ඉදිරි මහමැතිවරණය ඉලක්ක කර බිහිකෙරෙන නව සන්ධානය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය මේ වනවිට අවසන් තීන්දුවක් ගෙන ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ග තහවුරු කරයි.
ඒ අනුව දැනටමත් එහි නම සහ සලකුණ සම්බන්ධයෙන් තීන්දු කර ඇති අතර හෙට (10) පෙරවරුවේ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත සාකච්ජාවකදී ඒ සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව ගැනීමට නියමිතය.
මෙම සාකච්ජාව එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට පෙර පැවැත්වීමට සැලසුම් කර ඇත.










