සණස නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මැතිතුමාගේ සංකල්පයකට අනුව සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි ලිමිටඞ් හා සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් කම්පැනි ලිමිටඞ් යන සමාගම්වල දායකත්වයෙන් පසුගියදා එප්පාවල ගල්කන්දේ පුරාණ විහාරස්ථානයට අනුබද්ධිත ශ්‍රී ජිනෝදය පිරිවෙනේ නේවාසික ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට සැතපීමට ඇඳන්, ඇඳ ඇතිරිලි, මෙට්ට, කොට්ට, කොට්ට කවර ආදිය ප්‍රදානය කෙරිණි. එම පුණ්‍යකර්මය සඳහා දායක වූ සියලු දෙනාට සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් හෘදයංගම ස්තූතිය පිරිනමයි.











