරණයට පත්වූ අතර විජයබාහුද ජීවග්‍රහයෙන් අල්වා ගැනීමට නම්බිරානට හැකියාව ලැබීම ඔහුගේ සතුට දෙගුණ තෙගුණ කරන්නක් විය. ඔහු විජයබාහු රජු යාපනය වෙත රැගෙන ගියේය.

කෙසේ නමුත් කෙටි කලක් යෑමට මත්තෙන් නම්බිරාන මරණයට පත්විය. මේ මරණය කිසිවකු අපේක්ෂා කළ මරණයක් නොවීය. ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ පුත් මර්තණ්ඩ යාපනයේ බලය සියතට ගත්තේය. ඔහුද ආර්යචක්‍රවර්ති යන නාමයෙන්ම යාපන අර්ධද්වීපයේ බලය පතුරාලීය. යාපන අර්ධද්වීපයේ පමණක් නොව මුළු ලංකාවේම බලය සියතට ගැනීමේ අභිප්‍රායයෙන් පසුවූ මර්තණ්ඩ තම පියා මෙන් ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කර ගැනීමේ නියැළී සිටියේය. ඒ නිසාම ඔහු යාපනයෙන් පැමිණ යාපහුව ප්‍රදේශයේ රැකවල් සහිතව සිටියේය.
මේ අතර සිවුවැනි විජයබාහු රජු හෙවත් තම පියාගේ මරණයෙන් පසු රාජ්‍යත්වයට පත්වූ බුවනෙකබාහු කුමරු තවදුරටත් කුරුණෑගල රැකවල් සහිත ආරක්ෂාකාරී ස්ථානයක් නොවන බව හැඳින ගෙන කදිම ආරක්ෂාවක් සහිත වූ ගම්පොළ ප්‍රදේශය තෝරා ගත්තේය. ඔහු එහි 1341 දී සිවුවැනි බුවනෙකබාහු නමින් රාජ්‍යත්වයට පත් විය.

මේ අතරම ගම්පොළ ප්‍රදේශාධිපති වූ සේනාධිලංකාරගේ නැඟෙණිය සරණපාවා ගැනීම නිසා ඔහුගේ සහායද ලබා ගැනීමට බුවනෙකබාහු රජුට හැකි විය. මේ අතර රයිගම් ප්‍රදේශයේ පාලනය ගෙන ගිය වීර අලකේශ්වර තමාගෙන් පසුව එහි අයිතිය තම පුතුට ලබා නොදී බෑණනුවන් වූ නිශ්ශංක අලකේශ්වර කුමරු වෙත ලබාදීමට අවශ්‍ය කටයුතු කරමින් පසු වූයේය. මේ බව අසා අතිශයින් චිත්ත පීඩාවට හා කලකිරීමට පත් වූ වීර අලකේශ්වරගේ කනිෂ්ඨ පුතු වූ කනිෂ්ඨ වීර අලකේශ්වර තම පියාට දැනුම් දී සිටියේ පියාගෙන් පුතාට රාජ්‍ය උරුමය ලැබුණා මිස මාමාගෙන් බෑණාට රාජ්‍ය අයිතිය නොලැබුණු බවයි. කෙසේ නමුත් වීර අලකේශ්වරගේ මතය වෙනස් කිරීමට ඔහුගේ පුතු වූ කනිෂ්ඨ වීර අලකේශ්වරට හැකි වූයේ නැත. මේ නිසා තව දුරටත් පියා සමඟ කටයුතු කිරීමෙන් කිසිම තේරුමක් නැති බව අවබෝධ කරගත් කනිෂ්ඨ වීර අලකේශ්වර ඔහුට හිතැති පිරිසගේ සහායද ඇතිව තම පියා අත්අඩංගුවට ගෙන සිර කොට දෑස් අඳ කොට මහත් විපතක් සිදු කළේය. එසේම නිශ්ශංක අලකේශ්වර ඝාතනය කිරීම සඳහාද නියෝග ලබාදී වීර අලකේශ්වර නමින් රයිගම රජ වූයේය.

මේ කරුණු පිළිබඳ විමසිල්ලෙන් පසු වූ නිශ්ශංක අලකේශ්වර නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් තම මාමණ්ඩිය වූ මහලු වීර අලකේශ්වර අත්අඩංගුවට ගැනීමෙන් පසු රහස් මාර්ගයකින් රයිගමින් පලා ගොස් මර්තණ්ඩ ආර්යචක්‍රවර්තිගේ රැකවරණය ලබා ගත්තේය. ටික දවසක් ඉක්ම යෑමෙන් පසු මර්තණ්ඩගේ හිතෛෂීවන්තයකු බවට පත් වූ නිශ්ශංක අලකේශ්වර මර්තණ්ඩ රජු අමතා තමාට ගම්පොළ බලය ලබාගැනීමට උදව් උපකාර කරන්නේ නම් තමන් යාපනේ අර්ධද්වීපයේ යටතට පත්ව තමාට කළ උපකාරවලට වාර්ෂිකව පඬුරු පාක්කුඩම් ලබාදෙන බව ගිවිස්නාවක් ඉදිරිපත් කළේය. එපමණකුදු නොව තමාගේ නැඟෙණියක් මර්තණ්ඩ වෙත විවාහ කර දෙන බවද පොරොන්දු විය. මේ ගිවිසුම පිළිගත් මර්තණ්ඩ නිශ්ශංක අලකේශ්වරට උපකාර කළ යුතු බව හැඟී ගම්පොළ රාජ්‍ය ලබාගැනීම පිණිස උදව් කළේය.

මෙම දෙදෙනාගේ සමගි සන්ධානය පිළිබඳ හඳුනාගෙන සිටි වීර අලකේශ්වර දැතිගම ප්‍රදේශාධිපති වූ පරාක්‍රමබාහු සමඟ සමගි සන්ධානගත වී සේනා ඒකාබද්ධ කොට මර්තණ්ඩ ඝාතනය කිරීම සඳහා යාපහුව ප්‍රදේශය ආක්‍රමණය කළෝය. තමාව අල්ලා ගැනීම පිණිස යාපහුව වෙත සේනාව එනු දැනගත් මර්තණ්ඩද මායා ප්‍රදේශයට පැමිණ එහි මාතලේ නාවුල ප්‍රදේශයේ රැකවල් ලාගෙන සිටියේය. එහිදී හටගත් දරුණු ගැටුම්වලින් රයිගම හා දැතිගම පාලකයෝ දෙදෙන මහත් විපතට පත් විය. අන්ත පරාජයකට පත්විය. දැතිගම පරාක්‍රමබාහු පමණක් දිවි බේරාගත් අතර ඔහු සතුරු සේනාවෙන් ගැලවී ඌව ප්‍රදේශය තෙක් පසු බැස අප්‍රසිද්ධ ස්ථානයකට පැමිණ දිවි ගලවා ගෙන ජීවත් විය.

මෙයින් පසු ගම්පොළ, දැතිගම, රයිගම ආදී සියලු ප්‍රදේශ මර්තණ්ඩට අයිති විය. ඔහු ඒවායේ පාලනය නිශ්ශංක අලකේශ්වරට පැවරීය. ඊට හේතුව වූයේ වාර්ෂිකව තමා වෙත පඬුරු පාක්කුඩම් ලබාදෙන බව පොරොන්දු වීම නිසාය.

ගම්පොළ බලය ලබාගත් නිශ්ශංක අලකේශ්වරගේ මුල්ම කාර්යය වූයේ රයිගමට ගොස් එහි අත්අඩංගුවේ සිටි තම මාමණ්ඩිය මුදා ගැනීමයි. ඔහු එම කටයුත්ත සිදු කොට ගම්පොළ ප්‍රදේශයට පැමිණ එහි රාජ්‍ය ගෙන තුන්වැනි වික්‍රමබාහු රජුගේ රජකම තහවුරු කළේය. ගම්පොළ ප්‍රභූරාජ තනතුර ලබාගත් නිශ්ශංක අලකේශ්වර රජුගේ නැඟෙණිය වූ කුමරිය වූ ජය ශ්‍රී දේවිය තමාගේ ද තම සොහොයුරාගේ ද බිරිඳ වශයෙන් තබා ගත්තේය. පසුව පේරාදෙණිය මල්වත්ත ප්‍රදේශයට පැමිණ තම සහෝදරයාද බිරිඳද සමඟ සමගිව ජීවත් විය.

පේරාදෙණියේ වෙසෙමින් රට සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙළක් කල්පනා කළ නිශ්ශංක අලකේශ්වර ඒ සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය කළේය. මේ අතර යාපනය පමණක් නොව මුළු ලංකාවේම බලය සියතට ගැනීමට හැකි වීම නිසා උද්දාමයට පත්ව සිටි මර්තණ්ඩ ආර්යචක්‍රවර්ති රජු දකුණු ඉන්දීය රජුට අවනත නොවීමේ තත්ත්වයක් ඇති විය. මෙයින් කෝපයට පත් වූ දකුණු ඉන්දීය විජයනගර් රජු සේනාවක් එවා මර්තණ්ඩ අල්වා ගැනීමට ආඥා පැනවීය. තමා අතින් සිදු වූ වැරැද්දට සමාව දෙන මෙන් යැදූ මර්තණ්ඩ යළිත් තමන්ගෙන් එවැනි අවැඩක් සිදු නොවන බව ප්‍රකාශ කර සිටියේය. මේ සිදු වීමෙන් පසු ගම්පොළ විසූ තෙවැනි වික්‍රමබාහු රජුත් නිශ්ශංක අලකේශ්වරත් යළිත් යාපනයේ රජු වූ මර්තණ්ඩ වෙත පඬුරු පාක්කුඩම් යැවිය යුතු නොවන බව කතිකා කොට ගෙන එය නතර කර දැමීය.

මේ පිළිබඳ අතිශයින් කෝපයට පත් වූ මර්තණ්ඩ ආර්යචක්‍රවර්ති දකුණු ඉන්දීය විජයනගර් රජු වෙත ලිපියක් යොමු කොට ලංකාවේ ගම්පොළ සිංහල රාජධානිය තමන්ට පෙර පරිදි පඬුරු පාක්කුඩම් ලබා නොදෙන බවත් කිසිම ගරු සැලකිල්ලක් නොදක්වන බවත් දක්නා ලිපියක් යොමු කරමින් කියා සිටියේ හැකි ඉක්මනින් සේනාවක් සංවිධානය කොට මෙරටට එවන ලෙසයි. එම පණිවිඩය දැකීමෙන් පසු සේනාවක් මෙරටට යොමු කළේය. මේ බව දැනගත් ගම්පොළ රයිගම ආදී ප්‍රදේශවල සිංහල පාලකයන් ඊට අවශ්‍ය පසුබිම සකස් කළේය. මේ වන විට මර්තණ්ඩ ආර්යචක්‍රවර්තිගේ පාලනයට අවනතව ඔහුගේ සේවකයන් ගම්පොළ, රයිගම, පේරාදෙණිය ආදී ප්‍රදේශවල සිටි අතර ඔවුන්ට නින්දා කොට දඬුවම් පමුණුවා ඒ ඒ තැන්වලින් පලවා හැරීමට කටයුතු කළේ නිශ්ශංක අලකේශ්වර ඇතුළු සිංහල පාලකයන් විසිනි.

සිංහල බලකොටු අල්වා ගැනීමට පැමිණි ද්‍රවිඩ සේනාවට පහර දීම සඳහා බලකොටු සැකසීමට සිංහල සෙනෙවියන්ට හැකි විය. ඔවුන් ඉතා සුපරික්ෂාකාරීව සේනා මෙහෙයවීය. මාතලේ හාරිස්පත්තුව ආදී ප්‍රදේශවල සේනාව සැඟවී සිටීමට සැලැස්වූ සේනා සංවිධායකයන් මර්තණ්ඩ ඇතුළු පිරිසට මාතලේ කටුගස්තොට ප්‍රදේශයේ දී දරුණු ප්‍රහාරයක් එල්ල කළේය. මෙවැනි දරුණු ප්‍රහාරයක් කිසිදා අපේක්ෂා නොකළ ද්‍රවිඩ ආක්‍රමණිකයන් හිස් ලූ ලූ අත පලා ගිය අතර බොහෝ දෙනෙක් මරුමුවට පත්වූහ. මේ අතර විජයනගර් සේනාධිපතියාද තම ජීවිතය බේරා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීය. මේ දරුණු ප්‍රහාරයෙන් පසු කිසි දිනෙක මෙවැනි ආක්‍රමණයක් සිදු වූ බව ඉතිහාස පොත්වල සඳහන් නොවේ.

දකුණු ඉන්දීය විජයනගර් රජුගේ සහ මර්තණ්ඩ ආර්යචක්‍රවර්තිගේ මෙහෙයවීමෙන් වූ මෙම කුමන්ත්‍රණයෙන් රට බේරාගත් නිශ්ශංක අලකේශ්වර නාථ දේවාලයට පැමිණ නාථ දෙවියන්ට මහත් පූජා පැවැත්වීය. අලුත් දේවාලයක්ද ඉදි කළ නිශ්ශංක අලකේශ්වරයෝ තෙවැනි වික්‍රමබාහු රජුගේ අතින් එය විවෘත කරවූවාහුය.
පදියතලාවේ ඥාණවිමල හිමි

SendShareShare
Previous Post

සජිත් අවසන් තීන්දුව ‌‌හෙට ගනී

Next Post

උරුමයක පෙළහාර පාන වේදිකාවේ මැණික

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.